Surah Al-Maeda - Sinhala Translation by Www.islamhouse.com
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَوۡفُواْ بِٱلۡعُقُودِۚ أُحِلَّتۡ لَكُم بَهِيمَةُ ٱلۡأَنۡعَٰمِ إِلَّا مَا يُتۡلَىٰ عَلَيۡكُمۡ غَيۡرَ مُحِلِّي ٱلصَّيۡدِ وَأَنتُمۡ حُرُمٌۗ إِنَّ ٱللَّهَ يَحۡكُمُ مَا يُرِيدُ
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා ගිවිසුම් පූර්ණ ව ඉටු කරනු. නුඹලාට කියවා පෙන්වනු ලැබූ දෑ හැර සෙසු ගොවිපළ සතුන් නුඹලාට (ආහාරය සඳහා) අනුමත කරන ලදී. නමුත් නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටියදී දඬයම් කිරීම අනුමත කර නොගත යුතුය. සැබැවින්ම අල්ලාහ් ඔහු සිතන දෑ තීන්දු කරයි
Surah Al-Maeda, Verse 1
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُحِلُّواْ شَعَـٰٓئِرَ ٱللَّهِ وَلَا ٱلشَّهۡرَ ٱلۡحَرَامَ وَلَا ٱلۡهَدۡيَ وَلَا ٱلۡقَلَـٰٓئِدَ وَلَآ ءَآمِّينَ ٱلۡبَيۡتَ ٱلۡحَرَامَ يَبۡتَغُونَ فَضۡلٗا مِّن رَّبِّهِمۡ وَرِضۡوَٰنٗاۚ وَإِذَا حَلَلۡتُمۡ فَٱصۡطَادُواْۚ وَلَا يَجۡرِمَنَّكُمۡ شَنَـَٔانُ قَوۡمٍ أَن صَدُّوكُمۡ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ أَن تَعۡتَدُواْۘ وَتَعَاوَنُواْ عَلَى ٱلۡبِرِّ وَٱلتَّقۡوَىٰۖ وَلَا تَعَاوَنُواْ عَلَى ٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِۚ وَٱتَّقُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ
අහෝ ! විශ්වාස කළවුනි, අල්ලාහ්ගේ සලකුණු වලට හෝ පිවිතුරු පාරිශුද්ධ මාස වලට හෝ (කැප කිරීම් වෙනුවෙන්) වෙන් කළ සතුන්ට හෝ (ඒ සඳහා සලකුණු ලෙස) ගෙලමාල පැලැන්ඳ වූ සතුන්ට හෝ තම පරමාධිපතිගේ භාග්‍යය හා තෘප්තිය අපේක්ෂාවෙන් පිවිතුරු (ඔහුගේ) නිවසට අභය දායී ව පැමිණෙන්නන්ට හෝ (හිරි හැර හා අවතක්සේරු කිරීම) නුඹලා අනුමත කර නොගනු.තවද නුඹලා ඉහ්රාමය ඉවත් කර දැමුවේ නම් එවිට නුඹලා දඩයම් කර ගනු. මස්ජිදුල් හරාමයෙන් නුඹලා ව වැළැක් වූ පිරිසකගේ ක්‍රෝධය නුඹලා (ඔවුන් වෙත) සීමාව ඉක්මවා කටයුතු කිරීමට නුඹලා ව පෙලඹවිය නොයුතුය. තවද යහපතට හා බිය බැතිමත්කමට නුඹලා එකිනෙකා උදව් කර ගනු. පාපයට හා සතුරුකමට නුඹලා එකිනෙකා උදව් නොකරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය
Surah Al-Maeda, Verse 2
حُرِّمَتۡ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةُ وَٱلدَّمُ وَلَحۡمُ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦ وَٱلۡمُنۡخَنِقَةُ وَٱلۡمَوۡقُوذَةُ وَٱلۡمُتَرَدِّيَةُ وَٱلنَّطِيحَةُ وَمَآ أَكَلَ ٱلسَّبُعُ إِلَّا مَا ذَكَّيۡتُمۡ وَمَا ذُبِحَ عَلَى ٱلنُّصُبِ وَأَن تَسۡتَقۡسِمُواْ بِٱلۡأَزۡلَٰمِۚ ذَٰلِكُمۡ فِسۡقٌۗ ٱلۡيَوۡمَ يَئِسَ ٱلَّذِينَ كَفَرُواْ مِن دِينِكُمۡ فَلَا تَخۡشَوۡهُمۡ وَٱخۡشَوۡنِۚ ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗاۚ فَمَنِ ٱضۡطُرَّ فِي مَخۡمَصَةٍ غَيۡرَ مُتَجَانِفٖ لِّإِثۡمٖ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
(නිසි ලෙස කැපීමකින් තොරව) මළ සතුන්, රුධිරය, ශූකර මාංශ, අල්ලාහ් නොවන දෑ සඳහා බිලි දෙනු ලැබූ දෑ, ගෙල මිරිකනු ලැබ මිය ගිය දෑ, පහර දෙනු ලැබ මිය ගිය දෑ, වැටී මිය ගිය දෑ, ඇණ මිය ගිය දෑ, මෘග සතුන් කා දැමූ දෑ - නුඹලා (ඉන්පසුව) එය විධිමත් ලෙස කැපුවේ නම් හැර, (එවිට ආහාරය සඳහා ගත හැක.) - තවද පිළිම සඳහා කැපූ දෑ ඊතල් මඟින් නුඹලා පේන කීම නුඹලාට තහනම් කරන ලදී. මේවා වැරදි සහගතය. ප්‍රතික්ෂේප කළවුන් නුඹලාගේ දහමින් (එය විනාශ කළ හැකිය යන අදහසින්) අද දින අපේක්ෂා භංග විය. එබැවින් ඔවුනට නුඹලා බිය නොවනු. තවද මට ම බිය වනු. අද දින නුඹලාට නුඹලාගේ දහම මම සම්පූර්ණ කළෙමි. නුඹලා කෙරෙහි වූ මාගේ ආශිර්වාදය ද පූර්ණවත් කළෙමි. නුඹලා වෙනුවෙන් දහම ලෙස ඉස්ලාමය මම පිළිගතිමි. එබැවින් පාපයට නැඹුරු නොවී, දුගී බව හේතුවෙන් (මේවා ආහාරයට ගන්නා මෙන්) බල කරනු ලැබුණේ නම්, එවිට (දැන ගනු) සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලී අසමසම කරුණාන්විතය
Surah Al-Maeda, Verse 3
يَسۡـَٔلُونَكَ مَاذَآ أُحِلَّ لَهُمۡۖ قُلۡ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَٰتُ وَمَا عَلَّمۡتُم مِّنَ ٱلۡجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ ٱللَّهُۖ فَكُلُواْ مِمَّآ أَمۡسَكۡنَ عَلَيۡكُمۡ وَٱذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ عَلَيۡهِۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ
තමන්ට අනුමත කරනු ලැබුවේ කුමක් දැ යි ඔවුහු නුඹගෙන් විමසති. (නබිවරය!) පවසන්න,සියඵ යහපත් දෑ ද, දඩයම් සතුන් අතුරින් නුඹලා උගන්වා ඉන් පුහුණුව ලැබූ සතුන් විසින් දඩයම් කළ දෑ ද නුඹලාට අනුමත කරන ලදී. අල්ලාහ් නුඹලාට ඉගැන් වූ දැයින් නුඹලා උන්ට උගන්වන්නෙහුය. එබැවින් නුඹලා වෙත උන් ගොදුරු කර ගෙන එන දෑ නුඹලා අනුභව කරනු. තවද අල්ලාහ්ගේ නාමය කියනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය
Surah Al-Maeda, Verse 4
ٱلۡيَوۡمَ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَٰتُۖ وَطَعَامُ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ حِلّٞ لَّكُمۡ وَطَعَامُكُمۡ حِلّٞ لَّهُمۡۖ وَٱلۡمُحۡصَنَٰتُ مِنَ ٱلۡمُؤۡمِنَٰتِ وَٱلۡمُحۡصَنَٰتُ مِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ إِذَآ ءَاتَيۡتُمُوهُنَّ أُجُورَهُنَّ مُحۡصِنِينَ غَيۡرَ مُسَٰفِحِينَ وَلَا مُتَّخِذِيٓ أَخۡدَانٖۗ وَمَن يَكۡفُرۡ بِٱلۡإِيمَٰنِ فَقَدۡ حَبِطَ عَمَلُهُۥ وَهُوَ فِي ٱلۡأٓخِرَةِ مِنَ ٱلۡخَٰسِرِينَ
අද දින යහපත් දෑ නුඹලාට අනුමත කරන ලදී. දේව ග්‍රන්ථය දෙනු ලැබූ අයගේ ආහාර නුඹලාට අනුමතය. නුඹලාගේ ආහාර ද ඔවුනට අනුමතය. දේව විශ්වාසවන්තනියන් අතුරින් පතිවත රකින කාන්තාවන් ද නුඹලාට පෙර දේව ග්‍රන්ථය දෙනු ලැබූවන් අතුරින් පතිවත රකින කාන්තාවන් ද නුඹලා ඔවුනට දිය යුතු ඔවුන්ගේ (මහර් හෙවත්) කුලිය පිරිනමා අනියම් බිරියන් ලෙස හෝ ගණිකාවන් ලෙස හෝ නොගෙන, විවාහකයින් ලෙස ගැනීමට අනුමැතිය ඇත. කවරෙකු (දෙවියන් පිළිබඳව වූ) විශ්වාසය ප්‍රතික්ෂේප කරන්නේ ද සැබැවින්ම ඔහුගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. මතු ලොවෙහි ඔහු අලාභවන්තයින් අතුරිනි
Surah Al-Maeda, Verse 5
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا قُمۡتُمۡ إِلَى ٱلصَّلَوٰةِ فَٱغۡسِلُواْ وُجُوهَكُمۡ وَأَيۡدِيَكُمۡ إِلَى ٱلۡمَرَافِقِ وَٱمۡسَحُواْ بِرُءُوسِكُمۡ وَأَرۡجُلَكُمۡ إِلَى ٱلۡكَعۡبَيۡنِۚ وَإِن كُنتُمۡ جُنُبٗا فَٱطَّهَّرُواْۚ وَإِن كُنتُم مَّرۡضَىٰٓ أَوۡ عَلَىٰ سَفَرٍ أَوۡ جَآءَ أَحَدٞ مِّنكُم مِّنَ ٱلۡغَآئِطِ أَوۡ لَٰمَسۡتُمُ ٱلنِّسَآءَ فَلَمۡ تَجِدُواْ مَآءٗ فَتَيَمَّمُواْ صَعِيدٗا طَيِّبٗا فَٱمۡسَحُواْ بِوُجُوهِكُمۡ وَأَيۡدِيكُم مِّنۡهُۚ مَا يُرِيدُ ٱللَّهُ لِيَجۡعَلَ عَلَيۡكُم مِّنۡ حَرَجٖ وَلَٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمۡ وَلِيُتِمَّ نِعۡمَتَهُۥ عَلَيۡكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ
අහෝ විශ්වාස කළවුනි ! නුඹලා සලාතයට සූදානම් වූ විට නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් මැණික් කටුව දක්වා ද සෝදා ගනු. තවද නුඹලාගේ හිස් (ජලයෙන්) පිරිමදිනු. තවද නුඹලාගේ පාද ද වළලු කර දක්වා සෝදා ගනු. නුඹලා ස්නානය අනිවාර්යය වූ කෙනෙකු ව සිටින්නෙහු නම් (ස්නානය කොට) පිරිසුදු කර ගනිවු. නමුත් නුඹලා රෝගී ව හෝ යම් ගමනක නිරත ව සිටියෙහු නම් හෝ නුඹලා අතුරින් කිසිවකු මළමූත්‍රා පහකොට පැමිණියේ නම් හෝ නුඹලා (නුඹලාගේ) බිරියන් (ලිංගික ව) ස්පර්ශ කළෙහු නම්, තවද නුඹලා ජලය නොලැබුවෙහු නම් පිරිසිදු පසින් නුඹලාගේ මුහුණුද නුඹලාගේ අත් ද පිරිමදිනු. නුඹලාට කිසිදු දුෂ්කරතාවක් ඇති කිරීමට අල්ලාහ් අපේක්ෂා නොකරයි. නමුත් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලා ව පිරිසිදු කිරීමටත් ඔහුගේ ආශිර්වාදයන් නුඹලා කෙරෙහි පූර්ණවත් කිරීමටත් අපේක්ෂා කරයි
Surah Al-Maeda, Verse 6
وَٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ وَمِيثَٰقَهُ ٱلَّذِي وَاثَقَكُم بِهِۦٓ إِذۡ قُلۡتُمۡ سَمِعۡنَا وَأَطَعۡنَاۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ද, නුඹලාට කවර දෙයක් ප්‍රතිඥා කළේ ද ඔහුගේ එම ප්‍රතිඥාව ද ''අපි සවන් දුනිමු. අවනත වූයෙමු'' යැයි නුඹලා පැවසු අවස්ථාව ද සිහිපත් කරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව සර්වඥානීය
Surah Al-Maeda, Verse 7
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُواْ قَوَّـٰمِينَ لِلَّهِ شُهَدَآءَ بِٱلۡقِسۡطِۖ وَلَا يَجۡرِمَنَّكُمۡ شَنَـَٔانُ قَوۡمٍ عَلَىٰٓ أَلَّا تَعۡدِلُواْۚ ٱعۡدِلُواْ هُوَ أَقۡرَبُ لِلتَّقۡوَىٰۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ
අහෝ විශ්වාස කළවුනි ! නුඹලා අල්ලාහ් වෙනුවෙන් යුක්ති ගරුක ව සාක්ෂි දෙන්නන් වශයෙන් නැගී සිටිනු. එක් පිරිසකගේ ක්‍රෝධය නුඹලා අයුක්ති සහගත ව කටයුතු කිරීමට නුඹලා ව නොපෙළඹවිය යුතුය. තවද නුඹලා යුක්ති ගරුකව කටයුතු කරනු. එය බිය බැතිමත් භාවයට වඩා සමීපය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ අභිඥානවන්තය
Surah Al-Maeda, Verse 8
وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٌ عَظِيمٞ
කවුරුන් හෝ විශ්වාස කර යහකම්ද කරන්නේද, ඔවුන් හට සමාව ද මහත් වූ ප්‍රතිඵල ද ඇතැයි අල්ලාහ් පොරොන්දු විය
Surah Al-Maeda, Verse 9
وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ
තවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන් අසත්‍ය කළවුන් වන ඔවුහුමය නිරයේ සගයෝ වන්නෝ
Surah Al-Maeda, Verse 10
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ هَمَّ قَوۡمٌ أَن يَبۡسُطُوٓاْ إِلَيۡكُمۡ أَيۡدِيَهُمۡ فَكَفَّ أَيۡدِيَهُمۡ عَنكُمۡۖ وَٱتَّقُواْ ٱللَّهَۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ
අහෝ විශ්වාසකළවුනි ! පිරිසක් ඔවුන්ගේ අත් නුඹලාට එරෙහි ව දිගු කරන්නට සිතූ විට නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් මෙනෙහි කරනු. ඔහු ඔවුන්ගේ අත් නුඹලාගෙන් වළක්වාලීය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද විශ්වාසවන්තයින් අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කළ යුතුය
Surah Al-Maeda, Verse 11
۞وَلَقَدۡ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ وَبَعَثۡنَا مِنۡهُمُ ٱثۡنَيۡ عَشَرَ نَقِيبٗاۖ وَقَالَ ٱللَّهُ إِنِّي مَعَكُمۡۖ لَئِنۡ أَقَمۡتُمُ ٱلصَّلَوٰةَ وَءَاتَيۡتُمُ ٱلزَّكَوٰةَ وَءَامَنتُم بِرُسُلِي وَعَزَّرۡتُمُوهُمۡ وَأَقۡرَضۡتُمُ ٱللَّهَ قَرۡضًا حَسَنٗا لَّأُكَفِّرَنَّ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَلَأُدۡخِلَنَّكُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ فَمَن كَفَرَ بَعۡدَ ذَٰلِكَ مِنكُمۡ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ
සැබැවින්ම අල්ලාහ් ඉස්රාඊල් දරුවන්ගෙන් ප්‍රතිඥාවක් ගත්තේය. තවද ඔවුන් අතුරින් භාරකරුවන් දොළොස් දෙනෙක් අපි එව්වෙමු. නුඹලා සලාතය විධිමත් ව ඉටු කර zසකාතය ද පිරිනමා මාගේ රසූල්වරුන්ව විශ්වාස කොට ඔවුනට උපකාර කර තවද අලංකාර අයුරින් අල්ලාහ්ට ණය ලබා දුන්නේ නම් සැබැවින්ම මම නුඹලා සමඟය. නුඹලාගේ පාපයන් නුඹලාගෙන් මම පහ කරමි. යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් වලට නුඹලා ව ඇතුළත් කරමි යැයි අල්ලාහ් පැවසුවේය. මින් පසුව නුඹලා අතුරින් කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද සැබැවින්ම ඔහු නිවැරදි මාර්ගයෙන් මුළා විය
Surah Al-Maeda, Verse 12
فَبِمَا نَقۡضِهِم مِّيثَٰقَهُمۡ لَعَنَّـٰهُمۡ وَجَعَلۡنَا قُلُوبَهُمۡ قَٰسِيَةٗۖ يُحَرِّفُونَ ٱلۡكَلِمَ عَن مَّوَاضِعِهِۦ وَنَسُواْ حَظّٗا مِّمَّا ذُكِّرُواْ بِهِۦۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَآئِنَةٖ مِّنۡهُمۡ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۖ فَٱعۡفُ عَنۡهُمۡ وَٱصۡفَحۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ
ඔවුන් ඔවුන්ගේ ප්‍රතිඥාව කඩ කළ හේතුවෙන් අපි ඔවුනට ශාප කළෙමු. තවද ඔවුන්ගේ හදවත් දැඩි (හදවත්) බවට පත් කළෙමු. ඔවුහු එම වදන් එහි නියමිත ස්ථානයෙන් වෙනස් කරති. ඔවුනට කවර දෙයක් සම්බන්ධයෙන් උපදෙස් දෙනු ලැබුවේ ද ඉන් කොටසක් ඔවුහු අමතක කළෝය. ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු හැරෙන්නට ඔවුන් අතුරින් වැඩි දෙනා කුමක් හෝ (නව) කුමන්ත්රණයක සිටිනු නුඹ දකින්නෙහුමය. එබැවින් ඔවුන් ව අත හැර දමා ඔවුන් ව නොසලකා හරිනු. සැබැවින්ම අල්ලාහ් දැහැමියන් ව ප්‍රිය කරයි
Surah Al-Maeda, Verse 13
وَمِنَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّا نَصَٰرَىٰٓ أَخَذۡنَا مِيثَٰقَهُمۡ فَنَسُواْ حَظّٗا مِّمَّا ذُكِّرُواْ بِهِۦ فَأَغۡرَيۡنَا بَيۡنَهُمُ ٱلۡعَدَاوَةَ وَٱلۡبَغۡضَآءَ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِۚ وَسَوۡفَ يُنَبِّئُهُمُ ٱللَّهُ بِمَا كَانُواْ يَصۡنَعُونَ
තවද සැබැවින්ම අපි කිතුනුවන් වෙමු යැයි පැවසූ අය අතුරින් ද ඔවුන්ගේ ප්‍රතිඥාව ගතිමු. නමුත් ඔවුනට කවර දෙයක් උපදෙස් දෙනු ලැබුවේ ද එයින් කොටසක් ඔවුහු ද අමතක කළෝය. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දක්වා අපි ඔවුන් අතර සතුරුකම හා ක්‍රෝධය හෙළුවෙමු. තවද ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව අල්ලාහ් ඔවුනට මතු දන්වයි
Surah Al-Maeda, Verse 14
يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ قَدۡ جَآءَكُمۡ رَسُولُنَا يُبَيِّنُ لَكُمۡ كَثِيرٗا مِّمَّا كُنتُمۡ تُخۡفُونَ مِنَ ٱلۡكِتَٰبِ وَيَعۡفُواْ عَن كَثِيرٖۚ قَدۡ جَآءَكُم مِّنَ ٱللَّهِ نُورٞ وَكِتَٰبٞ مُّبِينٞ
අහෝ දේව ග්රන්ථ හිමියනි ! දේව ග්‍රන්ථයෙන් නුඹලා සඟවමින් සිටි දැයින් බොහෝමයක් නුඹලාට පැහැදිලි කරන අපගේ රසූල්වරයා සැබැවින්ම නුඹලා වෙත පැමිණ ඇත. ඔහු (ඔබ අතර ඇති වැරදි වැටහීම් වැනි) බොහෝ දේවල් නොසලකා හරිනු ඇත. සැබැවින්ම අල්ලාහ්ගෙන් වූ ආලෝකයක් ද පැහැදිලි දේව ග්රන්ථයක් ද නුඹලා වෙත පැමිණි ඇත
Surah Al-Maeda, Verse 15
يَهۡدِي بِهِ ٱللَّهُ مَنِ ٱتَّبَعَ رِضۡوَٰنَهُۥ سُبُلَ ٱلسَّلَٰمِ وَيُخۡرِجُهُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذۡنِهِۦ وَيَهۡدِيهِمۡ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
ඔහුගේ තෘප්තිය අනුගමනය කළවුන් හට, එමගින් ඔහු ශාන්තියේ මාවත් දෙසට මඟ පෙන්වනු ඇත. ඔහුගේ අනුහසින් අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත ඔවුන් ව ඔහු පිට කරනු ඇත. තවද ඍජු මාර්ගය වෙත ඔහු ඔවුන්ට මඟ පෙන්වනු ඇත
Surah Al-Maeda, Verse 16
لَّقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَۚ قُلۡ فَمَن يَمۡلِكُ مِنَ ٱللَّهِ شَيۡـًٔا إِنۡ أَرَادَ أَن يُهۡلِكَ ٱلۡمَسِيحَ ٱبۡنَ مَرۡيَمَ وَأُمَّهُۥ وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗاۗ وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۚ يَخۡلُقُ مَا يَشَآءُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
සැබැවින්ම, මර්යම්ගේ පුත්වන මසීහ්ව අල්ලාහ් යැයි පැවසූ අය ප්‍රතික්ෂේප කළෝය. මර්යම්ගේ පුත් මසීහ් ද ඔහුගේ මව ද මිහිතලයේ සිටින සියල්ලන් ද විනාශ කිරීමට අල්ලාහ් සිතුවේ නම් ඔහුගෙන් කිසිවකින් (ආරක්ෂා කිරීමට) ආධිපත්‍යය දරනුයේ කවරෙකු ද? අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු සිතන දෑ මවන්නේය. තවද සියලු දෑ කෙරෙහි අල්ලාහ් ශක්තිවන්තය
Surah Al-Maeda, Verse 17
وَقَالَتِ ٱلۡيَهُودُ وَٱلنَّصَٰرَىٰ نَحۡنُ أَبۡنَـٰٓؤُاْ ٱللَّهِ وَأَحِبَّـٰٓؤُهُۥۚ قُلۡ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُمۖ بَلۡ أَنتُم بَشَرٞ مِّمَّنۡ خَلَقَۚ يَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۚ وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ
යුදෙව්වෝ හා කිතුනුවෝ තමන් අල්ලාහ්ගේ දරුවන් බවත් ඔහුගේ සෙනෙහෙවන්තයින් බවත් පවසති. එසේ නම් නුඹලාගේ පාපයන්ට නුඹලාට ඔහු දඬුවම් කරනුයේ ඇයි ? එසේ නොව නුඹලා ඔහු මැවූ අය අතුරින් වූ මිනිසුන්ය. ඔහුට අභිමත අයට සමාව දෙයි. ඔහුට අභිමත අයට දඬුවම් කරයි. තවද අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය අල්ලාහ් සතුය. තවද නැවත යොමු වීම ඔහු වෙතමය
Surah Al-Maeda, Verse 18
يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ قَدۡ جَآءَكُمۡ رَسُولُنَا يُبَيِّنُ لَكُمۡ عَلَىٰ فَتۡرَةٖ مِّنَ ٱلرُّسُلِ أَن تَقُولُواْ مَا جَآءَنَا مِنۢ بَشِيرٖ وَلَا نَذِيرٖۖ فَقَدۡ جَآءَكُم بَشِيرٞ وَنَذِيرٞۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
අහෝ දේව ග්රන්ථ ලත් ජනයිනි ! (ඊසාට පසු) ධර්ම දූතයින් නොපැමිණි කාලයේ අප වෙත ශුභාරංචි පවසන්නෙකු හෝ අවවාද කරන්නෙකු හෝ නොපැමිණියේ යැයි නුඹලා නොපවසනු වස් (දැන්) නුඹලාට පැහැදිලි කර දෙන අපගේ රසූල්වරයා නුඹලා වෙත පැමිණ ඇත. දැන් ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු නුඹලා වෙත පැමිණ ඇත. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය
Surah Al-Maeda, Verse 19
وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ ٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ جَعَلَ فِيكُمۡ أَنۢبِيَآءَ وَجَعَلَكُم مُّلُوكٗا وَءَاتَىٰكُم مَّا لَمۡ يُؤۡتِ أَحَدٗا مِّنَ ٱلۡعَٰلَمِينَ
අහෝ මාගේ ජනයිනි ! නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදය සිහිපත් කරනු. එවිට ඔහු නුඹලා අතර නබිවරුන් පත් කළේය. නුඹලා ව රජවරුන් බවට පත් කළේය. ලෝවැසියන් අතුරින් කිසිවකුට නොදුන් දෑ නුඹලාට ඔහු පිරිනැමුවේය යැයි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු
Surah Al-Maeda, Verse 20
يَٰقَوۡمِ ٱدۡخُلُواْ ٱلۡأَرۡضَ ٱلۡمُقَدَّسَةَ ٱلَّتِي كَتَبَ ٱللَّهُ لَكُمۡ وَلَا تَرۡتَدُّواْ عَلَىٰٓ أَدۡبَارِكُمۡ فَتَنقَلِبُواْ خَٰسِرِينَ
අහෝ මාගේ ජනයිනි ! නුඹලාට අල්ලාහ් නියම කළ පාරිශුද්ධ භූමියට පිවිසෙනු. නුඹලා පිටුපස හරවා පෙරළා නොයනු. එවිට නුඹලා අලාභවන්තයින් ලෙස හැරී යනු ඇත
Surah Al-Maeda, Verse 21
قَالُواْ يَٰمُوسَىٰٓ إِنَّ فِيهَا قَوۡمٗا جَبَّارِينَ وَإِنَّا لَن نَّدۡخُلَهَا حَتَّىٰ يَخۡرُجُواْ مِنۡهَا فَإِن يَخۡرُجُواْ مِنۡهَا فَإِنَّا دَٰخِلُونَ
(එයට) අහෝ මූසා ! නියත වශයෙන්ම එහි බලවත් පිරිසක් වෙති. ඔවුහු එයින් බැහැරවන තෙක් අපි එහි නොපිවිසෙන්නෙමු. එසේ ඔවුන් එයින් බැහැර වන්නේ නම් එවිට සැබැවින්ම අපි එහි පිවිසෙන්නෙමු යැයි ඔවුහු පැවසූහ
Surah Al-Maeda, Verse 22
قَالَ رَجُلَانِ مِنَ ٱلَّذِينَ يَخَافُونَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِمَا ٱدۡخُلُواْ عَلَيۡهِمُ ٱلۡبَابَ فَإِذَا دَخَلۡتُمُوهُ فَإِنَّكُمۡ غَٰلِبُونَۚ وَعَلَى ٱللَّهِ فَتَوَكَّلُوٓاْ إِن كُنتُم مُّؤۡمِنِينَ
‘‘නුඹලා ඔවුනට එරෙහි ව දොරටුව වෙත පිවිසෙනු. එසේ නුඹලා එහි පිවිසෙන්නෙහු නම් එවිට සැබැවින්ම නුඹලාමය ජයග්‍රාහකයෝ වන්නේ. තවද නුඹලා දේව විශ්වාසවන්තයින්ව සිටියෙහු නම් අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කරනු යැයි දේව බිය හැඟීමෙන් යුතුව පසුවන්නන් අතුරින් අල්ලාහ් ඔවුන් වෙත ආශිර්වාද කළ මිනිසුන් දෙදෙනක් පැවසුවෝය
Surah Al-Maeda, Verse 23
قَالُواْ يَٰمُوسَىٰٓ إِنَّا لَن نَّدۡخُلَهَآ أَبَدٗا مَّا دَامُواْ فِيهَا فَٱذۡهَبۡ أَنتَ وَرَبُّكَ فَقَٰتِلَآ إِنَّا هَٰهُنَا قَٰعِدُونَ
අහෝ මූසා ! ඔවුහු එහි සිටින තාක්කල් කිසිවිටෙක අපි එහි නොපිවිසෙන්නෙමු. එබැවින් ඔබ හා ඔබේ පරමාධිපති ගොස් ඔබ දෙපළ (ඔවුන් හා) සටන් වදින්න. සැබැවින්ම අපි මෙහි වාඩි වී සිටින්නෙමු යැයි ඔවුහු පැවසූහ
Surah Al-Maeda, Verse 24
قَالَ رَبِّ إِنِّي لَآ أَمۡلِكُ إِلَّا نَفۡسِي وَأَخِيۖ فَٱفۡرُقۡ بَيۡنَنَا وَبَيۡنَ ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ
පරමාධිපතියාණෙනි! සැබැවින්ම මා හා මාගේ සහෝදරයා හැර (වෙනත් කිසිවෙකු) මට පාලනය කළ නොහැක. එබැවින් පව්කාර ජනයාගෙන් ඔබ අපව වෙන් කරනු මැනව ! යැයි (මූසා) පැවසුවේය
Surah Al-Maeda, Verse 25
قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيۡهِمۡۛ أَرۡبَعِينَ سَنَةٗۛ يَتِيهُونَ فِي ٱلۡأَرۡضِۚ فَلَا تَأۡسَ عَلَى ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ
සැබැවින්ම එය වසර හතළිහක් ඔවුන් කෙරෙහි වළක්වනු ලැබීය. මිහිතලයේ ඔවුන් ඔබමොබ සැරිසරනු ඇත. එහෙයින් පාපතර පිරිස පිළිබඳව ඔබ දුක් නොවනු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය
Surah Al-Maeda, Verse 26
۞وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ ٱبۡنَيۡ ءَادَمَ بِٱلۡحَقِّ إِذۡ قَرَّبَا قُرۡبَانٗا فَتُقُبِّلَ مِنۡ أَحَدِهِمَا وَلَمۡ يُتَقَبَّلۡ مِنَ ٱلۡأٓخَرِ قَالَ لَأَقۡتُلَنَّكَۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ ٱللَّهُ مِنَ ٱلۡمُتَّقِينَ
ආදම්ගේ පුතුන් දෙදෙනාගේ සැබෑ පුවත ඔවුන් කෙරෙහි ඔබ කියවා පෙන්වනු. ඔවුන් දෙදෙනා භාරයක් පිළිගැන් වූ අවස්ථාවේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගෙන් පිළි ගනු ලැබූ අතර අනෙක් අයගෙන් පිළි ගනු නොලැබීය. එවිට (පිළි ගනු නොලැබූ) ඔහු සැබැවින්ම මම ඔබ ව ඝාතනය කරමි යැයි පැවසීය. (භාරය පිළිගනු ලැබූ අය වන) ඔහු අල්ලාහ් පිළිගනුයේ දේව බියබැතිමතුන්ගෙන් යැ යි පැවසීය
Surah Al-Maeda, Verse 27
لَئِنۢ بَسَطتَ إِلَيَّ يَدَكَ لِتَقۡتُلَنِي مَآ أَنَا۠ بِبَاسِطٖ يَدِيَ إِلَيۡكَ لِأَقۡتُلَكَۖ إِنِّيٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلۡعَٰلَمِينَ
මා ඝාතනය කරනු වස් ඔබ ඔබේ අත මා වෙත දිගු කළ ද මා ඔබ ව ඝාතනය කරනු වස් මම මාගේ අත ඔබ වෙත දිගු කරන්නෙකු නොවෙමි. සැබැවින්ම මම ලෝකයන්හි පරමාධිපති අල්ලාහ්ට බිය වෙමි
Surah Al-Maeda, Verse 28
إِنِّيٓ أُرِيدُ أَن تَبُوٓأَ بِإِثۡمِي وَإِثۡمِكَ فَتَكُونَ مِنۡ أَصۡحَٰبِ ٱلنَّارِۚ وَذَٰلِكَ جَزَـٰٓؤُاْ ٱلظَّـٰلِمِينَ
මාගේ පාපය ද ඔබගේ පාපය ද ඔබ උසුලාගෙන පැමිණීම සැබැවින්ම මම අපේක්ෂා කරමි. එවිට ඔබ නිරා ගින්නේ සගයින් අතුරින් වනු ඇත. එය අපරාධකරුවන්ගේ ප්රතිවිපාකය වෙයි
Surah Al-Maeda, Verse 29
فَطَوَّعَتۡ لَهُۥ نَفۡسُهُۥ قَتۡلَ أَخِيهِ فَقَتَلَهُۥ فَأَصۡبَحَ مِنَ ٱلۡخَٰسِرِينَ
එවිට තම සහෝදරයා ව ඝාතනය කිරීමට ඔහුගේ ආත්මය ඔහු ව පෙලඹවීය. එහෙයින් ඔහු ඔහු ව ඝාතනය කළේය. එහෙයින් ඔහු අලාභවන්තයින් අතුරින් විය
Surah Al-Maeda, Verse 30
فَبَعَثَ ٱللَّهُ غُرَابٗا يَبۡحَثُ فِي ٱلۡأَرۡضِ لِيُرِيَهُۥ كَيۡفَ يُوَٰرِي سَوۡءَةَ أَخِيهِۚ قَالَ يَٰوَيۡلَتَىٰٓ أَعَجَزۡتُ أَنۡ أَكُونَ مِثۡلَ هَٰذَا ٱلۡغُرَابِ فَأُوَٰرِيَ سَوۡءَةَ أَخِيۖ فَأَصۡبَحَ مِنَ ٱلنَّـٰدِمِينَ
පසුව තම සහෝදරයාගේ මෘත දේහය භූමදාන කරන්නේ කෙසේදැයි ඔහුට පෙන්වීමට අල්ලාහ් පොළොව හාරා පෙන්වන කපුටෙක් එවීය. අහෝ ! මා මෙම කපුටා මෙන් වන්නට වත් නොහැකි වූයෙම් ද?. එසේ නම් මම මාගේ සහෝදරයාගේ දේහය භූමදාන කරන්නට තිබුණි යැයි පැවසීය. පසුව ඔහු පසුතැවිලිවන්නන් අතුරින් විය
Surah Al-Maeda, Verse 31
مِنۡ أَجۡلِ ذَٰلِكَ كَتَبۡنَا عَلَىٰ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ أَنَّهُۥ مَن قَتَلَ نَفۡسَۢا بِغَيۡرِ نَفۡسٍ أَوۡ فَسَادٖ فِي ٱلۡأَرۡضِ فَكَأَنَّمَا قَتَلَ ٱلنَّاسَ جَمِيعٗا وَمَنۡ أَحۡيَاهَا فَكَأَنَّمَآ أَحۡيَا ٱلنَّاسَ جَمِيعٗاۚ وَلَقَدۡ جَآءَتۡهُمۡ رُسُلُنَا بِٱلۡبَيِّنَٰتِ ثُمَّ إِنَّ كَثِيرٗا مِّنۡهُم بَعۡدَ ذَٰلِكَ فِي ٱلۡأَرۡضِ لَمُسۡرِفُونَ
ඒ හේතුවෙන් ඉස්රාඊල්ගේ දරුවනට සැබැවින්ම ප්‍රාණ ඝාතනයක් හේතුවෙන් හෝ මහපොළොවේ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් හෝ මිස කවරෙකු යම් ආත්මයක් ඝාතනය කළේ ද ඔහු මුළු මිනිස් සමූහයා ඝාතනය කළා හා සමානය. තවද කවරෙකු එය (ආත්මය) ජීවත් කරවන්නේ ද ඔහු මුළු මිනිස් සමූහයා ජීවත් කළා හා සමානය. තවද අපගේ දූතවරු පැහැදිලි සාධක සමඟ සැබැවින්ම ඔවුන් වෙත පැමිණියේය. අනතුරු ව ඔවුන් අතුරින් බොහෝ දෙනා ඉන් පසුවද මිහිතලයේ සීමාව ඉක්මවා කටයුතු කරන්නන් වූහ
Surah Al-Maeda, Verse 32
إِنَّمَا جَزَـٰٓؤُاْ ٱلَّذِينَ يُحَارِبُونَ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَسۡعَوۡنَ فِي ٱلۡأَرۡضِ فَسَادًا أَن يُقَتَّلُوٓاْ أَوۡ يُصَلَّبُوٓاْ أَوۡ تُقَطَّعَ أَيۡدِيهِمۡ وَأَرۡجُلُهُم مِّنۡ خِلَٰفٍ أَوۡ يُنفَوۡاْ مِنَ ٱلۡأَرۡضِۚ ذَٰلِكَ لَهُمۡ خِزۡيٞ فِي ٱلدُّنۡيَاۖ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابٌ عَظِيمٌ
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමඟ සටන් වැද කලහකම් ඇති කරමින් මහපොළොවේ සැරිසරන්නන්ගේ ප්රතිවිපාකය වනුයේ ඔවුන් ඝාතනය කරනු ලැබීම හෝ ඔවුන් එල්ලා මරනු ලැබීම හෝ ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද මාරුවෙන් මාරුවට කපා දමනු ලැබීම හෝ එම භූමියෙන් ඔවුන් ව පිටුවහල් කරනු ලැබීමය. එය මෙලොව ඔවුනට වූ අවමානයකි. මතු ලොවෙහි ද ඔවුනට අතිමහත් දඬුවමක් ඇත
Surah Al-Maeda, Verse 33
إِلَّا ٱلَّذِينَ تَابُواْ مِن قَبۡلِ أَن تَقۡدِرُواْ عَلَيۡهِمۡۖ فَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
නමුත් නුඹලා ඔවුන් කෙරෙහි බලය යෙදවීමට පෙර පාප ක්ෂමා ඉල්ලා සිටියවුන් හැර. එබැවින් නුඹලා දැන ගනු. සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය කරුණා ගුණයෙන් යුක්තය
Surah Al-Maeda, Verse 34
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَٱبۡتَغُوٓاْ إِلَيۡهِ ٱلۡوَسِيلَةَ وَجَٰهِدُواْ فِي سَبِيلِهِۦ لَعَلَّكُمۡ تُفۡلِحُونَ
අහෝ විශ්වාස කළවුනි ! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද ඔහු වෙතට (සමීප වීමේ) මාර්ගයන් නුඹලා සොයනු. ඔහුගේ මාර්ගයේ නුඹලා කැප වනු. නුඹලාට ජය අත්පත් කර ගත හැකිය
Surah Al-Maeda, Verse 35
إِنَّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ أَنَّ لَهُم مَّا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا وَمِثۡلَهُۥ مَعَهُۥ لِيَفۡتَدُواْ بِهِۦ مِنۡ عَذَابِ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَا تُقُبِّلَ مِنۡهُمۡۖ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ
සැබැවින්ම ප්‍රතික්ෂේප කළවුන්, ඔවුනට මහපොළොවේ ඇති සියල්ල තිබී ඒ සමඟම ඒ හා සමාන දෑ ද තිබී, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමින් මිදීමට එය ඔවුහු වන්දි වශයෙන් කැප කළ ද, ඔවුන්ගෙන් එය පිළි ගනු නොලැබේ. තවද ඔවුනට වේදනා සහගත දඞුවමක් ඇත
Surah Al-Maeda, Verse 36
يُرِيدُونَ أَن يَخۡرُجُواْ مِنَ ٱلنَّارِ وَمَا هُم بِخَٰرِجِينَ مِنۡهَاۖ وَلَهُمۡ عَذَابٞ مُّقِيمٞ
ඔවුහු (නිරා) ගින්නෙන් බැහැර වීමට අදහස් කරති. නමුත් ඔවුන් එයින් බැහැරවන්නන් නොවෙති. තවද ඔවුනට නිත්‍ය ක්‍රියාත්මක දඬුවමක් ඇත
Surah Al-Maeda, Verse 37
وَٱلسَّارِقُ وَٱلسَّارِقَةُ فَٱقۡطَعُوٓاْ أَيۡدِيَهُمَا جَزَآءَۢ بِمَا كَسَبَا نَكَٰلٗا مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٞ
හොරෙක් හෝ හෙරක් ඔවුන් උපයා ගත් දෑ ට ප්රතිවිපාකයක් වශයෙන් අල්ලාහ්ගෙන් වූ දඬුවමක් ලෙසින් නුඹලා ඔවුන් දෙපළගේ අත් කපා දමනු. තවද අල්ලාහ් සර්ව බලධාරීය. සර්ව ප්‍රඥාවන්තය
Surah Al-Maeda, Verse 38
فَمَن تَابَ مِنۢ بَعۡدِ ظُلۡمِهِۦ وَأَصۡلَحَ فَإِنَّ ٱللَّهَ يَتُوبُ عَلَيۡهِۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ
නමුත් තම අපරාධයෙන් පසුව කවරෙකු පශ්චාත්තාප වී (තමාව) නිවැරදි කර ගනීද, සැබැවින්ම අල්ලාහ් ඔහු වෙත සමාව පිරිනමයි. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය
Surah Al-Maeda, Verse 39
أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ يُعَذِّبُ مَن يَشَآءُ وَيَغۡفِرُ لِمَن يَشَآءُۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යය සැබැවින්ම අල්ලාහ් සතු බව නුඹ නොදන්නෙහි ද? ඔහු කැමති අය ව දඬුවමට ලක් කරනු ඇත. තවද ඔහු කැමති අයට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් සියලු දෑ කිරීමෙහි ශක්තිවන්තය
Surah Al-Maeda, Verse 40
۞يَـٰٓأَيُّهَا ٱلرَّسُولُ لَا يَحۡزُنكَ ٱلَّذِينَ يُسَٰرِعُونَ فِي ٱلۡكُفۡرِ مِنَ ٱلَّذِينَ قَالُوٓاْ ءَامَنَّا بِأَفۡوَٰهِهِمۡ وَلَمۡ تُؤۡمِن قُلُوبُهُمۡۛ وَمِنَ ٱلَّذِينَ هَادُواْۛ سَمَّـٰعُونَ لِلۡكَذِبِ سَمَّـٰعُونَ لِقَوۡمٍ ءَاخَرِينَ لَمۡ يَأۡتُوكَۖ يُحَرِّفُونَ ٱلۡكَلِمَ مِنۢ بَعۡدِ مَوَاضِعِهِۦۖ يَقُولُونَ إِنۡ أُوتِيتُمۡ هَٰذَا فَخُذُوهُ وَإِن لَّمۡ تُؤۡتَوۡهُ فَٱحۡذَرُواْۚ وَمَن يُرِدِ ٱللَّهُ فِتۡنَتَهُۥ فَلَن تَمۡلِكَ لَهُۥ مِنَ ٱللَّهِ شَيۡـًٔاۚ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ لَمۡ يُرِدِ ٱللَّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمۡۚ لَهُمۡ فِي ٱلدُّنۡيَا خِزۡيٞۖ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابٌ عَظِيمٞ
අහෝ දූතය ! අපි විශ්වාස කළෙමු යැ යි ඔවුන්ගේ මුවින් පවසා ඔවුන්ගේ හදවත් විශ්වාස නොකළවුන් හා යුදෙව් බවට පත් වූවන් අතුරින් දේව ප්රතික්ෂේපයේ යුහුසුලු ව ක්‍රියා කරන්නන් නුඹ ව දුකට පත් නොකළ යුතුය. ඔවුහු මුසා බසට සවන් දෙන්නෝ වෙති. ඔබ වෙත නොපැමිණි සෙසු පිරිසට (ඔබ ගැන දොස් පැවසීම පිණිස ද ඔබට) සවන් දෙන්නෝ වෙති. තවද ඔවුහු (දේව) වැකි එහි නියමිත ස්ථානයෙන් වෙනස් කොට “මෙය නුඹලාට දෙනු ලැබුවේ නම් එය නුඹලා ගනු. එය නුඹලාට දෙනු නොලැබුවේ නම් නුඹලා වැළකී සිටිනු” යැයි පවසති. අල්ලාහ් කවරෙකු පිරික්සීමට සිතුවේ ද එවිට අල්ලාහ්ගෙන් වූ කිසිවකින් (ඔහු ව වැළැක්වීමට) නුඹ බලය නොදරන්නේමය. ඔවුන්ගේ හදවත් පිරිසිදු කරලීමට අල්ලාහ් නොසිතූ අය මොවුන්ය. ඔවුනට මෙලොවෙහි අවමානය ඇත. තවද මතු ලොවෙහි අතිමහත් දඬුවමක් ද ඇත
Surah Al-Maeda, Verse 41
سَمَّـٰعُونَ لِلۡكَذِبِ أَكَّـٰلُونَ لِلسُّحۡتِۚ فَإِن جَآءُوكَ فَٱحۡكُم بَيۡنَهُمۡ أَوۡ أَعۡرِضۡ عَنۡهُمۡۖ وَإِن تُعۡرِضۡ عَنۡهُمۡ فَلَن يَضُرُّوكَ شَيۡـٔٗاۖ وَإِنۡ حَكَمۡتَ فَٱحۡكُم بَيۡنَهُم بِٱلۡقِسۡطِۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُقۡسِطِينَ
ඔවුහු මුසා බසට අධිකව සවන් දෙන්නන් වූහ. තහනම් කළ දෑ අධික ලෙස අනුභව කරන්නන් වූහ. එබැවින් ඔවුන් නුඹ වෙත පැමිණියේ නම් ඔවුන් අතර තීන්දු දෙනු. නැතිනම් ඔවුන් ව නුඹ නොසලකා හරිනු. එසේ නුඹ ඔවුන් ව නොසලකා හැරියේ නම් නුඹට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුනට නොහැක්කේමය. තවද නුඹ තීන්දු දෙන විට ඔවුන් අතර සාධාරණ අයුරින් තීන්දු දෙනු. සැබැවින්ම අල්ලාහ් සාධාරණ ව කටයුතු කරන්නන් ප්‍රිය කරයි
Surah Al-Maeda, Verse 42
وَكَيۡفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ ٱلتَّوۡرَىٰةُ فِيهَا حُكۡمُ ٱللَّهِ ثُمَّ يَتَوَلَّوۡنَ مِنۢ بَعۡدِ ذَٰلِكَۚ وَمَآ أُوْلَـٰٓئِكَ بِٱلۡمُؤۡمِنِينَ
නුඹ ව විනිශ්චය කරුවකු වශයෙන් ඔවුන් ගනුයේ කෙසේද (හේතුව) ඔවුන් අබියස තව්රාතය තිබී එහි අල්ලාහ්ගේ තීන්දුව ද තිබියදී ඉන් පසුව ඔවුහු (එයට) පිටුපෑහ. ඔවුහු විශ්වාසවන්තයින් නොවෙති
Surah Al-Maeda, Verse 43
إِنَّآ أَنزَلۡنَا ٱلتَّوۡرَىٰةَ فِيهَا هُدٗى وَنُورٞۚ يَحۡكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسۡلَمُواْ لِلَّذِينَ هَادُواْ وَٱلرَّبَّـٰنِيُّونَ وَٱلۡأَحۡبَارُ بِمَا ٱسۡتُحۡفِظُواْ مِن كِتَٰبِ ٱللَّهِ وَكَانُواْ عَلَيۡهِ شُهَدَآءَۚ فَلَا تَخۡشَوُاْ ٱلنَّاسَ وَٱخۡشَوۡنِ وَلَا تَشۡتَرُواْ بِـَٔايَٰتِي ثَمَنٗا قَلِيلٗاۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡكَٰفِرُونَ
සැබැවින්ම අපි තව්රාතය පහළ කළෙමු. එහි මඟ පෙන්වීම හා ආලෝකය විය. එමගින් (අල්ලාහ්ට) අවනත වූ දේව පණිවිඩකරුවෝ යුදෙව්වූවනට තීන්දු ලබා දුන්හ. එසේම රබ්බානිවරු (හෙවත් දේව බිය හැඟීමෙන් යුක්ත අය)ද අහ්බාර්(හෙවත් විද්වතුන්)ද අල්ලාහ්ගේ ග්‍රන්ථය ආරක්ෂා කළ යුතු යැයි නියම කරනු ලැබූ බැවින් ද, ඔවුහු එයට සාක්ෂිකරුවන් වූ බැවින් ද (ඔවුහු එමගින් තීන්දු දුන්හ.) එබැවින් නුඹලා මිනිසුනට බිය නොවනු; තවද මට ම බිය වනු. තවද මාගේ වදන් අල්ප මිලට නොවිකුණනු. කවරෙකු අල්ලාහ් පහළ කළ දැයින් තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය දේව ප්රතික්ෂේපකයෝ
Surah Al-Maeda, Verse 44
وَكَتَبۡنَا عَلَيۡهِمۡ فِيهَآ أَنَّ ٱلنَّفۡسَ بِٱلنَّفۡسِ وَٱلۡعَيۡنَ بِٱلۡعَيۡنِ وَٱلۡأَنفَ بِٱلۡأَنفِ وَٱلۡأُذُنَ بِٱلۡأُذُنِ وَٱلسِّنَّ بِٱلسِّنِّ وَٱلۡجُرُوحَ قِصَاصٞۚ فَمَن تَصَدَّقَ بِهِۦ فَهُوَ كَفَّارَةٞ لَّهُۥۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ
සැබැවින් ම ප්‍රාණයට ප්‍රාණය, ඇසට ඇස, නාසයට නාසය, කනට කන, දතට දත, තුවාල වලට (තුවාල කිරීම) යනාකාරයෙන් කිසාස් (හෙවත්) පළි ගැනීම අපි එහි ඔවුනට නියම කළෙමු. නමුත් කවරෙකු එය (පළි ගැනීම) දානයක් ලෙස අතහැර දැමුවේ නම් එවිට එය ඔහුට හිලව්වක් වනු ඇත. අල්ලාහ් පහළ කළ දැයින් කවරෙකු තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය අපරාධකරුවෝ
Surah Al-Maeda, Verse 45
وَقَفَّيۡنَا عَلَىٰٓ ءَاثَٰرِهِم بِعِيسَى ٱبۡنِ مَرۡيَمَ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلتَّوۡرَىٰةِۖ وَءَاتَيۡنَٰهُ ٱلۡإِنجِيلَ فِيهِ هُدٗى وَنُورٞ وَمُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلتَّوۡرَىٰةِ وَهُدٗى وَمَوۡعِظَةٗ لِّلۡمُتَّقِينَ
තමන් අතර තිබූ තව්රාතය සත්‍ය කරවන්නෙකු ලෙස මර්යම්ගේ පුත් ඊසා ව ඔවුන්(කලින් සිටි නබිවරුන්)ගේ පියවරෙහි අපි අනුපිළිවෙලින් එව්වෙමු. තවද ඔහුට ඉන්ජීලය ද පිරිනැමුවෙමු. එහි යහමඟක් හා ආලෝකයක් විය. තවද තමන් අතර තිබූ තව්රාතය සත්යකරවන්නක් ද විය. තවද (එය) බිය බැතිමතුන් හට මඟ පෙන්වීමක් හා උපදෙසක් ද විය
Surah Al-Maeda, Verse 46
وَلۡيَحۡكُمۡ أَهۡلُ ٱلۡإِنجِيلِ بِمَآ أَنزَلَ ٱللَّهُ فِيهِۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ
තවද ඉන්ජීල් වැසියන් එහි අල්ලාහ් පහළ කළ දෑ අනුව තීන්දු ලබා දෙත්වා. අල්ලාහ් පහළ කළ දෑ අනුව කවරෙකු තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය පාපතරයෝ
Surah Al-Maeda, Verse 47
وَأَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلۡكِتَٰبِ وَمُهَيۡمِنًا عَلَيۡهِۖ فَٱحۡكُم بَيۡنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُۖ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡ عَمَّا جَآءَكَ مِنَ ٱلۡحَقِّۚ لِكُلّٖ جَعَلۡنَا مِنكُمۡ شِرۡعَةٗ وَمِنۡهَاجٗاۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن لِّيَبۡلُوَكُمۡ فِي مَآ ءَاتَىٰكُمۡۖ فَٱسۡتَبِقُواْ ٱلۡخَيۡرَٰتِۚ إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡ جَمِيعٗا فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ
තවද සත්‍යයෙන් යුතු මෙම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කළෙමු. එය තමන් අතර තිබූ (පෙර පහළ වූ) දේව ග්‍රන්ථය සත්‍ය කරවන්නකි. තවද ඒවා ආරක්ෂා කරන්නකි. එබැවින් අල්ලාහ් පහළ කළ දැයින් නුඹ ඔවුන් අතර තීන්දු ලබා දෙනු. නුඹ වෙත පැමිණි සත්‍ය දැයින් ඉවත් ව ඔවුන්ගේ ආශාවන් නුඹ පිළි නොපදිනු. නුඹලා අතුරින් සෑම ප්රජාවකටම ආගමික පිළිවෙතක් හා ක්‍රියාමාර්ගයක් ඇති කළෙමු. අල්ලාහ් සිතුවේ නම් නුඹලා ව එකම ප්‍රජාවක් බවට පත් කරන්නට තිබුණි. එනමුත් නුඹලාට පිරිනැමූ දෑ හි නුඹලා ව පිරික්සනු පිණිසය (මෙලෙස සිදු කළේ.) එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා සියල්ලගේ නැවත යොමු වීම අල්ලාහ් වෙතය. එබැවින් කවර විෂයක නුඹලා මතභේද වී සිටියෙහු ද එවැනි දෑ නුඹලාට ඔහු දන්වා සිටියි
Surah Al-Maeda, Verse 48
وَأَنِ ٱحۡكُم بَيۡنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡ وَٱحۡذَرۡهُمۡ أَن يَفۡتِنُوكَ عَنۢ بَعۡضِ مَآ أَنزَلَ ٱللَّهُ إِلَيۡكَۖ فَإِن تَوَلَّوۡاْ فَٱعۡلَمۡ أَنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُصِيبَهُم بِبَعۡضِ ذُنُوبِهِمۡۗ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلنَّاسِ لَفَٰسِقُونَ
අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර නුඹ තීන්දු ලබා දෙනු. ඔවුන්ගේ ආශාවන් නුඹ අනුගමනය නොකරනු. තවද අල්ලාහ් නුඹ වෙත පහළ කළ ඇතැම් දැයින් නුඹ ව ඔවුන් වෙන දෙසකට යොමු නොකරන ලෙස නුඹ ඔවුන් ගැන ප්‍රවේශම් වනු. ඔවුන් පිටුපෑවෙහු නම් ඔවුන්ගේ ඇතැම් පාපයන් හේතුවෙන් ඔවුන් ව හසු කර ගැනීමට අල්ලාහ් ප්‍රිය කරන්නේ යැයි දැන ගනු. තවද සැබැවින්ම ජනයා අතුරින් බොහෝ දෙනා පාපතරයෝ වෙති
Surah Al-Maeda, Verse 49
أَفَحُكۡمَ ٱلۡجَٰهِلِيَّةِ يَبۡغُونَۚ وَمَنۡ أَحۡسَنُ مِنَ ٱللَّهِ حُكۡمٗا لِّقَوۡمٖ يُوقِنُونَ
ඔවුන් සොයන්නේ අඥාන යුගයේ තීන්දු ද? තරයේ විශ්වාස කරන පිරිසට විනිශ්චය කරුවකු වශයෙන් අල්ලාහ්ට වඩා අලංකාර වන්නේ කවුරුද
Surah Al-Maeda, Verse 50
۞يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلۡيَهُودَ وَٱلنَّصَٰرَىٰٓ أَوۡلِيَآءَۘ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمۡ فَإِنَّهُۥ مِنۡهُمۡۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ
අහෝ ! විශ්වාස කළවුනි, යුදෙව්වන් හා කිතුනුවන් සමීප මිතුරන් ලෙස නොගනු. (ඔබට එරෙහි වීමේදී) ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. නුඹලා අතුරින් කවරෙකු ඔවුන් ව සමීප මිතුරන් ලෙස ගත්තෙහු ද එවිට සැබැවින්ම ඔහු ද ඔවුන් අතුරින් කෙනෙකු වෙයි. සැබැවින්ම අල්ලාහ් අපරාධකාර ජනයාට මඟ නොපෙන්වයි
Surah Al-Maeda, Verse 51
فَتَرَى ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ يُسَٰرِعُونَ فِيهِمۡ يَقُولُونَ نَخۡشَىٰٓ أَن تُصِيبَنَا دَآئِرَةٞۚ فَعَسَى ٱللَّهُ أَن يَأۡتِيَ بِٱلۡفَتۡحِ أَوۡ أَمۡرٖ مِّنۡ عِندِهِۦ فَيُصۡبِحُواْ عَلَىٰ مَآ أَسَرُّواْ فِيٓ أَنفُسِهِمۡ نَٰدِمِينَ
තම හදවත් වල රෝග ඇත්තවුන් වන ඔවුහු ඔවුන් අතර යුහුසුලුව කටයුතු කරනු නුඹ දකිනු ඇත. (ඔවුන් සමඟ අමනාප වූ විට) "අපට දුෂ්කරතා හට ගනු ඇතැයි අපි බියවීමු" යැයි පවසති. අල්ලාහ් (තමන් සිතන පරිදි) ජයග්‍රහණය හෝ ඔහුගෙන් වූ නියමයක් හෝ ගෙන දෙනු ඇත. එවිට ඔවුන්ගේ හදවත් තුළ ඔවුන් සඟවා සිටි දෑ කෙරෙහි ඔවුහු පසුතැවිලි වන්නන් බවට පත් වෙති
Surah Al-Maeda, Verse 52
وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُوٓاْ أَهَـٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ إِنَّهُمۡ لَمَعَكُمۡۚ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فَأَصۡبَحُواْ خَٰسِرِينَ
සැබැවින්ම තමන් නුඹලා සමඟ යැයි අල්ලාහ් මත ඉතා ස්ථීර ලෙස දිවුරා සිටියවුන් මොවුහු දැ යි විශ්වාස කළවුන් විමසා සිටිති. ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. එහෙයින් ඔවුන් අලාභවන්තයින් බවට පත් වූහ
Surah Al-Maeda, Verse 53
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ مَن يَرۡتَدَّ مِنكُمۡ عَن دِينِهِۦ فَسَوۡفَ يَأۡتِي ٱللَّهُ بِقَوۡمٖ يُحِبُّهُمۡ وَيُحِبُّونَهُۥٓ أَذِلَّةٍ عَلَى ٱلۡمُؤۡمِنِينَ أَعِزَّةٍ عَلَى ٱلۡكَٰفِرِينَ يُجَٰهِدُونَ فِي سَبِيلِ ٱللَّهِ وَلَا يَخَافُونَ لَوۡمَةَ لَآئِمٖۚ ذَٰلِكَ فَضۡلُ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා අතුරින් කවරෙකු තම දහමින් හැරී යන්නේ ද එවිට අල්ලාහ් තවත් පිරිසක් ගෙන එනු ඇත. ඔහු ඔවුන් ව ප්‍රිය කරයි. ඔවුහු ද ඔහු ව ප්‍රිය කරති. දේව විශ්වාසවන්තයින් සමඟ යටහත් පහත්ව කටයුතු කරති. දේව ප්රතික්ෂේපකයින් සමඟ ඉතා දැඩි ව සිටිති. අල්ලාහ්ගේ මාර්ගයේ කැප වෙති. කිසිදු දොස් පවසන්නෙකුගේ දොසට බිය නොවෙති. එය අල්ලාහ්ගේ භාග්‍යයයි. තමන් අභිමත කරන අයට ඔහු එය පිරිනමයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය. සර්වඥානීය
Surah Al-Maeda, Verse 54
إِنَّمَا وَلِيُّكُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَٱلَّذِينَ ءَامَنُواْ ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُمۡ رَٰكِعُونَ
සැබැවින්ම නුඹලාගේ (මිතුරු) භාරකරු වන්නේ, අල්ලාහ් ද ඔහුගේ ධර්ම දූතයාණන් ද (අල්ලාහ්ගේ නියෝගයන්ට) හිස නමන්නන් ලෙසින් සලාතය විධිමත් ව ඉටු කර zසකාත් ලබා දෙන දේව විශ්වාසවන්යින් ද වෙති
Surah Al-Maeda, Verse 55
وَمَن يَتَوَلَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلَّذِينَ ءَامَنُواْ فَإِنَّ حِزۡبَ ٱللَّهِ هُمُ ٱلۡغَٰلِبُونَ
තවද කවරෙකු අල්ලාහ් ද ඔහුගේ ධර්ම දූතයාණන් ද තවද විශ්වාස කළවුන් ද තම භාරකරුවන් ලෙස ගන්නේ ද ඔවුහුමය අල්ලාහ්ගේ කණ්ඩායම වන්නේ. ඔවූහුමය ජයග්රහකයෝ
Surah Al-Maeda, Verse 56
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلَّذِينَ ٱتَّخَذُواْ دِينَكُمۡ هُزُوٗا وَلَعِبٗا مِّنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ وَٱلۡكُفَّارَ أَوۡلِيَآءَۚ وَٱتَّقُواْ ٱللَّهَ إِن كُنتُم مُّؤۡمِنِينَ
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලාට පෙර දේව ග්‍රන්ථය දෙනු ලැබූ අය හා දේව ප්රතික්ෂේපකයින් අතුරින් නුඹලාගේ දහම විහිළුවට හා සෙල්ලමට ගත් අය ව නුඹලා (මිත්‍ර පාක්ෂික) භාරකරුවන් ලෙස නොගනු. තවද නුඹලා විශ්වාසවන්තයින් වූයෙහු නම් අල්ලාහ්ට බිය හැඟීමෙන් යුක්ත වනු
Surah Al-Maeda, Verse 57
وَإِذَا نَادَيۡتُمۡ إِلَى ٱلصَّلَوٰةِ ٱتَّخَذُوهَا هُزُوٗا وَلَعِبٗاۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَعۡقِلُونَ
නුඹලා සලාතය වෙත කැඳවන විට එය ඔවුහු විහිළුවට හා සෙල්ලමට ගන්නෝය. එය සැබැවින්ම ඔවුහු වටහා නොගන්නා පිරිසක් වන බැවිනි
Surah Al-Maeda, Verse 58
قُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ هَلۡ تَنقِمُونَ مِنَّآ إِلَّآ أَنۡ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيۡنَا وَمَآ أُنزِلَ مِن قَبۡلُ وَأَنَّ أَكۡثَرَكُمۡ فَٰسِقُونَ
දේව ග්රන්ථ හිමියනි! අල්ලාහ් ද, අප වෙත පහළ කරනු ලැබූ දෑ ද, මීට පෙර පහළ කරනු ලැබූ දෑ ද, අප විශ්වාස කළ හේතුවෙන් මිස වෙන කවර කරුණක් හේතුවෙන් නුඹලා අපෙන් පළිගන්නෙහු ද? යැයි (නබිවරය!) නුඹ අසනු. තවද සැබැවින්ම නුඹලාගෙන් වැඩිදෙනා පාපතරයෝය
Surah Al-Maeda, Verse 59
قُلۡ هَلۡ أُنَبِّئُكُم بِشَرّٖ مِّن ذَٰلِكَ مَثُوبَةً عِندَ ٱللَّهِۚ مَن لَّعَنَهُ ٱللَّهُ وَغَضِبَ عَلَيۡهِ وَجَعَلَ مِنۡهُمُ ٱلۡقِرَدَةَ وَٱلۡخَنَازِيرَ وَعَبَدَ ٱلطَّـٰغُوتَۚ أُوْلَـٰٓئِكَ شَرّٞ مَّكَانٗا وَأَضَلُّ عَن سَوَآءِ ٱلسَّبِيلِ
(නබිවරය!) "අල්ලාහ් අබියසින් එයට වඩා දරුණු ප්‍රතිඵලයක් ගැන මම නුඹලාට දන්වා සිටින්න දැ?" යි අසනු. අල්ලාහ් කවරෙකුට ශාප කළේ ද, තවද ඔහු කවුරුන් වෙත කෝප වූයේ ද, තවද ඔවුන් අතුරින් වඳුරන් හා ඌරන් බවට ඔහු පත් කළේ ද, නපුරු බලවේග වලට යටහත් වූයේ ද, ඔවුහුමය නිලයෙන් වඩාත් දරුණු (පහත්ම) අය වන්නෝ. තවද නිවැරදි මාර්ගයෙන් වඩාත් මුළාවූවන් වන්නෝ
Surah Al-Maeda, Verse 60
وَإِذَا جَآءُوكُمۡ قَالُوٓاْ ءَامَنَّا وَقَد دَّخَلُواْ بِٱلۡكُفۡرِ وَهُمۡ قَدۡ خَرَجُواْ بِهِۦۚ وَٱللَّهُ أَعۡلَمُ بِمَا كَانُواْ يَكۡتُمُونَ
තවද ඔවුහු නුඹලා වෙත පැමිණි විට අපි විශ්වාස කළෙමු යැයි පැවසූහ. ඇත්තෙන්ම ඔවුහු දේව ප්රතික්ෂේපය සමඟ පිවිසුණහ. තවද ඔවුහු පිටත් වූයේ ද ඒ සමඟමය. ඔවුන් වසන් කරමින් සිටි දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය
Surah Al-Maeda, Verse 61
وَتَرَىٰ كَثِيرٗا مِّنۡهُمۡ يُسَٰرِعُونَ فِي ٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَأَكۡلِهِمُ ٱلسُّحۡتَۚ لَبِئۡسَ مَا كَانُواْ يَعۡمَلُونَ
(නබිවරය !) ඔවුන් අතුරින් බොහා් දෙනා පාපකම්හි ද ද්‍රෝහිකම්හි ද තහනම් දෑ අනුභව කිරීමෙහි ද යුහුසුලු ව කටයුතු කරනු නුඹ දකිනු ඇත. ඔවුන් කරමින් සිටි දෑ ඉතා නපුරු විය
Surah Al-Maeda, Verse 62
لَوۡلَا يَنۡهَىٰهُمُ ٱلرَّبَّـٰنِيُّونَ وَٱلۡأَحۡبَارُ عَن قَوۡلِهِمُ ٱلۡإِثۡمَ وَأَكۡلِهِمُ ٱلسُّحۡتَۚ لَبِئۡسَ مَا كَانُواْ يَصۡنَعُونَ
ඔවුන් පාප වදන් පැවසීමෙන් ද තහනම් දෑ ඔවුන් අනුභව කිරීමෙන් ද ආගමික නායකයෝ හා විද්වත්හු ඔවුන් ව වැළකිය යුතු නොවේ ද ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය
Surah Al-Maeda, Verse 63
وَقَالَتِ ٱلۡيَهُودُ يَدُ ٱللَّهِ مَغۡلُولَةٌۚ غُلَّتۡ أَيۡدِيهِمۡ وَلُعِنُواْ بِمَا قَالُواْۘ بَلۡ يَدَاهُ مَبۡسُوطَتَانِ يُنفِقُ كَيۡفَ يَشَآءُۚ وَلَيَزِيدَنَّ كَثِيرٗا مِّنۡهُم مَّآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ طُغۡيَٰنٗا وَكُفۡرٗاۚ وَأَلۡقَيۡنَا بَيۡنَهُمُ ٱلۡعَدَٰوَةَ وَٱلۡبَغۡضَآءَ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِۚ كُلَّمَآ أَوۡقَدُواْ نَارٗا لِّلۡحَرۡبِ أَطۡفَأَهَا ٱللَّهُۚ وَيَسۡعَوۡنَ فِي ٱلۡأَرۡضِ فَسَادٗاۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلۡمُفۡسِدِينَ
අල්ලාහ්ගේ අත බැඳ දමනු ලැබ ඇතැයි යුදෙව්වෝ පවසති. ඔවුන්ගේ අත්‍ය බැඳ දමනු ලැබ ඇත්තේ. ඔවුන් පැවසූ දෑ හේතුවෙන් ඔවුන් ශාප කරනු ලැබීය. එසේ නොව ඔහුගේ දෑත් දිගු හරිනු ලැබ ඇත. ඔහු සිතන පරිදි වියදම් කරයි. (නබිවරය) නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන්ගෙන් බොහෝ දෙනාට සීමාව ඉක්මවා යෑම හා ප්රතික්ෂේපය සැබැවින්ම වර්ධනය කළේය. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දක්වා අපි ඔවුන් අතර සතුරුකම හා ක්‍රෝධය හෙළුවෙමු. ඔවුන් යුද ගිනි අවුළන සෑම අවස්ථාවකම අල්ලාහ් එය නිමා දැමුවේය. ඔවුහු මිහිතලයේ කලහකම් කරමින් සැරිසරති. තවද අල්ලාහ් කලහකාරීන් ව ප්‍රිය නොකරයි
Surah Al-Maeda, Verse 64
وَلَوۡ أَنَّ أَهۡلَ ٱلۡكِتَٰبِ ءَامَنُواْ وَٱتَّقَوۡاْ لَكَفَّرۡنَا عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَلَأَدۡخَلۡنَٰهُمۡ جَنَّـٰتِ ٱلنَّعِيمِ
දේව ග්රන්ථ හිමි ජනයා විශ්වාස කර දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කළේ නම් ඔවුන්ගේ පාපකම් ඔවුන්ගෙන් අපි පහ කොට ඔවුන් ව සැප පහසුකම් වලින් යුත් ස්වර්ග උයන් වලට නිසැකවම අපි ඇතුළත් කරන්නෙමු
Surah Al-Maeda, Verse 65
وَلَوۡ أَنَّهُمۡ أَقَامُواْ ٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيۡهِم مِّن رَّبِّهِمۡ لَأَكَلُواْ مِن فَوۡقِهِمۡ وَمِن تَحۡتِ أَرۡجُلِهِمۚ مِّنۡهُمۡ أُمَّةٞ مُّقۡتَصِدَةٞۖ وَكَثِيرٞ مِّنۡهُمۡ سَآءَ مَا يَعۡمَلُونَ
තවද තව්රාතය ද ඉන්ජීලය ද තම පරමාධිපතිගෙන් ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද ඔවුහු ක්‍රියාත්මක කළේ නම් ඔවුනට ඉහළින් ද ඔවුන්ගේ පාද වලට යටින් ද ඔවුහු භුක්ති විඳින්නට තිබුණි. ඔවුන් අතුරින් මධ්‍යස්ථ සමූහයක් ද විය. ඔවුන්ගෙන් බොහෝ දෙනා කරන දෑ නපුරු විය
Surah Al-Maeda, Verse 66
۞يَـٰٓأَيُّهَا ٱلرَّسُولُ بَلِّغۡ مَآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَۖ وَإِن لَّمۡ تَفۡعَلۡ فَمَا بَلَّغۡتَ رِسَالَتَهُۥۚ وَٱللَّهُ يَعۡصِمُكَ مِنَ ٱلنَّاسِۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ
අහෝ ! රසූල්වරය, නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ දන්වා සිටින්න. තවද නුඹ එසේ නොකළේ නම් එවිට ඔහුගේ දූත මෙහෙවර නුඹ දැන්වූයේ නැත. තවද අල්ලාහ් නුඹ ව ජනයාගෙන් ආරක්ෂා කරයි. සැබැවින්ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපිත ජනයාට මඟ නොපෙන්වයි
Surah Al-Maeda, Verse 67
قُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَسۡتُمۡ عَلَىٰ شَيۡءٍ حَتَّىٰ تُقِيمُواْ ٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُمۡۗ وَلَيَزِيدَنَّ كَثِيرٗا مِّنۡهُم مَّآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ طُغۡيَٰنٗا وَكُفۡرٗاۖ فَلَا تَأۡسَ عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ
දේව ග්රන්ථ හිමියනි, නුඹලා තව්රාතය ද ඉන්ජීලය ද නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද ක්‍රියාවට නංවන තෙක් නුඹලා කිසිවක් මත ( පිහිටා) නොමැත යැයි (නබිවරය,) නුඹ පවසනු. තවද නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන්ගෙන් බහුතරයකගේ සීමාව ඉක්මවා යෑම හා ප්රතික්ෂේපය වර්ධනය කළේය. එබැවින් දේව ප්‍රතික්ෂේපිත ජනයා කෙරෙහි නුඹ දුක් නොවනු
Surah Al-Maeda, Verse 68
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَادُواْ وَٱلصَّـٰبِـُٔونَ وَٱلنَّصَٰرَىٰ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَعَمِلَ صَٰلِحٗا فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ
නියත වශයෙන් ම විශ්වාස කළවුන් ද යුදෙව් වූවන් ද සාබිඌන් වරුන් ( ඇතැම් නබිවරුන්ගේ අනුගාමිකයින්) ද කිතුනුවන් ද ඔවුන් අතුරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළ අයට (මරණින් මතු ජීවිතය පිළිබඳ ව) කිසිදු බියක් නොමැත. තව ද ඔවුහු (මෙලොව අත හැර ගිය දෑ පිළිබඳ ව) දුක ට පත්වන්නෝ ද නොවෙති
Surah Al-Maeda, Verse 69
لَقَدۡ أَخَذۡنَا مِيثَٰقَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ وَأَرۡسَلۡنَآ إِلَيۡهِمۡ رُسُلٗاۖ كُلَّمَا جَآءَهُمۡ رَسُولُۢ بِمَا لَا تَهۡوَىٰٓ أَنفُسُهُمۡ فَرِيقٗا كَذَّبُواْ وَفَرِيقٗا يَقۡتُلُونَ
සැබැවින් අපි ඉස්රාඊල් දරුවන්ගෙන් ප්‍රතිඥාවක් ගතිමු. තවද අපි ඔවුන් වෙත දූතවරු එවීමු. ඔවුන් ආශා නොකරන දෙයක් දූතයකු ඔවුන් වෙත ගෙන ආ සෑම කල්හි ම පිරිසක් ඔවුහු බොරු කළෝය. තවද පිරිසක් ඔවුහු ඝාතනය කළෝය
Surah Al-Maeda, Verse 70
وَحَسِبُوٓاْ أَلَّا تَكُونَ فِتۡنَةٞ فَعَمُواْ وَصَمُّواْ ثُمَّ تَابَ ٱللَّهُ عَلَيۡهِمۡ ثُمَّ عَمُواْ وَصَمُّواْ كَثِيرٞ مِّنۡهُمۡۚ وَٱللَّهُ بَصِيرُۢ بِمَا يَعۡمَلُونَ
තමන්ට කිසිදු පිරික්සුමක් නොවනු ඇතැයි ඔවුහු සිතූහ. එහෙයින් ඔවුහු අන්ධ වූහ. බිහිරි වූහ. ඉන්පසුව ද අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය. පසුව ද ඔවුන්ගෙන් වැඩි දෙනා අන්ධ වූහ. බිහිරි වූහ. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සුපරික්ෂාකාරීය
Surah Al-Maeda, Verse 71
لَقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَۖ وَقَالَ ٱلۡمَسِيحُ يَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱعۡبُدُواْ ٱللَّهَ رَبِّي وَرَبَّكُمۡۖ إِنَّهُۥ مَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ حَرَّمَ ٱللَّهُ عَلَيۡهِ ٱلۡجَنَّةَ وَمَأۡوَىٰهُ ٱلنَّارُۖ وَمَا لِلظَّـٰلِمِينَ مِنۡ أَنصَارٖ
නියත වශයෙන්ම අල්ලාහ් වනුයේ මර්යම්ගේ පුත් මසීහ් යැයි පැවසූ අය ප්රතික්ෂේපකයින් බවට පත් වූහ. ඉස්රාඊල් දරුවනි, මාගේ පරමාධිපති ද නුඹලාගේ පරමාධිපති ද වන අල්ලාහ්ට නුඹලා ගැතිකම් කරනු යැයි මසීහ් පැවසුවේය. සැබෑ කරුණ නම් කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේය. තවද ඔහු ලැඟුම් ගන්නා ස්ථානය නිරය වේ. අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවකු නොමැත
Surah Al-Maeda, Verse 72
لَّقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ ثَالِثُ ثَلَٰثَةٖۘ وَمَا مِنۡ إِلَٰهٍ إِلَّآ إِلَٰهٞ وَٰحِدٞۚ وَإِن لَّمۡ يَنتَهُواْ عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ عَذَابٌ أَلِيمٌ
සැබැවින්ම අල්ලාහ් (ත්‍රිත්වය හෙවත් පියාණන් , පුත්‍රයාණන් , ශුද්ධාත්මයාණන් යන) තිදෙනාගෙන් කෙනෙකි යැයි පැවසූ අය ද ප්රතික්ෂේපකයින් බවට පත් වූහ. එකම දෙවියන් (අල්ලාහ්) හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔවුන් පවසන දැයින් නොවැළකුණේ නම් ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් නියත වශයෙන්ම ස්පර්ශ වනු ඇත
Surah Al-Maeda, Verse 73
أَفَلَا يَتُوبُونَ إِلَى ٱللَّهِ وَيَسۡتَغۡفِرُونَهُۥۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
ඔවුන් අල්ලාහ් වෙත හැරී පශ්චාත්තාප වී ඔහුගෙන් සමාව ඉල්ලා සිටිය යුතු නොවේ ද? තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය
Surah Al-Maeda, Verse 74
مَّا ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَ إِلَّا رَسُولٞ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِ ٱلرُّسُلُ وَأُمُّهُۥ صِدِّيقَةٞۖ كَانَا يَأۡكُلَانِ ٱلطَّعَامَۗ ٱنظُرۡ كَيۡفَ نُبَيِّنُ لَهُمُ ٱلۡأٓيَٰتِ ثُمَّ ٱنظُرۡ أَنَّىٰ يُؤۡفَكُونَ
මර්යම්ගේ පුත් මසීහ් රසූල්වරයකු මිස නැත. ඔහුට පෙර ද රසූල්වරු(බොහෝ දෙනෙකු) ඉකුත් ව ගොස් ඇත. ඔහුගේ මව සත්‍යවන්තියකි. දෙදෙනාම ආහාර අනුභව කරන්නන් වූහ. ඔවුනට එම සාධක අපි පැහැදිලි කරනුයේ කෙසේදැ යි අවධානයෙන් බලනු. පසුව ඔවුන් වෙනතකට හැරී යන්නේ කෙසේ දැ යි ද අවධානයෙන් බලනු
Surah Al-Maeda, Verse 75
قُلۡ أَتَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمۡلِكُ لَكُمۡ ضَرّٗا وَلَا نَفۡعٗاۚ وَٱللَّهُ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
අල්ලාහ්ගෙන් තොරව නුඹලාට කිසිදු හානියක් හෝ කිසිදු ප්‍රයෝජනයක් හෝ කිරීමට බලය නොමැති දෑට නුඹලා වන්දනාමානය කරන්නෙහු දැ යි (නබිවරය!) නුඹ අසනු. තවද අල්ලාහ් වන ඔහු සර්ව ශ්රාවකය. සර්වඥානීය
Surah Al-Maeda, Verse 76
قُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَا تَغۡلُواْ فِي دِينِكُمۡ غَيۡرَ ٱلۡحَقِّ وَلَا تَتَّبِعُوٓاْ أَهۡوَآءَ قَوۡمٖ قَدۡ ضَلُّواْ مِن قَبۡلُ وَأَضَلُّواْ كَثِيرٗا وَضَلُّواْ عَن سَوَآءِ ٱلسَّبِيلِ
දේව ග්රන්ථ හිමියනි, නුඹලා නුඹලාගේ දහමෙහි සත්‍ය නොවන දෑ(පැවසීමෙ)හි සීමාව ඉක්මවා නොයනු. මීට පෙර නොමඟ ගිය ජනයාගේ ආශාවන් අනුගමනය නොකරනු. ඔවුන් බොහෝ දෙනාව නොමඟ යැවූ අතර ඔවුහු ද නිවැරදි මාර්ගයෙන් නොමඟ ගියහැයි (නබිවරය !) නුඹ පවසනු
Surah Al-Maeda, Verse 77
لُعِنَ ٱلَّذِينَ كَفَرُواْ مِنۢ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ عَلَىٰ لِسَانِ دَاوُۥدَ وَعِيسَى ٱبۡنِ مَرۡيَمَۚ ذَٰلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعۡتَدُونَ
ඉස්රාඊල්ගේ දරුවන් අතුරින් ප්‍රතික්ෂේප කළවුන් දාවූද් හා මර්යම්ගේ පුත් ඊසාගේ දිවෙන් ශාප කරනු ලැබීය. එය ඔවුන් පිටුපෑ හේතුවෙන් හා සීමාව ඉක්මවා කටයුතු කරමින් සිටි හේතුවෙනි
Surah Al-Maeda, Verse 78
كَانُواْ لَا يَتَنَاهَوۡنَ عَن مُّنكَرٖ فَعَلُوهُۚ لَبِئۡسَ مَا كَانُواْ يَفۡعَلُونَ
ඔවුන් කළ පිළිකුල් සහගත දැයින් ඔවුන් එකිනෙකා වළක්වා නොගත්හ. ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය
Surah Al-Maeda, Verse 79
تَرَىٰ كَثِيرٗا مِّنۡهُمۡ يَتَوَلَّوۡنَ ٱلَّذِينَ كَفَرُواْۚ لَبِئۡسَ مَا قَدَّمَتۡ لَهُمۡ أَنفُسُهُمۡ أَن سَخِطَ ٱللَّهُ عَلَيۡهِمۡ وَفِي ٱلۡعَذَابِ هُمۡ خَٰلِدُونَ
ඔවුන්ගෙන් බොහෝ දෙනා ප්‍රතික්ෂේප කළවුන් ව මිතුරු පාක්ෂකයින් ලෙස ගැනීම නුඹ දකිනු ඇත. ඔවුන්ගේ ආත්මාවන් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කළ දෑ නපුරු විය. හේතුව ඔවුන් කෙරෙහි අල්ලාහ් කෝප විය. ඔවුහු දඬුවමෙහි සදාතනිකයෝ වෙති
Surah Al-Maeda, Verse 80
وَلَوۡ كَانُواْ يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلنَّبِيِّ وَمَآ أُنزِلَ إِلَيۡهِ مَا ٱتَّخَذُوهُمۡ أَوۡلِيَآءَ وَلَٰكِنَّ كَثِيرٗا مِّنۡهُمۡ فَٰسِقُونَ
ඔවුහු අල්ලාහ් ව ද නබිවරයා ව ද ඔහු වෙත පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරමින් සිටියෙහු නම් ඔවුහු ඔවුන් ව මිතුරු පාක්ෂිකයින් ලෙස නොගනු ඇත. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා පාපතරයෝය
Surah Al-Maeda, Verse 81
۞لَتَجِدَنَّ أَشَدَّ ٱلنَّاسِ عَدَٰوَةٗ لِّلَّذِينَ ءَامَنُواْ ٱلۡيَهُودَ وَٱلَّذِينَ أَشۡرَكُواْۖ وَلَتَجِدَنَّ أَقۡرَبَهُم مَّوَدَّةٗ لِّلَّذِينَ ءَامَنُواْ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّا نَصَٰرَىٰۚ ذَٰلِكَ بِأَنَّ مِنۡهُمۡ قِسِّيسِينَ وَرُهۡبَانٗا وَأَنَّهُمۡ لَا يَسۡتَكۡبِرُونَ
(නබිවරය,) ජනයා අතුරින් විශ්වාසකළවුනට සතුරුකමින් වඩා දරුණු අය ලෙස නුඹ යුදෙව්වන් හා දේව ආදේශ කළවුන් දකිනු ඇත. තවද මිතුරුකමින් විශ්වාස කළවුනට වඩාත් සමීපතයින් ලෙස සැබැවින්ම අපි කිතුනුවෝ වෙමු යැයි පැවසූ අය නුඹ දකිනු ඇත. හේතුව ඔවුන් අතර උගත් ගුරුවරුන් ද පූජකයින් ද සිටින බැවිනි. එමෙන්ම ඔවුහු උඩගු නොවෙති
Surah Al-Maeda, Verse 82
وَإِذَا سَمِعُواْ مَآ أُنزِلَ إِلَى ٱلرَّسُولِ تَرَىٰٓ أَعۡيُنَهُمۡ تَفِيضُ مِنَ ٱلدَّمۡعِ مِمَّا عَرَفُواْ مِنَ ٱلۡحَقِّۖ يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱكۡتُبۡنَا مَعَ ٱلشَّـٰهِدِينَ
රසූල්වරයාට පහළ කරනු ලැබූ දෑ ඔවුහු සවන් දුන් විට, සත්‍යය ඔවුහු වටහා ගත් හේතුවෙන් ඔවුන්ගේ ඇස් වලින් කඳුළු හැළෙනු නුඹ දකිනු ඇත. තවද අපගේ පරමාධිපතියාණනි, අපි විශ්වාස කළෙමු. එබැවින් අප ව සාක්ෂි දරන්නන් සමඟ සටහන් කරනු මැනව!යි පවසති
Surah Al-Maeda, Verse 83
وَمَا لَنَا لَا نُؤۡمِنُ بِٱللَّهِ وَمَا جَآءَنَا مِنَ ٱلۡحَقِّ وَنَطۡمَعُ أَن يُدۡخِلَنَا رَبُّنَا مَعَ ٱلۡقَوۡمِ ٱلصَّـٰلِحِينَ
අල්ලාහ් හා සත්‍යයෙන් යුතුව අප වෙත පැමිණි දෑ අප විශ්වාස නොකර සිටීමට අපට කුමක් වී ද? තවද අපගේ පරමාධිපති, දැහැමි ජනයා සමඟ අප ව ද (ස්වර්ගයට) ඇතුළත් කිරීම අපි ප්‍රිය කරන්නෙමු
Surah Al-Maeda, Verse 84
فَأَثَٰبَهُمُ ٱللَّهُ بِمَا قَالُواْ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ جَزَآءُ ٱلۡمُحۡسِنِينَ
ඔවුහු පැවසූ දෑ හේතුවෙන් පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් අල්ලාහ් ඔවුනට කුසල් වශයෙන් පිරිනැමීය. ඔවුහු එහි සදාතනිකයෝය. එය යහකම් කරන්නන්ගේ ප්‍රතිඵලය වේ
Surah Al-Maeda, Verse 85
وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ
අපගේ වදන් බොරු කොට ප්‍රතික්ෂේප කළවුන්, ඔවුහුමය නිරයේ සගයෝ
Surah Al-Maeda, Verse 86
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُحَرِّمُواْ طَيِّبَٰتِ مَآ أَحَلَّ ٱللَّهُ لَكُمۡ وَلَا تَعۡتَدُوٓاْۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡمُعۡتَدِينَ
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලාට අල්ලාහ් අනුමත කළ දැයින් යහපත් දෑ නුඹලා තහනම් කර නොගනු. තවද නුඹලා සීමාව ඉක්මවා නොයනු. සැබැවින්ම සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ව අල්ලාහ් ප්‍රිය නොකරයි
Surah Al-Maeda, Verse 87
وَكُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلٗا طَيِّبٗاۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ أَنتُم بِهِۦ مُؤۡمِنُونَ
තවද අල්ලාහ් නුඹලාට පිරිනැමූ දැයින් අනුමත පිරිසිදු දෑ නුඹලා අනුභව කරනු. නුඹලා කවරෙකු විශ්වාස කරමින් සිටින්නේ ද එවන් අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු
Surah Al-Maeda, Verse 88
لَا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغۡوِ فِيٓ أَيۡمَٰنِكُمۡ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ ٱلۡأَيۡمَٰنَۖ فَكَفَّـٰرَتُهُۥٓ إِطۡعَامُ عَشَرَةِ مَسَٰكِينَ مِنۡ أَوۡسَطِ مَا تُطۡعِمُونَ أَهۡلِيكُمۡ أَوۡ كِسۡوَتُهُمۡ أَوۡ تَحۡرِيرُ رَقَبَةٖۖ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٖۚ ذَٰلِكَ كَفَّـٰرَةُ أَيۡمَٰنِكُمۡ إِذَا حَلَفۡتُمۡۚ وَٱحۡفَظُوٓاْ أَيۡمَٰنَكُمۡۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَشۡكُرُونَ
නුඹලාගේ දිවුරීම්හි නිකරුණේ පවසන දෑ වෙනුවෙන් අල්ලාහ් නුඹලා ව ග්‍රහණය නොකරයි. නමුත් නුඹලා ව ඔහු ග්‍රහණය කරනුයේ ස්ථීර කරමින් පවසන දිවුරීම් වෙනුවෙනි. (එසේ වරදක් සිදු වූ විටක) එවිට එහි වන්දිය වනුයේ නුඹලාගේ පවුලට ආහාර වශයෙන් නුඹලා මධ්‍යස්ථ ව ලබා දෙන දැයින් දුගියන් දස දෙනෙකුට ආහාර සැපයීමය. නැතහොත් ඔවුනට ඇඳුම් ලබා දීමය. එසේත් නැතහොත් වහලෙකු නිදහස් කිරීමය. නමුත් එය නොලැබූ අය දින තුනක් උපවාසයේ නියැළිය යුතුය. නුඹලා දිවුරා සිටියේ නම් නුඹලාගේ දිවුරීම් වලට වන්දිය වනුයේ එයයි. තවද නුඹලාගේ දිවුරීම් ආරක්ෂා කරනු. නුඹලා කෘතවේදී වනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ එලෙසය
Surah Al-Maeda, Verse 89
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّمَا ٱلۡخَمۡرُ وَٱلۡمَيۡسِرُ وَٱلۡأَنصَابُ وَٱلۡأَزۡلَٰمُ رِجۡسٞ مِّنۡ عَمَلِ ٱلشَّيۡطَٰنِ فَٱجۡتَنِبُوهُ لَعَلَّكُمۡ تُفۡلِحُونَ
අහෝ විශ්වාසකළවුනි ! සුරාව සූදුව පිළිම වන්දනාව හා පේන බැලීම ෂෙයිතාන්ගේ ක්‍රියාවෙන් පිළිකුල් සහගත දෑ ය. එබැවින් නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස නුඹලා එයින් වැළකී සිටිනු
Surah Al-Maeda, Verse 90
إِنَّمَا يُرِيدُ ٱلشَّيۡطَٰنُ أَن يُوقِعَ بَيۡنَكُمُ ٱلۡعَدَٰوَةَ وَٱلۡبَغۡضَآءَ فِي ٱلۡخَمۡرِ وَٱلۡمَيۡسِرِ وَيَصُدَّكُمۡ عَن ذِكۡرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِۖ فَهَلۡ أَنتُم مُّنتَهُونَ
ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව තුළින් නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඇති කිරීමත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාතයේ නිරත වීමෙන් නුඹලා ව වළකාලීමත්ය. එබැවින් නුඹලා එයින් වැළකිය යුත්තන් නොවේ ද
Surah Al-Maeda, Verse 91
وَأَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَٱحۡذَرُواْۚ فَإِن تَوَلَّيۡتُمۡ فَٱعۡلَمُوٓاْ أَنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ
තවද නුඹලා අල්ලාහ් ට අවනත වනු. තවද රසූල්වරයාට ද අවනත වනු. ප්‍රවේශමෙන් කටයුතු කරනු. හේතුව නුඹලා පිටුපෑවෙහු නම් අපගේ දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලි ව දන්වා සිටීම පමණක් බව නුඹලා දැන ගනු
Surah Al-Maeda, Verse 92
لَيۡسَ عَلَى ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جُنَاحٞ فِيمَا طَعِمُوٓاْ إِذَا مَا ٱتَّقَواْ وَّءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ ثُمَّ ٱتَّقَواْ وَّءَامَنُواْ ثُمَّ ٱتَّقَواْ وَّأَحۡسَنُواْۚ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ
විශ්වාස කොට යහකම් කළවුන් කෙරෙහි ඔවුන් තමන් ව (පාපයෙන්) ආරක්ෂා කොට විශ්වාස කොට යහකම් කර පසුව තමන් ව (තහනම් කළ දැයින්) ආරක්ෂා කොට විශ්වාස කොට පසුව තමන් ආරක්ෂා කොට දැහැමි කටයුතු කළ විට (තහනම් කළ දෑ හි) ඔවුන් භුක්ති විඳී දෑ සම්බන්ධයෙන් ඔවුනට වරදක් නැත. තවද අල්ලාහ් දැහැමි කටයුතු කරන්නන් ව ප්‍රිය කරයි
Surah Al-Maeda, Verse 93
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَيَبۡلُوَنَّكُمُ ٱللَّهُ بِشَيۡءٖ مِّنَ ٱلصَّيۡدِ تَنَالُهُۥٓ أَيۡدِيكُمۡ وَرِمَاحُكُمۡ لِيَعۡلَمَ ٱللَّهُ مَن يَخَافُهُۥ بِٱلۡغَيۡبِۚ فَمَنِ ٱعۡتَدَىٰ بَعۡدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٞ
අහෝ ! විශ්වාස කළවුනි, (නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී) නුඹලාගේ දෑතට හා නුඹලාගේ හී වලට පහසුවෙන් හසුවන දඬයම් සතෙකුගෙන් අල්ලාහ් නුඹලා ව පිරික්සුමට ලක් කරනු ඇත. එය තමන් ඉදිරියේ නොසිටිය දී කවරෙකු තමන්ට බිය වන්නේ දැ යි අල්ලාහ් දැන ගනු පිණිසය. එබැවින් ඉන් පසුව කවරෙකු සීමාව ඉක්මවා කටයුතු කළේ ද එවිට ඔහුට වේදනීය දඬුවමක් ඇත
Surah Al-Maeda, Verse 94
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقۡتُلُواْ ٱلصَّيۡدَ وَأَنتُمۡ حُرُمٞۚ وَمَن قَتَلَهُۥ مِنكُم مُّتَعَمِّدٗا فَجَزَآءٞ مِّثۡلُ مَا قَتَلَ مِنَ ٱلنَّعَمِ يَحۡكُمُ بِهِۦ ذَوَا عَدۡلٖ مِّنكُمۡ هَدۡيَۢا بَٰلِغَ ٱلۡكَعۡبَةِ أَوۡ كَفَّـٰرَةٞ طَعَامُ مَسَٰكِينَ أَوۡ عَدۡلُ ذَٰلِكَ صِيَامٗا لِّيَذُوقَ وَبَالَ أَمۡرِهِۦۗ عَفَا ٱللَّهُ عَمَّا سَلَفَۚ وَمَنۡ عَادَ فَيَنتَقِمُ ٱللَّهُ مِنۡهُۚ وَٱللَّهُ عَزِيزٞ ذُو ٱنتِقَامٍ
අහෝ විශ්වාස කළවුනි, නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී දඬයම් (කර) සතුන් මරා නොදමනු. නුඹලා අතුරින් කවරෙකු උවමනාවෙන්ම එය මරා දැමුවේ ද එවිට ප්‍රතිචාරය වනුයේ (ඔටු ගව හා එළු වැනි) ගොවිපළ සතුන්ගෙන් මරා දැමූ දෑ මෙන් දෙයකි. ඒ පිළිබඳ ව නුඹලා අතුරින් යුක්ති ගරුක දෙදෙනෙකු තීන්දු දෙනු ඇත. එය කඃබාවට ළඟා විය යුතු කැපයක් ලෙසිනි. එසේ නොමැති නම් වන්දි වශයෙන් දුගියන්ට ආහාර සැපයිය යුතු ය. එසේත් නොමැති නම් තමන් කළ කරුණෙහි බරපතළකම විඳිනු පිණිස ඒ වෙනුවට උපවාසයේ නිරත විය යුතුය. පෙර සිදු වූ දෑට අල්ලාහ් සමාව දුන්නේය. නමුත් කවරෙකු යළිත් සිදු කළේද එවිට අල්ලාහ් ඔහු(කළ වරද)ට ප්‍රතිචාර දක්වනු ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරීය. (කළ වරදට) ප්‍රතිචාර දක්වන්නාය
Surah Al-Maeda, Verse 95
أُحِلَّ لَكُمۡ صَيۡدُ ٱلۡبَحۡرِ وَطَعَامُهُۥ مَتَٰعٗا لَّكُمۡ وَلِلسَّيَّارَةِۖ وَحُرِّمَ عَلَيۡكُمۡ صَيۡدُ ٱلۡبَرِّ مَا دُمۡتُمۡ حُرُمٗاۗ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ إِلَيۡهِ تُحۡشَرُونَ
නුඹලා හා නුඹලාගේ ප්‍රවාහන සතුන් භුක්ති විදිනු පිණිස මුහුදු සතුන් දඬයම් කිරීම හා එය ආහාරයට ගැනීම නුඹලාට අනුමත කරන ලදී. නමුත් ඉහ්රාම් තත්ත්වයේ සිටින කල්තාක් ගොඩබිම සතුන් දඬයම් කිරීම නුඹලාට තහනම් කරන ලදී. තවද නුඹලා කවරෙකු වෙත එක් රැස් කරනු ලබන්නෙහු ද එවන් අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු
Surah Al-Maeda, Verse 96
۞جَعَلَ ٱللَّهُ ٱلۡكَعۡبَةَ ٱلۡبَيۡتَ ٱلۡحَرَامَ قِيَٰمٗا لِّلنَّاسِ وَٱلشَّهۡرَ ٱلۡحَرَامَ وَٱلۡهَدۡيَ وَٱلۡقَلَـٰٓئِدَۚ ذَٰلِكَ لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَأَنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ
පාරිශුද්ධ නිවස වන කඃබාව ජනයාට (සුභසාධනය සඳහා) කේන්ද්‍රස්ථානයක් බවට පත් කළේය. එමෙන්ම පරිශුද්ධවූ මාසය ද, සත්ව කැපය ද, (කුර්බාන් සඳහා) සලකුණු තබන ලැබූ දෙය ද (ආරක්ෂා සහගත ව තබා ඇත.) එය සැබැවින්ම අල්ලාහ් අහස්හි ඇති දෑ මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹලා දැන ගනු පිණිසය. තවද සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥානීය
Surah Al-Maeda, Verse 97
ٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ وَأَنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
දැන ගනු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩිය. එමෙන්ම සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය
Surah Al-Maeda, Verse 98
مَّا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلۡبَلَٰغُۗ وَٱللَّهُ يَعۡلَمُ مَا تُبۡدُونَ وَمَا تَكۡتُمُونَ
(දේව පණිවිඩ) දන්වා සිටීම මිස වෙන කිසිවක් රසූල්වරයා වෙත පැවරී නොමැත. තවද අල්ලාහ් නුඹලා හෙළි කරන දෑ ද වසන් කරන දෑ ද දන්නේය
Surah Al-Maeda, Verse 99
قُل لَّا يَسۡتَوِي ٱلۡخَبِيثُ وَٱلطَّيِّبُ وَلَوۡ أَعۡجَبَكَ كَثۡرَةُ ٱلۡخَبِيثِۚ فَٱتَّقُواْ ٱللَّهَ يَـٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ لَعَلَّكُمۡ تُفۡلِحُونَ
(නබිවරය !) නපුරු දෑ බහුල ව තිබීම නුඹ ව මවිතයට පත් කළ ද නපුරු දෑ හා යහපත් දෑ සමාන නොවන්නේ යැයි පවසනු. එබැවින් බුද්ධිය ඇත්තනි, නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ට බිය බැතිමත් වනු
Surah Al-Maeda, Verse 100
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَسۡـَٔلُواْ عَنۡ أَشۡيَآءَ إِن تُبۡدَ لَكُمۡ تَسُؤۡكُمۡ وَإِن تَسۡـَٔلُواْ عَنۡهَا حِينَ يُنَزَّلُ ٱلۡقُرۡءَانُ تُبۡدَ لَكُمۡ عَفَا ٱللَّهُ عَنۡهَاۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٞ
අහෝ ! විශ්වාස කළවුනි, (වැඩකට නැති) ඇතැම් කරුණු පිළිබඳ ව නුඹලා නොවිමසනු. එය නුඹලාට හෙළි වූයේ නම් නුඹලාට හානිදායක වනු ඇත. අල් කුර්ආනය පහළ කරනු ලබමින් තිබිය දී එය නුඹලා විමසා සිටියේ නම් නුඹලාට එය හෙළි වනු ඇත. අල්ලාහ් එයට සමාව දුන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඉවසිලිවන්තය
Surah Al-Maeda, Verse 101
قَدۡ سَأَلَهَا قَوۡمٞ مِّن قَبۡلِكُمۡ ثُمَّ أَصۡبَحُواْ بِهَا كَٰفِرِينَ
නුඹලාට පෙර වූ ජනයා (තම නබිවරුන්ගෙන් මෙලෙස) විමසා සිටියහ. පසුව ඒ හේතුවෙන් ඔවුහු (එය ඉටු කර ගත නොහැකි ව) දේව ප්රතික්ෂේපකයින් බවට පත් වූහ
Surah Al-Maeda, Verse 102
مَا جَعَلَ ٱللَّهُ مِنۢ بَحِيرَةٖ وَلَا سَآئِبَةٖ وَلَا وَصِيلَةٖ وَلَا حَامٖ وَلَٰكِنَّ ٱلَّذِينَ كَفَرُواْ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۖ وَأَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ
බහීරා (හෙවත් කන් ඉරා දමන ලද ඔටු දෙන) හෝ සාඉබා (හෙවත් ස්වයං ව තම ආහාරය සපයා ගන්නා ඔටු දෙන) හෝ වසීලා (හෙවත් පිළිම වලට භාර කරනු ලැබූ එළුවන්) හෝ හාමි (හෙවත් කිසිදු වැඩක් නොලබා ම අත හැර දමන ලද පිරිමි ඔටුවන්) හෝ යන දෑ (ආගමික කටයුත්තක් බවට) අල්ලාහ් පත් නොකළේය. නමුත් දේව ප්‍රතික්ෂේප කළවුන්ය අල්ලාහ් කෙරෙහි (මෙසේ) බොරු ගොතා පවසනුයේ. තවද ඔවුන්ගෙන් වැඩි දෙනා වටහා නොගනිති
Surah Al-Maeda, Verse 103
وَإِذَا قِيلَ لَهُمۡ تَعَالَوۡاْ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ قَالُواْ حَسۡبُنَا مَا وَجَدۡنَا عَلَيۡهِ ءَابَآءَنَآۚ أَوَلَوۡ كَانَ ءَابَآؤُهُمۡ لَا يَعۡلَمُونَ شَيۡـٔٗا وَلَا يَهۡتَدُونَ
අල්ලාහ් පහළ කළ දෑ වෙත ද රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙනු යැයි ඔවුනට පවසනු ලැබූ විට අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපට ප්‍රමාණවත් වේ යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නොදැන සිටියදීත් ඔවුන් යහමඟ ගමන් නොකර සිටියදීත් (ඔවුන් ව ඔවුහු පිළිපදින්නෙහු) ද
Surah Al-Maeda, Verse 104
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ عَلَيۡكُمۡ أَنفُسَكُمۡۖ لَا يَضُرُّكُم مَّن ضَلَّ إِذَا ٱهۡتَدَيۡتُمۡۚ إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡ جَمِيعٗا فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
අහෝ ! විශ්වාසකළවුනි, නුඹලා ගැන නුඹලා ම (නොමඟ යෑමෙන්) ප්‍රවේශම් වනු. නුඹලා යහමඟ ගමන් ගත්තෙහු නම් නොමඟ ගියවුන් නුඹලාට හානි සිදු නොකරනු ඇත. නුඹලා සියලු දෙනා නැවත යා යුතු ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙතය. නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වා සිටියි
Surah Al-Maeda, Verse 105
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ شَهَٰدَةُ بَيۡنِكُمۡ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ حِينَ ٱلۡوَصِيَّةِ ٱثۡنَانِ ذَوَا عَدۡلٖ مِّنكُمۡ أَوۡ ءَاخَرَانِ مِنۡ غَيۡرِكُمۡ إِنۡ أَنتُمۡ ضَرَبۡتُمۡ فِي ٱلۡأَرۡضِ فَأَصَٰبَتۡكُم مُّصِيبَةُ ٱلۡمَوۡتِۚ تَحۡبِسُونَهُمَا مِنۢ بَعۡدِ ٱلصَّلَوٰةِ فَيُقۡسِمَانِ بِٱللَّهِ إِنِ ٱرۡتَبۡتُمۡ لَا نَشۡتَرِي بِهِۦ ثَمَنٗا وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰ وَلَا نَكۡتُمُ شَهَٰدَةَ ٱللَّهِ إِنَّآ إِذٗا لَّمِنَ ٱلۡأٓثِمِينَ
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලාගෙන් කිසිවකුට මරණය පැමිණි විට ඔහු අන්තිම කැමැත්ත පවසන අවස්ථාවේ නුඹලාගෙන් යුක්තිගරුක දෙදෙනෙකු නුඹලා අතර සාක්ෂි වශයෙන් සිටිය යුතුය. නැතහොත්, නුඹලා මිහිතලයේ ගමනක නියැළී මරණයේ අභාග්‍යය නුඹලාට අත් වූයේ නම් (මුස්ලිම්වරුන් වන නුඹලා අතුරින් සාක්ෂිකරුවන් නොමැති විටක) නුඹලා නොවන වෙනත් දෙදෙනකු සාක්ෂි වශයෙන් සිටිය යුතුය. නුඹලා (මොවුන් ගැන) සැක සිතන්නෙහු නම් සලාතයෙන් පසුව ඔවුන් දෙදනා රඳවා ගනු. අපි මෙ(සේ සාක්ෂි පැවසීම)මගින් කිසිදු මිලක් ලබා නොගනිමු. ඔහු සමීප ඥාතියකු වුව ද අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි පැවසීමෙහි කිසිවක් වසන් නොකරන්නෙමු. සැබැවින්ම අපි එවිට පාපතරයින්ගෙන් වන්නෙමු යැයි අල්ලාහ් මත ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතුය
Surah Al-Maeda, Verse 106
فَإِنۡ عُثِرَ عَلَىٰٓ أَنَّهُمَا ٱسۡتَحَقَّآ إِثۡمٗا فَـَٔاخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ ٱلَّذِينَ ٱسۡتَحَقَّ عَلَيۡهِمُ ٱلۡأَوۡلَيَٰنِ فَيُقۡسِمَانِ بِٱللَّهِ لَشَهَٰدَتُنَآ أَحَقُّ مِن شَهَٰدَتِهِمَا وَمَا ٱعۡتَدَيۡنَآ إِنَّآ إِذٗا لَّمِنَ ٱلظَّـٰلِمِينَ
සැබැවින්ම ඔවුන් දෙදෙනා පාපයට සුදුස්සන් යැයි හඳුනා ගනු ලැබූ විටක තමන්ට උරුමය ලැබිය යුතු යැයි පවසන අය අතුරින් වෙනත් සමීප ඥාතීන් දෙදෙනකු (ද්‍රෝහිකම් කළ) ඔවුන් දෙදෙනාගේ ස්ථානයේ සිට ඔවුන් දෙදෙනාගේ සාක්ෂියට වඩා අපගේ සාක්ෂිය ඉතා නිවැරදිය. අපි සීමාව ඉක්මවා කටයුතු නොකළෙමු. සැබැවින්ම අපි එවිට අපරාධකරුවන් අතුරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතුය
Surah Al-Maeda, Verse 107
ذَٰلِكَ أَدۡنَىٰٓ أَن يَأۡتُواْ بِٱلشَّهَٰدَةِ عَلَىٰ وَجۡهِهَآ أَوۡ يَخَافُوٓاْ أَن تُرَدَّ أَيۡمَٰنُۢ بَعۡدَ أَيۡمَٰنِهِمۡۗ وَٱتَّقُواْ ٱللَّهَ وَٱسۡمَعُواْۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ
එය, සාක්ෂිය එහි නියම මුහුණුවරින් ගෙන යාම පිණිසත්, නැත්නම් ඔවුන්ගේ දිවුරීමට පසුව (තමන්ගේ) දිවුරුම ප්‍රතික්ෂේප කරනු ලැබේවි යැයි ඔවුන් බියවීමටත් ඉතා පහසු මාර්ගයකි. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. සවන් දෙනු. තවද අල්ලාහ් පාපතර පිරිසට මඟ නොපෙන්වයි
Surah Al-Maeda, Verse 108
۞يَوۡمَ يَجۡمَعُ ٱللَّهُ ٱلرُّسُلَ فَيَقُولُ مَاذَآ أُجِبۡتُمۡۖ قَالُواْ لَا عِلۡمَ لَنَآۖ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلۡغُيُوبِ
(නබිවරය !) අල්ලාහ් ධර්ම දූතවරු එක්රැස් කරනු ලබන දින නුඹලා(ගේ ප්‍රචාරය)ට පිළිතුරු දෙනු ලැබුවේ කුමක්දැ යි විමසයි. අපට කිසිදු දැනුමක් නොමැත. අදෘශ්‍යමාන දෑ පිළිබඳ සර්වඥ වනුයේ ඔබය යැයි ඔවුහු පවසති
Surah Al-Maeda, Verse 109
إِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱذۡكُرۡ نِعۡمَتِي عَلَيۡكَ وَعَلَىٰ وَٰلِدَتِكَ إِذۡ أَيَّدتُّكَ بِرُوحِ ٱلۡقُدُسِ تُكَلِّمُ ٱلنَّاسَ فِي ٱلۡمَهۡدِ وَكَهۡلٗاۖ وَإِذۡ عَلَّمۡتُكَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَۖ وَإِذۡ تَخۡلُقُ مِنَ ٱلطِّينِ كَهَيۡـَٔةِ ٱلطَّيۡرِ بِإِذۡنِي فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيۡرَۢا بِإِذۡنِيۖ وَتُبۡرِئُ ٱلۡأَكۡمَهَ وَٱلۡأَبۡرَصَ بِإِذۡنِيۖ وَإِذۡ تُخۡرِجُ ٱلۡمَوۡتَىٰ بِإِذۡنِيۖ وَإِذۡ كَفَفۡتُ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ عَنكَ إِذۡ جِئۡتَهُم بِٱلۡبَيِّنَٰتِ فَقَالَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ
එවිට අල්ලාහ් මෙසේ පවසයි. අහෝ ! මර්යම්ගේ පුත් ඊසා, ඔබ වෙත හා ඔබගේ මව වෙත වූ මාගේ ආශිර්වාදය ගැන සිහිපත් කරනු. පාරිශුද්ධ ආත්මය තුළින් මම නුඹට උපකාර කළ අවස්ථාවද සිහිපත් කරනු. තොටිල්ලෙහි ද තරුණ වියෙහි ද ජනයා සමඟ නුඹ කතා කළෙහිය. තවද මම නුඹට ධර්මය ද ප්‍රඥාව ද තව්රාතය ද ඉන්ජීලය ද ඉගැන් වූ අවස්ථාව ද සිහිපත් කරනු. මාගේ අනුහසින් පක්ෂියකුගේ හැඩයකින් යමක් මැටියෙන් තනා ඒ තුළ නුඹ පිඹූ විට මාගේ අනුහසින් එය පක්ෂියකු බවට පත් වූ අවස්ථාවද සිහිපත් කරනු. තවද මාගේ අනුමැතියෙන් උත්පත්තියෙන් අන්ධයාවද, (සුදු හා කළු) කුෂ්ට රෝගද සුව කළෙහිය. මාගේ අනුහසින් මියගියවුන් නුඹ බැහැර කළ අවස්ථාව ද සිහිපත් කරනු. (එසේ) පැහැදිලි සාධක ඉස්රාඊල් දරුවන්ට නුඹ ගෙනැවිත් ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළවුන් මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි පැවසූ විට මා ඔවුන් ව මැඩලූ අවස්ථාව ද සිහිපත් කරනු
Surah Al-Maeda, Verse 110
وَإِذۡ أَوۡحَيۡتُ إِلَى ٱلۡحَوَارِيِّـۧنَ أَنۡ ءَامِنُواْ بِي وَبِرَسُولِي قَالُوٓاْ ءَامَنَّا وَٱشۡهَدۡ بِأَنَّنَا مُسۡلِمُونَ
මා හා මාගේ රසූල්වරයා ව විශ්වාස කරනු යැයි අනුගාමිකයින් වෙත මා දන්වා සිටි විට ඔවුහු “අපි විශ්වාස කළෙමු. තවද සැබැවින්ම අපි (අල්ලාහ්ට අවනත වූ) මුස්ලිම්වරු වන්නෙමු” යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු
Surah Al-Maeda, Verse 111
إِذۡ قَالَ ٱلۡحَوَارِيُّونَ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ هَلۡ يَسۡتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيۡنَا مَآئِدَةٗ مِّنَ ٱلسَّمَآءِۖ قَالَ ٱتَّقُواْ ٱللَّهَ إِن كُنتُم مُّؤۡمِنِينَ
අහෝ ! මර්යම්ගේ පුත් ඊසා, අහසින් ආහාර බන්දේසියක් අප වෙත පහළ කිරීමට නුඹගේ පරමාධිපතිට හැකියාව ඇත්තේදැ යි විමසා සිටි විට නුඹලා විශ්වාසවන්තයින්ව සිටියෙහු නම් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු යැයි ඔහු පවසා සිටි අවස්ථාව සිහිපත් කරනු
Surah Al-Maeda, Verse 112
قَالُواْ نُرِيدُ أَن نَّأۡكُلَ مِنۡهَا وَتَطۡمَئِنَّ قُلُوبُنَا وَنَعۡلَمَ أَن قَدۡ صَدَقۡتَنَا وَنَكُونَ عَلَيۡهَا مِنَ ٱلشَّـٰهِدِينَ
අපි එයින් අනුභව කොට අපගේ හදවත් සැනසුමට පත්වන්නටත් ඔබ අපට සත්‍ය පවසා ඇති බවට අප දැන ගන්නටත් ඒ කෙරහි අපද සාක්ෂිකරුවන් අතුරින් වන්නටත් කැමැත්තෙමු යි ඔවුහු පැවසූහ
Surah Al-Maeda, Verse 113
قَالَ عِيسَى ٱبۡنُ مَرۡيَمَ ٱللَّهُمَّ رَبَّنَآ أَنزِلۡ عَلَيۡنَا مَآئِدَةٗ مِّنَ ٱلسَّمَآءِ تَكُونُ لَنَا عِيدٗا لِّأَوَّلِنَا وَءَاخِرِنَا وَءَايَةٗ مِّنكَۖ وَٱرۡزُقۡنَا وَأَنتَ خَيۡرُ ٱلرَّـٰزِقِينَ
මර්යම්ගේ පුත් ඊසා, අහෝ ! අපගේ පරමාධිපතියාණනි, අප වෙත අහසින් ආහාර බන්දේසියක් පහළ කරනු මැනව ! එය අපටත් අපට පෙර වූ අයටත් අපගෙන් පසුව පැමිණෙන්නන්ටත් සැමරුමක් වනු ඇත. තවද එය ඔබගෙන් වූ සාක්ෂියක් ද වනු ඇත. තවද අපව පෝෂණය කරනු මැනව ! පෝෂණය කරන්නන්ගෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ ඔබම වේ යැයි පැවසුවේය
Surah Al-Maeda, Verse 114
قَالَ ٱللَّهُ إِنِّي مُنَزِّلُهَا عَلَيۡكُمۡۖ فَمَن يَكۡفُرۡ بَعۡدُ مِنكُمۡ فَإِنِّيٓ أُعَذِّبُهُۥ عَذَابٗا لَّآ أُعَذِّبُهُۥٓ أَحَدٗا مِّنَ ٱلۡعَٰلَمِينَ
සැබැවින්ම මම එය නුඹලා වෙත පහළ කරමි. නමුත් නුඹලාගෙන් පසුව කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින්ම ලෝවැසියන් අතුරින් කිසිවකුටත් මා දඬුවම් නොදුන් දඬුවමකින් මම දඬුවම් කරමි
Surah Al-Maeda, Verse 115
وَإِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ءَأَنتَ قُلۡتَ لِلنَّاسِ ٱتَّخِذُونِي وَأُمِّيَ إِلَٰهَيۡنِ مِن دُونِ ٱللَّهِۖ قَالَ سُبۡحَٰنَكَ مَا يَكُونُ لِيٓ أَنۡ أَقُولَ مَا لَيۡسَ لِي بِحَقٍّۚ إِن كُنتُ قُلۡتُهُۥ فَقَدۡ عَلِمۡتَهُۥۚ تَعۡلَمُ مَا فِي نَفۡسِي وَلَآ أَعۡلَمُ مَا فِي نَفۡسِكَۚ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلۡغُيُوبِ
අහෝ ! මර්යම්ගේ පුත් ඊසා, අල්ලාහ් හැර මා හා මාගේ මව දෙවියන් දෙදෙනකු ලෙස ගන්නැ යි නුඹ ජනයාට පැවසුවේදැ යි අල්ලාහ් පවසන විට ඔහු “ඔබ අතිපිවිතුරුය. මට උරුම නොමැති දෙයක් මා පැවසීමට මට (කිසිදු අයිතියක්) නොමැත. එය මම පවසන්නෙකු ව සිටියේ නම් ඔබ එය දැන සිටින්නෙහිය. මාගේ සිත තුළ ඇති දෑ ඔබ දන්නෙහිය. ඔබේ සිත තුළ ඇති දෑ මම නොදනිමි. සැබැවින්ම ඔබ අදෘශ්‍යමාන දෑ පිළිබඳ සර්වඥය” යැයි පැවසුවේය
Surah Al-Maeda, Verse 116
مَا قُلۡتُ لَهُمۡ إِلَّا مَآ أَمَرۡتَنِي بِهِۦٓ أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ رَبِّي وَرَبَّكُمۡۚ وَكُنتُ عَلَيۡهِمۡ شَهِيدٗا مَّا دُمۡتُ فِيهِمۡۖ فَلَمَّا تَوَفَّيۡتَنِي كُنتَ أَنتَ ٱلرَّقِيبَ عَلَيۡهِمۡۚ وَأَنتَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ
මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ට නැමදුම් කරනු යැයි ඔබ නියෝග කළ දෑ පරිදි මිස ඔවුනට මම (වෙන කිසිවක්) නොපැවසුවෙමි. ඔවුන් අතර මා සිටී තාක් ඔවුන් කෙරෙහි මම සාක්ෂිකරුවකුව සිටියෙමි. නමුත් ඔබ මා (ඉහළට ඔසවා) අත්පත් කර ගත් කල්හි ඔවුන් වෙත අධීක්ෂකයා වූයේ ඔබය. තවද ඔබ සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය
Surah Al-Maeda, Verse 117
إِن تُعَذِّبۡهُمۡ فَإِنَّهُمۡ عِبَادُكَۖ وَإِن تَغۡفِرۡ لَهُمۡ فَإِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
ඔබ ඔවුනට දඬුවම් කරන්නෙහි නම් සැබැවින්ම ඔවුන් (ඔබට අයිති) ඔබගේ ගැත්තන්ය. තවද ඔබ ඔවුනට සමාව දුන්නෙහි නම් සැබැවින්ම ඔබ සර්ව බලධාරී සියුම් ඥානය ඇත්තාය. (යැයි පවසයි)
Surah Al-Maeda, Verse 118
قَالَ ٱللَّهُ هَٰذَا يَوۡمُ يَنفَعُ ٱلصَّـٰدِقِينَ صِدۡقُهُمۡۚ لَهُمۡ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
සත්යවාදීන්ට ඔවුන්ගේ සත්‍යය පල දෙන දිනය මෙය වේ. ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් ඇත. එහි ඔවුහු සදාතනිකයෝය. අල්ලාහ් ඔවුන් ව පිළිගත්තේය. ඔවුහුද ඔහු ව පිළිගත්තෝය. එයයි මහත් වූ ජයග්‍රහණය වනුයේ
Surah Al-Maeda, Verse 119
لِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا فِيهِنَّۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرُۢ
අහස්හි ද මිහිතලයෙහි ද ඒවායෙහි ඇති දෑ හි ද ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු සියලු දෑ කිරීමෙහි ශක්තිවන්තය
Surah Al-Maeda, Verse 120