Surah Aal-e-Imran Verse 64 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranقُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ تَعَالَوۡاْ إِلَىٰ كَلِمَةٖ سَوَآءِۭ بَيۡنَنَا وَبَيۡنَكُمۡ أَلَّا نَعۡبُدَ إِلَّا ٱللَّهَ وَلَا نُشۡرِكَ بِهِۦ شَيۡـٔٗا وَلَا يَتَّخِذَ بَعۡضُنَا بَعۡضًا أَرۡبَابٗا مِّن دُونِ ٱللَّهِۚ فَإِن تَوَلَّوۡاْ فَقُولُواْ ٱشۡهَدُواْ بِأَنَّا مُسۡلِمُونَ
(නබියේ! නැවතත් ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: ධර්මය හිමි අයවළුනි! අපටත් ඔබටත් (සමාදාන වූ) එක් මධ්‍යස්ථ කාරණාවක් දෙසට එනු මැනව! (එනම්) ‘අපි අල්ලාහ් මිස, වෙන කිසිවක් නමදින්නේ නැත. අපි ඔහුට කිසිම දැයක් සමාන වශයෙන් තබන්නේද නැත. අපගෙන් කිසිවෙකුත් අල්ලාහ් මිස, කිසිවෙකුත් දෙවියන් වශයෙන් ඇර ගන්නේද නැත’ (යයි පවසනු මැනව! විශ්වාසවන්තයිනි! මෙයත්) ඔවුන් ප්‍රතික්ෂේප කළහොත් (ඔවුන්ට) “නියත වශයෙන්ම අපි (ඔහු කෙනෙකුටම සම්පූර්ණයෙන්ම අවනත වූ) මුස්ලිම්වරුන් යයි ඔබ සාක්ෂි දරනු මැනව!” යයි ඔබ පවසා හරිනු