Surah Aal-e-Imran Verse 64 - Sinhala Translation by Www.islamhouse.com
Surah Aal-e-Imranقُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ تَعَالَوۡاْ إِلَىٰ كَلِمَةٖ سَوَآءِۭ بَيۡنَنَا وَبَيۡنَكُمۡ أَلَّا نَعۡبُدَ إِلَّا ٱللَّهَ وَلَا نُشۡرِكَ بِهِۦ شَيۡـٔٗا وَلَا يَتَّخِذَ بَعۡضُنَا بَعۡضًا أَرۡبَابٗا مِّن دُونِ ٱللَّهِۚ فَإِن تَوَلَّوۡاْ فَقُولُواْ ٱشۡهَدُواْ بِأَنَّا مُسۡلِمُونَ
අහෝ දහම් ලත් ජනයිනි! අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු අපි නොනමදිමු. ඔහුට කිසිවක් ආදේශ නොතබමු. අල්ලාහ් ගෙන් තොර ව අප අතුරින් ඇතැමෙකු ඇතැමෙකු ව දෙවියන් ලෙස නොගත යුතු ය යනුවෙන් අප හා ඔබ අතර වූ පොදු සම්මත වදනක් වෙත පැමිණෙනු යැයි (නබිවරය) පවසනු. එවිට ඔවුහු (සත්‍ය පිළි නොගෙන) පිටුපෑවෙහු නම් සැබැවින් ම අපි අවනත වූ (මුස්ලිම්) වරු යන බවට නුඹලා සාක්ෂි දරනු යැයි පවසනු