Surah Al-Maeda Verse 95 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Maedaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقۡتُلُواْ ٱلصَّيۡدَ وَأَنتُمۡ حُرُمٞۚ وَمَن قَتَلَهُۥ مِنكُم مُّتَعَمِّدٗا فَجَزَآءٞ مِّثۡلُ مَا قَتَلَ مِنَ ٱلنَّعَمِ يَحۡكُمُ بِهِۦ ذَوَا عَدۡلٖ مِّنكُمۡ هَدۡيَۢا بَٰلِغَ ٱلۡكَعۡبَةِ أَوۡ كَفَّـٰرَةٞ طَعَامُ مَسَٰكِينَ أَوۡ عَدۡلُ ذَٰلِكَ صِيَامٗا لِّيَذُوقَ وَبَالَ أَمۡرِهِۦۗ عَفَا ٱللَّهُ عَمَّا سَلَفَۚ وَمَنۡ عَادَ فَيَنتَقِمُ ٱللَّهُ مِنۡهُۚ وَٱللَّهُ عَزِيزٞ ذُو ٱنتِقَامٍ
අහෝ විශ්වාස කළවුනි, නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී දඬයම් (කර) සතුන් මරා නොදමනු. නුඹලා අතුරින් කවරෙකු උවමනාවෙන්ම එය මරා දැමුවේ ද එවිට ප්‍රතිචාරය වනුයේ (ඔටු ගව හා එළු වැනි) ගොවිපළ සතුන්ගෙන් මරා දැමූ දෑ මෙන් දෙයකි. ඒ පිළිබඳ ව නුඹලා අතුරින් යුක්ති ගරුක දෙදෙනෙකු තීන්දු දෙනු ඇත. එය කඃබාවට ළඟා විය යුතු කැපයක් ලෙසිනි. එසේ නොමැති නම් වන්දි වශයෙන් දුගියන්ට ආහාර සැපයිය යුතු ය. එසේත් නොමැති නම් තමන් කළ කරුණෙහි බරපතළකම විඳිනු පිණිස ඒ වෙනුවට උපවාසයේ නිරත විය යුතුය. පෙර සිදු වූ දෑට අල්ලාහ් සමාව දුන්නේය. නමුත් කවරෙකු යළිත් සිදු කළේද එවිට අල්ලාහ් ඔහු(කළ වරද)ට ප්‍රතිචාර දක්වනු ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරීය. (කළ වරදට) ප්‍රතිචාර දක්වන්නාය