Surah Al-Ahzab Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabمَّا جَعَلَ ٱللَّهُ لِرَجُلٖ مِّن قَلۡبَيۡنِ فِي جَوۡفِهِۦۚ وَمَا جَعَلَ أَزۡوَٰجَكُمُ ٱلَّـٰٓـِٔي تُظَٰهِرُونَ مِنۡهُنَّ أُمَّهَٰتِكُمۡۚ وَمَا جَعَلَ أَدۡعِيَآءَكُمۡ أَبۡنَآءَكُمۡۚ ذَٰلِكُمۡ قَوۡلُكُم بِأَفۡوَٰهِكُمۡۖ وَٱللَّهُ يَقُولُ ٱلۡحَقَّ وَهُوَ يَهۡدِي ٱلسَّبِيلَ
අල්ලාහ් කිසිම මිනිසෙකුගේ පපුවෙහි හෘදයන් දෙකක් ඇති කළේ නැත. (ස්වභාවික අන්දමට මිනිසුන් අතරේ ඇති වන සම්බන්ධයන්ම සත්‍ය සම්බන්ධයන් වන්නේය. මුවින් පවසන සම්බන්ධයන් සියල්ල සත්‍ය ඒවා නොව. එබැවින් විශ්වාසවන්තයිනි! ඔබ එක්තරා වර්ගයක දික්කසාදයක් අදහස් කරමින්) ඔබගේ භාර්යයාවන්ගෙන් යම් කිසිවෙකුට ඔබ, ඔබගේ මව යයි පැවසීමෙන් (අල්ලාහ්) ඔවුන්ව ඔබගේ (සත්‍ය) මව බවට පත් නොකරන්නේය. (එසේම ඔබට දාව නොඉපදුණ කිසිවෙකුත් ඔබගේ දරුවන් යයි) ඔබ හදා වඩා ගැනීමෙන් ඔවුන්ව ඔබගේ (සත්‍ය) දරුවන් බවට පත් කරන්නේ නැත. මේවා සියල්ල ඔබගේ මුවින් පවසන (පුහු) වදන් (මිස, සත්‍යය නොව!). නමුත් අල්ලාහ් සත්‍යයම පවසා ඔහු (ඔබට) ඍජු මාර්ගය දැනුම් දෙන්නේය