Surah An-Nisa Verse 92 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَمَا كَانَ لِمُؤۡمِنٍ أَن يَقۡتُلَ مُؤۡمِنًا إِلَّا خَطَـٔٗاۚ وَمَن قَتَلَ مُؤۡمِنًا خَطَـٔٗا فَتَحۡرِيرُ رَقَبَةٖ مُّؤۡمِنَةٖ وَدِيَةٞ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهۡلِهِۦٓ إِلَّآ أَن يَصَّدَّقُواْۚ فَإِن كَانَ مِن قَوۡمٍ عَدُوّٖ لَّكُمۡ وَهُوَ مُؤۡمِنٞ فَتَحۡرِيرُ رَقَبَةٖ مُّؤۡمِنَةٖۖ وَإِن كَانَ مِن قَوۡمِۭ بَيۡنَكُمۡ وَبَيۡنَهُم مِّيثَٰقٞ فَدِيَةٞ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهۡلِهِۦ وَتَحۡرِيرُ رَقَبَةٖ مُّؤۡمِنَةٖۖ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ شَهۡرَيۡنِ مُتَتَابِعَيۡنِ تَوۡبَةٗ مِّنَ ٱللَّهِۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا
කිසිම විශ්වාසවන්තයෙකු ඝාතනය කිරීම කිසිම විශ්වාසවන්තයෙකුට සුදුසු නැත; වැරදීමකින් මිස. (ඔබගෙන්) කවුරුන් හෝ යම්කිසි විශ්වාසවන්තයෙකුව ඝාතනය කර දැමුවහොත් (එයට වන්දි වශයෙන්) විශ්වාසවන්ත එක් වහලෙකු නිදහස් කළ යුතුය. ඒ සමගම මරණයට පත් වූවාගේ පවුලේ උදවිය (සමාව දී) දයාබරව අත්හැර දැමුවහොත් මිස, එයට සරිලන වන්දි මුදලක්ද ඔවුන් වෙත ගෙවිය යුතුය. (මෙයට) ඔහු, ඔබගේ සතුරු ගෝත්‍රිකයින් වශයෙන් සිට, විශ්වාසවන්තයෙකු වශයෙනුත් සිටියහොත්, විශ්වාසවන්තයෙකු වන වහලෙකු නිදහස් කළහොත් ප්‍රමාණවත්ය. (වන්දි ගෙවීමට අවශ්‍යය නැත. මෙයට) ඔහු ඔබ සමග ගිවිසුම් කර ගත් ගෝත්‍රිකයින්ගෙන් සිටින්නෙකු වශයෙන් සිටියහොත් ඔහුගේ පවුලේ උදවියට වන්දි මුදල ගෙවිය යුතු අතර විශ්වාසවන්තයෙකු වන එක් වහලෙකු නිදහස්ද කළ යුතුය. (මෙසේ වන්දි වශයෙන් ගෙවිය යුතු මුදල) කවුරුන් හෝ අත් කර නොගතහොත් ඔහු අල්ලාහ් වෙත (තම වරදට) සමාව ඉල්ලා මාස දෙකක් නොකඩවා උපවාසයේ යෙදිය යුතුය. අල්ලාහ් හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය