Surah Al-Fath Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Fathإِنَّ ٱلَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ ٱللَّهَ يَدُ ٱللَّهِ فَوۡقَ أَيۡدِيهِمۡۚ فَمَن نَّكَثَ فَإِنَّمَا يَنكُثُ عَلَىٰ نَفۡسِهِۦۖ وَمَنۡ أَوۡفَىٰ بِمَا عَٰهَدَ عَلَيۡهُ ٱللَّهَ فَسَيُؤۡتِيهِ أَجۡرًا عَظِيمٗا
(නබියේ!) නියත වශයෙන්ම කවුරුන් (තමන්ගේ ශරීරය, වස්තුව හා ආත්මය පූජා කර, ඔබට උදව් කරන බවට ඔබ මත අත තබා) ඔබ වෙත පොරොන්දු වන්නෝද, ඔවුන් අල්ලාහ් වෙතම පොරොන්දු වන්නාහ. ඔවුන්ගේ අත මත (ඔබගේ අත නොව). අල්ලාහ්ගේ අතම ඇත්තේය. එබැවින් කවුරුන් (එම පොරොන්දුව) කඩ කරන්නෝද, ඔහු තමන්ට විනාශයක් වශයෙන්ම (එය) කඩ කරන්නේය. කවුරුන් අල්ලාහ් වෙත දුන් එම පොරොන්දුව පූරණය කර හරින්නේද, ඔහුට අල්ලාහ් ඉමහත් වූ ඵලවිපාක (නියත වශයෙන්ම) ඉතාමත් ඉක්මනින් දෙනු ඇත