Surah An-Nisa Verse 171 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaيَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَا تَغۡلُواْ فِي دِينِكُمۡ وَلَا تَقُولُواْ عَلَى ٱللَّهِ إِلَّا ٱلۡحَقَّۚ إِنَّمَا ٱلۡمَسِيحُ عِيسَى ٱبۡنُ مَرۡيَمَ رَسُولُ ٱللَّهِ وَكَلِمَتُهُۥٓ أَلۡقَىٰهَآ إِلَىٰ مَرۡيَمَ وَرُوحٞ مِّنۡهُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦۖ وَلَا تَقُولُواْ ثَلَٰثَةٌۚ ٱنتَهُواْ خَيۡرٗا لَّكُمۡۚ إِنَّمَا ٱللَّهُ إِلَٰهٞ وَٰحِدٞۖ سُبۡحَٰنَهُۥٓ أَن يَكُونَ لَهُۥ وَلَدٞۘ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا
ධර්මය හිමි අයවළුනි! ඔබගේ ධර්මයෙහි ඔබ ප්‍රමාණය ඉක්මවා නොයනු. තවද අල්ලාහ් ගැන ඇත්ත මිස, (වෙන කිසිවක්) නොපවසනු. නියත වශයෙන්ම මර්යම්ගේ පුත් ඊසා මසීහ් අල්ලාහ්ගේ (එක්) දූතයෙකි. (ඔහුගේ පුතෙකු නොව). හැරත් ඔහුගේ (“කුන්” නමැති) වදනින් (ඉපදුනු කෙනෙකු වශයෙන්ද) සිටින්නේය. අල්ලාහ් (තමන්ගේ එම) පොරොන්දුව මර්යම්ට ලබා දුන්නේය. (අනිත් ආත්මයන් මෙන් ඔහුද) ඔහුගේ සන්නිධානයෙන් පැමිණි එක් ආත්මයකි. එබැවින් අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද ඔබ විශ්වාස කරනු. (දෙවිවරුන්) “තිදෙනෙකු” යයිද නොපවසනු. (මෙසේ කීම) අත්හැර දමනු. (එය) ඔබටම ඉතාමත් හොඳය. මන්දයත් නැමදුමට යුත්තා අල්ලාහ් (එකම) එක්කෙනෙකි. ඔහු දරුවන්ගෙන් ඈත්ව ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. අහස් හා භූමියෙහි ඇති සියල්ලද ඔහුට අයත් දැයයි! (ඔබ සියල්ලන්ව) ආරක්ෂා කිරීමට අල්ලාහ් (කෙනෙකුම) ප්‍රමාණවත් කෙනෙකි. (ඊසා මසීහ් අවශ්‍යය නැත)