Surah Al-Araf Verse 175 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ ٱلَّذِيٓ ءَاتَيۡنَٰهُ ءَايَٰتِنَا فَٱنسَلَخَ مِنۡهَا فَأَتۡبَعَهُ ٱلشَّيۡطَٰنُ فَكَانَ مِنَ ٱلۡغَاوِينَ
(නබියේ!) ඔබ ඔවුන්ට “(බල්ආම් ඉබ්නු බාඌරා නමැති) කෙනෙකුගේ ඉතිහාසය සමුදීරණය කර පෙන්වනු. ඔහුට අපි අපගේ සාධකයන් ලබා දී (ගෞරව කර තබා) තිබුණෙමු. එහෙත් ඔහු (නයා තමාගේ හැව අරින්නාක් මෙන්) එයින් සම්පූර්ණයෙන්ම පිට වී ගියේය. එබැවින් ෂෙයිතාන් ඔහු පිටුපසින් යන්නට වූවේය. (ඔහුගේ කුමන්ත්‍රණ වලට පැටළී) ඔහු මාර්ගය වැරද ගියවුන්ගෙන් කෙනෙකු බවට පත් වූවේය