Surah Al-Maeda Verse 116 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Maedaوَإِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ءَأَنتَ قُلۡتَ لِلنَّاسِ ٱتَّخِذُونِي وَأُمِّيَ إِلَٰهَيۡنِ مِن دُونِ ٱللَّهِۖ قَالَ سُبۡحَٰنَكَ مَا يَكُونُ لِيٓ أَنۡ أَقُولَ مَا لَيۡسَ لِي بِحَقٍّۚ إِن كُنتُ قُلۡتُهُۥ فَقَدۡ عَلِمۡتَهُۥۚ تَعۡلَمُ مَا فِي نَفۡسِي وَلَآ أَعۡلَمُ مَا فِي نَفۡسِكَۚ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلۡغُيُوبِ
අහෝ ! මර්යම්ගේ පුත් ඊසා, අල්ලාහ් හැර මා හා මාගේ මව දෙවියන් දෙදෙනකු ලෙස ගන්නැ යි නුඹ ජනයාට පැවසුවේදැ යි අල්ලාහ් පවසන විට ඔහු “ඔබ අතිපිවිතුරුය. මට උරුම නොමැති දෙයක් මා පැවසීමට මට (කිසිදු අයිතියක්) නොමැත. එය මම පවසන්නෙකු ව සිටියේ නම් ඔබ එය දැන සිටින්නෙහිය. මාගේ සිත තුළ ඇති දෑ ඔබ දන්නෙහිය. ඔබේ සිත තුළ ඇති දෑ මම නොදනිමි. සැබැවින්ම ඔබ අදෘශ්‍යමාන දෑ පිළිබඳ සර්වඥය” යැයි පැවසුවේය