Surah Al-Qasas Verse 57 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَقَالُوٓاْ إِن نَّتَّبِعِ ٱلۡهُدَىٰ مَعَكَ نُتَخَطَّفۡ مِنۡ أَرۡضِنَآۚ أَوَلَمۡ نُمَكِّن لَّهُمۡ حَرَمًا ءَامِنٗا يُجۡبَىٰٓ إِلَيۡهِ ثَمَرَٰتُ كُلِّ شَيۡءٖ رِّزۡقٗا مِّن لَّدُنَّا وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ
(නබියේ! මක්කාවාසීන් වන) මොවුන් (ඔබට) “අපි ඔබ සමග (කුර්ආනය වන) මෙම ඍජු මාර්ගය අනුගමනය කළහොත් අපගේ රටින් අපි (පැහැරගෙන) ඔසවාගෙන යනු ලබන්නෙමු” යයි පවසන්නාහ. (මොවුන් මෙසේ සිතා බැලිය යුතු නොවේද?) ආරක්ෂාව ලබා දෙන (ඉතාමත්) ගෞරවණීය ස්ථානයෙහි මොවුන් ආධිපත්‍යය අත් කර ගැනීමට අපි සලස්වා අප සන්නිධානයෙන් (ඔවුන්ට) ආහාර වශයෙන් විවිධ වර්ගයේ පලතුරුද ගෙනැවිත් එහි ගොඩ ගැසීමට සැලැස්සුවේ නැද්ද? එහෙත් (මෙය අපගේ දයාවෙන්ම යන්න) ඔවුන්ගෙන් වැඩි දෙනෙකු දැන ගන්නේ නැත