Surah Aal-e-Imran Verse 195 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranفَٱسۡتَجَابَ لَهُمۡ رَبُّهُمۡ أَنِّي لَآ أُضِيعُ عَمَلَ عَٰمِلٖ مِّنكُم مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰۖ بَعۡضُكُم مِّنۢ بَعۡضٖۖ فَٱلَّذِينَ هَاجَرُواْ وَأُخۡرِجُواْ مِن دِيَٰرِهِمۡ وَأُوذُواْ فِي سَبِيلِي وَقَٰتَلُواْ وَقُتِلُواْ لَأُكَفِّرَنَّ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَلَأُدۡخِلَنَّهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ ثَوَابٗا مِّنۡ عِندِ ٱللَّهِۚ وَٱللَّهُ عِندَهُۥ حُسۡنُ ٱلثَّوَابِ
එබැවින් ඔවුන්ගේ දෙවියන් ඔවුන්ගේ (මෙම) ප්‍රාර්ථනාව බාර ගත් අතර “ඔබගෙන් පිරිමි, ගැහැනු (දෙකොට්ඨාශයෙහිම) කවුරුන් දැහැමි දැය කළා වුවද, නියත වශයෙන්ම මා එය අපතේ හරින්නේ නැත. (මන්දයත්) ඔබගෙන් (පිරිමි හෝ ගැහැනු හෝ සිටියා වුවද) කෙනෙකු අනිත් කෙනාගෙන් වූවෙකු වන්නේය. (එබැවින් ඵලවිපාක ලබා දීමෙහි පිරිමි ගැහැනු යන භේදයක් නොමැත. ඔබගෙන්) කවුරුන් තමන්ගේ රටෙන් පිටමං වී හෝ (අනුන් විසින්) පිටමං කරනු ලැබ හෝ මගේ මාර්ගයෙහි වේදනා කරනු ලැබ හෝ යුද්ධ කර හෝ එහිදී කපනු ලැබ හෝ (මරණයට) පත් වන්නෝද, ඔවුන්ගේ පාපයන් නියත වශයෙන්ම අපි ඔවුන්ගෙන් පහ කර, සදාකල් දිය දහරා ගලමින් ඇති ස්වර්ගයන්හිම නියත වශයෙන්ම අපි ඔවුන්ව ඇතුළු වීමට සලස්වන්නෙමු” (යයි පවසන්නේය. මෙය) අල්ලාහ් විසින් (ඔවුන්ට) දෙනු ලබන හොඳක්ම (පිනක්ම) වන්නේය. අල්ලාහ් වෙතින් (තවත් මීටත් වඩා) ඉතාමත් අලංකාරවත් ඵලවිපාකද ඇත්තේය