Surah Al-Hashr Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hashrهُوَ ٱلَّذِيٓ أَخۡرَجَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مِن دِيَٰرِهِمۡ لِأَوَّلِ ٱلۡحَشۡرِۚ مَا ظَنَنتُمۡ أَن يَخۡرُجُواْۖ وَظَنُّوٓاْ أَنَّهُم مَّانِعَتُهُمۡ حُصُونُهُم مِّنَ ٱللَّهِ فَأَتَىٰهُمُ ٱللَّهُ مِنۡ حَيۡثُ لَمۡ يَحۡتَسِبُواْۖ وَقَذَفَ فِي قُلُوبِهِمُ ٱلرُّعۡبَۚ يُخۡرِبُونَ بُيُوتَهُم بِأَيۡدِيهِمۡ وَأَيۡدِي ٱلۡمُؤۡمِنِينَ فَٱعۡتَبِرُواْ يَـٰٓأُوْلِي ٱلۡأَبۡصَٰرِ
(නබියේ! බනී නලීර් සමූහය වන යුදෙව්) ධර්මය හිමි අයගෙන් කවුරුන් ප්‍රතික්ෂේප කළෝද ඔවුන්ව, ඔවුන්ගේ නිවෙස්වලින් පළමු වරට පිටමං කළ කෙනා ඔහුය. ඔවුන් (තමන්ගේ නිවෙස්වලින්) පිට වී යනු ඇතැයි ඔබ අදහස් කළේ නැත. ඔවුන්ද තමන්ගේ බලකොටු (ප්‍රාකාර වලින්) අල්ලාහ්ගෙන් තමන්ව වළක්වා ගනු ඇතැයි ඇත්තෙන්ම අදහස් කරමින් සිටියහ. එහෙත් ඔවුන් බලාපොරොත්තු නැති අන්දමින් අල්ලාහ් ඔවුන් වෙත පැමිණ, ඔවුන්ගේ හෘදයන්හි භීතිය ඇතුළු කර, ඔවුන් තමන්ගේ අත් මගින්ම තමන්ගේ නිවාසයන් විනාශ කර දමන මෙන් සැලැස්වූ අතර, විශ්වාසවන්තයින්ගේ අත් මගින්ද, (ඔවුන්ගේ නිවාසයන් විනාශ කර දැමුවේය. අභ්‍යන්තර) බැල්මක් ඇත්තවුනි! (මෙමගින්) ඔබ වැටහීමක් ලබා ගනු මැනව