Surah At-Taghabun Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taghabunيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ مِنۡ أَزۡوَٰجِكُمۡ وَأَوۡلَٰدِكُمۡ عَدُوّٗا لَّكُمۡ فَٱحۡذَرُوهُمۡۚ وَإِن تَعۡفُواْ وَتَصۡفَحُواْ وَتَغۡفِرُواْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ
විශ්වාසවන්තයිනි! ඔබගේ භාර්යයාවන්-ගෙන්ද, ඔබගේ දරුවන්ගෙන්ද, නියත වශයෙන්ම ඔබට සතුරන්ද ඇත්තාහ. එබැවින් ඔවුන් ගැන ඔබ ප්‍රවේසමෙන් සිටිනු. ඔවුන්ව (ඔවුන්ගේ වැරදි) ඔබ විඳ දරාගෙන ප්‍රතික්ෂේප කර, සමාව දෙමින් සිටියහොත් නියත වශයෙන්ම අල්ලාහ්ද ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය. (ඔබගේ වැරදිවලටද ඒ අන්දමටම ක්ෂමා කර හරිනු ඇත)