Surah Al-Maeda Verse 44 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaإِنَّآ أَنزَلۡنَا ٱلتَّوۡرَىٰةَ فِيهَا هُدٗى وَنُورٞۚ يَحۡكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسۡلَمُواْ لِلَّذِينَ هَادُواْ وَٱلرَّبَّـٰنِيُّونَ وَٱلۡأَحۡبَارُ بِمَا ٱسۡتُحۡفِظُواْ مِن كِتَٰبِ ٱللَّهِ وَكَانُواْ عَلَيۡهِ شُهَدَآءَۚ فَلَا تَخۡشَوُاْ ٱلنَّاسَ وَٱخۡشَوۡنِ وَلَا تَشۡتَرُواْ بِـَٔايَٰتِي ثَمَنٗا قَلِيلٗاۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡكَٰفِرُونَ
තව්රාත් (නමැති ධර්මයද) නියත වශයෙන්ම අපිම පහළ කර ඇත්තෙමු. එහි ඍජු මාර්ගය ඇත්තේය. දීප්තිමත් ආලෝකයද ඇත්තේය. (අල්ලාහ්ට) සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කළ නබිවරුන්, එමගින්ම යුදෙව්වන්ට (ධර්ම) නියෝගයන් දෙමින් සිටියහ. (ඔවුන්ගේ පඬිවරුන් වන) රබ්බීයූන්වරුන්ද, (ශාස්තෘවරුන් වන) අහ්බාර්වරුන්ද, අල්ලාහ්ගේ ධර්මය ආරක්ෂා කරන්නන් යන ආකාරයෙන් (එමගින්ම විනිශ්චය කරමින් සිටියහ. තවද මොවුන්) එයට සාක්ෂිකරුවන් වශයෙන්ද සිටියහ. (එසේ තිබියදී යුදෙව්වන් ප්‍රතික්ෂේප කර දැමුහ). එබැවින් (විශ්වාසවන්තයිනි!) ඔබ මිනිසුන්ට බිය නොවනු. (නමුත්) මටම බිය වනු. මගේ ආයාවන් එක් සුළු මුදලකට විකුණා නොදමනු. කවුරුන් අල්ලාහ් පහළ කළ දැය මගින් විනිශ්චය නොදෙන්නෝද, ඔවුන් නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන්ම වන්නාහ