Surah Aal-e-Imran Verse 73 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَلَا تُؤۡمِنُوٓاْ إِلَّا لِمَن تَبِعَ دِينَكُمۡ قُلۡ إِنَّ ٱلۡهُدَىٰ هُدَى ٱللَّهِ أَن يُؤۡتَىٰٓ أَحَدٞ مِّثۡلَ مَآ أُوتِيتُمۡ أَوۡ يُحَآجُّوكُمۡ عِندَ رَبِّكُمۡۗ قُلۡ إِنَّ ٱلۡفَضۡلَ بِيَدِ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ
“ඔබගේ ධර්මය අනුගමනය කළ අය හැර, (වෙන කිසිවෙකුත්) ඔබ විශ්වාස නොකරනු” (යයිද පවසන්නාහ. මෙයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම අල්ලාහ්ගේ මාර්ගයම ඍජු මාර්ගයයි”. (තවද ඔවුන් තම වාර්ගිකයින්ට) “ඔබට දෙනු ලැබූවක් මෙන් දැයක් (ධර්මයක්) වෙනත් කිසිවෙකුටත් දෙනු ලබනු ඇතැයි යනුවෙන් හෝ නැතහොත් ඔවුන් ඔබගේ දෙවියන් ඉදිරියේ තර්ක කරනු ඇත (යනුවෙන් හෝ නැතහොත් ඔබව ජයග්‍රහණය කරන්නාහ) යනුවෙන් හෝ (විශ්වාස නොකරනු!” යයිද පවසන්නාහ. එයට නබියේ!) ඔබ මෙසේ පවසනු: (ධර්මය නමැති) ඉමහත් භාග්‍යය නියත වශයෙන්ම අල්ලාහ්ගේ අතෙහිම ඇත්තේය. එය ඔහු කැමැත්තන්ටම දෙන්නේය. අල්ලාහ් ඉතාමත් විශාලවන්තයෙකු වශයෙන්ද, (මිනිසුන්ගේ හැකියාවන්) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය