Surah Al-Anaam Verse 91 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦٓ إِذۡ قَالُواْ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ بَشَرٖ مِّن شَيۡءٖۗ قُلۡ مَنۡ أَنزَلَ ٱلۡكِتَٰبَ ٱلَّذِي جَآءَ بِهِۦ مُوسَىٰ نُورٗا وَهُدٗى لِّلنَّاسِۖ تَجۡعَلُونَهُۥ قَرَاطِيسَ تُبۡدُونَهَا وَتُخۡفُونَ كَثِيرٗاۖ وَعُلِّمۡتُم مَّا لَمۡ تَعۡلَمُوٓاْ أَنتُمۡ وَلَآ ءَابَآؤُكُمۡۖ قُلِ ٱللَّهُۖ ثُمَّ ذَرۡهُمۡ فِي خَوۡضِهِمۡ يَلۡعَبُونَ
අල්ලාහ්ගේ සුදුසුකම දැන ගත හැකි අන්දමට ඔවුන් දැන ගත්තේ නැත. මන්දයත් ‘මිනිසුන්ගෙන් කිසිවෙකුටත් (ධර්මයෙහි) කිසිවක් අල්ලාහ් පහළ කළේ නැත’ යයි ඔවුන් පවසන්නාහ. (එබැවින් නබියේ! ඔවුන්ට) මෙසේ කියනු: “මිනිසුන්ට දීප්තිමත් ආලෝකයද, ඍජු මාර්ගයද ලබා දිය හැකි දැයක් වන මූසා ගෙන ආ (තව්රාත් නමැති) ධර්මය පහළ කළේ කවරෙක්ද? ඔබ එම ධර්මය වෙන් වෙන් වශයෙන් වූ පිටු වලට වෙන් කර, (ඒවායෙන් සමහරක්) එළිදරව් කරන්නෙහුය. (ඔබගේ ප්‍රතිපත්ති වලට වෙනස් වූ) වැඩි හරියක් දැය ඔබ සඟවා දමන්නෙහුය. (එමගින්ම) ඔබද, ඔබගේ මුතුන් මිත්තන්ද, නොදැනුවත්ව තිබූ දැය ඔබට දැනුම් දෙන ලදී. (මෙවැනි ධර්මයක් ඔබට පහළ කළේ කවරෙක්ද?” මෙයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද? ඔබම ඔවුන්ට) “අල්ලාහ්ම (පහළ කළේය)” යයි පවසා, ඔවුන් (තමන්ගේ) පුහු තර්කයෙහිම සෙල්ලම් කරමින් සිටින ලෙසටද අත්හැර දමනු මැනව