Surah Al-Maeda Verse 12 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Maeda۞وَلَقَدۡ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ وَبَعَثۡنَا مِنۡهُمُ ٱثۡنَيۡ عَشَرَ نَقِيبٗاۖ وَقَالَ ٱللَّهُ إِنِّي مَعَكُمۡۖ لَئِنۡ أَقَمۡتُمُ ٱلصَّلَوٰةَ وَءَاتَيۡتُمُ ٱلزَّكَوٰةَ وَءَامَنتُم بِرُسُلِي وَعَزَّرۡتُمُوهُمۡ وَأَقۡرَضۡتُمُ ٱللَّهَ قَرۡضًا حَسَنٗا لَّأُكَفِّرَنَّ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَلَأُدۡخِلَنَّكُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ فَمَن كَفَرَ بَعۡدَ ذَٰلِكَ مِنكُمۡ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ
සැබැවින්ම අල්ලාහ් ඉස්රාඊල් දරුවන්ගෙන් ප්‍රතිඥාවක් ගත්තේය. තවද ඔවුන් අතුරින් භාරකරුවන් දොළොස් දෙනෙක් අපි එව්වෙමු. නුඹලා සලාතය විධිමත් ව ඉටු කර zසකාතය ද පිරිනමා මාගේ රසූල්වරුන්ව විශ්වාස කොට ඔවුනට උපකාර කර තවද අලංකාර අයුරින් අල්ලාහ්ට ණය ලබා දුන්නේ නම් සැබැවින්ම මම නුඹලා සමඟය. නුඹලාගේ පාපයන් නුඹලාගෙන් මම පහ කරමි. යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් වලට නුඹලා ව ඇතුළත් කරමි යැයි අල්ලාහ් පැවසුවේය. මින් පසුව නුඹලා අතුරින් කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද සැබැවින්ම ඔහු නිවැරදි මාර්ගයෙන් මුළා විය