Surah Al-Maeda Verse 44 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Maedaإِنَّآ أَنزَلۡنَا ٱلتَّوۡرَىٰةَ فِيهَا هُدٗى وَنُورٞۚ يَحۡكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسۡلَمُواْ لِلَّذِينَ هَادُواْ وَٱلرَّبَّـٰنِيُّونَ وَٱلۡأَحۡبَارُ بِمَا ٱسۡتُحۡفِظُواْ مِن كِتَٰبِ ٱللَّهِ وَكَانُواْ عَلَيۡهِ شُهَدَآءَۚ فَلَا تَخۡشَوُاْ ٱلنَّاسَ وَٱخۡشَوۡنِ وَلَا تَشۡتَرُواْ بِـَٔايَٰتِي ثَمَنٗا قَلِيلٗاۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡكَٰفِرُونَ
සැබැවින්ම අපි තව්රාතය පහළ කළෙමු. එහි මඟ පෙන්වීම හා ආලෝකය විය. එමගින් (අල්ලාහ්ට) අවනත වූ දේව පණිවිඩකරුවෝ යුදෙව්වූවනට තීන්දු ලබා දුන්හ. එසේම රබ්බානිවරු (හෙවත් දේව බිය හැඟීමෙන් යුක්ත අය)ද අහ්බාර්(හෙවත් විද්වතුන්)ද අල්ලාහ්ගේ ග්‍රන්ථය ආරක්ෂා කළ යුතු යැයි නියම කරනු ලැබූ බැවින් ද, ඔවුහු එයට සාක්ෂිකරුවන් වූ බැවින් ද (ඔවුහු එමගින් තීන්දු දුන්හ.) එබැවින් නුඹලා මිනිසුනට බිය නොවනු; තවද මට ම බිය වනු. තවද මාගේ වදන් අල්ප මිලට නොවිකුණනු. කවරෙකු අල්ලාහ් පහළ කළ දැයින් තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය දේව ප්‍රතික්ෂේපකයෝ