Surah Al-Araf Verse 85 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ قَدۡ جَآءَتۡكُم بَيِّنَةٞ مِّن رَّبِّكُمۡۖ فَأَوۡفُواْ ٱلۡكَيۡلَ وَٱلۡمِيزَانَ وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ بَعۡدَ إِصۡلَٰحِهَاۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ
මදියන් (නමැති නගර)වාසීන් වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් (අපගේ දූතයා වශයෙන් යැවුවෙමු). ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි!අල්ලාහ් එක් කෙනෙකුවම නමදිනු. ඔහු හැර ඔබට වෙන කිසිම දෙවියෙකු නැත. ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් නියත වශයෙන්ම ඔබට පැහැදිලි වූ සාධකයක් පැමිණ ඇත්තේය. මිම්ම පූරණ වශයෙන් මැන, බර නියම ආකාරයට කිරිනු. (ඔබ දිය යුතු) මිනිසුන්ගේ භාණ්ඩ වලින් කිසිවක් ඔවුන්ට අඩු කර නොදමනු. භූමියෙහි (සාමය හා සමාදානයද ඇති වී) පිළිසකර වූ පසු එහි ආරවුල් ඇති නොකරනු. ඔබ විශ්වාසවන්තයින් නම්, මේවායින්ම ඔබට හොඳක් අත් වනු ඇත” යයි පැවසුවේය