Surah Muhammad Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Muhammadمَّثَلُ ٱلۡجَنَّةِ ٱلَّتِي وُعِدَ ٱلۡمُتَّقُونَۖ فِيهَآ أَنۡهَٰرٞ مِّن مَّآءٍ غَيۡرِ ءَاسِنٖ وَأَنۡهَٰرٞ مِّن لَّبَنٖ لَّمۡ يَتَغَيَّرۡ طَعۡمُهُۥ وَأَنۡهَٰرٞ مِّنۡ خَمۡرٖ لَّذَّةٖ لِّلشَّـٰرِبِينَ وَأَنۡهَٰرٞ مِّنۡ عَسَلٖ مُّصَفّٗىۖ وَلَهُمۡ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَمَغۡفِرَةٞ مِّن رَّبِّهِمۡۖ كَمَنۡ هُوَ خَٰلِدٞ فِي ٱلنَّارِ وَسُقُواْ مَآءً حَمِيمٗا فَقَطَّعَ أَمۡعَآءَهُمۡ
පරිශුද්ධවන්තයින්ට පොරොන්දු දෙන ලද ස්වර්ගයෙහි උදාහරණය නම්, එහි හානියකින් තොර (පරිශුද්ධ වූ) දිය දහරා ඇත්තේය. (පරිශුද්ධ වූ) රසය වෙනස් නොවන කිරි වලින් යුත් ගංඟාවන්ද ඇත්තේය. පානය කරන්නන්ට ඉමිහිරි රසයක් ගෙන දිය හැකි මිදි රසයෙන් පිරි ගංඟාවන්ද ඇත. තවද පැහැදිලි මී පැනි ගංඟාවන්ද ඇත්තේය. තවද එහි ඔවුන්ට සියලූ අන්දමේ පලතුරු වර්ගද, තමන්ගේ දෙවියන්ගේ සමාවද (ඔවුන්ට) ඇත. (මෙවැනි සුවයන් විඳින අය), නිරයෙහි සදාකල් රැඳී සිටිමින් උතුරණ ලෝදිය පොවනු ලැබ, බඩවැල් සියල්ල කඩා විනාශ කර දැමිය හැකි අයට සමාන වන්නෙහිද