Surah Al-Ahzab Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabمَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٖ مِّن رِّجَالِكُمۡ وَلَٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّـۧنَۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا
ඔබගේ පිරිමින්ගෙන් කිසිවෙකුටත් මුහම්මද් (නබි තුමාණන්) පියා වශයෙන් සිටියේ නැත. (එබැවින් ඔහු සෙයිද්ට කෙසේ නම් පියා විය හැකිද?) නමුත් ඔහු නම් අල්ලාහ්ගේ දූතයා වශයෙන්ද, නබිවරුන්ට (අවසන්) මුද්‍රාව වශයෙන්ද, (අවසාන නබිවරයා වශයෙන්ද) සිටින්නේය. (එබැවින් ඔහුගෙන් පසු කිසිම දූතයෙකු යැව්වේ නැත). අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය