Surah Aal-e-Imran Verse 81 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَإِذۡ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلنَّبِيِّـۧنَ لَمَآ ءَاتَيۡتُكُم مِّن كِتَٰبٖ وَحِكۡمَةٖ ثُمَّ جَآءَكُمۡ رَسُولٞ مُّصَدِّقٞ لِّمَا مَعَكُمۡ لَتُؤۡمِنُنَّ بِهِۦ وَلَتَنصُرُنَّهُۥۚ قَالَ ءَأَقۡرَرۡتُمۡ وَأَخَذۡتُمۡ عَلَىٰ ذَٰلِكُمۡ إِصۡرِيۖ قَالُوٓاْ أَقۡرَرۡنَاۚ قَالَ فَٱشۡهَدُواْ وَأَنَا۠ مَعَكُم مِّنَ ٱلشَّـٰهِدِينَ
නබිවරුන් (මගින් ඔබගේ මුතුන් මිත්තන්) වෙත අල්ලාහ් පොරොන්දු ලබා ගත් අවස්ථාවේදී (ඔවුන්ට) “ධර්මයද, ඥානයද මා ඔබට ලබා දී ඇත්තෙමි. (මින්) පසුවද ඔබ අත ඇති දැය සත්‍යය කරන එක් නබිවරයෙකු පැමිණෙන්නේ නම් ඔහුව ඔබ ඇත්තෙන්ම විශ්වාස කර, නියත වශයෙන්ම ඔහුට උදව් කළ යුතුය” (යයි පැවසීමෙන් අනතුරුව “මෙය) ඔබත් ස්ථීර කරන්නෙහුද? මගේ මෙම නියෝගය පිළි ගත්තෙහුද?”යි විමසුමට, ඔවුන් “අපි (එය) බාර ගත්තෙමු” යයිම පැවසූහ. එයට (දෙවියන් “මෙයට) ඔබ සාක්ෂි දරනු. මමත් ඔබ සමග සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු බවට සිටින්නෙමි” යයි පැවසුවේය