Surah An-Nisa Verse 170 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaيَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَكُمُ ٱلرَّسُولُ بِٱلۡحَقِّ مِن رَّبِّكُمۡ فَـَٔامِنُواْ خَيۡرٗا لَّكُمۡۚ وَإِن تَكۡفُرُواْ فَإِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا
මිනිසුනේ! ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් සත්‍යය සමග (එවන ලද) එක් දූතයෙකු නියත වශයෙන්ම ඔබ වෙත පැමිණ ඇත්තේය. එබැවින් ඔබ (ඔහුව) විශ්වාස කරනු. (එය) ඔබටම ඉතාමත් හොඳය. ඔබ (ඔහුව) ප්‍රතික්ෂේප කර දැමුවහොත් (අල්ලාහ්ට කිසිම අඩුවක් වන්නේ නැත. මන්දයත්) අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල නියත වශයෙන්ම අල්ලාහ්ටම අයිතිය. අල්ලාහ් (සියල්ලන්වම) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය