Surah Al-Maeda Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا قُمۡتُمۡ إِلَى ٱلصَّلَوٰةِ فَٱغۡسِلُواْ وُجُوهَكُمۡ وَأَيۡدِيَكُمۡ إِلَى ٱلۡمَرَافِقِ وَٱمۡسَحُواْ بِرُءُوسِكُمۡ وَأَرۡجُلَكُمۡ إِلَى ٱلۡكَعۡبَيۡنِۚ وَإِن كُنتُمۡ جُنُبٗا فَٱطَّهَّرُواْۚ وَإِن كُنتُم مَّرۡضَىٰٓ أَوۡ عَلَىٰ سَفَرٍ أَوۡ جَآءَ أَحَدٞ مِّنكُم مِّنَ ٱلۡغَآئِطِ أَوۡ لَٰمَسۡتُمُ ٱلنِّسَآءَ فَلَمۡ تَجِدُواْ مَآءٗ فَتَيَمَّمُواْ صَعِيدٗا طَيِّبٗا فَٱمۡسَحُواْ بِوُجُوهِكُمۡ وَأَيۡدِيكُم مِّنۡهُۚ مَا يُرِيدُ ٱللَّهُ لِيَجۡعَلَ عَلَيۡكُم مِّنۡ حَرَجٖ وَلَٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمۡ وَلِيُتِمَّ نِعۡمَتَهُۥ عَلَيۡكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ
විශ්වාසවන්තයිනි! ඔබ සලාත් කිරීමට ගියහොත් (ඊට පෙර) ඔබගේ මුහුණුද, වැළමිට දක්වා ඔබගේ දෑත්ද සෝදා ගනු. (අත් ජලයෙන් තෙමා) ඔබගේ හිස (පිස දමා) මෂ්හු කර ගනු. තවද වළලූකර දක්වා ඔබගේ දෙපාද (සොදා ගනු). ඔබ කිළ්ලට හසු වූවන් වශයෙන් සිටියහොත් (අත් පා සෝදා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. ශරීරය පුරාම සෝදා) පිරිසිදු කර ගනු. තවද ඔබ රෝගියෙකු වශයෙන් සිටියහොත් හෝ නැතහොත් (ගමනෙහි යෙදෙන) සංචාරකයෙකු වශයෙන් සිටියහොත් හෝ නැතහොත් ඔබගෙන් කවුරුන් හෝ මළජල පහ කිරීමට ගොස් පැමිණ සිටියහොත් හෝ නැතහොත් ඔබ කාන්තාවන්ට ළං වී (එක්කාසු වී) සිටියහොත් හෝ (සලාතයට යුතු වේලාව ළඟා වුවහොත්, ඔබව පිරිසිදු කර ගැනීමට අවශ්‍ය) ජලය ඔබ නොලදහොත් හෝ පිරිසිදු වැළි (ඔබගේ අත් වලින් ස්පර්ශ කර, එ)මගින් ඔබගේ මුහුණුද, අත්ද පිස දමා තයම්මම් කර ගනු. ඔබට අමාරුකමක් ඇති කිරීමට අල්ලාහ් අදහස් කරන්නේ නැත. එහෙත් ඔහු ඔබව පිරිසිදු කර තැබීමටද, තම වරප්‍රසාදයන් ඔබ කෙරෙහි පූරණය කර, තැබීමටම කැමති වන්නේය. (මේ සඳහා) ඔබ ඔහුට කෘතඥ වනු මැනව