Surah At-Talaq Verse 1 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Talaqيَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِذَا طَلَّقۡتُمُ ٱلنِّسَآءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحۡصُواْ ٱلۡعِدَّةَۖ وَٱتَّقُواْ ٱللَّهَ رَبَّكُمۡۖ لَا تُخۡرِجُوهُنَّ مِنۢ بُيُوتِهِنَّ وَلَا يَخۡرُجۡنَ إِلَّآ أَن يَأۡتِينَ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖۚ وَتِلۡكَ حُدُودُ ٱللَّهِۚ وَمَن يَتَعَدَّ حُدُودَ ٱللَّهِ فَقَدۡ ظَلَمَ نَفۡسَهُۥۚ لَا تَدۡرِي لَعَلَّ ٱللَّهَ يُحۡدِثُ بَعۡدَ ذَٰلِكَ أَمۡرٗا
නබියේ! (විශ්වාසවන්තයින්ට ඔබ මෙසේ පවසනු): “ඔබ (ඔබගේ භාර්යයාවන් වන) කාන්තාවන්ව තලාක් (දික්කසාද) කිරීමට අදහස් කළහොත් ඔවුන්ගේ ඉද්දාවෙහි (ගැබ් ගැනීම ගැන දැන ගැනීමට බලාපොරොත්තු කාලයේ) ආරම්භයේදී පවසා, ඉද්දාව ගණනය කරමින් සිටිනු. (මෙම කාරණාවෙහි) ඔබගේ දෙවියන් වන අල්ලාහ්ට ඔබ බිය වී (කටයුතු) කරනු. (ඔබ තලාක් පැවසූ) කාන්තාවන් ප්‍රසිද්ධියේ යම්කිසි අවමන් ගෙන දෙන කාරණාවක් කළහොත් මිස ඔවුන්ව, ඔවුන් සිටින (ඔබගේ) නිවෙස්වලින් (ඉද්දාවේ කාලය අවසන් වීමට පෙර) පිටත් කර නොහරිනු. ඔවුන්ද පිටත්ව යා නොයුතුය. මේවාම අල්ලාහ් ඇති කර තිඛෙන සීමාවන්ය. කවුරුන් අල්ලාහ්ගේ සීමාවන් කඩ කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම තමන්ට තමන්ම හානියක් කර ගන්නාහ. (මෙහි ඇති යහපත ඔබ දැන නොගන්නෙහුය. තලාක් කියා) මින් පසුවද (ඔබ එක්කාසු වී ජීවත් වීමට ඔබ අතරේ සමාදානයට අයත්) යම්කිසි මාර්ගයක් අල්ලාහ් ඇති කරන්නටද ඉඩ ඇත යන්න ඔබ දැන නොගන්නෙහුය