Surah At-Talaq Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Talaqفَإِذَا بَلَغۡنَ أَجَلَهُنَّ فَأَمۡسِكُوهُنَّ بِمَعۡرُوفٍ أَوۡ فَارِقُوهُنَّ بِمَعۡرُوفٖ وَأَشۡهِدُواْ ذَوَيۡ عَدۡلٖ مِّنكُمۡ وَأَقِيمُواْ ٱلشَّهَٰدَةَ لِلَّهِۚ ذَٰلِكُمۡ يُوعَظُ بِهِۦ مَن كَانَ يُؤۡمِنُ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجۡعَل لَّهُۥ مَخۡرَجٗا
ඔවුන් තමන්ගේ (ඉද්දාවෙහි) නියමිත කාල අවකාශය අත් කර ගතහොත් ඍජු අන්දමට ඔවුන්ව (භාර්යයාව වශයෙන්ම) රඳවා තබා ගනු. නැතහොත් ඍජු අන්දමට ඔවුන්ව පහ කර හරිනු. (මේ දෙකෙන් ඔබ කුමක් කළා වුවද, එයට) ඔබගෙන් සාධාරණ සාක්ෂීන් දෙකක් ඇති කර ගනු. (එම සාක්ෂීන්, සාක්ෂි කීමට පැමිණියහොත්) ඔවුන් අල්ලාහ් වෙනුවෙන් සත්‍යයම ප්‍රකාශ කළ යුතුය. (ඔබගෙන්) කවුරුන් අල්ලාහ්වද, විනිශ්චය දිනයද විශ්වාස කරන්නෝද, ඔහුට මෙම හොඳ ඔවදන කියනු ලබන්නේය. තවද (මෙම කාරණාවෙහි) කවුරුන් අල්ලාහ්ට බිය වී කටයුතු කරන්නේද, ඔහුට (මෙවැනි කාරණාවන්ගෙන්) එක් (හොඳ) මාර්ගයක් ඇති කර දෙනු ඇත