Surah Al-Araf Verse 53 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafهَلۡ يَنظُرُونَ إِلَّا تَأۡوِيلَهُۥۚ يَوۡمَ يَأۡتِي تَأۡوِيلُهُۥ يَقُولُ ٱلَّذِينَ نَسُوهُ مِن قَبۡلُ قَدۡ جَآءَتۡ رُسُلُ رَبِّنَا بِٱلۡحَقِّ فَهَل لَّنَا مِن شُفَعَآءَ فَيَشۡفَعُواْ لَنَآ أَوۡ نُرَدُّ فَنَعۡمَلَ غَيۡرَ ٱلَّذِي كُنَّا نَعۡمَلُۚ قَدۡ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ
(මක්කාවාසීන් වන) මොවුන් (තමන්ට අනතුරු අඟවමින් තිබුණු) දඬුවම් (දිනය) පැමිණීම මිස, (වෙන කිසිවක්) බලාපොරොත්තු වන්නෙහුද? එම දඬුවම් දින පැමිණි විට, මෙයට පෙර එය (සම්පූර්ණයෙන්ම) අමතක කර දමා තිබූ මොවුන් “නියත වශයෙන්ම අපගේ දෙවියන්ගේ දූතයින් (අප වෙත) සත්‍යය (ධර්මය) ගෙන ආවාහ. (අද) අප වෙනුවෙන් මැදිහත්වී කතා කරන්නන් කිසිවෙකුත් ඇත්තේද? එසේ නම්, ඔවුන් ඔබ වෙනුවෙන් මැදිහත් වී කතා කරත්වා!නැතහොත් අපිව (ලොවට) ආපසු යවන්නද? එසේ නම්, (පෙර) අපි කරමින් සිටි දැයෙන් වැළකී වෙනත් (දැහැමි දැයම) කරන්නෙමු” යයි පවසන්නාහ. නියත වශයෙන්ම මොවුන් තමන්ට තමන්ම හානියක් කර ගත්හ. තවද මොවුන් (තමන්ගේ දෙවිවරුන්ව) බොරුවට මනක්කල්පිත කරමින් සිටි දැය සියල්ලද, (මේ අවස්ථාවේදී) මොවුන්ගෙන් ඈත් වී සැඟවී යනු ඇත