Surah Al-Ahqaf Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafوَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ إِحۡسَٰنًاۖ حَمَلَتۡهُ أُمُّهُۥ كُرۡهٗا وَوَضَعَتۡهُ كُرۡهٗاۖ وَحَمۡلُهُۥ وَفِصَٰلُهُۥ ثَلَٰثُونَ شَهۡرًاۚ حَتَّىٰٓ إِذَا بَلَغَ أَشُدَّهُۥ وَبَلَغَ أَرۡبَعِينَ سَنَةٗ قَالَ رَبِّ أَوۡزِعۡنِيٓ أَنۡ أَشۡكُرَ نِعۡمَتَكَ ٱلَّتِيٓ أَنۡعَمۡتَ عَلَيَّ وَعَلَىٰ وَٰلِدَيَّ وَأَنۡ أَعۡمَلَ صَٰلِحٗا تَرۡضَىٰهُ وَأَصۡلِحۡ لِي فِي ذُرِّيَّتِيٓۖ إِنِّي تُبۡتُ إِلَيۡكَ وَإِنِّي مِنَ ٱلۡمُسۡلِمِينَ
මිනිසා තමන්ගේ දෙමව්පියන්ට කෘතඥ වන මෙන් අපි ඔහුට හොඳ ඔවදන් දුන්නෙමු. ඔහුගේ මව ඉතාමත් අමාරුවෙන් (ගර්භයෙහි) ඔහුව උසුළාගෙන හිඳ, ඉතාමත් අමාරුවෙන්ම ඔහුව ප්‍රසූත කරන්නීය. ඇය ගැබ් ගත් දා පටන් මොහු කිරි බීම අත්හරින තුරු මාස තිහක් (ඉතාමත් අමාරුවෙන් ගත කරන්නීය). මොහු තරුණ වියට පත් වී අවුරුදු හතළිහ අත් කර ගතහොත්, “මගේ දෙවියනේ! ඔබ මා කෙරෙහිද, මගේ දෙමව්පියන් කෙරෙහිද, පහළ කරන ලද දයාව සඳහා මා කෘතඥ වී ඔබගේ තෘප්තිය අත් කර ගත හැකි හොඳ ක්‍රියාවන් කරන මෙන් (වූ හොඳ දැනුමක්) ඔබ මා හට ලබා දෙනු මැනව! (මට උදව්වට සිටින සේ) මා වෙනුවෙන් මගේ පරම්පරාවේ දරුවන්ව ඔබ පිළිසකර කර තබනු. නියත වශයෙන්ම මා ඔබව බැලූවෙමි. තවද නියත වශයෙන්ම මා (ඔබට සමපුර්ණයෙන්ම අවනත වූ) මුස්ලිම්වරුන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙමි” යයි පවසනු ඇත