Surah Al-Fath Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Fathسَيَقُولُ لَكَ ٱلۡمُخَلَّفُونَ مِنَ ٱلۡأَعۡرَابِ شَغَلَتۡنَآ أَمۡوَٰلُنَا وَأَهۡلُونَا فَٱسۡتَغۡفِرۡ لَنَاۚ يَقُولُونَ بِأَلۡسِنَتِهِم مَّا لَيۡسَ فِي قُلُوبِهِمۡۚ قُلۡ فَمَن يَمۡلِكُ لَكُم مِّنَ ٱللَّهِ شَيۡـًٔا إِنۡ أَرَادَ بِكُمۡ ضَرًّا أَوۡ أَرَادَ بِكُمۡ نَفۡعَۢاۚ بَلۡ كَانَ ٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرَۢا
(නබියේ! යුද්ධයට ඔබ සමග නොපැමිණ) රැඳී සිටි ගම්බද අරාබිවරුන් ඔබ වෙත පැමිණ “අපි ඔබ සමග ඒමට අපගේ වස්තූන්ද, අපගේ පවුල්ද, අපට අවස්ථාවක් ලබා දුන්නේ නැත. එබැවින් (දෙවියන් වෙත) ඔබ අප වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනු මැනව!” යයි (ඇත්තෙන්ම ඔවුන්) පවසනු ඇත. ඔවුන් තමන්ගේ හෘදයන්හි නොමැති දැය තමන්ගේ මුවින් (දිවෙන්) පවසන්නාහ. (එබැවින් නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් ඔබට යම්කිසි හොඳක් කිරීමට අදහස් කළා වුවද, (එහි) කිසිවක් ඔහුට විරුද්ධව ඔබට වළක්වා හැරිය හැකි අය කවරෙක්ද? (කිසිවෙකුත්) නැත. ඔබ කරන දැය අල්ලාහ් හොඳින් දැනගෙන සිටින්නේය