Surah Al-Anaam Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقُلۡ أَيُّ شَيۡءٍ أَكۡبَرُ شَهَٰدَةٗۖ قُلِ ٱللَّهُۖ شَهِيدُۢ بَيۡنِي وَبَيۡنَكُمۡۚ وَأُوحِيَ إِلَيَّ هَٰذَا ٱلۡقُرۡءَانُ لِأُنذِرَكُم بِهِۦ وَمَنۢ بَلَغَۚ أَئِنَّكُمۡ لَتَشۡهَدُونَ أَنَّ مَعَ ٱللَّهِ ءَالِهَةً أُخۡرَىٰۚ قُل لَّآ أَشۡهَدُۚ قُلۡ إِنَّمَا هُوَ إِلَٰهٞ وَٰحِدٞ وَإِنَّنِي بَرِيٓءٞ مِّمَّا تُشۡرِكُونَ
(නබියේ!) “සාක්ෂිවලින් ඉතාමත් ලොකු කුමක්ද?”යි ඔබ (ඔවුන්ගෙන්) විමසනු. (ඔවුන්ට කුමක් නම් කිව හැකිද? ඔබම ඔවුන්ට) “අල්ලාහ්ම (අති විශාලය. ඔහුම) මටත් ඔබටත් අතරේ සාක්ෂි වශයෙන්ද සිටින්නේය. මෙම කුර්ආනය මගින් ඔබටද (එය) අත් කර ගත් අයටද, මා බිය ගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ම මෙය මට වහී මගින් දැනුම් දෙනු ලැබ ඇත්තේය” (යයි පවසා) “නියත වශයෙන්ම නැමදුමට හිමි වෙනත් කෙනෙකු අල්ලාහ් සමග සිටින්නේය යයි (ඇත්තෙන්ම) ඔබ ස්ථීර වශයෙන් කියන්නෙහුද?” යයිද (ඔවුන්ගෙන්) ඔබ විමසනු. (මෙයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද? “එසේ) මා සාක්ෂි දරන්නේ නැත!” යයි ඔබ පවසා, ‘නියත වශයෙන්ම නැමදුමට හිමි තැනැත්තා ඔහු පමණි. (ඔහුට) ඔබ සමානයන් තැබීමෙන් මා ඈත් වූවෙකි” යයිද පවසනු මැනව