Surah Al-Muddathir Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Muddathirوَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَـٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ
නිරයෙහි ආරක්ෂකයින් වශයෙන් මලායිකාවරුන්වම මිස, (වෙන කිසිවෙකුත්) අපි නියම කළේ නැත. ප්‍රතික්ෂේප කරන්නන්ව පිරික්සීම සඳහාම (මෙසේ) මොවුන්ගේ ගණනය (දහනව දෙනෙකු වශයෙන්) අපි ඇති කළෙමු. ධර්මය හිමි අය, (මෙය) ස්ථීර වශයෙන් විශ්වාස කළ යුතුය. මෙය, විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය, වැඩි කරනු ඇත. ධර්මය හිමි අයද, විශ්වාසවන්තයින්ද, (මේ ගැන) සැක සිතිය නොයුතුය. එහෙත් කවුරුන්ගේ හෘදයන්හි අසනීපය ඇත්තේද, ඔවුන්ද, ප්‍රතික්ෂේප කරන්නන්ද, “මෙම උදාහරණය මගින් අල්ලාහ් කුමක් (දැනුම් දීමට) අදහස් කළේද?”යි පවසන්නාහ. (නබියේ!) මෙසේම අල්ලාහ් තමන් අදහස් කරන අයව දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේය. තමන් අදහස් කරන අයව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. ඔබ දෙවියන්ගේ සේනාවන්, ඔහු හැර වෙන කිසිවෙකුත් දැන ගන්නේ නැත. මේවා මිනිසුන්ට හොඳ ඔවදනම මිස, වෙන කිසිවක් නැත