Surah An-Nisa Verse 135 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisa۞يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُواْ قَوَّـٰمِينَ بِٱلۡقِسۡطِ شُهَدَآءَ لِلَّهِ وَلَوۡ عَلَىٰٓ أَنفُسِكُمۡ أَوِ ٱلۡوَٰلِدَيۡنِ وَٱلۡأَقۡرَبِينَۚ إِن يَكُنۡ غَنِيًّا أَوۡ فَقِيرٗا فَٱللَّهُ أَوۡلَىٰ بِهِمَاۖ فَلَا تَتَّبِعُواْ ٱلۡهَوَىٰٓ أَن تَعۡدِلُواْۚ وَإِن تَلۡوُۥٓاْ أَوۡ تُعۡرِضُواْ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا
විශ්වාසවන්තයිනි! ඔබ සාධාරණය මතම ස්ථීර වී සිටිනු. (ඔබ සාක්ෂි කියන්නෙහු නම්), ඔබට හෝ නැතහොත් ඔබගේ දෙමව්පියන්ට හෝ නැතහොත් (ඔබගේ) සමීප ඥාතීන්ට හෝ විරුද්ධව තිබුනා වුවද, අල්ලාහ් වෙනුවෙන් (සත්‍යයම) සාක්ෂි වශයෙන් කියනු. (ඔබ කවුරුන් වෙනුවෙන් සාක්ෂි දරන්නේද), ඔවුන් ධනවතුන් වශයෙන් සිටියා වුවද කම් නැත, දුප්පතුන් වශයෙන් සිටියා වුවද කම් නැත, (සත්‍යයම පවසනු. මන්දයත්) අල්ලාහ් ඒ දෙපක්ෂයටම ඉතාමත් සමීපයෙකු වශයෙන්ම සිටින්නේය. එබැවින් ඔබ, (ඔබගේ) ශරීර සුවය අනුගමනය කිරීමට සීමාව ඉක්මවා නොයනු! (තද ආශාවන් නිසා හෝ නැතහොත් වෛරය නිසා හෝ එය මුල් කරගෙන) ඔබ බොරු (සාක්ෂි) කීවා වුවද, නැතහොත් (සාක්ෂි) කීම ප්‍රතික්ෂේප කළා වුවද, නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය