Surah An-Nisa Verse 91 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaسَتَجِدُونَ ءَاخَرِينَ يُرِيدُونَ أَن يَأۡمَنُوكُمۡ وَيَأۡمَنُواْ قَوۡمَهُمۡ كُلَّ مَا رُدُّوٓاْ إِلَى ٱلۡفِتۡنَةِ أُرۡكِسُواْ فِيهَاۚ فَإِن لَّمۡ يَعۡتَزِلُوكُمۡ وَيُلۡقُوٓاْ إِلَيۡكُمُ ٱلسَّلَمَ وَيَكُفُّوٓاْ أَيۡدِيَهُمۡ فَخُذُوهُمۡ وَٱقۡتُلُوهُمۡ حَيۡثُ ثَقِفۡتُمُوهُمۡۚ وَأُوْلَـٰٓئِكُمۡ جَعَلۡنَا لَكُمۡ عَلَيۡهِمۡ سُلۡطَٰنٗا مُّبِينٗا
(විශ්වාසවන්තයිනි!) වෙනත් සමහරෙකුද ඔබ දකින්නෙහිය; ඔවුන් ඔබ වෙතින් ආරක්ෂාව ලබා ගන්නා අතර, (ඔබගේ සතුරන් වන) තමන්ගේ ගෝත්‍රිකයින් වෙතින්ද ආරක්ෂාව ලබා ගැනීමට කැමැත්තක් දක්වන්නාහ. එහෙත් කිසිම නපුරකට මොවුන්ව කැඳවනු ලැබුවහොත් එහි (ඇස් පියා මුණින්) අතට වැටී යන්නාහ. මෙවැන්නන් ඔබගේ විරුද්ධවාදිකමින් ඈත් නොවීද, ඔබ වෙතින් සමාදානය ඉල්ලා නොසිටද, තමන්ගේ අත් (ඔබට හානියක් කිරීමෙන්) වැළකී නොසිටියහොත්, මොවුන්ව ඔබ දුටු තැන අල්ලා (සිර භාරයේ තබනු. සිර භාරයට පත් නොවී යුද්ධ කරන්නන්ව) කපා දමනු. මෙවැන්නන් සමග (යුද්ධ කිරීමට) ඔබට පැහැදිලි අනුමැතියක් ලබා දුන්නෙමු