Surah An-Nisa Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaمِّنَ ٱلَّذِينَ هَادُواْ يُحَرِّفُونَ ٱلۡكَلِمَ عَن مَّوَاضِعِهِۦ وَيَقُولُونَ سَمِعۡنَا وَعَصَيۡنَا وَٱسۡمَعۡ غَيۡرَ مُسۡمَعٖ وَرَٰعِنَا لَيَّۢا بِأَلۡسِنَتِهِمۡ وَطَعۡنٗا فِي ٱلدِّينِۚ وَلَوۡ أَنَّهُمۡ قَالُواْ سَمِعۡنَا وَأَطَعۡنَا وَٱسۡمَعۡ وَٱنظُرۡنَا لَكَانَ خَيۡرٗا لَّهُمۡ وَأَقۡوَمَ وَلَٰكِن لَّعَنَهُمُ ٱللَّهُ بِكُفۡرِهِمۡ فَلَا يُؤۡمِنُونَ إِلَّا قَلِيلٗا
යුදෙව්වන්ගෙන් සමහරෙක් (ධර්ම) වදන් (ඒවායේ අර්ථයන්) වෙනස් වන සේ පෙරලා හරිණ අතර, (නබියේ! ඔබට “ඔබ කියූ දැයට) අපි සවන් දුන්නෙමු. එහෙත් අපි (එයට) වෙනස්කම් කරන්නෙමු” (යයි පවසා ඔබගේ) ධර්මයෙහි වැරදි කීමට “(නබියේ! මෙතෙක්) ඔබට ඇසීමට නොහැකි දැය ඔබ අසනු” යයිද පවසා රායිනා යයි මුව ඇද කර, ෙදාඩවන්නාහ. (රායිනා යන වචනයට අරාබි බසින් “අපට උදව් කරනු (සලකනු) මැනව!” යයි අර්ථය වේ. එහෙත් යුදෙව්වන්ගේ බසින් නම්, “මෝඩයා!” යයි අර්ථය වේ. එබැවින් මේ අන්දමට ඔවුන් නොකියා, ඒ වෙනුවට ඔවුන් ඔබට “නබියේ! ඔබ කියූ දැයට) අපි සවන් දුන්නෙමු. (ඔබට) අපි අවනත වුනෙමු. (අපි කියන දැය) ඔබ අසනු” (යයි කියා රායිනා යන වචනය වෙනුවට) උන්ලූර්නා (අපව ආදරයෙන් යුතුව බලනු මැනව!)” යයිද පවසා තිබුණේ නම්, එය ඔවුන්ටම ඉතාමත් හොඳක් වශයෙන්ද, ඍජු එකක් වශයෙන්ද තිඛෙන්නට තිබුණි. එහෙත් ඔවුන්ගේ ප්‍රතික්ෂේපයේ හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව ශාප කර හැරියේය. එබැවින් (ඔවුන්ගේ) සමහරෙකු හැර, (වැඩි දෙනෙකු) විශ්වාසවන්තයින් වන්නේම නැත