Surah Al-Maeda Verse 95 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقۡتُلُواْ ٱلصَّيۡدَ وَأَنتُمۡ حُرُمٞۚ وَمَن قَتَلَهُۥ مِنكُم مُّتَعَمِّدٗا فَجَزَآءٞ مِّثۡلُ مَا قَتَلَ مِنَ ٱلنَّعَمِ يَحۡكُمُ بِهِۦ ذَوَا عَدۡلٖ مِّنكُمۡ هَدۡيَۢا بَٰلِغَ ٱلۡكَعۡبَةِ أَوۡ كَفَّـٰرَةٞ طَعَامُ مَسَٰكِينَ أَوۡ عَدۡلُ ذَٰلِكَ صِيَامٗا لِّيَذُوقَ وَبَالَ أَمۡرِهِۦۗ عَفَا ٱللَّهُ عَمَّا سَلَفَۚ وَمَنۡ عَادَ فَيَنتَقِمُ ٱللَّهُ مِنۡهُۚ وَٱللَّهُ عَزِيزٞ ذُو ٱنتِقَامٍ
විශ්වාසවන්තයිනි! ඔබ ඉහ්රාම් හැඳ සිටින අවස්ථවේදී දඩයම් සතූන් නොමරනු. ඔබගෙන් කවුරුන් හෝ එය (වැරදීමකින් මිස), මැරීමේ චේතනාවෙන්ම මැරුවහොත් එළු, බැටළු, ගව, ඔටුවන් වැනි සතුන් ආදියෙන් එයට සමාන වන දැයක් වන්දි වශයෙන් දිය යුතුය. ඔබගෙන් දැහැමි කෙනෙකු එයට සමාන යයි තීන්දුවක් (දෙන දැයක් වන්දි වශයෙන්) දිය යුතුය. (මෙය) පඬුරක් වශයෙන් කඃබාවට යැවිය යුතුය. නැතහොත් (එහි වටිනාකමට) දුප්පතුන්ට ආහාර ලබා දීම මගින් වන්දි ගෙවිය යුතුය. (වන්දි ගෙවීමට වස්තුව නොමැති අය) තමන් කළ ක්‍රියාවෙහි ඵලවිපාක විඳීම සඳහා (ගණනයෙන්) එයට සමාන වන (දින ගණනක්) උපවාසයේ යෙදිය යුතුය. (මෙයට) පෙර සිදු වූ දැය අල්ලාහ් ක්ෂමා කර හැරියේය. (මෙවැනි වැරදි කිරීමට) කවුරුන් හෝ (පසුවද) නැවතත් ඉදිරිපත් වුවහොත් අල්ලාහ් ඔහුගෙන් එවැනි දැයක් (දඬුවමට) වන්දි වශයෙන් අත්කර ගනු ඇත. අල්ලාහ් (සියල්ලටම) බලසම්පන්න වන අතර දඬුවම් කරන්නෙකු වශයෙන්ද සිටින්නේය