Surah Aal-e-Imran Verse 7 - Sinhala Translation by Www.islamhouse.com
Surah Aal-e-Imranهُوَ ٱلَّذِيٓ أَنزَلَ عَلَيۡكَ ٱلۡكِتَٰبَ مِنۡهُ ءَايَٰتٞ مُّحۡكَمَٰتٌ هُنَّ أُمُّ ٱلۡكِتَٰبِ وَأُخَرُ مُتَشَٰبِهَٰتٞۖ فَأَمَّا ٱلَّذِينَ فِي قُلُوبِهِمۡ زَيۡغٞ فَيَتَّبِعُونَ مَا تَشَٰبَهَ مِنۡهُ ٱبۡتِغَآءَ ٱلۡفِتۡنَةِ وَٱبۡتِغَآءَ تَأۡوِيلِهِۦۖ وَمَا يَعۡلَمُ تَأۡوِيلَهُۥٓ إِلَّا ٱللَّهُۗ وَٱلرَّـٰسِخُونَ فِي ٱلۡعِلۡمِ يَقُولُونَ ءَامَنَّا بِهِۦ كُلّٞ مِّنۡ عِندِ رَبِّنَاۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ
ඔහු කවරෙකුද යත් නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේ ඔහු ය. එහි මුහ්කමාත් ( හෙවත් පැහැදිලි තීන්දු සහගත) වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා මුතෂාබිහාත් (හෙවත් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත) වැකි ය. එබැවින් කවරෙකුගේ හදවතෙහි ව්‍යාකූලත්වයක් තිබේද ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තව ද අපි ඒවා විශ්වාස කළෙමු. සියල්ල අපගේ පරමාධිපති වෙතිනි යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි නොකරන්නෝය