Surah An-Nisa Verse 90 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaإِلَّا ٱلَّذِينَ يَصِلُونَ إِلَىٰ قَوۡمِۭ بَيۡنَكُمۡ وَبَيۡنَهُم مِّيثَٰقٌ أَوۡ جَآءُوكُمۡ حَصِرَتۡ صُدُورُهُمۡ أَن يُقَٰتِلُوكُمۡ أَوۡ يُقَٰتِلُواْ قَوۡمَهُمۡۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَسَلَّطَهُمۡ عَلَيۡكُمۡ فَلَقَٰتَلُوكُمۡۚ فَإِنِ ٱعۡتَزَلُوكُمۡ فَلَمۡ يُقَٰتِلُوكُمۡ وَأَلۡقَوۡاْ إِلَيۡكُمُ ٱلسَّلَمَ فَمَا جَعَلَ ٱللَّهُ لَكُمۡ عَلَيۡهِمۡ سَبِيلٗا
එහෙත් ඔබ සමග (සාම) ගිවිසුමක් ඇති කර ගත් අය සමග ගිය අයවද, ඔබට විරුද්ධව යුද්ධ කිරීමට සිත නොදී (ඔබගේ සතුරන්ව අත්හැර දමා වෙන් වී) ඔබ වෙත පැමිණි අයවද, තමන්ගේ ගෝත්‍රිකයින්ට විරුද්ධව යුද්ධ කිරීමට (සිත නොදී ඔබ වෙතින් වෙන් වූ) අයවද, (කපා නොදමනු. සිරභාරයට නොගනු. මන්දයත්) අල්ලාහ් අදහස් කළහොත් ඔබව ඔවුන් ජයග්‍රහණය කර, (ඔවුන්) ඔබව කපන මෙන් සලස්වන්නට ඉඩ තිබුණි. එබැවින් (මෙවැන්නන්) ඔබ සමග යුද්ධ නොකර ඈත් වී සිට, ඔබ වෙතින් සමාදානය ඉල්ලා සිටියහොත් (එය බාර ගනු. මන්දයත්) මෙවැන්නන් සමග (යුද්ධ කිරීමට) අල්ලාහ් ඔබට කිසිම මගක් තැබුවේ නැත