Surah Aal-e-Imran Verse 73 - Sinhala Translation by Www.islamhouse.com
Surah Aal-e-Imranوَلَا تُؤۡمِنُوٓاْ إِلَّا لِمَن تَبِعَ دِينَكُمۡ قُلۡ إِنَّ ٱلۡهُدَىٰ هُدَى ٱللَّهِ أَن يُؤۡتَىٰٓ أَحَدٞ مِّثۡلَ مَآ أُوتِيتُمۡ أَوۡ يُحَآجُّوكُمۡ عِندَ رَبِّكُمۡۗ قُلۡ إِنَّ ٱلۡفَضۡلَ بِيَدِ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ
තවද නුඹලාගේ දහම පිළිපදින අය ව පමණක් මිස (වෙන කිසිවෙකු) නුඹලා විශ්වාස නොකරනු. (යැයි ද ඔවුහු පවසති.) සැබැවින් ම සැබෑ මඟ පෙන්වීම වනුයේ අල්ලාහ්ගේ මඟ පෙන්වීම ය යැයි (නබිවරය) නුඹ පවසනු. නුඹලාට දෙනු ලැබුවක් මෙන් (දේව ග්‍රන්ථයක්) කිසිවෙකුට දෙනු ලබනු ඇතැ යි හෝ එම විශ්වාසවන්තයින් නුඹලාගේ පරමාධිපති අබියස වාද කරමින් නුඹලා ව ජය ගනු ලබනු ඇතැ යි හෝ නුඹලා විශ්වාස නොකරනු (යැයි ද ඔවුහු පවසති) සැබෑ භාග්‍යය අල්ලාහ්ගේ අතෙහි ය. එය ඔහු අභිමත අයට පිරිනමන්නේය. තව ද අල්ලාහ් සර්ව ව්‍යාපක ය සර්ව ඥානී ය