Surah An-Nisa - Sinhala Translation by Www.islamhouse.com
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمُ ٱلَّذِي خَلَقَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ وَخَلَقَ مِنۡهَا زَوۡجَهَا وَبَثَّ مِنۡهُمَا رِجَالٗا كَثِيرٗا وَنِسَآءٗۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِي تَسَآءَلُونَ بِهِۦ وَٱلۡأَرۡحَامَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَيۡكُمۡ رَقِيبٗا
අහෝ මනුෂ්‍යයිනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. ඔහු කව්රුන්ද යත් නුඹලාව එක ම ආත්මයකින් නිර්මාණය කළේය. තවද ඒ සඳහා වූ ජෝඩුවද නිර්මාණය කළේය. ඒ දෙදෙනාගෙන් අධික වශයෙන් පිරිමින්ද ගැහැණුන්ද ව්‍යාප්තවීමට සැළැස්සුවේය. තවද අල්ලාහ් ගේ මාර්ගයෙන් නුඹලා එකිනෙකාගේ අයිතීන් ඉල්ලා සිටින්නේ ද ඔහුට ද, ලේ ඥාතීත්වය (බිඳ දැමීම) ට ද බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය
Surah An-Nisa, Verse 1
وَءَاتُواْ ٱلۡيَتَٰمَىٰٓ أَمۡوَٰلَهُمۡۖ وَلَا تَتَبَدَّلُواْ ٱلۡخَبِيثَ بِٱلطَّيِّبِۖ وَلَا تَأۡكُلُوٓاْ أَمۡوَٰلَهُمۡ إِلَىٰٓ أَمۡوَٰلِكُمۡۚ إِنَّهُۥ كَانَ حُوبٗا كَبِيرٗا
අනාථයින්ට ඔවුන්ගේ වස්තුව දෙනු. තවද නුඹලා පිවිතුරු දෑ වෙනුවට කිලිටි දෑ හුවමාරු නොකරනු. ඔවුන්ගේ වස්තුව නුඹලාගේ වස්තුව සමඟ එකතු කර කා නොදමනු. සැබැවින් ම එය මහත් වූ පාපයකි
Surah An-Nisa, Verse 2
وَإِنۡ خِفۡتُمۡ أَلَّا تُقۡسِطُواْ فِي ٱلۡيَتَٰمَىٰ فَٱنكِحُواْ مَا طَابَ لَكُم مِّنَ ٱلنِّسَآءِ مَثۡنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَۖ فَإِنۡ خِفۡتُمۡ أَلَّا تَعۡدِلُواْ فَوَٰحِدَةً أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَلَّا تَعُولُواْ
අනාථයින් විෂයෙහි නුඹලා යුක්තිය ඉටු කිරීමට නොහැකි වනු ඇතැයි නුඹලා බිය වූයෙහු නම් එවිට කාන්තාවන්ගෙන් නුඹලාට ප්‍රිය මනාප දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ සිව් දෙනෙකු හෝ නුඹලා විවාහ කර ගනිවු. එනමුත් (ඔවුන් අතර) යුක්ති ගරුක ව කටයුතු කිරීමට නොහැකි වේ යැයි නුඹලා බිය වූයෙහු නම් එක් තැනැත්තියක් පමණක් හෝ නුඹලාගේ දකුණත හිමි ( හෙවත් පාලනය යටතේ සිටින) වහල් කාන්තාවක් හෝ විවාහ කරගත යුතුය. එවිට නුඹලා අයුක්තිය ඉටු නොකිරීමට එය වඩා සමීප මාර්ගයයි
Surah An-Nisa, Verse 3
وَءَاتُواْ ٱلنِّسَآءَ صَدُقَٰتِهِنَّ نِحۡلَةٗۚ فَإِن طِبۡنَ لَكُمۡ عَن شَيۡءٖ مِّنۡهُ نَفۡسٗا فَكُلُوهُ هَنِيٓـٔٗا مَّرِيٓـٔٗا
තවද නුඹලා (විවාහ වන) කාන්තාවන්ට ඔවුන්ගේ මහර් (හෙවත් විවාහ දීමනාවන්) සිත් මනාපයෙන් පිරිනමනු. නමුත් ඔවුන් ඉන් කිසිවක් නුඹලාට ස්වකැමැත්තෙන් පිරිනැමුවේ නම් එවිට නුඹලා එය සතුටින් හා සිත්සේ රසවත් ව අනුභව කරනු
Surah An-Nisa, Verse 4
وَلَا تُؤۡتُواْ ٱلسُّفَهَآءَ أَمۡوَٰلَكُمُ ٱلَّتِي جَعَلَ ٱللَّهُ لَكُمۡ قِيَٰمٗا وَٱرۡزُقُوهُمۡ فِيهَا وَٱكۡسُوهُمۡ وَقُولُواْ لَهُمۡ قَوۡلٗا مَّعۡرُوفٗا
තවද නඩත්තුව පිණිස අල්ලාහ් නුඹලාට පැවැරූ නුඹලාගේ ධන (ධාන්‍යාදි) වස්තූන් බුද්ධි මඳ අයට නොදෙනු. තවද ඒවායෙහි ඔවුනට ආහාර පාන ලබා දෙනු. තවද වස්ත්‍ර ද ලබා දෙනු. තවද ඔවුනට ප්‍රිය වදන් පවසනු
Surah An-Nisa, Verse 5
وَٱبۡتَلُواْ ٱلۡيَتَٰمَىٰ حَتَّىٰٓ إِذَا بَلَغُواْ ٱلنِّكَاحَ فَإِنۡ ءَانَسۡتُم مِّنۡهُمۡ رُشۡدٗا فَٱدۡفَعُوٓاْ إِلَيۡهِمۡ أَمۡوَٰلَهُمۡۖ وَلَا تَأۡكُلُوهَآ إِسۡرَافٗا وَبِدَارًا أَن يَكۡبَرُواْۚ وَمَن كَانَ غَنِيّٗا فَلۡيَسۡتَعۡفِفۡۖ وَمَن كَانَ فَقِيرٗا فَلۡيَأۡكُلۡ بِٱلۡمَعۡرُوفِۚ فَإِذَا دَفَعۡتُمۡ إِلَيۡهِمۡ أَمۡوَٰلَهُمۡ فَأَشۡهِدُواْ عَلَيۡهِمۡۚ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبٗا
අනාථයින් විවාහ වියට පත් වන තුරු ඔවුන් ප්‍රවේශමෙන් රැක බලා ගනු. ඔවුන් අතුරින් (වගකීම් දරන) නිවැරදි මඟක් දුටුවෙහු නම් එවිට ඔවුනට ඔවුන්ගේ වස්තුව නුඹලා බාර දෙනු. තවද ඔවුන් වැඩිවියට පත්වනු ඇත (එවිට ඒවා ලබා දිය හැකියි) යැයි ඉක්මන් හා නාස්තිකාර ලෙස ඒවා අනුභව නොකරනු. තවද කවරෙකු පොහොසත් වන්නේ ද ඔහු (එය පරිහරණය කිරීමෙන් වැළකී) තැන්පත් බව රැකිය යුතුය. තවද කවරෙකු දිළිඳු වන්නේ ද ඔහු යහ අයුරින් (සාධාරණ ලෙස) අනුභව කළ යුතු ය. නුඹලා ඔවුන්ගේ වස්තුව ඔවුනට පවරන විට ඔවුන් වෙත සාක්ෂිකරුවන් ඉදිරිපත් කරනු. ගිණුම් බලන්නන්ගෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය
Surah An-Nisa, Verse 6
لِّلرِّجَالِ نَصِيبٞ مِّمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَ وَلِلنِّسَآءِ نَصِيبٞ مِّمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَ مِمَّا قَلَّ مِنۡهُ أَوۡ كَثُرَۚ نَصِيبٗا مَّفۡرُوضٗا
දෙමාපියන් හා සමීප ඥාතීන් අත හැර දමා ගිය දැයින් කොටසක් පිරිමි පාර්ශවයට ඇත. එමෙන් ම දෙමාපියන් හා සමීප ඥාතීන් අත හැර දමා ගිය දැයින් කාන්තා පාර්ශවයට ද කොටසක් ඇත. එයින් අඩු වූ දෑ වුව ද අධික වූ දෑ වුව ද නියම කරන ලද කොටසක් වශයෙන් ඇත
Surah An-Nisa, Verse 7
وَإِذَا حَضَرَ ٱلۡقِسۡمَةَ أُوْلُواْ ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينُ فَٱرۡزُقُوهُم مِّنۡهُ وَقُولُواْ لَهُمۡ قَوۡلٗا مَّعۡرُوفٗا
බෙදීමේ දී (වස්තුවට උරුමකම් නොලබන) ඥාතීන් ද, අනාථයින් ද, දුගියන් ද සහභාගී වූයේ නම් එවිට නුඹලා එයින් ඔවුන් ව පෝෂණය කරනු. තවද යහ වදනින් ඔවුනට කතා කරනු
Surah An-Nisa, Verse 8
وَلۡيَخۡشَ ٱلَّذِينَ لَوۡ تَرَكُواْ مِنۡ خَلۡفِهِمۡ ذُرِّيَّةٗ ضِعَٰفًا خَافُواْ عَلَيۡهِمۡ فَلۡيَتَّقُواْ ٱللَّهَ وَلۡيَقُولُواْ قَوۡلٗا سَدِيدًا
තමන්ට පසුව දුර්වල පරපුරක් හැර දමා ගොස් ඔවුන් සම්බන්ධයෙන් බිය වන අය මෙන් (අනාථයින් සම්බන්ධව ද) ඔවුන් බිය විය යුතුය. එබැවින් අල්ලාහ්ට ඔවුන් බිය බැතිමත් විය යුතුය. තවද ඔවුන් ඍජු වදනින් (අවංක ව) කතා කළ යුතුය
Surah An-Nisa, Verse 9
إِنَّ ٱلَّذِينَ يَأۡكُلُونَ أَمۡوَٰلَ ٱلۡيَتَٰمَىٰ ظُلۡمًا إِنَّمَا يَأۡكُلُونَ فِي بُطُونِهِمۡ نَارٗاۖ وَسَيَصۡلَوۡنَ سَعِيرٗا
නියත වශයෙන් ම අනාථයින් ගේ වස්තුව අයුක්ති සහගත ව අනුභව කරන්නන් (සැබැවින් ම) ඔවුන්ගේ කුසෙහි ඔවුන් අනුභව කරනුයේ (නිරයේ) ගින්න ය. තවද ඔවුහු ඇවිළෙන ගින්නට (පිවිස) දැවෙති
Surah An-Nisa, Verse 10
يُوصِيكُمُ ٱللَّهُ فِيٓ أَوۡلَٰدِكُمۡۖ لِلذَّكَرِ مِثۡلُ حَظِّ ٱلۡأُنثَيَيۡنِۚ فَإِن كُنَّ نِسَآءٗ فَوۡقَ ٱثۡنَتَيۡنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَۖ وَإِن كَانَتۡ وَٰحِدَةٗ فَلَهَا ٱلنِّصۡفُۚ وَلِأَبَوَيۡهِ لِكُلِّ وَٰحِدٖ مِّنۡهُمَا ٱلسُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُۥ وَلَدٞۚ فَإِن لَّمۡ يَكُن لَّهُۥ وَلَدٞ وَوَرِثَهُۥٓ أَبَوَاهُ فَلِأُمِّهِ ٱلثُّلُثُۚ فَإِن كَانَ لَهُۥٓ إِخۡوَةٞ فَلِأُمِّهِ ٱلسُّدُسُۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصِي بِهَآ أَوۡ دَيۡنٍۗ ءَابَآؤُكُمۡ وَأَبۡنَآؤُكُمۡ لَا تَدۡرُونَ أَيُّهُمۡ أَقۡرَبُ لَكُمۡ نَفۡعٗاۚ فَرِيضَةٗ مِّنَ ٱللَّهِۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا
අල්ලාහ් නුඹලාගේ දරුවන් විෂයෙහි, පිරිමියෙකුගේ කොටස කාන්තාවන් දෙදෙනෙකුගේ කොටස මෙන් සමාන විය යුතු යැයි උපදෙස් දෙන්නේය. නමුත් (මිය ගිය අයට) දෙදෙනෙකුට වඩා කාන්තාවන් (පමණක්) වූයේ නම්, එවිට තමන් හැර දමා ගිය දැයින් තුනෙන් දෙකක් ඔවුනට විය යුතු ය. එක් තැනැත්තියක පමණක් වූවා නම් එවිට ඇයට අඩකි. තවද තම දෙමාපියන් විෂයෙහි ඔහුට දරුවෙකු වී ඔහු හැර දමා ගිය දැයින් ඔවුන් දෙදෙනාගෙන් එක් එක් අයෙකුට හයෙන් එක් කොටසක් විය යුතුය. නමුත් ඔහුට දරුවෙකු නොවී එයට තම දෙමාපියන් උරුමකම් කියන්නේ නම් එවිට තම මවට තුනෙන් එකකි. නමුත් ඔහුට සහෝදරයින් සිටී නම් ඔහු කවර දෙයක් සම්බන්ධ ව අන්තිම කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ද ඉන් පසුව හා ණය පියවීමෙන් පසුව තම මවට හයෙන් එක් කොටසක් සතු වේ. නුඹලාගේ දෙමාපියන් හා නුඹලාගේ දරුවන් වන ඔවුන් අතුරින් නුඹලාට ප්‍රයෝජනය ගෙන දීමට වඩාත් සමීපතයින් කවුරුන් දැ යි නුඹලා නොදන්නෙහුය. (මෙය) අල්ලාහ්ගෙන් වූ නියමයකි. නියත වශයෙන් ම අල්ලාහ් සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත විය
Surah An-Nisa, Verse 11
۞وَلَكُمۡ نِصۡفُ مَا تَرَكَ أَزۡوَٰجُكُمۡ إِن لَّمۡ يَكُن لَّهُنَّ وَلَدٞۚ فَإِن كَانَ لَهُنَّ وَلَدٞ فَلَكُمُ ٱلرُّبُعُ مِمَّا تَرَكۡنَۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصِينَ بِهَآ أَوۡ دَيۡنٖۚ وَلَهُنَّ ٱلرُّبُعُ مِمَّا تَرَكۡتُمۡ إِن لَّمۡ يَكُن لَّكُمۡ وَلَدٞۚ فَإِن كَانَ لَكُمۡ وَلَدٞ فَلَهُنَّ ٱلثُّمُنُ مِمَّا تَرَكۡتُمۚ مِّنۢ بَعۡدِ وَصِيَّةٖ تُوصُونَ بِهَآ أَوۡ دَيۡنٖۗ وَإِن كَانَ رَجُلٞ يُورَثُ كَلَٰلَةً أَوِ ٱمۡرَأَةٞ وَلَهُۥٓ أَخٌ أَوۡ أُخۡتٞ فَلِكُلِّ وَٰحِدٖ مِّنۡهُمَا ٱلسُّدُسُۚ فَإِن كَانُوٓاْ أَكۡثَرَ مِن ذَٰلِكَ فَهُمۡ شُرَكَآءُ فِي ٱلثُّلُثِۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصَىٰ بِهَآ أَوۡ دَيۡنٍ غَيۡرَ مُضَآرّٖۚ وَصِيَّةٗ مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَلِيمٌ حَلِيمٞ
නුඹලාගේ බිරියන් හැර දමා ගිය දැයින් අඩක්, ඔවුනට දරුවෙකු නොමැති නම් නුඹලාට හිමි ය. ඔවුනට දරුවෙකු සිටී නම් එවිට ඔවුන් උපදෙස් දුන් අන්තිම කැමැත්තට පසුව හා ණය පියවීමෙන් පසුව ඔවුන් හැර දමා ගිය දැයින් හතරෙන් එක් කොටසක් නුඹලාට හිමි ය. එමෙන් ම නුඹලාට දරුවෙකු නොසිටි නම්, නුඹලා හැර දමා ගිය දැයින් හතරෙන් එක් කොටසක් ඔවුනට හිමි ය. නමුත් නුඹලාට දරුවෙකු සිටී නම් එවිට නුඹලා කවර දෙයක් ගැන අන්තිම කැමැත්ත ප්‍රකාශ කරන්නේ ද ඉන් පසුව හා ණය පියවීමෙන් පසුව අටෙන් කොටසක් ඔවුනට හිමි ය. මිනිසෙකු හෝ කාන්තාවක් (දරුවන් හෝ දෙමාපියින් නොමැති) කලාලා නම් ගණයට අයත් කෙනෙකු වශයෙන් උරුමකම් පාන කෙනෙකු සිට ඔහුට සහෝදරයෙකු හෝ සහෝදරියක සිටී නම් ඔවුන් දෙදෙනාගෙන් එක් එක් කෙනෙකුට හයෙන් කොටසක් දිය යුතුය. නමුත් ඊට වඩා අධික ව ඔවුහු සිටියෙහු නම් එවිට ඔවුහු තුනෙන් කොටසක් තුළ හවුල්කරුවෝ වෙති. එය කවර දෙයක් ගැන අන්තිම ප්‍රකාශය කරනු ලබන්නේ ද එය හා ණය පිය වීමෙන් පසුව ය. (උරුම කරුවන් කිසිවෙකුට) හිංසා කරන්නෙකු නොවිය යුතුය. මෙය අල්ලාහ්ගේ උපදෙසකි. තවද අල්ලාහ් සර්ව ඥානීය. ඉවසිලිවන්තය
Surah An-Nisa, Verse 12
تِلۡكَ حُدُودُ ٱللَّهِۚ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدۡخِلۡهُ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද ඔහු ව ඊට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඔහු ඇතුළත් කරන්නේය. එහි ඔවුහු සදාතනිකයෝ ය. ඉමහත් ජයග්‍රහණය එයයි
Surah An-Nisa, Verse 13
وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَتَعَدَّ حُدُودَهُۥ يُدۡخِلۡهُ نَارًا خَٰلِدٗا فِيهَا وَلَهُۥ عَذَابٞ مُّهِينٞ
තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටු පා ඔහු (අල්ලාහ්)ගේ සීමාවන් ඉක්මවා යන්නේ ද, ඔහු ව (අල්ලාහ්) ගින්නට ඇතුළත් කරන්නේය. එහි ඔහු සදාතනික ය. තවද ඔහුට නින්දා සහගත දඬුවමක් ඇත
Surah An-Nisa, Verse 14
وَٱلَّـٰتِي يَأۡتِينَ ٱلۡفَٰحِشَةَ مِن نِّسَآئِكُمۡ فَٱسۡتَشۡهِدُواْ عَلَيۡهِنَّ أَرۡبَعَةٗ مِّنكُمۡۖ فَإِن شَهِدُواْ فَأَمۡسِكُوهُنَّ فِي ٱلۡبُيُوتِ حَتَّىٰ يَتَوَفَّىٰهُنَّ ٱلۡمَوۡتُ أَوۡ يَجۡعَلَ ٱللَّهُ لَهُنَّ سَبِيلٗا
නුඹලාගේ කාන්තාවන් අතුරින් ඇතැමුන් අශීලාචාර ක්‍රියාවක යෙදුනේ නම්, ඔවුනට එරෙහිව (වරද ඔප්පු කිරීමට) නුඹලා අතුරින් සිව් දෙනෙකු සාක්ෂි වශයෙන් ගෙන එනු. එසේ ඔවුන් සාක්ෂි පැවසුවේ නම් එවිට ඔවුනට මරණය එළඹෙන තුරු හෝ ඔවුන් වෙනුවෙන් අල්ලාහ් යම් මඟක් ඇති කරන තුරු නිවෙස්හි ඔවුන් ව රඳවා තබනු
Surah An-Nisa, Verse 15
وَٱلَّذَانِ يَأۡتِيَٰنِهَا مِنكُمۡ فَـَٔاذُوهُمَاۖ فَإِن تَابَا وَأَصۡلَحَا فَأَعۡرِضُواْ عَنۡهُمَآۗ إِنَّ ٱللَّهَ كَانَ تَوَّابٗا رَّحِيمًا
නුඹලා අතුරින් අශීලාචාර ක්‍රියාවක යෙදුනු දෙදෙනෙකු ට, නුඹලා දඬුවම් කරනු. පසුව ඔවුන් දෙදෙනා පශ්චාත්තාප වී හැඩ ගැසුනේ නම් එවිට නුඹලා ඔවුන් දෙදෙනා ව අත හැර දමනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමා ශීලී හා පරම කරුණාභරිත විය
Surah An-Nisa, Verse 16
إِنَّمَا ٱلتَّوۡبَةُ عَلَى ٱللَّهِ لِلَّذِينَ يَعۡمَلُونَ ٱلسُّوٓءَ بِجَهَٰلَةٖ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٖ فَأُوْلَـٰٓئِكَ يَتُوبُ ٱللَّهُ عَلَيۡهِمۡۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا
අල්ලාහ් වෙතින් වූ පාපක්ෂමාව ඇත්තේ නොදැනුවත්කමින් නපුරක් කර පසුව ඉතා ඉක්මණින් ම පාශ්චාත්තාපයෙහි නිරත වන අයට ය. එවිට අල්ලාහ් ඔවුනට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් සර්ව ඥානී හා සර්ව ප්‍රඥාවන්ත විය
Surah An-Nisa, Verse 17
وَلَيۡسَتِ ٱلتَّوۡبَةُ لِلَّذِينَ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِ حَتَّىٰٓ إِذَا حَضَرَ أَحَدَهُمُ ٱلۡمَوۡتُ قَالَ إِنِّي تُبۡتُ ٱلۡـَٰٔنَ وَلَا ٱلَّذِينَ يَمُوتُونَ وَهُمۡ كُفَّارٌۚ أُوْلَـٰٓئِكَ أَعۡتَدۡنَا لَهُمۡ عَذَابًا أَلِيمٗا
ඔවුන් නපුරුකම් (පාපකම්) කර ඔවුන්ගෙන් කෙනෙකු වෙත මරණය පැමිණෙන තෙක් සිට “දැන් මම පාපක්ෂමාව අයැදිමි“ යැයි පවසන්නන්ට පාපක්ෂමාව නොමැත. එමෙන් ම ප්‍රතික්ෂේප කයින් ලෙස සිටිය දී මරණයට පත්වන්නන්ට ද (පාපක්ෂමාව) නොමැත. අපි වේදනා සහගත දඬුවමක් ඔවුන්ට සූදානම් කර ඇත්‍තෙමු
Surah An-Nisa, Verse 18
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا يَحِلُّ لَكُمۡ أَن تَرِثُواْ ٱلنِّسَآءَ كَرۡهٗاۖ وَلَا تَعۡضُلُوهُنَّ لِتَذۡهَبُواْ بِبَعۡضِ مَآ ءَاتَيۡتُمُوهُنَّ إِلَّآ أَن يَأۡتِينَ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖۚ وَعَاشِرُوهُنَّ بِٱلۡمَعۡرُوفِۚ فَإِن كَرِهۡتُمُوهُنَّ فَعَسَىٰٓ أَن تَكۡرَهُواْ شَيۡـٔٗا وَيَجۡعَلَ ٱللَّهُ فِيهِ خَيۡرٗا كَثِيرٗا
අහෝ විශ්වාස කළවුනි! බලහත් කාරයෙන් කාන්තාවන් හිමි කර ගැනීම නුඹලාට අනුමත නොවෙයි. නමුත් ඔවුන් ප්‍රසිද්ධියේ අශීලාචාර දෙයක් කළහොත් මිස, ඔවුන්ට නුඹලා පිරිනැමූ දැයින් සමහරක් ඔවුන්ගෙන් ගෙන යෑමට නුඹලා ඔවුන් ට බාධා නොකරනු. නුඹලා ඔවුන් සමඟ යහපත් අයුරින් ජීවත් වනු. මන්ද නුඹලා ඔවුන් ව පිළිකුල් කළේ නම්, (දැනගනු) නුඹලා යමක් පිළිකුල් කළ හැක. (එසේ පිළිකුල් කරන) දෙයහි අල්ලාහ් අධික යහපත ඇති කරන්නට පුළුවන
Surah An-Nisa, Verse 19
وَإِنۡ أَرَدتُّمُ ٱسۡتِبۡدَالَ زَوۡجٖ مَّكَانَ زَوۡجٖ وَءَاتَيۡتُمۡ إِحۡدَىٰهُنَّ قِنطَارٗا فَلَا تَأۡخُذُواْ مِنۡهُ شَيۡـًٔاۚ أَتَأۡخُذُونَهُۥ بُهۡتَٰنٗا وَإِثۡمٗا مُّبِينٗا
එක් භාර්‍යාවක් ( ඉවත් කර ඒ) වෙනුවට වෙනත් කාන්තාවක් (විවාහ කර) ගැනීමට නුඹලා අදහස් කරන්නේ නම්, ඔවුන්ගෙන් (නුඹලා දික්කසාද කරන) එක් තැනැත්තියට ධන සම්භාරයක් පිරිනමා තිබුණ ද නුඹලා එයින් කිසිවක් නොගනු. නුඹලා එය අයුක්ති සහගත ලෙසින් හා මහා පාප කර්මයක් ලෙසින් ගන්නෙහු ද
Surah An-Nisa, Verse 20
وَكَيۡفَ تَأۡخُذُونَهُۥ وَقَدۡ أَفۡضَىٰ بَعۡضُكُمۡ إِلَىٰ بَعۡضٖ وَأَخَذۡنَ مِنكُم مِّيثَٰقًا غَلِيظٗا
නුඹලාගෙන් කෙනෙකු තවත් කෙනෙකු සමග ( විවාහ ) සබඳතා පවත්වා ගෙන ගොස් තිබිය දී සහ නුඹලාගෙන් ස්ථීර ගිවිසුමක් ඔවුන් ලබා ගෙන තිබිය දී නුඹලා එය (දුන් දෑ ) ගත හැක්කේ කෙසේ ද
Surah An-Nisa, Verse 21
وَلَا تَنكِحُواْ مَا نَكَحَ ءَابَآؤُكُم مِّنَ ٱلنِّسَآءِ إِلَّا مَا قَدۡ سَلَفَۚ إِنَّهُۥ كَانَ فَٰحِشَةٗ وَمَقۡتٗا وَسَآءَ سَبِيلًا
කාන්තාවන් අතුරින් නුඹලාගේ පියවරුන් විවාහ කර ගත් අය ව නුඹලා විවාහ නොකරනු. නමුත් ඉකුත් වී ගිය සිදුවීම් හැර. නියත වශයෙන් ම එය අශීලාචාර හා පිළිකුල් සහගත ක්‍රියාවක් විය. තවද ක්‍රියා මාර්ගයෙන් එය ඉතා නපුරුය
Surah An-Nisa, Verse 22
حُرِّمَتۡ عَلَيۡكُمۡ أُمَّهَٰتُكُمۡ وَبَنَاتُكُمۡ وَأَخَوَٰتُكُمۡ وَعَمَّـٰتُكُمۡ وَخَٰلَٰتُكُمۡ وَبَنَاتُ ٱلۡأَخِ وَبَنَاتُ ٱلۡأُخۡتِ وَأُمَّهَٰتُكُمُ ٱلَّـٰتِيٓ أَرۡضَعۡنَكُمۡ وَأَخَوَٰتُكُم مِّنَ ٱلرَّضَٰعَةِ وَأُمَّهَٰتُ نِسَآئِكُمۡ وَرَبَـٰٓئِبُكُمُ ٱلَّـٰتِي فِي حُجُورِكُم مِّن نِّسَآئِكُمُ ٱلَّـٰتِي دَخَلۡتُم بِهِنَّ فَإِن لَّمۡ تَكُونُواْ دَخَلۡتُم بِهِنَّ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ وَحَلَـٰٓئِلُ أَبۡنَآئِكُمُ ٱلَّذِينَ مِنۡ أَصۡلَٰبِكُمۡ وَأَن تَجۡمَعُواْ بَيۡنَ ٱلۡأُخۡتَيۡنِ إِلَّا مَا قَدۡ سَلَفَۗ إِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا
නුඹලාගේ මව්වරුන් ද නුඹලාගේ දූවරුන් ද නුඹලාගේ සහෝදරියන් ද නුඹලාගේ පියාගේ සහෝදරියන් (නැන්දාවරුන්) ද නුඹලාගේ මවගේ සහෝදරියන් ද (නුඹලාගේ) සහෝදරයාගේ දූවරුන් ද සහෝදරියගේ දූවරුන් ද නුඹලාට කිරි පෙවූ නුඹලාගේ මව්වරුන් ද කිරි පෙවීම හේතු වෙන් වූ නුඹලාගේ සහෝදරියන් ද නුඹලාගේ බිරින්දෑවරුන්ගේ මව්වරුන් ද නුඹලා ඔවුන් සමඟ (විවාහ ජීවිතයට) ඇතුළත් වූ බිරින්දෑ වරුන්ගෙන් (පෙර විවාහයකින් ඉපද) නුඹලාගේ උකුලෙහි හැදී වැඩුණු නුඹලාගේ (බිරියගේ) දූරුවන් ද නුඹලාට (විවාහ වීමට) තහනම් කරන ලදී. නමුත් නුඹලා ඔවුන් (එම බිරියන්) සමඟ (ලිංගික ඇසුරු කමට) අතුළත් නොවූයේ නම් (එම දූවරුන් විවාහ කර ගැනීම) නුඹලාට වරදක් නැත. නුඹලා ගේ කොඳුනාරටියෙන් බිහි වූ නුඹලාගේ දරුවන්ගේ බිරින්දෑ වරුන් (ලේලියන්) ද, ඉකුත් වී ගිය දෑ හැර (මින් පසු), සහෝදරි යන් දෙදෙනෙකු නුඹලා (බිරියන් වශයෙන්) එකට තබා ගැනීම ද තහනම් කරන ලදී. නියත වශයෙන් ම අල්ලාහ් අති ක්ෂමාශීලී ය. පරම කරුණාභරිත ය
Surah An-Nisa, Verse 23
۞وَٱلۡمُحۡصَنَٰتُ مِنَ ٱلنِّسَآءِ إِلَّا مَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۖ كِتَٰبَ ٱللَّهِ عَلَيۡكُمۡۚ وَأُحِلَّ لَكُم مَّا وَرَآءَ ذَٰلِكُمۡ أَن تَبۡتَغُواْ بِأَمۡوَٰلِكُم مُّحۡصِنِينَ غَيۡرَ مُسَٰفِحِينَۚ فَمَا ٱسۡتَمۡتَعۡتُم بِهِۦ مِنۡهُنَّ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةٗۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِيمَا تَرَٰضَيۡتُم بِهِۦ مِنۢ بَعۡدِ ٱلۡفَرِيضَةِۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا
(යුද්ධයකදී අත් අඩංගුවට ගත් ) නුඹලාගේ පාලනය යටතෙහි සිටින (වහල්) කාන්තාවන් හැර සෙසු විවාහක කාන්තාවන් ( සමග විවාහ වීම තහනම් කර ඇත. එය) නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ නියමයක් ලෙසිනි. මොවුන් හැරුණු විට වෙනත් ස්ත්‍රීන් (කාමයේ) වරදවා හැසිරීමකින් තොරව නුඹලාගේ සම්පත් ( මහර් පිරිනැමීම) තුළින් සෙවීම නුඹලාට අනුමත කරන ලදී. එබැවින් ඔවුන් සමඟ කවර දෙයක නුඹලා පහස විඳින්නෙහු ද ඒ වෙනුවෙන් වගකීමක් වශයෙන් ඔවුන්ගේ කුලී (මහර්) නුඹලා ලබා දෙනු. (මහර්) නියම කළ පසු (මහර් හි අඩු වැඩි කිරීම සම්බන්ධයෙන්) කවර දෙයක් පිළිබඳ ව නුඹලා එකිනෙකා අතර එකඟතාවට පැමිණෙන්නේ ද එහි නුඹලාට වරදක් නැත. සැබැවින්ම අල්ලාහ් සර්ව ඥානීය සර්ව ප්‍රඥාවන්තය
Surah An-Nisa, Verse 24
وَمَن لَّمۡ يَسۡتَطِعۡ مِنكُمۡ طَوۡلًا أَن يَنكِحَ ٱلۡمُحۡصَنَٰتِ ٱلۡمُؤۡمِنَٰتِ فَمِن مَّا مَلَكَتۡ أَيۡمَٰنُكُم مِّن فَتَيَٰتِكُمُ ٱلۡمُؤۡمِنَٰتِۚ وَٱللَّهُ أَعۡلَمُ بِإِيمَٰنِكُمۚ بَعۡضُكُم مِّنۢ بَعۡضٖۚ فَٱنكِحُوهُنَّ بِإِذۡنِ أَهۡلِهِنَّ وَءَاتُوهُنَّ أُجُورَهُنَّ بِٱلۡمَعۡرُوفِ مُحۡصَنَٰتٍ غَيۡرَ مُسَٰفِحَٰتٖ وَلَا مُتَّخِذَٰتِ أَخۡدَانٖۚ فَإِذَآ أُحۡصِنَّ فَإِنۡ أَتَيۡنَ بِفَٰحِشَةٖ فَعَلَيۡهِنَّ نِصۡفُ مَا عَلَى ٱلۡمُحۡصَنَٰتِ مِنَ ٱلۡعَذَابِۚ ذَٰلِكَ لِمَنۡ خَشِيَ ٱلۡعَنَتَ مِنكُمۡۚ وَأَن تَصۡبِرُواْ خَيۡرٞ لَّكُمۡۗ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
විශ්වාසවන්ත නිදහස් කාන්තා වන් විවාහ කර ගැනීමට නුඹලා අතුරින් කවරෙකුට වත්කම් නොමැත්තේ ද එවිට නුඹලාගේ පාලන යටතෙහි සිටින (වහල්) කාන්තාවන් අතුරින් නුඹලා අතර සිටින විශ්වාස වන්ත වහල් කාන්තාවන් (සමග විවාහ) විය යුතුය. තවද අල්ලාහ් නුඹලාගේ විශ්වාසය පිළිබඳ මැනවින් දන්නාය. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙනි. එබැවින් නුඹලා ඔවුන්ගේ පවුලේ (භාරකරුවන්ගේ) අනුමැතිය මත, පතිවත රකින, ප්‍රසිද්ධියේ දුරාචාරයේ නොයෙදන, එමෙන්ම රහසිගත ව හෝ දුරාචාරයේ නොයෙදන කාන්තා වන් ව ඔවුනට ඔවුන්ගේ කුලී (මහර්) ලබා දී නුඹලා විවාහ කර ගනු. විවාහ කරනු ලැබීමෙන් පසුව ඔවුන් දුරාචාරයේ යෙදුනේ නම්, එවිට නිදහස් කාන්තාවන් මත පැවරෙන දඬුවමින් අඩක් ඔවුනට හිමි වේ. මෙය නුඹලා අතුරින් දුරාචාරයේ යෙදීම ගැන බිය වන අයටය. නමුත් නුඹලා ඉවසිල්ලෙන් කටයුතු කිරීම නුඹලාට උතුම් ය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය
Surah An-Nisa, Verse 25
يُرِيدُ ٱللَّهُ لِيُبَيِّنَ لَكُمۡ وَيَهۡدِيَكُمۡ سُنَنَ ٱلَّذِينَ مِن قَبۡلِكُمۡ وَيَتُوبَ عَلَيۡكُمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ
නුඹලාට (මේවා) පැහැදිලි කිරීමටත්, නුඹලාට පෙරවූවන්ගේ පිළිවෙත නුඹලාට පෙන්වා දීමටත්, නුඹලාට සමාව දීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව ඥානීය. සර්ව ප්‍රඥාවන්තය
Surah An-Nisa, Verse 26
وَٱللَّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيۡكُمۡ وَيُرِيدُ ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلشَّهَوَٰتِ أَن تَمِيلُواْ مَيۡلًا عَظِيمٗا
තවද අල්ලාහ් නුඹලාගේ පාපක්ෂමාව පිළිගැනීමට අපේක්ෂා කරයි. නමුත් මනෝ ආශාවන් අනුගමනය කරන්නවුන්, නුඹලා සම්පූරණයෙන්ම (සත්‍යයෙන් දුරස් ව) නොමඟට නැඹුරු වීම අපේක්ෂා කරති
Surah An-Nisa, Verse 27
يُرِيدُ ٱللَّهُ أَن يُخَفِّفَ عَنكُمۡۚ وَخُلِقَ ٱلۡإِنسَٰنُ ضَعِيفٗا
මිනිසා දුර්වලයෙකු ලෙස මවනු ලැබූ හේතුවෙන් නුඹලාගෙන් (නීති රීති) සැහැල්ලු කිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි
Surah An-Nisa, Verse 28
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَأۡكُلُوٓاْ أَمۡوَٰلَكُم بَيۡنَكُم بِٱلۡبَٰطِلِ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً عَن تَرَاضٖ مِّنكُمۡۚ وَلَا تَقۡتُلُوٓاْ أَنفُسَكُمۡۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُمۡ رَحِيمٗا
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා අතර එකඟතාවයකින් යුතු ව්‍යාපාරයකින් (ලැබෙන දෑ අනුභව කිරීම) හැර නුඹලාගේ වස්තුව නුඹලා වැරදි ලෙස අනුභව නොකරනු. තවද නුඹලා (ගැටලු ඇති කර ගනිමින්) නුඹලාවම ඝාතනය නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි අසමසම කරුණාන්විතය
Surah An-Nisa, Verse 29
وَمَن يَفۡعَلۡ ذَٰلِكَ عُدۡوَٰنٗا وَظُلۡمٗا فَسَوۡفَ نُصۡلِيهِ نَارٗاۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًا
කවරෙකු සීමාව ඉක්මවා යමින් හා අයුක්ති සහගත ලෙසින් එය සිදු කරන්නේ ද එවිට අපි ඔහු ව නිරයට ඇතුළත් කරන්නෙමු. එය අල්ලාහ්ට පහසු කාර්යයක් විය
Surah An-Nisa, Verse 30
إِن تَجۡتَنِبُواْ كَبَآئِرَ مَا تُنۡهَوۡنَ عَنۡهُ نُكَفِّرۡ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَنُدۡخِلۡكُم مُّدۡخَلٗا كَرِيمٗا
කවර දෙයක් නුඹලාට තහනම් කරනු ලැබුවේ ද එවැනි මහා පාපයන්ගෙන් නුඹලා වැළකුණේ නම් අපි නුඹලාගේ (සුළු) පාපයන් නුඹලාගෙන් ඉවත් කරන්නෙමු. තවද නුඹලා ව ගෞරවනීය පිවිසෙන ස්ථානයකට අපි ඇතුළත් කරන්නෙමු
Surah An-Nisa, Verse 31
وَلَا تَتَمَنَّوۡاْ مَا فَضَّلَ ٱللَّهُ بِهِۦ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٖۚ لِّلرِّجَالِ نَصِيبٞ مِّمَّا ٱكۡتَسَبُواْۖ وَلِلنِّسَآءِ نَصِيبٞ مِّمَّا ٱكۡتَسَبۡنَۚ وَسۡـَٔلُواْ ٱللَّهَ مِن فَضۡلِهِۦٓۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا
තවද නුඹලාගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා අල්ලාහ් කවර දෙයකින් උසස් කොට ඇත්තේ ද එවැනි දෙයකට නුඹලා ආශා නොකරනු. පුරුෂයින්ට තමන් ඉපැයූ දැයින් කොටසක් ඇත. එමෙන්ම කාන්තාවන්ට ද තමන් ඉපැයූ දැයින් කොටසක් ඇත. තවද නුඹලා අල්ලාහ්ගෙන් ඔහුගේ භාග්‍යය පතනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය
Surah An-Nisa, Verse 32
وَلِكُلّٖ جَعَلۡنَا مَوَٰلِيَ مِمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَۚ وَٱلَّذِينَ عَقَدَتۡ أَيۡمَٰنُكُمۡ فَـَٔاتُوهُمۡ نَصِيبَهُمۡۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدًا
(ස්ත්‍රී පුරුෂ) සෑම කෙනෙකුටම, දෙමාපියන් ද සමීප ඥාතීන් ද අතහැර දමා ගිය දෑ ට, භාරකරුවන් පත් කළෙමු. නුඹලාගේ දිවුරුම් ගිවිස ගත් උදවියට ඔවුන්ගේ කොටස පිරිනමනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සාක්ෂිකරුය
Surah An-Nisa, Verse 33
ٱلرِّجَالُ قَوَّـٰمُونَ عَلَى ٱلنِّسَآءِ بِمَا فَضَّلَ ٱللَّهُ بَعۡضَهُمۡ عَلَىٰ بَعۡضٖ وَبِمَآ أَنفَقُواْ مِنۡ أَمۡوَٰلِهِمۡۚ فَٱلصَّـٰلِحَٰتُ قَٰنِتَٰتٌ حَٰفِظَٰتٞ لِّلۡغَيۡبِ بِمَا حَفِظَ ٱللَّهُۚ وَٱلَّـٰتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَٱهۡجُرُوهُنَّ فِي ٱلۡمَضَاجِعِ وَٱضۡرِبُوهُنَّۖ فَإِنۡ أَطَعۡنَكُمۡ فَلَا تَبۡغُواْ عَلَيۡهِنَّ سَبِيلًاۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيّٗا كَبِيرٗا
පුරුෂයින් කාන්තාවන් මත වූ පාලකයෝය. හේතුව අල්ලාහ් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් කර ඇති බැවින් ද ඔවුන්ගේ ධනයෙන් ඔවුන් වියදම් කරන බැවින් ද වේ. (සැමියාට) අවනත වන දැහැමි කාන්තාවෝ, අල්ලාහ් ආරක්ෂා කර ඇති බැවින් (සිය සැමියන් ) නොපෙනෙන්නට සිටින විටක, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන අය වෙති. ඔවුන්ගේ අඩදබර ගැන නුඹලා බියවන අයට නුඹලා උපදෙස් දෙනු. තවද නිදියහනින් ඔවුන් ව නුඹලා දුරස් කරනු. තවද ඔවුනට (සැහැල්ලුවෙන්) ගසනු. ඉන්පසුව ඔවුන් නුඹලාට අවනත වූයේ නම් ඔවුන් කෙරෙහි (අයුක්තියක් කරන්නට) මඟක් නොසොයනු. සැබැවින්ම අල්ලාහ් අති උත්තරීතර අති මහත් විය
Surah An-Nisa, Verse 34
وَإِنۡ خِفۡتُمۡ شِقَاقَ بَيۡنِهِمَا فَٱبۡعَثُواْ حَكَمٗا مِّنۡ أَهۡلِهِۦ وَحَكَمٗا مِّنۡ أَهۡلِهَآ إِن يُرِيدَآ إِصۡلَٰحٗا يُوَفِّقِ ٱللَّهُ بَيۡنَهُمَآۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا خَبِيرٗا
තවද ඔවුන් දෙදෙනා අතර වෙන්වීමක් ඇති වේවි යැයි නුඹලා බිය වෙතොත් ඔහුගේ පවුලෙන් යුක්තිය පසිඳලන කෙනෙකු ද, ඇයගේ පවුලෙන් යුක්තිය පසිඳලන කෙනෙකු ද (ඔවුන් වෙත යවනු) සමාදානය කළ හැකි යැයි ඔවුන් දෙදෙනා අපේක්ෂා කරන්නේ නම් අල්ලාහ් ඔවුන් දෙදෙනා අතර ආශිර්වාද කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. සර්ව ප්‍රඥාවන්තය
Surah An-Nisa, Verse 35
۞وَٱعۡبُدُواْ ٱللَّهَ وَلَا تُشۡرِكُواْ بِهِۦ شَيۡـٔٗاۖ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنٗا وَبِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱلۡجَارِ ذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡجَارِ ٱلۡجُنُبِ وَٱلصَّاحِبِ بِٱلۡجَنۢبِ وَٱبۡنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخۡتَالٗا فَخُورًا
තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට කිසිවක් ආදේශ නොතබනු. තවද දෙමා පියන් සමඟ උපකාරශීලී ව කටයුතු කරනු. තවද ඥාතීන් සමඟ ද, ආනථයින්, දුගියන්, ඥාති අසල්වැසියා, (ඥාති නොවන) අසල්වැසියා, අසලින් සිටින සගයා, මගියා හා නුඹලාගේ දකුණත් සතු කර ගත් අය ( ඔබලා යටතේ සිටින වහලුන්) සමඟ ද උපාකාරශීලී ව කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් අහංකාරකම් පාන පුරසාරම් දොඩන අය ව ප්‍රිය නොකරන්නේය
Surah An-Nisa, Verse 36
ٱلَّذِينَ يَبۡخَلُونَ وَيَأۡمُرُونَ ٱلنَّاسَ بِٱلۡبُخۡلِ وَيَكۡتُمُونَ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۗ وَأَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا
මසුරුකම් කර, මසුරුකම කෙරෙහි මිනිසුනට නියෝග කර, අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුන්ට පිරිනැමූ දෑ වසන් කරන්නවුන් (වන) ප්‍රතික්ෂේපකයින්ට අපි නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු
Surah An-Nisa, Verse 37
وَٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤۡمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۗ وَمَن يَكُنِ ٱلشَّيۡطَٰنُ لَهُۥ قَرِينٗا فَسَآءَ قَرِينٗا
තවද, ජනයාට ප්‍රදර්ශනය කිරීම පිණිස තම ධනය වියදම් කර අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන ඔවුන් (ෂයිතාන්වරුන්ගේ මිතුරන්ය) ෂයිතාන් කවරකුගේ මිතුරෙකු වන්නේ ද ඔහු මිතුරෙකු වශයෙන් නපුරු විය
Surah An-Nisa, Verse 38
وَمَاذَا عَلَيۡهِمۡ لَوۡ ءَامَنُواْ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَأَنفَقُواْ مِمَّا رَزَقَهُمُ ٱللَّهُۚ وَكَانَ ٱللَّهُ بِهِمۡ عَلِيمًا
ඔවුහු අල්ලාහ් ව ද, අවසන් දිනය ද විශ්වාස කොට අල්ලාහ් ඔවුන්ට පෝෂණය කළ දැයින් වියදම් කළේ නම් ඔවුනට කවර (නපුර)ක් සිදුවන්නේද? තවද අල්ලාහ් ඔවුන් පිළිබඳ ව සර්වඥානී විය
Surah An-Nisa, Verse 39
إِنَّ ٱللَّهَ لَا يَظۡلِمُ مِثۡقَالَ ذَرَّةٖۖ وَإِن تَكُ حَسَنَةٗ يُضَٰعِفۡهَا وَيُؤۡتِ مِن لَّدُنۡهُ أَجۡرًا عَظِيمٗا
සැබැවින්ම අල්ලාහ් අණුවක තරමක් වුව ද අපරාධයක් සිදු නොකරයි. එය යම් යහපතක් වූයේ නම් එය ඔහු(අල්ලාහ්) ප්‍රගුණ කරයි. තවද ඔහු වෙතින් අතිමහත් ප්‍රතිඵල ඔහු පිරිනමයි
Surah An-Nisa, Verse 40
فَكَيۡفَ إِذَا جِئۡنَا مِن كُلِّ أُمَّةِۭ بِشَهِيدٖ وَجِئۡنَا بِكَ عَلَىٰ هَـٰٓؤُلَآءِ شَهِيدٗا
සෑම සමූහයකින්ම අප සාක්ෂි කරුවෙකු ගෙනැවිත් මොවුන් ට එරෙහිව නුඹව සාක්ෂිකරුවෙකු වශයෙන් අප ගෙන ආ විට කෙසේ වන්නේ ද
Surah An-Nisa, Verse 41
يَوۡمَئِذٖ يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ وَعَصَوُاْ ٱلرَّسُولَ لَوۡ تُسَوَّىٰ بِهِمُ ٱلۡأَرۡضُ وَلَا يَكۡتُمُونَ ٱللَّهَ حَدِيثٗا
(අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කර, රසූල්වරයාට පිටු පෑ අය, එදින තමන් මහ පොළොව සමඟ සමතලා වී තිබුණා නම් කොතරම් දෙයක්ද යැයි සිතන්නෝය. කිසිදු සිදුවී මක් ඔවුන්ට අල්ලාහ් හමුවෙහි වසන් කළ නොහැකිය
Surah An-Nisa, Verse 42
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقۡرَبُواْ ٱلصَّلَوٰةَ وَأَنتُمۡ سُكَٰرَىٰ حَتَّىٰ تَعۡلَمُواْ مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِي سَبِيلٍ حَتَّىٰ تَغۡتَسِلُواْۚ وَإِن كُنتُم مَّرۡضَىٰٓ أَوۡ عَلَىٰ سَفَرٍ أَوۡ جَآءَ أَحَدٞ مِّنكُم مِّنَ ٱلۡغَآئِطِ أَوۡ لَٰمَسۡتُمُ ٱلنِّسَآءَ فَلَمۡ تَجِدُواْ مَآءٗ فَتَيَمَّمُواْ صَعِيدٗا طَيِّبٗا فَٱمۡسَحُواْ بِوُجُوهِكُمۡ وَأَيۡدِيكُمۡۗ إِنَّ ٱللَّهَ كَانَ عَفُوًّا غَفُورًا
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා මත් ව සිටිය දී නුඹලා පවසන දෑ නුඹලා වටහා ගන්නා තෙක් සලාතයට ළං නොවනු. තවද (ස්නානය අනිවාර්යය වූ) කිලිටි තත්ත්වයේ සිටින්නා ද (මස්ජිදයට) ළං නොවිය යුතුය. නමුත් (එහි) මාර්ගය හරහා ගමන් කරන්නෙකු හැර. එසේම නුඹලා රෝගී බවින් හෝ යම් ගමනක හෝ පසුවෙත් නම් හෝ නුඹලා අතුරින් මළපහ කිරීමෙන් පසු කිසිවෙකු පැමිණියේ නම් හෝ බිරියන් සමඟ ලිංගික ස්පර්ශයක යෙදුනෙහු නම් හෝ එවිට (පිරිසිදු වීමට) නුඹලාට ජලය නොලැබූවේ නම් නුඹලා පිරිසිදු පස් සොයා ගනු. තවද නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් ද නුඹලා (එයින්) පිරිමදිනු. සැබැවින්ම අල්ලාහ් වැරදි දරාගන්නාය. පාපක්ෂමාව පිරිනමන්නාය
Surah An-Nisa, Verse 43
أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُواْ نَصِيبٗا مِّنَ ٱلۡكِتَٰبِ يَشۡتَرُونَ ٱلضَّلَٰلَةَ وَيُرِيدُونَ أَن تَضِلُّواْ ٱلسَّبِيلَ
දේව ග්‍රන්ථයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුහු මුළාව මිලට ගනිති. තවද නුඹලා මං මුළා වීම ඔවුහු අපේක්ෂා කරති
Surah An-Nisa, Verse 44
وَٱللَّهُ أَعۡلَمُ بِأَعۡدَآئِكُمۡۚ وَكَفَىٰ بِٱللَّهِ وَلِيّٗا وَكَفَىٰ بِٱللَّهِ نَصِيرٗا
තවද අල්ලාහ් නුඹලාගේ සතුරන් පිළිබඳ ව මැනවින් දන්නාය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය. තවද උදව්කරු වශයෙන් ද අල්ලාහ් ප්‍රමාණවත්ය
Surah An-Nisa, Verse 45
مِّنَ ٱلَّذِينَ هَادُواْ يُحَرِّفُونَ ٱلۡكَلِمَ عَن مَّوَاضِعِهِۦ وَيَقُولُونَ سَمِعۡنَا وَعَصَيۡنَا وَٱسۡمَعۡ غَيۡرَ مُسۡمَعٖ وَرَٰعِنَا لَيَّۢا بِأَلۡسِنَتِهِمۡ وَطَعۡنٗا فِي ٱلدِّينِۚ وَلَوۡ أَنَّهُمۡ قَالُواْ سَمِعۡنَا وَأَطَعۡنَا وَٱسۡمَعۡ وَٱنظُرۡنَا لَكَانَ خَيۡرٗا لَّهُمۡ وَأَقۡوَمَ وَلَٰكِن لَّعَنَهُمُ ٱللَّهُ بِكُفۡرِهِمۡ فَلَا يُؤۡمِنُونَ إِلَّا قَلِيلٗا
වචන එහි (නියමිත) ස්ථානයෙන් වෙනස් කරන, එමෙන්ම අපි සවන් දුනිමු, අපි පිටුපෑවෙමු, ඇහුම්කන් දීමකින් තොරව නුඹ සවන් දෙනු යැයි දහමෙහි අඩු පාඩු ඇතිකරමින් වචන වෙනස් කරමින් "රාඉනා" යැයි පවසන්නන් යුදෙව්වන් අතුරින් වෙති. ඔවුන් අපි සවන් දුනිමු, අවනත වූයෙමු, සවන් දෙනු "උන්ළුර්නා" (අප වෙත සාවධානය යොමු කරනු.) යැයි පවසා සිටියේ නම් එය ඔවුනට යහපතක් වන්නට තිබුණි. තවද වඩාත් නිවැරැදි වන්නට ද තිබුණි. එනමුත් ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුනට ශාප කළේය. එහෙයින් ස්වල්ප දෙනකු මිස ඔවුහු විශ්වාස නොකරති
Surah An-Nisa, Verse 46
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ ءَامِنُواْ بِمَا نَزَّلۡنَا مُصَدِّقٗا لِّمَا مَعَكُم مِّن قَبۡلِ أَن نَّطۡمِسَ وُجُوهٗا فَنَرُدَّهَا عَلَىٰٓ أَدۡبَارِهَآ أَوۡ نَلۡعَنَهُمۡ كَمَا لَعَنَّآ أَصۡحَٰبَ ٱلسَّبۡتِۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ مَفۡعُولًا
අහෝ දේව ග්‍රන්ථය දෙනු ලැබූවනි ! අපි ඔබේ මුහුණු (වල ඇති සංවේදීතාවන්) මකා දමා ඒවා පිටු පසට හැරවීමට පෙර හෝ සෙනසුරාදා වැසියනට අපි ශාප කළාක් මෙන් අප ශාප කිරීමට පෙර, නුඹලා සතුව ඇති දෑ සත්‍යය කරවමින්, අපි නුඹලාට පහළ කළ දෑ කෙරෙහි විශ්වාස කරනු. තවද අල්ලාහ්ගේ නියෝගය අනිවාර්යයෙන්ම සිදු කරනු ලබන්නේය
Surah An-Nisa, Verse 47
إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدِ ٱفۡتَرَىٰٓ إِثۡمًا عَظِيمًا
සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තැබීම ගැන සමාව නොදෙයි. ඒ හැර සෙසු දෑ ට ඔහු අභිමත කළ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද සැබැවින්ම ඔහු (අල්ලාහ්ට) මහත් පාපයක් (මනංකල්පිත සේ) ගෙතුවේය
Surah An-Nisa, Verse 48
أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ يُزَكُّونَ أَنفُسَهُمۚ بَلِ ٱللَّهُ يُزَكِّي مَن يَشَآءُ وَلَا يُظۡلَمُونَ فَتِيلًا
ඔවුන් ඔවුන්වම නිර්මල යැයි යැයි පවසා ගන්නන් දෙස නුඹ නොබැලුවෙහි ද? එසේ නොව තමන් අභිමත කළ අයව පිවිතුරු කරනුයේ අල්ලාහ්ය. තවද අණු ප්‍රමාණයකින් වුව ද ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලැබේ
Surah An-Nisa, Verse 49
ٱنظُرۡ كَيۡفَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۖ وَكَفَىٰ بِهِۦٓ إِثۡمٗا مُّبِينًا
අල්ලාහ් කෙරෙහි ඔවුන් බොරු ගොතනුයේ කෙසේ දැ යි නුඹ සැලකිල්ලෙන් බලනු. ප්‍රකට පාපයක් ලෙස එය ප්‍රමාණවත් විය
Surah An-Nisa, Verse 50
أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُواْ نَصِيبٗا مِّنَ ٱلۡكِتَٰبِ يُؤۡمِنُونَ بِٱلۡجِبۡتِ وَٱلطَّـٰغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُواْ هَـٰٓؤُلَآءِ أَهۡدَىٰ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ سَبِيلًا
දේව ග්‍රන්ථයෙන් කොටසක් දෙනු ලැබූවන් දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුහු පිළිම හා නපුරු බලවේගයන් විශ්වාස කරති. තවද ‘විශ්වාස කළවුන්ට වඩා (ප්‍රතික්ෂේප කළ) මොවුන් මාර්ගයෙන් ඉතා නිවැරදි‘ යැයි ඔවුහු පවසති
Surah An-Nisa, Verse 51
أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُۖ وَمَن يَلۡعَنِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ نَصِيرًا
අල්ලාහ් ශාප කළවුන් මොවූහමය. තවද අල්ලාහ් කවරෙකුට ශාප කළේ ද එවිට ඔහු වෙනුවෙන් උදව් කරුවෙකු නුඹ නොදකින්නෙහිමය
Surah An-Nisa, Verse 52
أَمۡ لَهُمۡ نَصِيبٞ مِّنَ ٱلۡمُلۡكِ فَإِذٗا لَّا يُؤۡتُونَ ٱلنَّاسَ نَقِيرًا
එසේ නොමැති නම් ඔවුනට ආධිපත්‍යයෙන් කොටසක් හෝ තිබේ ද? එසේ තිබුණු විටෙක ජනයාට (එයින්) අල්පයක් හෝ ඔවුහු පිරි නොනමති
Surah An-Nisa, Verse 53
أَمۡ يَحۡسُدُونَ ٱلنَّاسَ عَلَىٰ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۖ فَقَدۡ ءَاتَيۡنَآ ءَالَ إِبۡرَٰهِيمَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَءَاتَيۡنَٰهُم مُّلۡكًا عَظِيمٗا
එසේ නොමැති නම් අල්ලාහ් මිනිසුනට තම භාග්‍යයෙන් පිරිනැමූ දෑ ගැන ඔවුහු ඔවුනට ඊර්ෂ්‍යා කරන්නෝද? සැබැවින්ම ඉබ්‍රාහීම්ගේ පවුලට දේව ග්‍රන්ථය ද ප්‍රඥාව ද අපි පිරිනැමුවෙමු. තවද ඔවුනට අපි අතිමහත් රාජ්‍යය ද පිරිනැමුවෙමු
Surah An-Nisa, Verse 54
فَمِنۡهُم مَّنۡ ءَامَنَ بِهِۦ وَمِنۡهُم مَّن صَدَّ عَنۡهُۚ وَكَفَىٰ بِجَهَنَّمَ سَعِيرًا
ඒ අනුව ඔවුන් අතරින් එය විශ්වාස කළවුන් වෙති, එමෙන්ම ඔවුන් අතුරින් එයින් වැළකී සිටි අය ද වෙති. ඇවිළෙන ගින්නෙන් නිරය (ඔවුන්ට) ප්‍රමාණවත් වේ
Surah An-Nisa, Verse 55
إِنَّ ٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِنَا سَوۡفَ نُصۡلِيهِمۡ نَارٗا كُلَّمَا نَضِجَتۡ جُلُودُهُم بَدَّلۡنَٰهُمۡ جُلُودًا غَيۡرَهَا لِيَذُوقُواْ ٱلۡعَذَابَۗ إِنَّ ٱللَّهَ كَانَ عَزِيزًا حَكِيمٗا
සැබැවින්ම අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන් ව අපි මතු දිනයේදී ගින්නට ඇතුළත් කරන්නෙමු. ඔවුන්ගේ හම් (ගින්නෙන්) පිළිස්සුනු සෑම විටකම, ඔවුන් දඬුවම විඳිනු පිණිස ඒ වෙනුවට අපි ඔවුනට වෙනත් හම් මාරුකර දෙන්නෙමු. සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත විය
Surah An-Nisa, Verse 56
وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ سَنُدۡخِلُهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ لَّهُمۡ فِيهَآ أَزۡوَٰجٞ مُّطَهَّرَةٞۖ وَنُدۡخِلُهُمۡ ظِلّٗا ظَلِيلًا
විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වන ඔවුන් ව අපි යටින් ගංගාවන් ගලා බස්නා උයන් වලට ඇතුළත් කරන්නෙමු. නිරන්තරයෙන්ම ඔවුන් එහි සදාතනිකයින් වෙති. එහි ඔවුනට පිවිතුරු බිරින්දෑවරුන් වෙති. තවද අපි ඔවුන් ව වඩාත් හෙවණැති හෙවණක සිටීමට ඇතුළත් කරන්නෙමු
Surah An-Nisa, Verse 57
۞إِنَّ ٱللَّهَ يَأۡمُرُكُمۡ أَن تُؤَدُّواْ ٱلۡأَمَٰنَٰتِ إِلَىٰٓ أَهۡلِهَا وَإِذَا حَكَمۡتُم بَيۡنَ ٱلنَّاسِ أَن تَحۡكُمُواْ بِٱلۡعَدۡلِۚ إِنَّ ٱللَّهَ نِعِمَّا يَعِظُكُم بِهِۦٓۗ إِنَّ ٱللَّهَ كَانَ سَمِيعَۢا بَصِيرٗا
පැවරුණු වගකීම් ඒවායේ හිමිකරුවන් වෙත ඉටු කරන ලෙස ද, නුඹලා ජනයා අතර තීන්දු දෙන විට, යුක්ති සහගත ව තීන්දු දෙන ලෙස ද නුඹලාට නියත වශයෙන්ම අල්ලාහ් අණ කරයි. සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳ ව නුඹලාට උපදෙස් දීම යහපත් විය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවක සර්ව නිරීක්ෂක විය
Surah An-Nisa, Verse 58
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَأُوْلِي ٱلۡأَمۡرِ مِنكُمۡۖ فَإِن تَنَٰزَعۡتُمۡ فِي شَيۡءٖ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمۡ تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ ذَٰلِكَ خَيۡرٞ وَأَحۡسَنُ تَأۡوِيلًا
විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම රසූල්වරයාට ද, බලය හිමි ප්‍රධානියාට ද අවනත වනු. නමුත් යම් කරුණක නුඹලා එකිනෙකා මත ගැටුම් ඇති කරගත්තේ නම්, නුඹලා අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නන් ව සිටියෙහු නම්, එවිට එය අල්ලාහ් වෙත ද රසූල්වරයා වෙත ද යොමු කරනු. එය වඩා ශ්‍රේෂ්ඨය. එමෙන්ම (එහි) අවසානය ද වඩා අලංකාරය
Surah An-Nisa, Verse 59
أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ يَزۡعُمُونَ أَنَّهُمۡ ءَامَنُواْ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَ يُرِيدُونَ أَن يَتَحَاكَمُوٓاْ إِلَى ٱلطَّـٰغُوتِ وَقَدۡ أُمِرُوٓاْ أَن يَكۡفُرُواْ بِهِۦۖ وَيُرِيدُ ٱلشَّيۡطَٰنُ أَن يُضِلَّهُمۡ ضَلَٰلَۢا بَعِيدٗا
නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද, නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද ඇත්තෙන්ම තමන් විශ්වාස කරන බවට පවසමින් සිටි අය දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුහු නපුරු බලවේගයන් වෙත තීන්දු පැතීමට අපේක්ෂා කරති. එය ප්‍රතික්ෂේප කරන ලෙස සැබැවින්ම ඔවුහු නියෝග කරනු ලැබ සිටියහ. ෂෙයිතාන් අන්ත මුළාවක ඔවුන් ව මුළා කිරීමට අපේක්ෂා කරයි
Surah An-Nisa, Verse 60
وَإِذَا قِيلَ لَهُمۡ تَعَالَوۡاْ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ رَأَيۡتَ ٱلۡمُنَٰفِقِينَ يَصُدُّونَ عَنكَ صُدُودٗا
තවද අල්ලාහ් පහළ කළ දෑ වෙතට ද, රසූල්වරයා වෙතට ද පැමිණෙන මෙන් ඔවුනට පවසනු ලැබූ විට, කුහකයින් නුඹෙන් (පිළිකුලෙන්) එකවර වැළකීම නුඹ දුටුවෙහිය
Surah An-Nisa, Verse 61
فَكَيۡفَ إِذَآ أَصَٰبَتۡهُم مُّصِيبَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ ثُمَّ جَآءُوكَ يَحۡلِفُونَ بِٱللَّهِ إِنۡ أَرَدۡنَآ إِلَّآ إِحۡسَٰنٗا وَتَوۡفِيقًا
ඔවුන්ගේ දෑත් සොයාගත් (අයහපත්) දෑ හේතුවෙන් ඔවුනට යම් දුර්භාග්‍ය යක් ඇති වූ විට කෙසේ වී ද? අනතුරුව අපි යහපත හා එකඟතාව හැර වෙනත් කිසිවක් අපේක්ෂා නොකරමු යැයි අල්ලාහ් මත දිවුරමින් නුඹ වෙත ඔවුහු පැමිණෙති
Surah An-Nisa, Verse 62
أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ يَعۡلَمُ ٱللَّهُ مَا فِي قُلُوبِهِمۡ فَأَعۡرِضۡ عَنۡهُمۡ وَعِظۡهُمۡ وَقُل لَّهُمۡ فِيٓ أَنفُسِهِمۡ قَوۡلَۢا بَلِيغٗا
ඔවුහු කවරහුද යත් ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ අල්ලාහ් දන්නේය. එබැවින් ඔවුන් ව නොසලකා හරිනු. තවද ඔවුනට උපදෙස් දෙනු. ඔවුන්ගේ ආත්මයට (වැටහෙන සේ) පැහැදිලි වදනින් ඔවුනට පවසනු
Surah An-Nisa, Verse 63
وَمَآ أَرۡسَلۡنَا مِن رَّسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذۡنِ ٱللَّهِۚ وَلَوۡ أَنَّهُمۡ إِذ ظَّلَمُوٓاْ أَنفُسَهُمۡ جَآءُوكَ فَٱسۡتَغۡفَرُواْ ٱللَّهَ وَٱسۡتَغۡفَرَ لَهُمُ ٱلرَّسُولُ لَوَجَدُواْ ٱللَّهَ تَوَّابٗا رَّحِيمٗا
අල්ලාහ්ගේ කැමැත්තට අනුව (ඔහුගේ) නියෝගයන්ට අවනත වීමට මිස කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු. සැබැවින්ම ඔවුන් ඔවුන්ටම අපරාධ කරගත් අවස්ථාවක, ඔවුන් නුඹ වෙත පැමිණ, තවද ඔවුන් අල්ලාහ් ගෙන් සමාව අයැද සිටියදී, රසූල් වරයා ( වන ඔබත්) ඔවුන් වෙනුවෙන් සමාව ඇයද සිටියේ නම්, අල්ලාහ් පාපක්ෂමාව පිළිගන්නා ලෙසත්, අසමසම කරුණාවන්ත ලෙසත් ඔවුන් දැක ගනු ඇත
Surah An-Nisa, Verse 64
فَلَا وَرَبِّكَ لَا يُؤۡمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيۡنَهُمۡ ثُمَّ لَا يَجِدُواْ فِيٓ أَنفُسِهِمۡ حَرَجٗا مِّمَّا قَضَيۡتَ وَيُسَلِّمُواْ تَسۡلِيمٗا
එසේ නොව, නුඹගේ පරමාධිපති මත දිවුරමින්! ඔවුන් අතර ඇති වුණු ගැටලුවක දී, ඔවුන් ඔබව විනිශ්චය කරුවෙකු ලෙස පිළිගෙන, පසු නුඹ දුන් තීන්දුවේ කිසිඳු වරදක් ඔවුන් තුළ නොදැක, ඔවුන් පූර්ණ ව අවනත වන තෙක් ඔවුන් විශ්වාස වන්තයින් නොවනු ඇත
Surah An-Nisa, Verse 65
وَلَوۡ أَنَّا كَتَبۡنَا عَلَيۡهِمۡ أَنِ ٱقۡتُلُوٓاْ أَنفُسَكُمۡ أَوِ ٱخۡرُجُواْ مِن دِيَٰرِكُم مَّا فَعَلُوهُ إِلَّا قَلِيلٞ مِّنۡهُمۡۖ وَلَوۡ أَنَّهُمۡ فَعَلُواْ مَا يُوعَظُونَ بِهِۦ لَكَانَ خَيۡرٗا لَّهُمۡ وَأَشَدَّ تَثۡبِيتٗا
නුඹලා නුඹලාවම ඝාතනය කරනු. නැතිනම් නුඹලාගේ නිවෙස් වලින් බැහැර කරනු යැයි අපි ඔවුනට නියම කළේ නම් ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකු හැර එය සිදු නොකරන්නෝය. ඔවුනට උපදෙස් දෙනු ලැබූ දෑ ඔවුහු සිදු කළේ නම් එය ඔවුනට යහපතක් හා (විශ්වාසයේ) දැඩි ස්ථාවරත්වයක් වන්නට තිබිණ
Surah An-Nisa, Verse 66
وَإِذٗا لَّأٓتَيۡنَٰهُم مِّن لَّدُنَّآ أَجۡرًا عَظِيمٗا
එවිට අපගෙන් වූ මහත් ප්‍රතිඵල ඔවුනට අප පිරිනමන්නට තිබුණි
Surah An-Nisa, Verse 67
وَلَهَدَيۡنَٰهُمۡ صِرَٰطٗا مُّسۡتَقِيمٗا
තවද අපි ඔවුනට ඍජු මඟ පිරිනමන්නට තිබුණි
Surah An-Nisa, Verse 68
وَمَن يُطِعِ ٱللَّهَ وَٱلرَّسُولَ فَأُوْلَـٰٓئِكَ مَعَ ٱلَّذِينَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ وَٱلصِّدِّيقِينَ وَٱلشُّهَدَآءِ وَٱلصَّـٰلِحِينَۚ وَحَسُنَ أُوْلَـٰٓئِكَ رَفِيقٗا
කවරෙකු අල්ලාහ් හා රසූල් වරයාට අවනත වන්නේ ද, එවිට අල්ලාහ්ගේ ආශිර්වාදට පාත‍්‍රවූවන් වන නබිවරුන්, සත්‍යවාදීන්, දිවිපිදූවන් හා දැහැමියන් ආදීන් සමග (ස්වර්ගයේ) වාසය කරන්නෝ ඔවුහුමය. මිතුරන් වශයෙන් යහපත් වනුයේ ඔවුහුමය
Surah An-Nisa, Verse 69
ذَٰلِكَ ٱلۡفَضۡلُ مِنَ ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ عَلِيمٗا
මෙය අල්ලාහ්ගෙන් වූ භාග්‍ය යයි. තවද අල්ලාහ් සර්වඥානී වශයෙන් ප්‍රමාණවත් විය
Surah An-Nisa, Verse 70
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ خُذُواْ حِذۡرَكُمۡ فَٱنفِرُواْ ثُبَاتٍ أَوِ ٱنفِرُواْ جَمِيعٗا
අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ පූර්වාරක්ෂාව ලබා ගනු. එහෙයින් නුඹලා වෙන් වෙන් කණ්ඩායම් වශයෙන් හෝ සියල්ලෝම එකට හෝ පිටත් ව යනු
Surah An-Nisa, Verse 71
وَإِنَّ مِنكُمۡ لَمَن لَّيُبَطِّئَنَّ فَإِنۡ أَصَٰبَتۡكُم مُّصِيبَةٞ قَالَ قَدۡ أَنۡعَمَ ٱللَّهُ عَلَيَّ إِذۡ لَمۡ أَكُن مَّعَهُمۡ شَهِيدٗا
තවද සැබැවින්ම නුඹලා අතුරින් (යුද්ධයට නොයා) පසුබට වන්නන් ද වෙති. එවිට (යුද්ධයේදී) නුඹලාට යම් දුර්භාග්‍යයක් ඇති වූ විට "මා ඔවුන් සමඟ සහාභාගී නොවූ හේතුවෙන් මට අල්ලාහ් ආශිර්වාද කර ඇතැ" යි පවසයි.“
Surah An-Nisa, Verse 72
وَلَئِنۡ أَصَٰبَكُمۡ فَضۡلٞ مِّنَ ٱللَّهِ لَيَقُولَنَّ كَأَن لَّمۡ تَكُنۢ بَيۡنَكُمۡ وَبَيۡنَهُۥ مَوَدَّةٞ يَٰلَيۡتَنِي كُنتُ مَعَهُمۡ فَأَفُوزَ فَوۡزًا عَظِيمٗا
අල්ලාහ්ගෙන් භාග්‍යයක් නුඹලාට හිමි වූයේ නම් " අහෝ ! මා ද ඔවුන් සමඟ සිටියේ නම් මහත්වූ ජයග්‍රහණයක් මම ද අත් කර ගන්නෙමි" යනුවෙන් නුඹලාටත් ඔහුටත් අතරේ කිසිඳු සම්බන්ධයක් නොතිබුණාක් මෙන් ඔවුන් පවසන්නාහ
Surah An-Nisa, Verse 73
۞فَلۡيُقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يَشۡرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا بِٱلۡأٓخِرَةِۚ وَمَن يُقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِ فَيُقۡتَلۡ أَوۡ يَغۡلِبۡ فَسَوۡفَ نُؤۡتِيهِ أَجۡرًا عَظِيمٗا
මතු ලොව වෙනුවෙන් මෙලොව ජීවිතය විකුණන අය අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිත්වා ! කවරෙකු හෝ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැද ඝාතනය කරනු ලැබුවේ නම්, හෝ ජයග්‍රහණය කළේ නම්, මහත්වූ ප්‍රතිඵල අපි ඔහුට මතුවට පිරිනමන්නෙමු
Surah An-Nisa, Verse 74
وَمَا لَكُمۡ لَا تُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِ وَٱلۡمُسۡتَضۡعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلۡوِلۡدَٰنِ ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ أَخۡرِجۡنَا مِنۡ هَٰذِهِ ٱلۡقَرۡيَةِ ٱلظَّالِمِ أَهۡلُهَا وَٱجۡعَل لَّنَا مِن لَّدُنكَ وَلِيّٗا وَٱجۡعَل لَّنَا مِن لَّدُنكَ نَصِيرًا
“අපගේ පරමාධිපතියාණෙනි! අපව අපරාධකාර ජනයා වෙසෙන මෙම නගරයෙන් පිට කරනු මැනව! තවද අපට ඔබ වෙතින් භාරකරුවකු පත් කරනු මැනව! තවද අපට ඔබ වෙතින් උදව්කරුවකු පත් කරනු මැනව!“ යැයි පවසන පිරිමින්ගෙන් වූ දුබලයින් ද කාන්තාවන් ද දරුවන් ද (අසරණ ව) සිටිය දී, අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් නොවැද සිටීමට නුඹලාට කුමක් වී ද
Surah An-Nisa, Verse 75
ٱلَّذِينَ ءَامَنُواْ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِۖ وَٱلَّذِينَ كَفَرُواْ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱلطَّـٰغُوتِ فَقَٰتِلُوٓاْ أَوۡلِيَآءَ ٱلشَّيۡطَٰنِۖ إِنَّ كَيۡدَ ٱلشَّيۡطَٰنِ كَانَ ضَعِيفًا
විශ්වාස කළවුන් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිති. එමෙන්ම ප්‍රතික්ෂේප කළවුන්, නපුරු බලවේගයන්ගේ මාර්ගයේ සටන් වදිති. එබැවින් ෂෙයිතාන්ගේ මිතුරන් සමඟ නුඹලා සටන් වදිවු. සැබැවින්ම ෂෙයිතාන්ගේ කුමන්ත්‍රණ දුර්වල විය
Surah An-Nisa, Verse 76
أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ قِيلَ لَهُمۡ كُفُّوٓاْ أَيۡدِيَكُمۡ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ فَلَمَّا كُتِبَ عَلَيۡهِمُ ٱلۡقِتَالُ إِذَا فَرِيقٞ مِّنۡهُمۡ يَخۡشَوۡنَ ٱلنَّاسَ كَخَشۡيَةِ ٱللَّهِ أَوۡ أَشَدَّ خَشۡيَةٗۚ وَقَالُواْ رَبَّنَا لِمَ كَتَبۡتَ عَلَيۡنَا ٱلۡقِتَالَ لَوۡلَآ أَخَّرۡتَنَآ إِلَىٰٓ أَجَلٖ قَرِيبٖۗ قُلۡ مَتَٰعُ ٱلدُّنۡيَا قَلِيلٞ وَٱلۡأٓخِرَةُ خَيۡرٞ لِّمَنِ ٱتَّقَىٰ وَلَا تُظۡلَمُونَ فَتِيلًا
නුඹලාගේ දෑත් (සටන් කිරීමෙන්) වළක්වා ගනු. තවද සලාතය නිසි අයුරින් ඉටු කරනු. zසකාතය ද දෙනු යැයි පවසනු ලැබූවන් දෙස නුඹ නුදුටුවෙහි ද? ඔවුන් කෙරෙහි සටන් කිරීම නියම කරනු ලැබූ කල්හි එවිට ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ට බියවනවා සේ ජනයාට බිය වෙති. එසේ නොමැතිනම් (ඊටත් වඩා) දැඩි ලෙස බිය වෙති. තවද අපගේ පරමාධිපතියාණෙනි ! අප හට සටන් කිරීම නියම කළේ ඇයි? ටික කලක් අපව ප්‍රමාද කරන්නට තිබුණා නොවේදැ යි පවසති. (නබිවරය) පවසනු මෙලොව වින්ඳනය අල්පය. බිය බැතිමතුන් හට මතු ලොව ශ්‍රේෂ්ඨය. අණු ප්‍රමාණයකින් වුව ද නුඹලා අපරාධ කරනු නොලබන්නෙහුය
Surah An-Nisa, Verse 77
أَيۡنَمَا تَكُونُواْ يُدۡرِككُّمُ ٱلۡمَوۡتُ وَلَوۡ كُنتُمۡ فِي بُرُوجٖ مُّشَيَّدَةٖۗ وَإِن تُصِبۡهُمۡ حَسَنَةٞ يَقُولُواْ هَٰذِهِۦ مِنۡ عِندِ ٱللَّهِۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةٞ يَقُولُواْ هَٰذِهِۦ مِنۡ عِندِكَۚ قُلۡ كُلّٞ مِّنۡ عِندِ ٱللَّهِۖ فَمَالِ هَـٰٓؤُلَآءِ ٱلۡقَوۡمِ لَا يَكَادُونَ يَفۡقَهُونَ حَدِيثٗا
නුඹලා කොතැනක සිටිය ද මරණය නුඹලා හමුවට පැමිණෙනු ඇත. නුඹලා බලවත් බලකොටු වක් තුල සිටිය ද. (නබිවරය) ඔවුනට යම් යහපතක් සිදු වන විට එය අල්ලාහ් වෙතින් යැයි ඔවුහු පවසති. ඔවුනට යම් නපුරක් සිදු වන විට මෙය ඔබ වෙතින් යැයි පවසති. සියල්ල අල්ලාහ් වෙතින් යැයි නුඹ පවසනු. මෙම ජනයාට සිදු වී ඇත්තේ කුමක්ද ? ඔවුන් (ඔබේ) පුවත අවබෝධ කර ගැනීමට තැත් නොකරති
Surah An-Nisa, Verse 78
مَّآ أَصَابَكَ مِنۡ حَسَنَةٖ فَمِنَ ٱللَّهِۖ وَمَآ أَصَابَكَ مِن سَيِّئَةٖ فَمِن نَّفۡسِكَۚ وَأَرۡسَلۡنَٰكَ لِلنَّاسِ رَسُولٗاۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدٗا
(නබිවරය!) ඔබට යම් යහපතක් වී නම් එය අල්ලාහ් වෙතිනි. තවද නුඹට යම් නපුරක් වී නම් එය නුඹ වෙතිනි (යැයි පවසනු) තවද අපි නුඹ ව මුළු මහත් ජනයාට දූතයකු ලෙස එව්වෙමු. තවද සාක්ෂිකරුවා වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය
Surah An-Nisa, Verse 79
مَّن يُطِعِ ٱلرَّسُولَ فَقَدۡ أَطَاعَ ٱللَّهَۖ وَمَن تَوَلَّىٰ فَمَآ أَرۡسَلۡنَٰكَ عَلَيۡهِمۡ حَفِيظٗا
කවරෙකු මෙම රසූල්වරයාට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත විය. කවරෙකු පිටුපාන්නේ ද (දැන ගනු) අපි නුඹ ව ඔවුන් වෙත ආරක්ෂකයකු ලෙස යැව්වේ නැත
Surah An-Nisa, Verse 80
وَيَقُولُونَ طَاعَةٞ فَإِذَا بَرَزُواْ مِنۡ عِندِكَ بَيَّتَ طَآئِفَةٞ مِّنۡهُمۡ غَيۡرَ ٱلَّذِي تَقُولُۖ وَٱللَّهُ يَكۡتُبُ مَا يُبَيِّتُونَۖ فَأَعۡرِضۡ عَنۡهُمۡ وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا
අපි අවනත වෙමු යැයි ඔවුහු පවසති. නමුත් නුඹ වෙතින් ඔවුහු බැහැර ව ගිය විට ඔවුන් අතුරින් පිරිසක් නුඹ නොපැවසූ දෑ ගැන රාත්‍රිය පුරාම කුමන්ත්‍රණය කරති. ඔවුන් රාත්‍රිය පුරාම කරන දෑ ගැන අල්ලාහ් සටහන් කරයි. එබැවින් නුඹ ඔවුන් ගැන නොසලකා හරිනු. තවද අල්ලාහ් වෙත භාර කරනු. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය
Surah An-Nisa, Verse 81
أَفَلَا يَتَدَبَّرُونَ ٱلۡقُرۡءَانَۚ وَلَوۡ كَانَ مِنۡ عِندِ غَيۡرِ ٱللَّهِ لَوَجَدُواْ فِيهِ ٱخۡتِلَٰفٗا كَثِيرٗا
අල්කුර්ආනය ගැන ඔවුහු වටහා ගත යුතු නොවේ ද? එය අල්ලාහ් නොවන කෙනෙකු වෙතින් ලැබූ දෙයක් නම්, එහි ඔවුහු පරස්පර භේදයන් බොහෝමයක්ම දකිනු ඇත
Surah An-Nisa, Verse 82
وَإِذَا جَآءَهُمۡ أَمۡرٞ مِّنَ ٱلۡأَمۡنِ أَوِ ٱلۡخَوۡفِ أَذَاعُواْ بِهِۦۖ وَلَوۡ رَدُّوهُ إِلَى ٱلرَّسُولِ وَإِلَىٰٓ أُوْلِي ٱلۡأَمۡرِ مِنۡهُمۡ لَعَلِمَهُ ٱلَّذِينَ يَسۡتَنۢبِطُونَهُۥ مِنۡهُمۡۗ وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ لَٱتَّبَعۡتُمُ ٱلشَّيۡطَٰنَ إِلَّا قَلِيلٗا
(පොදු) සුරක්ෂාව හෝ භීතිය ගැන තොරතුරක් ඔවුන් වෙත පැමිණි විට ඔවුහු එය පතුරවා හරිති. තවද ඔවුන් එය (අල්ලාහ්ගේ) දූතයා වෙතටත් ඔවුන් අතුරින් කරුණු (අවබෝධය) ඇති උදවිය වෙතටත් යොමු කළේ නම් ඒ ගැන පරිශීලනය කරන්නන් එය දැන ගනු ඇත. නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව නොවී නම් ස්වල්ප දෙනකු හැර නුඹලා ෂෙයිතාන් ව අනුගමනය කරන්නට තිබිණ
Surah An-Nisa, Verse 83
فَقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِ لَا تُكَلَّفُ إِلَّا نَفۡسَكَۚ وَحَرِّضِ ٱلۡمُؤۡمِنِينَۖ عَسَى ٱللَّهُ أَن يَكُفَّ بَأۡسَ ٱلَّذِينَ كَفَرُواْۚ وَٱللَّهُ أَشَدُّ بَأۡسٗا وَأَشَدُّ تَنكِيلٗا
එසේ නම් (නබිවරය) නුඹ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිනු. නුඹ නුඹවම මිස වෙන කිසිවකු ( යුද්ධයට යාම) පිණිස බල කරන්නට අවශ්‍ය නොවේ. තවද දේව විශ්වාසවන්තයින් ව දිරි ගන්වනු. දේව ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රහාරය අල්ලාහ් මැඩපවත්වනු ඇත. තවද අල්ලාහ් ප්‍රහාර එල්ල කිරීමෙහි ඉතා දැඩිය. තවද දඬුවම් දීමෙහි ද ඉතා දැඩිය
Surah An-Nisa, Verse 84
مَّن يَشۡفَعۡ شَفَٰعَةً حَسَنَةٗ يَكُن لَّهُۥ نَصِيبٞ مِّنۡهَاۖ وَمَن يَشۡفَعۡ شَفَٰعَةٗ سَيِّئَةٗ يَكُن لَّهُۥ كِفۡلٞ مِّنۡهَاۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ مُّقِيتٗا
කවරෙකු යහපත් නිර්දේශයකින් නිර්දේශ කරන්නේ ද ඔහුට එයින් කොටසක් හිමිය. එමෙන්ම කවරෙක් අයහපත් නිර්දේශයකින් නිර්දේශ කරන්නේ ද ඔහුට ඉන් කොටසක් හිමිය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි නිරීක්ෂකයා විය
Surah An-Nisa, Verse 85
وَإِذَا حُيِّيتُم بِتَحِيَّةٖ فَحَيُّواْ بِأَحۡسَنَ مِنۡهَآ أَوۡ رُدُّوهَآۗ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٍ حَسِيبًا
සුබ පැතුමකින් නුඹලා සුබ පතනු ලැබූ විට නුඹලා ද ඊට වඩා අලංකාර ලෙසින් සුබ පතන්න. එසේ නැතහොත් එයම ආපසු ප්‍රතිචාර ලෙස දක්වන්න. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අවධානය කරන්නාය
Surah An-Nisa, Verse 86
ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۚ لَيَجۡمَعَنَّكُمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَا رَيۡبَ فِيهِۗ وَمَنۡ أَصۡدَقُ مِنَ ٱللَّهِ حَدِيثٗا
අල්ලාහ් දෙවිඳා වූ ඔහු හැර නැමදුමට වෙන දෙවිඳෙකු නොමැත. එහි කිසිදු සැකයක් නොමැති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙත ඔහු නුඹලා ව එකතු කරනු ඇත. අල්ලාහ්ට වඩා කතාවෙන් සත්‍යවාදී කවුද
Surah An-Nisa, Verse 87
۞فَمَا لَكُمۡ فِي ٱلۡمُنَٰفِقِينَ فِئَتَيۡنِ وَٱللَّهُ أَرۡكَسَهُم بِمَا كَسَبُوٓاْۚ أَتُرِيدُونَ أَن تَهۡدُواْ مَنۡ أَضَلَّ ٱللَّهُۖ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلٗا
කුහකයින් විෂයයෙහි නුඹලා දෙපිරිසක් වන්නේ ඇයි? ඔවුන් ඉපැයූ (අයහපත්) දෑ හේතුවෙන් ඔවුන් ව අල්ලාහ් අවමානයට පත් කළේය. අල්ලාහ් නොමඟ යැවූවන් ව මඟපෙන්වීමට නුඹලා අපේක්ෂා කරන්නෙහු ද? අල්ලාහ් කවරෙකු නොමඟ හැරියේ ද එවිට නුඹ ඔහු වෙනුවෙන් කිසිදු මඟක් නොදකිනු ඇත
Surah An-Nisa, Verse 88
وَدُّواْ لَوۡ تَكۡفُرُونَ كَمَا كَفَرُواْ فَتَكُونُونَ سَوَآءٗۖ فَلَا تَتَّخِذُواْ مِنۡهُمۡ أَوۡلِيَآءَ حَتَّىٰ يُهَاجِرُواْ فِي سَبِيلِ ٱللَّهِۚ فَإِن تَوَلَّوۡاْ فَخُذُوهُمۡ وَٱقۡتُلُوهُمۡ حَيۡثُ وَجَدتُّمُوهُمۡۖ وَلَا تَتَّخِذُواْ مِنۡهُمۡ وَلِيّٗا وَلَا نَصِيرًا
ඔවුහු ප්‍රතික්ෂේප කළාක් මෙන් නුඹලා ද ප්‍රතික්ෂේප කර (ඔවුන්ට) සමාන වීම ගැන ඔවුහු ප්‍රිය කරති. එබැවින් ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ දේශ තරණය කරන තෙක් ඔවුන් අතුරින් කිසිවකු නුඹලා මිතුරන් ලෙස නොගනු. ඔවුන් පිටුපෑවේ නම් ඔවුන් ව (සිරකරුවන් ලෙස) නුඹලා හසු කර ගනු. (ද්‍රෝහි වී ඉන් මිදීමට තැත් කළ විට) නුඹලා ඔවුන් ව දුටු තැන මරා දමනු. ඔවුන්ගෙන් කිසිවකු භාරකරු වකු වශයෙන් හෝ උදව් කරුවකු වශයෙන් හෝ නොගනු
Surah An-Nisa, Verse 89
إِلَّا ٱلَّذِينَ يَصِلُونَ إِلَىٰ قَوۡمِۭ بَيۡنَكُمۡ وَبَيۡنَهُم مِّيثَٰقٌ أَوۡ جَآءُوكُمۡ حَصِرَتۡ صُدُورُهُمۡ أَن يُقَٰتِلُوكُمۡ أَوۡ يُقَٰتِلُواْ قَوۡمَهُمۡۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَسَلَّطَهُمۡ عَلَيۡكُمۡ فَلَقَٰتَلُوكُمۡۚ فَإِنِ ٱعۡتَزَلُوكُمۡ فَلَمۡ يُقَٰتِلُوكُمۡ وَأَلۡقَوۡاْ إِلَيۡكُمُ ٱلسَّلَمَ فَمَا جَعَلَ ٱللَّهُ لَكُمۡ عَلَيۡهِمۡ سَبِيلٗا
නමුත් නුඹලා අතර හා ඔවුන් අතර ගිවිසුමක් ඇති පිරිසක් සමඟ සේන්දු වන අය හෝ නුඹලා සමඟ සටන් වැදීමෙන් හා ඔවුන්ගේ පිරිස සමඟ සටන් වැදීමෙන් තම හදවත් මැඩ පවත්වා ගනිමින් නුඹලා වෙත පැමිණි අය හැර. අල්ලාහ් අභිමත වී නම් නුඹලා මත බලය පවත්වන්නන් බවට ඔවුන් ව ඔහු පත් කරන්නට තිබිණ. එවිට ඔවුහු නුඹලා සමඟ සටන් වදිනු ඇත. එබැවින් ඔවුන් නුඹලා ගෙන් ඉවත් ව නුඹලා සමඟ සටන් නොවැද නුඹලාට සාමය ඉදිරිපත් කළේ නම් ඔවුනට එරෙහි ව ක්‍රියාමාර්ගයක් ගැනීමට අල්ලාහ් නුඹලාට කිසිදු මගක් ඇති නොකළේය
Surah An-Nisa, Verse 90
سَتَجِدُونَ ءَاخَرِينَ يُرِيدُونَ أَن يَأۡمَنُوكُمۡ وَيَأۡمَنُواْ قَوۡمَهُمۡ كُلَّ مَا رُدُّوٓاْ إِلَى ٱلۡفِتۡنَةِ أُرۡكِسُواْ فِيهَاۚ فَإِن لَّمۡ يَعۡتَزِلُوكُمۡ وَيُلۡقُوٓاْ إِلَيۡكُمُ ٱلسَّلَمَ وَيَكُفُّوٓاْ أَيۡدِيَهُمۡ فَخُذُوهُمۡ وَٱقۡتُلُوهُمۡ حَيۡثُ ثَقِفۡتُمُوهُمۡۚ وَأُوْلَـٰٓئِكُمۡ جَعَلۡنَا لَكُمۡ عَلَيۡهِمۡ سُلۡطَٰنٗا مُّبِينٗا
තවත් (වංචනික) පිරිසක් නුඹලා මතුවට දකිනු ඇත. ඔවුහු නුඹලාගෙන් රැකවරණය පැතීමටත් (ඔබගේ ප්‍රතිවාදී) තම ජනයාගෙන් රැකවරණය පැතීමටත් අපේක්ෂා කරති. කලහකම් වෙත ඔවුන් ඇරයුම් කරනු ලබන සෑම විටකම ඔවුහු එහි දැඩි ව නියැළෙති.එබැවින් ඔවුන් නුඹලාට ( විරෝධය දැක්වීමෙ ) න් ඉවත් නොවී, නුඹලා වෙත සාමය ඉදිරිපත් නොකර, ඔවුන්ගේ දෑත් නුඹලාට එදිරිවාදිකම් කිරීමෙන් ඉවත් නොකර සිටින්නේ නම්, නුඹලා ඔවුන් ව හසු කර ගනු. තවද ඔවුන් දුටු තැන මරා දමනු. එවැන්නන්ට එරෙහි වීමට, අපි ප්‍රකට බලයක් නුඹලාට ඇති කළෙමු
Surah An-Nisa, Verse 91
وَمَا كَانَ لِمُؤۡمِنٍ أَن يَقۡتُلَ مُؤۡمِنًا إِلَّا خَطَـٔٗاۚ وَمَن قَتَلَ مُؤۡمِنًا خَطَـٔٗا فَتَحۡرِيرُ رَقَبَةٖ مُّؤۡمِنَةٖ وَدِيَةٞ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهۡلِهِۦٓ إِلَّآ أَن يَصَّدَّقُواْۚ فَإِن كَانَ مِن قَوۡمٍ عَدُوّٖ لَّكُمۡ وَهُوَ مُؤۡمِنٞ فَتَحۡرِيرُ رَقَبَةٖ مُّؤۡمِنَةٖۖ وَإِن كَانَ مِن قَوۡمِۭ بَيۡنَكُمۡ وَبَيۡنَهُم مِّيثَٰقٞ فَدِيَةٞ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهۡلِهِۦ وَتَحۡرِيرُ رَقَبَةٖ مُّؤۡمِنَةٖۖ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ شَهۡرَيۡنِ مُتَتَابِعَيۡنِ تَوۡبَةٗ مِّنَ ٱللَّهِۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا
වැරදීමකින් මිස දේව විශ්වාස වන්තයෙකු ඝාතනය කිරීමට දේව විශ්වාසවන්තයකුට සුදුසු නොවීය. තවද කවරෙකු දේව විශ්වාසවන්තයකු ව වැරැදීමකින් ඝාතනය කළේ නම් එවිට ඔහු දේව විශ්වාසවන්ත වහලෙක් නිදහස් කළ යුතු අතර ඔහුගේ නිවැසියන්ට වන්දියක්ද පිරිනැමිය යුතු වේ. නමුත් ඔවුන් දානයක් ලෙස (එය) අතහැර දැමුවේ නම් මිස. ඔහු නුඹලාට එරෙහි වූ පිරිසකගෙන් කෙනෙකු වී ඔහු දේව විශ්වාස වන්තයකුව ද සිටී නම් දේව විශ්වාසවන්ත වහලෙක් නිදහස් කළ යුතුය. තවද ඔහු නුඹලා අතර ද තමන් අතර ද ගිවිසුමක් ඇති පිරිසකගෙන් කෙනෙකු වී නම් ඔහුගේ නිවැසියන්ට වන්දියක්ද පිරිනැමිය යුතු වේ. කවරෙකු (මේවා) නොලැබුවේද ඔහු අල්ලාහ්ගෙන් පාපක්ෂමාව ක් වශයෙන් අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතුය. තවද අල්ලාහ් සර්ව ඥානීය සර්ව ප්‍රඥාවන්තය
Surah An-Nisa, Verse 92
وَمَن يَقۡتُلۡ مُؤۡمِنٗا مُّتَعَمِّدٗا فَجَزَآؤُهُۥ جَهَنَّمُ خَٰلِدٗا فِيهَا وَغَضِبَ ٱللَّهُ عَلَيۡهِ وَلَعَنَهُۥ وَأَعَدَّ لَهُۥ عَذَابًا عَظِيمٗا
කවරෙකු දේව විශ්වාස වන්තයකු ව උවමනාවෙන් ඝාතනය කරන්නේ ද එවිට ඔහුගේ කුලිය නිරය වේ. එහි ඔහු සදාතනිකයකු වේ. තවද අල්ලාහ් ඔහු කෙරෙහි කෝප වෙයි. තවද ඔහුට ශාප කරයි. තවද ඔහු වෙනුවෙන් අතිමහත් දඬුවමක් පිළියෙල කරයි
Surah An-Nisa, Verse 93
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا ضَرَبۡتُمۡ فِي سَبِيلِ ٱللَّهِ فَتَبَيَّنُواْ وَلَا تَقُولُواْ لِمَنۡ أَلۡقَىٰٓ إِلَيۡكُمُ ٱلسَّلَٰمَ لَسۡتَ مُؤۡمِنٗا تَبۡتَغُونَ عَرَضَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا فَعِندَ ٱللَّهِ مَغَانِمُ كَثِيرَةٞۚ كَذَٰلِكَ كُنتُم مِّن قَبۡلُ فَمَنَّ ٱللَّهُ عَلَيۡكُمۡ فَتَبَيَّنُوٓاْۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا
දේව විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ (යුද වැදීමට) ගිය විට (නුඹලා මුහුණ දෙන සතුරා විශ්වාසිවන්තයකු ද අවිශ්වාසවන්තයකු ද යන්න සොයා බලා) පැහැදිලි කර ගනිවු. නුඹලාට සලාම්-ශාන්තිය ඉදිරිපත් කළ අයට නුඹලා මෙලොව ජීවිතයේ සම්පත් සොයමින් ‘නුඹ දේව විශ්වාස වන්තයකු නොවේ’ යැයි නොපවසනු. අල්ලාහ් අබියස බොහෝ සම්පත් ඇත. මීට පෙර නුඹලා ද සිටියේ මෙලෙසමය. පසුව අල්ලාහ් නුඹලාට උපකාර කළේය. එබැවින් පැහැදිලි කර ගනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය
Surah An-Nisa, Verse 94
لَّا يَسۡتَوِي ٱلۡقَٰعِدُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ غَيۡرُ أُوْلِي ٱلضَّرَرِ وَٱلۡمُجَٰهِدُونَ فِي سَبِيلِ ٱللَّهِ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡۚ فَضَّلَ ٱللَّهُ ٱلۡمُجَٰهِدِينَ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ عَلَى ٱلۡقَٰعِدِينَ دَرَجَةٗۚ وَكُلّٗا وَعَدَ ٱللَّهُ ٱلۡحُسۡنَىٰۚ وَفَضَّلَ ٱللَّهُ ٱلۡمُجَٰهِدِينَ عَلَى ٱلۡقَٰعِدِينَ أَجۡرًا عَظِيمٗا
දේව විශ්වාසවන්තයින් අතුරින් (නිදහසට) හේතු සහිත වූවන් හැර (සටනට නොගොස් ) රැඳී සිටියවුන්, අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව ද, තම ජීවිත ද, කැප කළවුන්ට සමාන නොවන්නේය. (එසේ) රැඳී සිටියවුන්ට වඩා තම වස්තුව ද තම ජීවිත ද කැපකළ වුන් ව අල්ලාහ් තරාතිරමින් උසස් කළේය. අල්ලාහ් සියල්ලට යහපත දෙන බව පොරොන්දු වී ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ තම ජීවිතය කැප කළවුන්ව (සටනට නොගොස් ) රැඳී සිටියවුන්ට වඩා, අල්ලාහ් උත්තරීතර යහ ප්‍රතිඵල තුලින් උසස් කර ඇත
Surah An-Nisa, Verse 95
دَرَجَٰتٖ مِّنۡهُ وَمَغۡفِرَةٗ وَرَحۡمَةٗۚ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمًا
පදවි පිරිනැමීමෙන් ද, සමාව දීමෙන් ද, ආශිර්වාද කිරීමෙන් ද, අල්ලාහ් (ඔවුන්ව) උසස් කළේය. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. මහා කරුණාභරිතය
Surah An-Nisa, Verse 96
إِنَّ ٱلَّذِينَ تَوَفَّىٰهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ ظَالِمِيٓ أَنفُسِهِمۡ قَالُواْ فِيمَ كُنتُمۡۖ قَالُواْ كُنَّا مُسۡتَضۡعَفِينَ فِي ٱلۡأَرۡضِۚ قَالُوٓاْ أَلَمۡ تَكُنۡ أَرۡضُ ٱللَّهِ وَٰسِعَةٗ فَتُهَاجِرُواْ فِيهَاۚ فَأُوْلَـٰٓئِكَ مَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَسَآءَتۡ مَصِيرًا
තමන්ටම අපරාධ කර ගත්තවුන් ලෙස සිටිය දී ඔවුන් ව මලක්වරු මරණයට පත් කරන විට “නුඹලා කවර තත්ත්වයක සිටියෙහු දැ” යි විමසති. එවිට “මහපොළොවේ අපි දුබලයින් ලෙස සිටියෙමු” යැයි ඔවුහු පවසති. “අල්ලාහ්ගේ මහපොළොව ව්‍යාප්ත වූවක් ලෙස නොතිබුණේද? එහෙයින් නුඹලා එහි සංක්‍රමණය වීමට තිබුණි” යැයි පවසති. මොවුන් පිවිසෙන ස්ථානය නිරය වේ. එය නවාතැනින් ඉතා නපුරුය
Surah An-Nisa, Verse 97
إِلَّا ٱلۡمُسۡتَضۡعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلۡوِلۡدَٰنِ لَا يَسۡتَطِيعُونَ حِيلَةٗ وَلَا يَهۡتَدُونَ سَبِيلٗا
ඔවුනට කිසිදු උපාය මාර්ගයක් ගැනීමට හැකියාවක් නොමැති, කිසිදු මාර්ගයක් මඟ පෙන්වනු නොලැබූ, පිරිමින් අතුරින් දුබලයින් ද කාන්තාවන් ද ළමුන් ද හැර
Surah An-Nisa, Verse 98
فَأُوْلَـٰٓئِكَ عَسَى ٱللَّهُ أَن يَعۡفُوَ عَنۡهُمۡۚ وَكَانَ ٱللَّهُ عَفُوًّا غَفُورٗا
එවැන්නන්ට අල්ලාහ් සමාව දිය හැකි ය. තවද අල්ලාහ් සමාව දෙන්නාය. අති ක්ෂමාශීලීය
Surah An-Nisa, Verse 99
۞وَمَن يُهَاجِرۡ فِي سَبِيلِ ٱللَّهِ يَجِدۡ فِي ٱلۡأَرۡضِ مُرَٰغَمٗا كَثِيرٗا وَسَعَةٗۚ وَمَن يَخۡرُجۡ مِنۢ بَيۡتِهِۦ مُهَاجِرًا إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ يُدۡرِكۡهُ ٱلۡمَوۡتُ فَقَدۡ وَقَعَ أَجۡرُهُۥ عَلَى ٱللَّهِۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا
අල්ලාහ්ගේ මාර්ගයේ කවරෙකු (වාසය කරන ස්ථානයෙන්) සංක්‍රමණය වන්නේද? ඔහු මිහිතලයේ විකල්ප ස්ථානයන් බොහෝමයක් ද, ජීවන පහසුකම් ද ලබනු ඇත. කවරෙකු අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයාණන් වෙත තම නිවසින් බැහැර ව ගොස්, පසුව ඔහුට මරණය අත් වන්නේ ද එවිට ඔහුගේ කුලිය අල්ලාහ් වෙත නියම විය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය
Surah An-Nisa, Verse 100
وَإِذَا ضَرَبۡتُمۡ فِي ٱلۡأَرۡضِ فَلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَن تَقۡصُرُواْ مِنَ ٱلصَّلَوٰةِ إِنۡ خِفۡتُمۡ أَن يَفۡتِنَكُمُ ٱلَّذِينَ كَفَرُوٓاْۚ إِنَّ ٱلۡكَٰفِرِينَ كَانُواْ لَكُمۡ عَدُوّٗا مُّبِينٗا
නුඹලා භූමියෙහි ගමන් කළ විට, දේව ප්‍රතික්ෂේපකයින් නුඹලාට කලහකම් ඇති කරනු ඇතැයි නුඹලා බිය වෙතොත්, සලාතය කෙටි කිරීම නුඹලාට වරදක් නැත. සැබැවින්ම දේව ප්‍රතික්ෂේපකයින් නුඹලාට පැහැදිලි සතුරන් වූහ
Surah An-Nisa, Verse 101
وَإِذَا كُنتَ فِيهِمۡ فَأَقَمۡتَ لَهُمُ ٱلصَّلَوٰةَ فَلۡتَقُمۡ طَآئِفَةٞ مِّنۡهُم مَّعَكَ وَلۡيَأۡخُذُوٓاْ أَسۡلِحَتَهُمۡۖ فَإِذَا سَجَدُواْ فَلۡيَكُونُواْ مِن وَرَآئِكُمۡ وَلۡتَأۡتِ طَآئِفَةٌ أُخۡرَىٰ لَمۡ يُصَلُّواْ فَلۡيُصَلُّواْ مَعَكَ وَلۡيَأۡخُذُواْ حِذۡرَهُمۡ وَأَسۡلِحَتَهُمۡۗ وَدَّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ تَغۡفُلُونَ عَنۡ أَسۡلِحَتِكُمۡ وَأَمۡتِعَتِكُمۡ فَيَمِيلُونَ عَلَيۡكُم مَّيۡلَةٗ وَٰحِدَةٗۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ إِن كَانَ بِكُمۡ أَذٗى مِّن مَّطَرٍ أَوۡ كُنتُم مَّرۡضَىٰٓ أَن تَضَعُوٓاْ أَسۡلِحَتَكُمۡۖ وَخُذُواْ حِذۡرَكُمۡۗ إِنَّ ٱللَّهَ أَعَدَّ لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا
(නබිවරය, යුධ අවස්ථාවක) නුඹ ඔවුන් අතර වී ඔවුනට සලාතය මෙහෙය වන්නෙහි නම් ඔවුන්ගෙන් පිරිසක් නුඹ සමඟ (සලාතය) ඉටු කළ යුතුය. ඔවුන් ඔවුන්ගේ ආයුධ (අතට) ගත යුතුය. ඔවුහු සුජූද් කළ පසුව නුඹලාට පිටුපසින් ඔවුන් විය යුතුය. සලාතය ඉටු නොකළ අනෙක් පිරිස (එහි) පැමිණිය යුතුය. නුඹ සමඟ ඔවුන් ද සලාතය ඉටු කළ යුතුය. ඔවුන්ගේ ආරක්ෂාව හා ඔවුන් ගේ ආයුධ ඔවුන් ගත යුතුය. දේව ප්‍රතික්ෂේප කළවුන් නුඹලාගේ ආයුධ හා නුඹලාගේ මෙවලම් පිළිබඳ නුඹලා අනවධානී ව සිටියේ නම් එවිට ඔවුහු නුඹලා වෙත එකවර යොමු වී කඩා පනින්නට ප්‍රිය කරති. වර්ෂාවෙන් ඇති වන බාධාවක් නිසා හෝ නුඹලා රෝගීන් ව සිටියේ නම් හෝ නුඹලාගේ අයුධ බිම තැබීම නුඹලා කෙරෙහි වරදක් නොමැත. නමුත් නුඹලාගේ ආරක්ෂාව ගැන නුඹලා (වග බලා) ගත යුතුය. සැබැවින්ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපක යින්ට නින්දනීය දඬුවමක් සූදානම් කොට ඇත
Surah An-Nisa, Verse 102
فَإِذَا قَضَيۡتُمُ ٱلصَّلَوٰةَ فَٱذۡكُرُواْ ٱللَّهَ قِيَٰمٗا وَقُعُودٗا وَعَلَىٰ جُنُوبِكُمۡۚ فَإِذَا ٱطۡمَأۡنَنتُمۡ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَۚ إِنَّ ٱلصَّلَوٰةَ كَانَتۡ عَلَى ٱلۡمُؤۡمِنِينَ كِتَٰبٗا مَّوۡقُوتٗا
නුඹලා සලාතය ඉටු කළේ නම් පසුව නුඹලා සිට ගනිමින් ද, වාඩිවෙමින් ද, නුඹලාගේ ඇලපත් මත(ට ඇල) වෙමින් ද, අල්ලාහ් ව මෙනෙහි කරනු. නුඹලා අභයදායී වූයෙහු නම් දැන් නුඹලා සලාතය (පූර්ණ ව) ඉටු කරනු. සැබැවින්ම සලාතය දේව විශ්වාසවන්තයින් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි
Surah An-Nisa, Verse 103
وَلَا تَهِنُواْ فِي ٱبۡتِغَآءِ ٱلۡقَوۡمِۖ إِن تَكُونُواْ تَأۡلَمُونَ فَإِنَّهُمۡ يَأۡلَمُونَ كَمَا تَأۡلَمُونَۖ وَتَرۡجُونَ مِنَ ٱللَّهِ مَا لَا يَرۡجُونَۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا
එම (සතුරු) පිරිස සොයා යාමෙහි නුඹලා පසුනොබසිනු. නුඹලා වේදනාවට පත් වුව ද එසේ නුඹලා වේදනාවට පත්වනවාක් මෙන්ම ඔවුන් ද වේදනාවට පත් වනු ඇත. එමෙන්ම ඔවුන් අපේක්ෂා නොකරන දෙයක් නුඹලා අල්ලාහ්ගෙන් අපේක්ෂා කරන්නෙහුය. තවද අල්ලාහ් සර්වඥානීය. සර්ව ප්‍රඥාවන්තය
Surah An-Nisa, Verse 104
إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ لِتَحۡكُمَ بَيۡنَ ٱلنَّاسِ بِمَآ أَرَىٰكَ ٱللَّهُۚ وَلَا تَكُن لِّلۡخَآئِنِينَ خَصِيمٗا
(නබිවරය!) අල්ලාහ් නුඹට පෙන්වා දුන් දෑ තුළින් ජනයා අතර නුඹ තීන්දු ලබා දීම පිණිස සැබැවින්ම සත්‍යයයෙන් යුතුව අපි නුඹ වෙත අල් කුර්ආනය පහළ කළෙමු. වංචා කරන්නන් හට වාද කරන්නෙකු බවට නුඹ පත් නොවනු
Surah An-Nisa, Verse 105
وَٱسۡتَغۡفِرِ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا
තවද නුඹ අල්ලාහ්ගෙන් සමාව අයැදිනු. සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලී හා අසමසම කරුණාවන්ත විය
Surah An-Nisa, Verse 106
وَلَا تُجَٰدِلۡ عَنِ ٱلَّذِينَ يَخۡتَانُونَ أَنفُسَهُمۡۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ خَوَّانًا أَثِيمٗا
තමන්ට තමන්ම වංචා කරන්නන් වෙනුවෙන් නුඹ වාද නොකරනු. සැබැවින්ම අල්ලාහ් ද්‍රෝහීන් හා පාපතරයින් ලෙස සිටින්නන්ව ප්‍රිය නොකරයි
Surah An-Nisa, Verse 107
يَسۡتَخۡفُونَ مِنَ ٱلنَّاسِ وَلَا يَسۡتَخۡفُونَ مِنَ ٱللَّهِ وَهُوَ مَعَهُمۡ إِذۡ يُبَيِّتُونَ مَا لَا يَرۡضَىٰ مِنَ ٱلۡقَوۡلِۚ وَكَانَ ٱللَّهُ بِمَا يَعۡمَلُونَ مُحِيطًا
ඔවුන් ජනතාවට සැඟවිය හැකිය. අල්ලාහ්ට සැඟවිය නොහැකිය. දෙවියන් ප්‍රිය නොකරන කථා රාත්‍රියේදී කතා කරමින් කුමන්ත්‍රණ කළ විට ඔහු ඔවුන් සමඟ සිටියේ ය. අල්ලාහ් ඔවුන් කරන දේ ගැන සහමුලින් ම දැන සිටින්නෙකි
Surah An-Nisa, Verse 108
هَـٰٓأَنتُمۡ هَـٰٓؤُلَآءِ جَٰدَلۡتُمۡ عَنۡهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا فَمَن يُجَٰدِلُ ٱللَّهَ عَنۡهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ أَم مَّن يَكُونُ عَلَيۡهِمۡ وَكِيلٗا
මෙන්න, නුඹලා මෙලොව ජීවිතයෙහි ඔවුන් වෙනුවෙන් වාද කරන්නෙහුය. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ගැන අල්ලාහ් සමඟ වාද කරනුයේ කවුද? එසේ නොමැති නම් ඔවුන් කෙරෙහි භාරකරුවෙකු වනුයේ කවුද
Surah An-Nisa, Verse 109
وَمَن يَعۡمَلۡ سُوٓءًا أَوۡ يَظۡلِمۡ نَفۡسَهُۥ ثُمَّ يَسۡتَغۡفِرِ ٱللَّهَ يَجِدِ ٱللَّهَ غَفُورٗا رَّحِيمٗا
කවරෙකු (අනුන්ට) යම් නපුරක් සිදු කර හෝ නැතිනම් තමන්ටම අපරාධයක් සිදු කර පසුව අල්ලාහ්ගෙන් සමාව අයැදින්නේ ද, ඔහු අල්ලාහ් ව අති ක්ෂමාශීලී අසමසම කරුණාන්විතයකු ලෙස දකියි
Surah An-Nisa, Verse 110
وَمَن يَكۡسِبۡ إِثۡمٗا فَإِنَّمَا يَكۡسِبُهُۥ عَلَىٰ نَفۡسِهِۦۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا
කවරෙකු පාපයක් උපයන්නේ ද ඔහු එය උපයනුයේ තමන්ටම එරෙහිවය. තවද අල්ලාහ් සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත විය
Surah An-Nisa, Verse 111
وَمَن يَكۡسِبۡ خَطِيٓـَٔةً أَوۡ إِثۡمٗا ثُمَّ يَرۡمِ بِهِۦ بَرِيٓـٔٗا فَقَدِ ٱحۡتَمَلَ بُهۡتَٰنٗا وَإِثۡمٗا مُّبِينٗا
කවරෙකු වරදක් හෝ පාපයක් උපයා පසුව එය නිර්දෝෂී කෙනෙකු මත හෙළන්නේ ද එවිට ඔහු අවලාදයක් හා ප්‍රකට පාපයක් උසුලා ගත්තේය
Surah An-Nisa, Verse 112
وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكَ وَرَحۡمَتُهُۥ لَهَمَّت طَّآئِفَةٞ مِّنۡهُمۡ أَن يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمۡۖ وَمَا يَضُرُّونَكَ مِن شَيۡءٖۚ وَأَنزَلَ ٱللَّهُ عَلَيۡكَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَعَلَّمَكَ مَا لَمۡ تَكُن تَعۡلَمُۚ وَكَانَ فَضۡلُ ٱللَّهِ عَلَيۡكَ عَظِيمٗا
(නබිවරය!) තවද නුඹ කෙරෙහි අල්ලාගේ ආශිර්වාදය හා ඔහුගේ කරුණාව නොවී නම් ඔවුන් අතුරින් පිරිසක් නුඹ ව නොමඟ යැවීමට උත්සාහ දරන්නට තිබිණ. නමුත් ඔවුන්වම මිස (වෙන කිසිවකු) ඔවුන් නොමඟ හැරියේ නැත. කිසිවකින් හෝ ඔවුන් නුඹට පීඩාවක් නොකරනු ඇත. තවද අල්ලාහ් නුඹ කෙරෙහි පුස්තකය (අල් කුර්ආනය) හා ප්‍රඥාව පහළ කළේය. තවද නුඹ නොදැන සිටි දෑ ඔහු නුඹට ඉගැන්නුවේය. තවද නුඹ කෙරෙහි වූ අල්ලාහ් ගේ භාග්‍යය අතිමහත් විය
Surah An-Nisa, Verse 113
۞لَّا خَيۡرَ فِي كَثِيرٖ مِّن نَّجۡوَىٰهُمۡ إِلَّا مَنۡ أَمَرَ بِصَدَقَةٍ أَوۡ مَعۡرُوفٍ أَوۡ إِصۡلَٰحِۭ بَيۡنَ ٱلنَّاسِۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ ٱبۡتِغَآءَ مَرۡضَاتِ ٱللَّهِ فَسَوۡفَ نُؤۡتِيهِ أَجۡرًا عَظِيمٗا
කෙනෙකු විසින් දානයක් ගැන හෝ යහපතක් ගැන හෝ ජනයා අතර සමාදානයක් ඇති කිරීම ගැන හෝ කරනු ලබන විධානයකින් මිස ඔවුන් අතර කෙරෙන රහස් කතාවන් බොහෝමයක යහපතක් නොමැත. කවරෙකු එය අල්ලාහ්ගේ තෘප්තිය බලා පොරොත්තුවෙන් සිදු කරන්නේ ද එවිට අපි ඔහුට අතිමහත් ප්‍රතිඵල පිරිනමන්නෙමු
Surah An-Nisa, Verse 114
وَمَن يُشَاقِقِ ٱلرَّسُولَ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُ ٱلۡهُدَىٰ وَيَتَّبِعۡ غَيۡرَ سَبِيلِ ٱلۡمُؤۡمِنِينَ نُوَلِّهِۦ مَا تَوَلَّىٰ وَنُصۡلِهِۦ جَهَنَّمَۖ وَسَآءَتۡ مَصِيرًا
කවරෙකුට යහමඟ පැහැදිලි වූවායින් පසුව මෙම රසූල් වරයාට පිටු පා, දේව විශ්වාස වන්තයින්ගේ මඟ හැර වෙනත් මඟක් අනුගමනය කරන්නේ ද, අපි ඔහු හැරී ගිය දෑ වෙතට ඔහු ව යොමු කරන්නෙමු. තවද ඔහු ව නිරයට ඇතුළත් කරන්නෙමු. නවාතැනින් එය නපුරු ස්ථානයක් විය
Surah An-Nisa, Verse 115
إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ ضَلَّ ضَلَٰلَۢا بَعِيدًا
සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තැබීමට සමාව නොදෙන්නේය. ඒ හැර (අනෙකුත්) දෑ ට ඔහු අභිමත කළ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද සැබැවින්ම ඔහු අන්ත මුළාවකින් නොමඟට විය
Surah An-Nisa, Verse 116
إِن يَدۡعُونَ مِن دُونِهِۦٓ إِلَّآ إِنَٰثٗا وَإِن يَدۡعُونَ إِلَّا شَيۡطَٰنٗا مَّرِيدٗا
(අල්ලාහ් වන) ඔහුගෙන් තොරව දේවතාවන් ව මිස ඔවුහු අයැද සිටින්නේ නැත. තවද (සියලු යහකම් වලින්) බැහැර කරනු ලැබූ ෂෙයිතාන් ව මිස ඔවුහු අයැද සිටින්නේ නැත
Surah An-Nisa, Verse 117
لَّعَنَهُ ٱللَّهُۘ وَقَالَ لَأَتَّخِذَنَّ مِنۡ عِبَادِكَ نَصِيبٗا مَّفۡرُوضٗا
අල්ලාහ් ඔහුට ශාප කළේය. තවද ඔහු "සැබැවින්ම මම නුඹගේ ගැත්තන් අතුරින් නියමිත කොටසක් (ජය) ගනිමි" යැයි පැවැසුවේය
Surah An-Nisa, Verse 118
وَلَأُضِلَّنَّهُمۡ وَلَأُمَنِّيَنَّهُمۡ وَلَأٓمُرَنَّهُمۡ فَلَيُبَتِّكُنَّ ءَاذَانَ ٱلۡأَنۡعَٰمِ وَلَأٓمُرَنَّهُمۡ فَلَيُغَيِّرُنَّ خَلۡقَ ٱللَّهِۚ وَمَن يَتَّخِذِ ٱلشَّيۡطَٰنَ وَلِيّٗا مِّن دُونِ ٱللَّهِ فَقَدۡ خَسِرَ خُسۡرَانٗا مُّبِينٗا
සැබැවින්ම මම ඔවුන් ව නොමඟ හරිමි. ඔවුනට (නොමනා) ආශාවන් ඇති කරමි. තවද මම ඔවුනට නියෝග කරමි. එවිට ඔවුන් ගොවිපළ සතුන්ගේ කන් කපා හරිනු ඇත. තවද මම ඔවුනට නියෝග කරමි. එවිට ඔවුන් අල්ලාහ්ගේ මැවීම් වෙනස් කරනු ඇත යැයි පැවසුවේය. තවද කවරෙකු අල්ලාහ් හැර ෂෙයිතාන් ව භාරකරුවකු ලෙස ගන්නේද සැබැවින්ම ඔහු පැහැදිලි පාඩුවකින් පාඩු වින්දේය
Surah An-Nisa, Verse 119
يَعِدُهُمۡ وَيُمَنِّيهِمۡۖ وَمَا يَعِدُهُمُ ٱلشَّيۡطَٰنُ إِلَّا غُرُورًا
ඔවුනට ඔහු(ෂෙයිතාන්) පොරොන්දු දෙයි. තවද ඔවුනට ආශාවන් ඇති කරයි. ෂෙයිතාන් රැවටීමට මිස ඔවුනට පොරොන්දු නොදෙයි
Surah An-Nisa, Verse 120
أُوْلَـٰٓئِكَ مَأۡوَىٰهُمۡ جَهَنَّمُ وَلَا يَجِدُونَ عَنۡهَا مَحِيصٗا
ඔවුහු වනාහි ඔවුන්ගේ නවාතැන නිරයයි. එයින් කිසිදු ගැලවුමක් ඔවුහු නොදකිනු ඇත
Surah An-Nisa, Verse 121
وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ سَنُدۡخِلُهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ وَعۡدَ ٱللَّهِ حَقّٗاۚ وَمَنۡ أَصۡدَقُ مِنَ ٱللَّهِ قِيلٗا
විශ්වාස කොට යහකම් කළා වූ ඔවුන් ව ඊට පහළින් ගංගාවන් ගලා බසින ස්වර්ග උයන් තුළට අපි ඇතුළත් කරන්නෙමු. ඔවුහු එහි නිරන්තරයෙන්ම සදා තනික යෝ වෙති. අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද අල්ලාහ්ට වඩා කියමනෙන් වඩාත් සැබෑවන්නේ කවරෙකු ද
Surah An-Nisa, Verse 122
لَّيۡسَ بِأَمَانِيِّكُمۡ وَلَآ أَمَانِيِّ أَهۡلِ ٱلۡكِتَٰبِۗ مَن يَعۡمَلۡ سُوٓءٗا يُجۡزَ بِهِۦ وَلَا يَجِدۡ لَهُۥ مِن دُونِ ٱللَّهِ وَلِيّٗا وَلَا نَصِيرٗا
නුඹලාගේ ආශාවන් පරිදි හෝ පුස්තක ලත් ජනයාගේ ආශාවන් පරිදි නොවේ. කවරෙකු නපුරක් කළේ ද ඒ අනුව ඔහුට ප්‍රතිඵල දෙනු ලැබේ. අල්ලාහ්ගෙන් තොරව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ ඔහු නොලබනු ඇත
Surah An-Nisa, Verse 123
وَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّـٰلِحَٰتِ مِن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَـٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ وَلَا يُظۡلَمُونَ نَقِيرٗا
පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා තමන් විශ්වාසවන්තයකු ව සිටිය දී යහකම් අතුරින් කවරෙකු හෝ යහපත කරන්නේ නම් එවිට ඔවුහු ස්වර්ගයට පිවිසෙති. අල්ප ප්‍රමාණයකින්වත් ඔවුහු අපරාධ කරනු නොලබති
Surah An-Nisa, Verse 124
وَمَنۡ أَحۡسَنُ دِينٗا مِّمَّنۡ أَسۡلَمَ وَجۡهَهُۥ لِلَّهِ وَهُوَ مُحۡسِنٞ وَٱتَّبَعَ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۗ وَٱتَّخَذَ ٱللَّهُ إِبۡرَٰهِيمَ خَلِيلٗا
යහපත් දෑ කරන්නෙකු ව සිට තම මුහුණ අල්ලාහ් වෙතට අවනත කරවා ඉබ්‍රාහීම්ගේ පිළිවෙත අවංක ව පිළිපදින්නෙ කුට වඩා දහමින් වඩා අලංකාර වන්නේ කවරෙකු ද ? අල්ලාහ් ඉබ්‍රාහීම් ව මිතුරෙකු බවට ගත්තේය
Surah An-Nisa, Verse 125
وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٖ مُّحِيطٗا
අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ්ටම හිමිය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වප්‍රකාරයෙන් දන්නාය
Surah An-Nisa, Verse 126
وَيَسۡتَفۡتُونَكَ فِي ٱلنِّسَآءِۖ قُلِ ٱللَّهُ يُفۡتِيكُمۡ فِيهِنَّ وَمَا يُتۡلَىٰ عَلَيۡكُمۡ فِي ٱلۡكِتَٰبِ فِي يَتَٰمَى ٱلنِّسَآءِ ٱلَّـٰتِي لَا تُؤۡتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرۡغَبُونَ أَن تَنكِحُوهُنَّ وَٱلۡمُسۡتَضۡعَفِينَ مِنَ ٱلۡوِلۡدَٰنِ وَأَن تَقُومُواْ لِلۡيَتَٰمَىٰ بِٱلۡقِسۡطِۚ وَمَا تَفۡعَلُواْ مِنۡ خَيۡرٖ فَإِنَّ ٱللَّهَ كَانَ بِهِۦ عَلِيمٗا
(නබිවරය!) කාන්තාවන් සම්බන්ධයෙන් ඔවුන් නුඹගෙන් ආගමික තීන්දු විමසති. නුඹ පවසනු! ඔවුන් සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලාට ආගමික තීන්දු දෙනු ඇත. ඔවුන්ට නියම කරනු ලැබූ දෑ ඔවුනට ලබා නොදී ඔවුන් ව විවාහ කර ගැනීමට නුඹලා ආශා කළ අනාථ කාන්තාවන් විෂයයෙහි ද, දරුවන් අතුරින් දුර්වලයින් විෂයයෙහි ද, අනාථයිනට යුක්ති ගරුක ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද, (මීට පෙර පහළ කරනු ලැබූ) පුස්තකයෙහි කියා දී ඇත. නුඹලා කවර යහපතක් කළ ද අල්ලාහ් ඒ පිළිබඳ ව සර්වඥානීය
Surah An-Nisa, Verse 127
وَإِنِ ٱمۡرَأَةٌ خَافَتۡ مِنۢ بَعۡلِهَا نُشُوزًا أَوۡ إِعۡرَاضٗا فَلَا جُنَاحَ عَلَيۡهِمَآ أَن يُصۡلِحَا بَيۡنَهُمَا صُلۡحٗاۚ وَٱلصُّلۡحُ خَيۡرٞۗ وَأُحۡضِرَتِ ٱلۡأَنفُسُ ٱلشُّحَّۚ وَإِن تُحۡسِنُواْ وَتَتَّقُواْ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا
කාන්තාවක් ඇයගේ සැමියා ගෙන් යම් මුරණ්ඩු කමක් හෝ පිටුපෑමක් ගැන බිය වෙතොත් ඔවුන් දෙදෙනා අතර එකඟතා වකින් සමතයට පැමිණීම ඔවුන් දෙදෙනා අතර වරදක් නොවේ. සමතය ශ්‍රේෂ්ඨය. ආත්මාවන් මසුරුකමට බඳුන් වී ඇත. නුඹලා (එකිනෙකාට) සහය දී බිය බැතිමත් වන්නේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥාන වන්තය (යන්න දැනගනු)
Surah An-Nisa, Verse 128
وَلَن تَسۡتَطِيعُوٓاْ أَن تَعۡدِلُواْ بَيۡنَ ٱلنِّسَآءِ وَلَوۡ حَرَصۡتُمۡۖ فَلَا تَمِيلُواْ كُلَّ ٱلۡمَيۡلِ فَتَذَرُوهَا كَٱلۡمُعَلَّقَةِۚ وَإِن تُصۡلِحُواْ وَتَتَّقُواْ فَإِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا
තවද නුඹලා ආශා කළ ද බිරියන් අතර සාධාරණ ව කටයුතු කිරීමට නුඹලා ශක්තිය නොදරන්නෙහුමය. එබැවින් (එක් බිරියක් වෙත පමණක්) පූර්ණ නැඹුරුවකින් නැඹුරු වී (අනෙක් බිරිය වන) ඇය ව (වැන්දඹුවක් ද අඹුවක් ද යන්න ගැන) එල්ලෙන්නියක් මෙන් අත හැර නොදමනු. නුඹලා සමතයට පත් වී බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය. (යන්න දැන ගනු)
Surah An-Nisa, Verse 129
وَإِن يَتَفَرَّقَا يُغۡنِ ٱللَّهُ كُلّٗا مِّن سَعَتِهِۦۚ وَكَانَ ٱللَّهُ وَٰسِعًا حَكِيمٗا
ඔවුන් දෙදෙනා වෙන් වන්නේ නම්, අල්ලාහ් ඔවුන්ගෙන් කෙනෙකු අනෙකාගේ අවශ්‍යතාවන් ගෙන් තොර වූවන් බවට කරනු ඇත. තවද අල්ලාහ් (බලයෙන්) ව්‍යාප්තය. සර්ව ප්‍රඥාවන්තයාය
Surah An-Nisa, Verse 130
وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَلَقَدۡ وَصَّيۡنَا ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ وَإِيَّاكُمۡ أَنِ ٱتَّقُواْ ٱللَّهَۚ وَإِن تَكۡفُرُواْ فَإِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ غَنِيًّا حَمِيدٗا
අහස්හි ඇති දෑ ද මහපොළො වෙහි ඇති දෑ ද අල්ලාහ්ට හිමිය. තවද නුඹලාට පෙර පුස්තක දෙනු ලැබූවනට ද, නුඹලාට ද, අල්ලාහ්ට බිය බැතිමත් වනු යැයි සැබැවින්ම අපි උපදෙස් දුනිමු. තවද නුඹලා ප්‍රතික්ෂේප කරන්නෙහු නම් එවිට අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ් සතුය. තවද අල්ලාහ් පොහොසත්ය ප්‍රශංසාලාභීය. (යැයි දැන ගනු)
Surah An-Nisa, Verse 131
وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا
අහස්හි ඇති දෑ ද මහපොළොවෙ හි ඇති දෑ ද අල්ලාහ්ට හිමිය. භාරකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය
Surah An-Nisa, Verse 132
إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ أَيُّهَا ٱلنَّاسُ وَيَأۡتِ بِـَٔاخَرِينَۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ ذَٰلِكَ قَدِيرٗا
අහෝ ජනයිනි! අල්ලාහ් අභිමත කරන්නේ නම් නුඹලා ව පහ කොට (ඒ වෙනුවට) වෙනත් අය ගෙන එනු ඇත. ඒ කෙරෙහි අල්ලාහ් ශක්තිවන්තය
Surah An-Nisa, Verse 133
مَّن كَانَ يُرِيدُ ثَوَابَ ٱلدُّنۡيَا فَعِندَ ٱللَّهِ ثَوَابُ ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۚ وَكَانَ ٱللَّهُ سَمِيعَۢا بَصِيرٗا
කවරෙකු මෙලොව ප්‍රතිලාභ අපේක්ෂා කරමින් සිටියේ ද එවිට (දැන ගනු) මෙලොව හා මතු ලොව ප්‍රතිලාභ අල්ලාහ් අබියසය. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව නිරීක්ෂකය
Surah An-Nisa, Verse 134
۞يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُواْ قَوَّـٰمِينَ بِٱلۡقِسۡطِ شُهَدَآءَ لِلَّهِ وَلَوۡ عَلَىٰٓ أَنفُسِكُمۡ أَوِ ٱلۡوَٰلِدَيۡنِ وَٱلۡأَقۡرَبِينَۚ إِن يَكُنۡ غَنِيًّا أَوۡ فَقِيرٗا فَٱللَّهُ أَوۡلَىٰ بِهِمَاۖ فَلَا تَتَّبِعُواْ ٱلۡهَوَىٰٓ أَن تَعۡدِلُواْۚ وَإِن تَلۡوُۥٓاْ أَوۡ تُعۡرِضُواْ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا
අහෝ දේව විශ්වාස කළවුනි! නුඹලාට එරෙහි ව හෝ දෙමාපියන් හා සමීප ඥාතීන්ට එරෙහි ව වුව ද නුඹලා යුක්තිය ඉටු කරන්නන් ලෙසත් අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි දරන්නන් ලෙසත් සිටිනු. ඔහු පොහොසතෙකු වුව ද දුගියකු වුව ද (කම් නැත) අල්ලාහ් ඔවුන් දෙදෙනාටම භාරකරුය. එබැවින් නුඹලා යුක්තිය ඉටු කිරීමෙහි මනෝ ආශාවන් පිළි නොපදිනු. තවද නුඹලා (සාක්ෂි දැරීමට) යොමු වුව ද පිටුපෑව ද සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය
Surah An-Nisa, Verse 135
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ ءَامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلۡكِتَٰبِ ٱلَّذِي نَزَّلَ عَلَىٰ رَسُولِهِۦ وَٱلۡكِتَٰبِ ٱلَّذِيٓ أَنزَلَ مِن قَبۡلُۚ وَمَن يَكۡفُرۡ بِٱللَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ فَقَدۡ ضَلَّ ضَلَٰلَۢا بَعِيدًا
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් ව ද ඔහුගේ දූතයාණන් ව ද ඔහුගේ දූතයාණන් වෙත පහළ කළා වූ පුස්තකය ද ඊට පෙර පහළ කළා වූ පුස්තක ද විශ්වාස කරනු. කවරෙකු අල්ලාහ් ව ද ඔහුගේ මලක්වරු ද ඔහුගේ පුස්තක ද ඔහුගේ දූතවරුන් ද අවසන් දිනය ද ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින්ම ඔහු අන්ත මුළාවකින් නොමඟ විය
Surah An-Nisa, Verse 136
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ ءَامَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ ٱزۡدَادُواْ كُفۡرٗا لَّمۡ يَكُنِ ٱللَّهُ لِيَغۡفِرَ لَهُمۡ وَلَا لِيَهۡدِيَهُمۡ سَبِيلَۢا
සැබැවින්ම විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කොට, නැවතත් විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කොට, පසුව ප්‍රතික්ෂේපය වර්ධනය කර ගත්තවුනට සමාව දීමට හෝ ඔවුනට යම් මඟක් පෙන්වීමට අල්ලාහ්ට (කිසිදු අවශ්‍යතාවක්) නැත
Surah An-Nisa, Verse 137
بَشِّرِ ٱلۡمُنَٰفِقِينَ بِأَنَّ لَهُمۡ عَذَابًا أَلِيمًا
සැබැවින්ම තමන්ට වේදනීය දඬුවමක් ඇති බව කුහකයින්ට ශුභාරංචි දන්වනු
Surah An-Nisa, Verse 138
ٱلَّذِينَ يَتَّخِذُونَ ٱلۡكَٰفِرِينَ أَوۡلِيَآءَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۚ أَيَبۡتَغُونَ عِندَهُمُ ٱلۡعِزَّةَ فَإِنَّ ٱلۡعِزَّةَ لِلَّهِ جَمِيعٗا
දේව විශ්වාසවන්තයින් හැර දමා දේව ප්‍රතික්ෂේපකයින් ව භාරකරුවන් ලෙස ගත්තවුන් (දේව ප්‍රතික්ෂේපකයින් වන) ඔවුන්වෙතින් ගෞරවය සොයන්නෝ ද? (දැන ගනු) සැබැවින්ම සියලු ගෞරවයන් අල්ලාහ් සතුය
Surah An-Nisa, Verse 139
وَقَدۡ نَزَّلَ عَلَيۡكُمۡ فِي ٱلۡكِتَٰبِ أَنۡ إِذَا سَمِعۡتُمۡ ءَايَٰتِ ٱللَّهِ يُكۡفَرُ بِهَا وَيُسۡتَهۡزَأُ بِهَا فَلَا تَقۡعُدُواْ مَعَهُمۡ حَتَّىٰ يَخُوضُواْ فِي حَدِيثٍ غَيۡرِهِۦٓ إِنَّكُمۡ إِذٗا مِّثۡلُهُمۡۗ إِنَّ ٱللَّهَ جَامِعُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡكَٰفِرِينَ فِي جَهَنَّمَ جَمِيعًا
අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරනු ලැබීම, ඒවා සමච්චලයට ලක් කරනු ලැබීම නුඹලා සවන් දුන්නේ නම්, ඔවුහු ඒ හැර වෙනත් කතාවක නියැළෙන තෙක් නුඹලා ඔවුන් සමඟ වාඩි නොවවු. (නැතහොත්) නියත වශයෙන්ම නුඹලා ද එවිට ඔවුන් මෙන් වන්නෙහුය යැයි පුස්තකයේ නුඹලා වෙත පහළ කර ඇත. නියත වශයෙන්ම අල්ලාහ් කුහකයින් හා දේව ප්‍රතික්ෂේප කයින් යන සියල්ලෝම නිරයට එක් රැස් කරන්නාය
Surah An-Nisa, Verse 140
ٱلَّذِينَ يَتَرَبَّصُونَ بِكُمۡ فَإِن كَانَ لَكُمۡ فَتۡحٞ مِّنَ ٱللَّهِ قَالُوٓاْ أَلَمۡ نَكُن مَّعَكُمۡ وَإِن كَانَ لِلۡكَٰفِرِينَ نَصِيبٞ قَالُوٓاْ أَلَمۡ نَسۡتَحۡوِذۡ عَلَيۡكُمۡ وَنَمۡنَعۡكُم مِّنَ ٱلۡمُؤۡمِنِينَۚ فَٱللَّهُ يَحۡكُمُ بَيۡنَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَلَن يَجۡعَلَ ٱللَّهُ لِلۡكَٰفِرِينَ عَلَى ٱلۡمُؤۡمِنِينَ سَبِيلًا
ඔවුහු වනාහි නුඹලාට සිදුවීමට යන දේ ගැන මාන බලමින් සිටිති. එනම්, නුඹලාට අල්ලාහ් වෙතින් යම් ජයක් වී නම් ‘අපි නුඹලා සමඟ සිටියා නොවේදැ’ යි පවසති. නමුත් දේව ප්‍රතික්ෂේපකයින්ට (ජයග්‍රහණයෙන්) කොටසක් වූයේ නම් අප ‘නුඹලා ව අබිබවා යන්නට තිබුණද දේව විශ්වාස වන්තයින්ගෙන් නුඹලා ව අපි වැළැක්වූයේ නැති දැ’ යි (ඔවුනට) පවසති. අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹලා අතර තීන්දු දෙනු ඇත. දේව විශ්වාසවන්ත යින්ට එරෙහි ව (ක්‍රියා) මාර්ගයක් ගැනීමට දේව ප්‍රතික්ෂේපකයින්ට අල්ලාහ් (ඉඩ) නොතැබුවේමය
Surah An-Nisa, Verse 141
إِنَّ ٱلۡمُنَٰفِقِينَ يُخَٰدِعُونَ ٱللَّهَ وَهُوَ خَٰدِعُهُمۡ وَإِذَا قَامُوٓاْ إِلَى ٱلصَّلَوٰةِ قَامُواْ كُسَالَىٰ يُرَآءُونَ ٱلنَّاسَ وَلَا يَذۡكُرُونَ ٱللَّهَ إِلَّا قَلِيلٗا
නියත වශයෙන්ම කුහකයින් අල්ලාහ් ව රවටති. ඔහු (අල්ලාහ්) ද ඔවුන්ව රවටා දමන්නාය. තවද ඔවුහු සලාතය සඳහා සිට ගත් විට අලසකමින් ජනයාට පෙන්වන්නන් ලෙස සිට ගනිති. ඔවුහු අල්ලාහ්ව ඉතා සුඵ වශයෙන් සිහි කරති
Surah An-Nisa, Verse 142
مُّذَبۡذَبِينَ بَيۡنَ ذَٰلِكَ لَآ إِلَىٰ هَـٰٓؤُلَآءِ وَلَآ إِلَىٰ هَـٰٓؤُلَآءِۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلٗا
ඔවුහු (දේව විශ්වාසය හා ප්‍රතික්ෂේපය යන) ඒ අතර දෝලනය වෙමින් සිටිති. ඔවුහු මොවුන් වෙතද නොවෙති. තවද ඔවුන් වෙත ද නොවෙති. තවද අල්ලාහ් කවරෙකු ව නොමඟ යැව්වේද එවිට ඔහු වෙනුවෙන් වූ කිසිදු මඟක් නුඹ නොදකින්නෙහිමය
Surah An-Nisa, Verse 143
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلۡكَٰفِرِينَ أَوۡلِيَآءَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۚ أَتُرِيدُونَ أَن تَجۡعَلُواْ لِلَّهِ عَلَيۡكُمۡ سُلۡطَٰنٗا مُّبِينًا
අහෝ දේව විශ්වාස කළවුනි! නුඹලා දේව විශ්වාසවන්තයින් හැර දමා දේව ප්‍රතික්ෂේපකයින් ව මිතුරන් ලෙස නොගනු. (මෙමගින්) නුඹලාට එරෙහි ව අල්ලාහ් කෙරෙහි පැහැදිලි සාධකයක් ඇති කර දීමට නුඹලා ප්‍රිය කරන්නෙහු ද
Surah An-Nisa, Verse 144
إِنَّ ٱلۡمُنَٰفِقِينَ فِي ٱلدَّرۡكِ ٱلۡأَسۡفَلِ مِنَ ٱلنَّارِ وَلَن تَجِدَ لَهُمۡ نَصِيرًا
සැබැවින්ම කුහකයින් නිරා ගින්නෙහි පහළම තලයේ වන්නේය. ඔවුන් වෙනුවෙන් නුඹ කිසිදු උදව් කරුවකු නොලබන්නේමය
Surah An-Nisa, Verse 145
إِلَّا ٱلَّذِينَ تَابُواْ وَأَصۡلَحُواْ وَٱعۡتَصَمُواْ بِٱللَّهِ وَأَخۡلَصُواْ دِينَهُمۡ لِلَّهِ فَأُوْلَـٰٓئِكَ مَعَ ٱلۡمُؤۡمِنِينَۖ وَسَوۡفَ يُؤۡتِ ٱللَّهُ ٱلۡمُؤۡمِنِينَ أَجۡرًا عَظِيمٗا
නමුත් පාප සමාව අයැද තමන් ව හැඩගස්වා අල්ලාහ් පිළිබඳ ව තදින් ග්‍රහණය කොට තම දහම අල්ලාහ්ට පමණක් අවංක ව පිළිපඳින්නන් හැර. ඔවුහු දේව විශ්වාසවන්තයින් සමඟය. දේව විශ්වාසවන්තයින්ට අල්ලාහ් අතිමහත් ප්‍රතිඵල දෙනු ඇත
Surah An-Nisa, Verse 146
مَّا يَفۡعَلُ ٱللَّهُ بِعَذَابِكُمۡ إِن شَكَرۡتُمۡ وَءَامَنتُمۡۚ وَكَانَ ٱللَّهُ شَاكِرًا عَلِيمٗا
නුඹලා (අල්ලාහ්ට) කෘතවේදී වී විශ්වාස කළේ නම් අල්ලාහ් නුඹලාට දඬුවම් කරනුයේ ඇයි? තවද අල්ලාහ් කෘතවේදීය. සර්වඥානීය
Surah An-Nisa, Verse 147
۞لَّا يُحِبُّ ٱللَّهُ ٱلۡجَهۡرَ بِٱلسُّوٓءِ مِنَ ٱلۡقَوۡلِ إِلَّا مَن ظُلِمَۚ وَكَانَ ٱللَّهُ سَمِيعًا عَلِيمًا
අපරාධයට ලක්වූවන් හැර වෙනත් කිසිවෙකු වදන් අතුරින් නපුරු දෑ ප්‍රසිද්ධියේ පැවසීම අල්ලාහ් ප්‍රිය නොකරයි. තවද අල්ලාහ් සර්වශ්‍රාවක සර්වඥානී විය
Surah An-Nisa, Verse 148
إِن تُبۡدُواْ خَيۡرًا أَوۡ تُخۡفُوهُ أَوۡ تَعۡفُواْ عَن سُوٓءٖ فَإِنَّ ٱللَّهَ كَانَ عَفُوّٗا قَدِيرًا
යම් යහපතක් නුඹලා හෙළි කළ ද, එය නුඹලා සැඟවුව ද, යම් නපුරකට නුඹලා සමාව දුන්න ද සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලී මහා ශක්තිවන්තයා විය
Surah An-Nisa, Verse 149
إِنَّ ٱلَّذِينَ يَكۡفُرُونَ بِٱللَّهِ وَرُسُلِهِۦ وَيُرِيدُونَ أَن يُفَرِّقُواْ بَيۡنَ ٱللَّهِ وَرُسُلِهِۦ وَيَقُولُونَ نُؤۡمِنُ بِبَعۡضٖ وَنَكۡفُرُ بِبَعۡضٖ وَيُرِيدُونَ أَن يَتَّخِذُواْ بَيۡنَ ذَٰلِكَ سَبِيلًا
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් ප්‍රතික්ෂේප කර අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් අතර වෙනස්කම් කොට (රසූල් වරුන් අතුරින්) ඇතැමුන් ව අපි විශ්වාස කරමු. එමෙන්ම ඇතැමුන් ව අපි ප්‍රතික්ෂේප කරමු යැයි පවසා මේ (විශ්වාසය හා ප්‍රතික්ෂේපය) අතර මඟක් ගන්නට අපේක්ෂා කරන අය වනාහී
Surah An-Nisa, Verse 150
أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡكَٰفِرُونَ حَقّٗاۚ وَأَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا
සැබෑ ලෙසින් ප්‍රතික්ෂේප කළවුන් මොවුහුමය. තවද අපි ප්‍රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු
Surah An-Nisa, Verse 151
وَٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦ وَلَمۡ يُفَرِّقُواْ بَيۡنَ أَحَدٖ مِّنۡهُمۡ أُوْلَـٰٓئِكَ سَوۡفَ يُؤۡتِيهِمۡ أُجُورَهُمۡۚ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا
අල්ලාහ් ව හා ඔහුගේ රසූල්වරයා ව විශ්වාස කර ඔවුන්ගෙන් කිසිවෙකු අතර වෙනස් කම් නොකළවුන් වනාහී ඔවුන්ගේ කුලී ඔවුනට ඔහු මතුවට ලබා දෙයි. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාවන්තය
Surah An-Nisa, Verse 152
يَسۡـَٔلُكَ أَهۡلُ ٱلۡكِتَٰبِ أَن تُنَزِّلَ عَلَيۡهِمۡ كِتَٰبٗا مِّنَ ٱلسَّمَآءِۚ فَقَدۡ سَأَلُواْ مُوسَىٰٓ أَكۡبَرَ مِن ذَٰلِكَ فَقَالُوٓاْ أَرِنَا ٱللَّهَ جَهۡرَةٗ فَأَخَذَتۡهُمُ ٱلصَّـٰعِقَةُ بِظُلۡمِهِمۡۚ ثُمَّ ٱتَّخَذُواْ ٱلۡعِجۡلَ مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ فَعَفَوۡنَا عَن ذَٰلِكَۚ وَءَاتَيۡنَا مُوسَىٰ سُلۡطَٰنٗا مُّبِينٗا
දේව ග්‍රන්ථ ලද්දවුන් තමන් වෙත අහසින් ග්‍රන්ථයක් නුඹ පහළ කළ යුතු යැයි නුඹෙන් විමසා සිටිති. ඔවුහු මූසාගෙන් ද මීට වඩා බරතපතළ දෑ ඉල්ලා සිටියහ. එවිට ඔවුහු අපට අල්ලාහ් ව ප්‍රසිද්ධියේ පෙන්වන්නැයි පවසා සිටියහ. පසුව ඔවුන්ගේ අපරාධ හේතුවෙන් ඔවුන් ව අකුණු හඬ හසුකර ගත්තේය. පසුව ඔවුන් තමන්ට පැහැදිලි සාධක පැමිණි පසුව වසු පැටවා (නැමදුමට) ගත්හ. අනතුරු ව අපි ඒ සඳහා සමාව දුනිමු. තවද අපි මූසාට පැහැදිලි සාධකයක් පිරිනැමුවෙමු
Surah An-Nisa, Verse 153
وَرَفَعۡنَا فَوۡقَهُمُ ٱلطُّورَ بِمِيثَٰقِهِمۡ وَقُلۡنَا لَهُمُ ٱدۡخُلُواْ ٱلۡبَابَ سُجَّدٗا وَقُلۡنَا لَهُمۡ لَا تَعۡدُواْ فِي ٱلسَّبۡتِ وَأَخَذۡنَا مِنۡهُم مِّيثَٰقًا غَلِيظٗا
තවද අපි ඔවුන්ගෙන් ප්‍රතිඥාවක් ගැනීමට තූර් කන්ද ඔවුනට ඉහළින් ඔසවා තැබුවෙමු. තවද අපි හිස නමා දොරටුවෙන් ඇතුළු වනු යැයි ඔවුනට පැවසුවෙමු. තවද (මසුන් ඇල්ලීමෙහි) සෙනසුරාදා සීමාව ඉක්මවා නොයනු යැයි ද පැවසුවෙමු. තවද අපි ඔවුන්ගෙන් ඉතා බලවත් ප්‍රතිඥාවක් ගත්තෙමු
Surah An-Nisa, Verse 154
فَبِمَا نَقۡضِهِم مِّيثَٰقَهُمۡ وَكُفۡرِهِم بِـَٔايَٰتِ ٱللَّهِ وَقَتۡلِهِمُ ٱلۡأَنۢبِيَآءَ بِغَيۡرِ حَقّٖ وَقَوۡلِهِمۡ قُلُوبُنَا غُلۡفُۢۚ بَلۡ طَبَعَ ٱللَّهُ عَلَيۡهَا بِكُفۡرِهِمۡ فَلَا يُؤۡمِنُونَ إِلَّا قَلِيلٗا
ඔවුන්ගේ ප්‍රතිඥාවන් ඔවුන් බිඳ දැමූ හෙයින් ද අල්ලාහ්ගේ සංඥාවන් ඔවුන් ප්‍රතික්ෂේප කළ හෙයින් ද කිසිදු යුක්තියකින් තොරව නබිවරුන් ව ඔවුන් ඝාතනය කළ හෙයින් ද අපගේ හදවත් වැසී ඇතැයි ඔවුන් පැවසූ හෙයින් ද (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේය) එමෙන්ම ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් ඒ මත අල්ලාහ් මුද්‍රා තැබුවේය. එබැවින් ස්වල්ප දෙනෙකු මිස ඔවුහු විශ්වාස නොකරති
Surah An-Nisa, Verse 155
وَبِكُفۡرِهِمۡ وَقَوۡلِهِمۡ عَلَىٰ مَرۡيَمَ بُهۡتَٰنًا عَظِيمٗا
තවද ඔවුන් (අල්ලාහ් ව) ප්‍රතික්ෂේප කළ හෙයින් ද, මර්යම් කෙරෙහි මහත් අවලාද පැවසූ හෙයින් ද (අල්ලාහ් ඔහුගේ දයාවෙන් ඔවුන්ව නෙරපුවේය)
Surah An-Nisa, Verse 156
وَقَوۡلِهِمۡ إِنَّا قَتَلۡنَا ٱلۡمَسِيحَ عِيسَى ٱبۡنَ مَرۡيَمَ رَسُولَ ٱللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِن شُبِّهَ لَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِ لَفِي شَكّٖ مِّنۡهُۚ مَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍ إِلَّا ٱتِّبَاعَ ٱلظَّنِّۚ وَمَا قَتَلُوهُ يَقِينَۢا
අල්ලාහ්ගේ දූතයකු වන මර්යම්ගේ පුත් ඊසා ව සැබැවින්ම අපි ඝාතනය කළෙමු යැයි ඔවුන් පැවසූ හෙයින් ද (අල්ලාහ් ඔහුගේ දයාවෙන් ඔවුන්ව නෙරපුවේය.) නමුත් ඔවුහු ඔහු ව ඝාතනය නොකළහ. එමෙන්ම ඔවුහු ඔහු ව කුරුසයේ තබා ඇණ ගැසුවේද නැත. නමුත් ඔවුනට (වෙනත් පුදගලයෙකු) ඔහුට සමාන කර පෙන්වන ලදි. තවද සැබැවින්ම ඔහු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් ඔහු පිළිබඳ ව සැකයෙහි පසුවෙති. ඔවුන් අනුමාන පිළිපැදීම හැර ඔහු ගැන වෙනත් කිසිදු දැනුමක් ඔවුනට නොමැත. ඔවුහු ඔහු ව තිරසාර ව ඝාතනය නොකළෝය
Surah An-Nisa, Verse 157
بَل رَّفَعَهُ ٱللَّهُ إِلَيۡهِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمٗا
නමුත් අල්ලාහ් තමන් වෙත ඔහු ව ඔසවා ගත්තේය. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත විය
Surah An-Nisa, Verse 158
وَإِن مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ إِلَّا لَيُؤۡمِنَنَّ بِهِۦ قَبۡلَ مَوۡتِهِۦۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكُونُ عَلَيۡهِمۡ شَهِيدٗا
දේව ග්‍රන්ථය ලැබූ කිසිවෙකු ඔහු (මෙලොවට පැමිණ) මරණයට පත් වීමට මත්තෙන් ඔහු ව විශ්වාස කරනවා මිස නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු ඔවුනට එරෙහි ව සාක්ෂිකරුවකු වනු ඇත
Surah An-Nisa, Verse 159
فَبِظُلۡمٖ مِّنَ ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا عَلَيۡهِمۡ طَيِّبَٰتٍ أُحِلَّتۡ لَهُمۡ وَبِصَدِّهِمۡ عَن سَبِيلِ ٱللَّهِ كَثِيرٗا
යුදෙව්වන්ගේ (මෙවැනි) අපරාධ හේතු වෙන් ඔවුනට අනුමත කරනු ලැබූ පිවිතුරු දෑ ඔවුනට අපි තහනම් කළෙමු. එය අල්ලාහ්ගේ මාර්ගයෙන් බොහෝ දෙනා ව ඔවුන් වැළකූ හෙයිනි
Surah An-Nisa, Verse 160
وَأَخۡذِهِمُ ٱلرِّبَوٰاْ وَقَدۡ نُهُواْ عَنۡهُ وَأَكۡلِهِمۡ أَمۡوَٰلَ ٱلنَّاسِ بِٱلۡبَٰطِلِۚ وَأَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ مِنۡهُمۡ عَذَابًا أَلِيمٗا
තවද පොලිය තහනම් කරනු ලැබ තිබිය දී ඔවුහු එය ගත් හෙයින් ද, අනිසි අයුරින් ජනයාගේ වස්තුව ඔවුන් අනුභව කළ හෙයින් ද වේ. තවද අපි ඔවුන් අතුරින් වූ දේව ප්‍රතික්ෂේපකයින්ට වේදනා සහගත දඬුවම් සූදානම් කළෙමු
Surah An-Nisa, Verse 161
لَّـٰكِنِ ٱلرَّـٰسِخُونَ فِي ٱلۡعِلۡمِ مِنۡهُمۡ وَٱلۡمُؤۡمِنُونَ يُؤۡمِنُونَ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَۚ وَٱلۡمُقِيمِينَ ٱلصَّلَوٰةَۚ وَٱلۡمُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَٱلۡمُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ أُوْلَـٰٓئِكَ سَنُؤۡتِيهِمۡ أَجۡرًا عَظِيمًا
නමුත් ඔවුන් අතුරින් දැනුමෙහි ඉතා තීක්ෂකයින් ද දේව විශ්වාස වන්තයින් ද නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තවද සලාතය විධිමත් ව ඉටු කරන්නන් ද zසකාත් දෙන්නන් ද අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් ද වන මොවුනට අපි අතිමහත් ප්‍රතිඵල පිරිනමන්නෙමු
Surah An-Nisa, Verse 162
۞إِنَّآ أَوۡحَيۡنَآ إِلَيۡكَ كَمَآ أَوۡحَيۡنَآ إِلَىٰ نُوحٖ وَٱلنَّبِيِّـۧنَ مِنۢ بَعۡدِهِۦۚ وَأَوۡحَيۡنَآ إِلَىٰٓ إِبۡرَٰهِيمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطِ وَعِيسَىٰ وَأَيُّوبَ وَيُونُسَ وَهَٰرُونَ وَسُلَيۡمَٰنَۚ وَءَاتَيۡنَا دَاوُۥدَ زَبُورٗا
සැබැවින්ම නූහ්ට හා ඔහුගෙන් පසු වූ නබිවරුන්ට වහී පහළ කළාක් මෙන් නුඹ වෙත ද සැබැවින්ම අපි වහී පහළ කළෙමු. (ඒ අනුව) අපි ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ්, අස්බාත් (හෙවත් යඃකූබ්ගේ පරපුර) ඊසා, අය්යූබ්, යූනුස්, හාරූන් හා සුලෙයිමාන් යන අයට ද වහී පහළ කළෙමු. තවද අපි දාවූද්ට සබූර් පිරිනැමුවෙමු
Surah An-Nisa, Verse 163
وَرُسُلٗا قَدۡ قَصَصۡنَٰهُمۡ عَلَيۡكَ مِن قَبۡلُ وَرُسُلٗا لَّمۡ نَقۡصُصۡهُمۡ عَلَيۡكَۚ وَكَلَّمَ ٱللَّهُ مُوسَىٰ تَكۡلِيمٗا
ඇතැම් රසූල්වරුන්, ඔවුන් ගැන මීට පෙර නුඹට අපි පවසා ඇත්තෙමු. තවද ඇතැම් රසූල්වරුන්, ඔවුන් ගැන අපි නුඹට නොපැවසුවෙමු. තවද අල්ලාහ් මූසා සමඟ කතා කළේය
Surah An-Nisa, Verse 164
رُّسُلٗا مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى ٱللَّهِ حُجَّةُۢ بَعۡدَ ٱلرُّسُلِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمٗا
ඇතැම් රසූල්වරුන් එම රසූල් වරුන්ට පසුව කිසිදු සාධකයක් අල්ලාහ්ට එරෙහි ව ජනයාට නොවනු පිණිස, ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙස සිටියහ. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත විය
Surah An-Nisa, Verse 165
لَّـٰكِنِ ٱللَّهُ يَشۡهَدُ بِمَآ أَنزَلَ إِلَيۡكَۖ أَنزَلَهُۥ بِعِلۡمِهِۦۖ وَٱلۡمَلَـٰٓئِكَةُ يَشۡهَدُونَۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًا
නමුත් නුඹ වෙත පහළ කළ දෑ ට අල්ලාහ් සාක්ෂි දරනු ඇත. එය ඔහුගේ අනු දැනුමෙන් පහළ කළේය. තවද මලාඉකාවරු ද සාක්ෂි දරති. සාක්ෂි දරන්නා වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය
Surah An-Nisa, Verse 166
إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ قَدۡ ضَلُّواْ ضَلَٰلَۢا بَعِيدًا
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වූවෝ සැබැවින්ම අන්ත මුළාවකින් මුළා වූහ
Surah An-Nisa, Verse 167
إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَظَلَمُواْ لَمۡ يَكُنِ ٱللَّهُ لِيَغۡفِرَ لَهُمۡ وَلَا لِيَهۡدِيَهُمۡ طَرِيقًا
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට අපරාධ කළවුන් වනාහි ඔවුනට සමාව දීමට හෝ ඔවුන් ව යහමඟ යැවීමට හෝ අල්ලාහ්ට (කිසිදු අවශ්‍යතාවක්) නොවීය
Surah An-Nisa, Verse 168
إِلَّا طَرِيقَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٗا
නිරයේ මාර්ගය මිස වෙනත් මාර්ගයක් නොවේ.ඔවුහු එහි නිරන්තරයෙන්ම සදාතනිකයින් වෙති. තවද අල්ලාහ්ට එය (එසේ කිරීම) පහසු කාර්යයක් විය
Surah An-Nisa, Verse 169
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَكُمُ ٱلرَّسُولُ بِٱلۡحَقِّ مِن رَّبِّكُمۡ فَـَٔامِنُواْ خَيۡرٗا لَّكُمۡۚ وَإِن تَكۡفُرُواْ فَإِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا
අහෝ මනුෂ්‍යයණි! නුඹලාගේ පරමාධිපතිගෙන් සත්‍යය රැගෙන මෙම රසූල්වරයා පැමිණ ඇත. එබැවින් නුඹලා විශ්වාස කරනු. නුඹලාට යහපතකි. නමුත් නුඹලා ප්‍රතික්ෂේප කරන්නෙහු නම් එවිට (දැන ගනු) සැබැවින්ම අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ අල්ලාහ් සතුය. තවද අල්ලාහ් සර්වඥානීය, සර්ව ප්‍රඥාවන්ත විය
Surah An-Nisa, Verse 170
يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَا تَغۡلُواْ فِي دِينِكُمۡ وَلَا تَقُولُواْ عَلَى ٱللَّهِ إِلَّا ٱلۡحَقَّۚ إِنَّمَا ٱلۡمَسِيحُ عِيسَى ٱبۡنُ مَرۡيَمَ رَسُولُ ٱللَّهِ وَكَلِمَتُهُۥٓ أَلۡقَىٰهَآ إِلَىٰ مَرۡيَمَ وَرُوحٞ مِّنۡهُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦۖ وَلَا تَقُولُواْ ثَلَٰثَةٌۚ ٱنتَهُواْ خَيۡرٗا لَّكُمۡۚ إِنَّمَا ٱللَّهُ إِلَٰهٞ وَٰحِدٞۖ سُبۡحَٰنَهُۥٓ أَن يَكُونَ لَهُۥ وَلَدٞۘ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا
දේව ග්‍රන්ථ ලැබූවනි! නුඹලාගේ දහමෙහි නුඹලා සීමාව ඉක්මවා නොයනු. අල්ලාහ් කෙරෙහි සත්‍යය මිස (වෙන කිසිවක්) නොපවසනු. මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් අල්ලාහ්ගේ දූතයෙකි. එය ඔහුගේ නියෝගයකි. එය මර්යම් වෙත හෙළුවේය. තවද ඔහුගෙන් වූ ආත්මයකි. එබැවින් අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරයා ද විශ්වාස කරනු. ත්‍රිත්වය යැයි නොපවසනු (එයින්) වැළකෙනු. (එය) නුඹලාට යහපත් වනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඒකීය දෙවියාමය. ඔහුට දරුවකු සිටීමෙන් ඔහු පිවිතුරුය. අහස්හි ඇති දෑ ද මිහිතලයේ ඇති දෑ ද ඔහු සතුය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය
Surah An-Nisa, Verse 171
لَّن يَسۡتَنكِفَ ٱلۡمَسِيحُ أَن يَكُونَ عَبۡدٗا لِّلَّهِ وَلَا ٱلۡمَلَـٰٓئِكَةُ ٱلۡمُقَرَّبُونَۚ وَمَن يَسۡتَنكِفۡ عَنۡ عِبَادَتِهِۦ وَيَسۡتَكۡبِرۡ فَسَيَحۡشُرُهُمۡ إِلَيۡهِ جَمِيعٗا
අල්ලාහ්ට ගැත්තෙකු වීමෙන් මසීහ් හෝ සමීප මලාඉකාවරුන් හෝ දුරස් නොවන්නේමය. ඔහුට ගැතිකම් කිරීමෙන් කවරෙකු දුරස් වී උඩඟු වන්නේ ද එවිට (දැන ගනු) ඔහු වෙත ඔවුන් සියල්ලම (මතු ලොවෙහි) ඔහු එක් රැස් කරනු ඇත
Surah An-Nisa, Verse 172
فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَيُوَفِّيهِمۡ أُجُورَهُمۡ وَيَزِيدُهُم مِّن فَضۡلِهِۦۖ وَأَمَّا ٱلَّذِينَ ٱسۡتَنكَفُواْ وَٱسۡتَكۡبَرُواْ فَيُعَذِّبُهُمۡ عَذَابًا أَلِيمٗا وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيّٗا وَلَا نَصِيرٗا
දේවවිශ්වාස කොට යහකම් කළ අය වූ කලී ඔවුනට ඔවුන්ගේ ප්‍රතිඵල ඔහු පූර්ණ ව දෙනු ඇත. තවද ඔහුගේ භාග්‍යයෙන් ඔහු ඔවුනට අධික ව දෙනු ඇත. නමුත් දුරස් වී උඩඟු අය වූ කලී ඔවුනට වේදනා සහගත දඬුවමකින් ඔහු දඬුවම් කරනු ඇත. භාරකරුවකු වශයෙන් හෝ උදව්කරුවකු වශයෙන් හෝ අල්ලාහ්ගෙන් තොරව වෙනත් කිසිවකු ඔවුනට දැක ගත නොහැකි වනු ඇත
Surah An-Nisa, Verse 173
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَكُم بُرۡهَٰنٞ مِّن رَّبِّكُمۡ وَأَنزَلۡنَآ إِلَيۡكُمۡ نُورٗا مُّبِينٗا
අහෝ මනුෂ්‍යයණි! නුඹලාගේ පරමාධිපතිගෙන් සාධකයක් පැමිණ ඇත. තවද නුඹලා වෙත පැහැදිලි ආලෝකයක් අපි පහළ කළෙමු
Surah An-Nisa, Verse 174
فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَٱعۡتَصَمُواْ بِهِۦ فَسَيُدۡخِلُهُمۡ فِي رَحۡمَةٖ مِّنۡهُ وَفَضۡلٖ وَيَهۡدِيهِمۡ إِلَيۡهِ صِرَٰطٗا مُّسۡتَقِيمٗا
අල්ලාහ් ව විශ්වාස කොට ඔහු පිළිබඳ තදින් ග්‍රහණය කර ගත් අය වූ කලී ඔහුගෙන් වූ දයාවෙහි හා භාග්‍යයෙහි ඔහු ඇතුළත් කරනු ඇත. තවද ඔහු වෙත වූ ඍජු මාර්ගයෙන් ඔවුනට ඔහු මඟ පෙන්වනු ඇත
Surah An-Nisa, Verse 175
يَسۡتَفۡتُونَكَ قُلِ ٱللَّهُ يُفۡتِيكُمۡ فِي ٱلۡكَلَٰلَةِۚ إِنِ ٱمۡرُؤٌاْ هَلَكَ لَيۡسَ لَهُۥ وَلَدٞ وَلَهُۥٓ أُخۡتٞ فَلَهَا نِصۡفُ مَا تَرَكَۚ وَهُوَ يَرِثُهَآ إِن لَّمۡ يَكُن لَّهَا وَلَدٞۚ فَإِن كَانَتَا ٱثۡنَتَيۡنِ فَلَهُمَا ٱلثُّلُثَانِ مِمَّا تَرَكَۚ وَإِن كَانُوٓاْ إِخۡوَةٗ رِّجَالٗا وَنِسَآءٗ فَلِلذَّكَرِ مِثۡلُ حَظِّ ٱلۡأُنثَيَيۡنِۗ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ أَن تَضِلُّواْۗ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمُۢ
(නබිවරය!) ඔවුහු ඔබෙන් ආගමික තීන්දු පතති. කලාලා සම්බන්ධයෙන් වූ ආගමික තීන්දු අල්ලාහ් නුඹලාට දෙනු ඇතැයි පවසනු. තමන්ට සහෝදරියක් සිටිය දී තමන්ට දරුවකු නොවූ තත්ත්වයක පුද්ගලයකු මරණයට පත් වූයේ නම් එවිට ඔහු අත හැර දමා ගිය දැයින් අඩක් ඇයට හිමි විය යුතුය. එමෙන්ම ඇයට දරුවකු නොවූයේ නම් ඔහු ඇය(ගේ වස්තුව)ට උරුමකම් පානු ඇත. එමෙන්ම සහෝදරියන් දෙදෙනෙකු වී නම් ඔහු අත හැර දමා ගිය දැයින් තුනෙන් දෙකක් ඔවුන් දෙදෙනාට හිමි විය යුතුය. ඔහුට පිරිමි හා ගැහැනු සහෝදර සහෝදරියන් වී නම් කාන්තාවන් දෙදෙනකුට හිමි කොටස මෙන් (පංගුවක්) පිරිමියාට හිමිය. නුඹලා නොමඟ නොයනු පිණිස අල්ලාහ් නුඹලාට (මෙසේ) පැහැදිලි කරන්නේය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥානීය
Surah An-Nisa, Verse 176