Surah Al-Anaam Verse 91 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Anaamوَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦٓ إِذۡ قَالُواْ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ بَشَرٖ مِّن شَيۡءٖۗ قُلۡ مَنۡ أَنزَلَ ٱلۡكِتَٰبَ ٱلَّذِي جَآءَ بِهِۦ مُوسَىٰ نُورٗا وَهُدٗى لِّلنَّاسِۖ تَجۡعَلُونَهُۥ قَرَاطِيسَ تُبۡدُونَهَا وَتُخۡفُونَ كَثِيرٗاۖ وَعُلِّمۡتُم مَّا لَمۡ تَعۡلَمُوٓاْ أَنتُمۡ وَلَآ ءَابَآؤُكُمۡۖ قُلِ ٱللَّهُۖ ثُمَّ ذَرۡهُمۡ فِي خَوۡضِهِمۡ يَلۡعَبُونَ
අල්ලාහ්ට ගරු බුහුමන් කළ යුතු අයුරින් ඔවුහු ඔහුට ගරු බුහුමන් නොකළහ. එබැවින් "අල්ලාහ් මිනිසා වෙත කිසිවක් පහළ නොකළේය" යැයි ඔවුහු පැවසූහ. "ආලෝකයක් හා ජනයාට මඟපෙන්වීමක් ලෙසින් මූසා ගෙන ආ පුස්තකය පහළ කළේ කවුද?" යි අසනු. නුඹලා එය වෙන් වෙන් පොත් බවට පත් කොට ඒවා (සමහරක්) හෙළි කළ අතර බොහෝ දෑ නුඹලා සඟවන්නෙහුය. නුඹලා හා නුඹලාගේ මුතුන්මිත්තන් නොදැන සිටි දෑ නුඹලාට (එමගින්) උගන්වනු ලැබීය. (නබිවරය ! එය පහළ කළේ) අල්ලාහ් යැයි පවසනු. ඔවුන් නිරතව සිටින දෑහි සෙල්ලම් කිරීමට ඔවුන් ව අතහැර දමනු