Surah An-Nisa Verse 83 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَإِذَا جَآءَهُمۡ أَمۡرٞ مِّنَ ٱلۡأَمۡنِ أَوِ ٱلۡخَوۡفِ أَذَاعُواْ بِهِۦۖ وَلَوۡ رَدُّوهُ إِلَى ٱلرَّسُولِ وَإِلَىٰٓ أُوْلِي ٱلۡأَمۡرِ مِنۡهُمۡ لَعَلِمَهُ ٱلَّذِينَ يَسۡتَنۢبِطُونَهُۥ مِنۡهُمۡۗ وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ لَٱتَّبَعۡتُمُ ٱلشَّيۡطَٰنَ إِلَّا قَلِيلٗا
බිය නැතහොත් (පොදු ජන) ආරක්ෂාව ගැන යම්කිසි පුවතක් ඔවුන් වෙත ළඟා වුවහොත් (එවෙලේම) ඔවුන් එය (පිටතදී) පතුරවන්නට (පටන්) ගන්නාහ. (එසේ නොකර) එය (අල්ලාහ්ගේ) දූතයා වෙතද, ඔවුන්ගේ අධිකාරීන් වෙතද (පමණක්) දැනුම් දුන්නේ නම්, එයින් ඇත්ත නැත්ත සොයා ගත හැකි ඔවුන් (එහි) සත්‍යය හොඳින් දැන, (එයට සරිලන තීරණයක්) ගනු ඇත. (විශ්වාසවන්තයිනි!) අල්ලාහ්ගේ දයාවද, ඔහුගේ අනුකම්පාවද ඔබ කෙරෙහි නොතිබුනේ නම් (ඔබගෙන්) සමහරෙකු හැර, ඔබ සියල්ලන්ම ෂෙයිතාන්වම අනුගමනය කරන්ට ඉඩ තිබුණි