Surah Al-Muddathir - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
يَـٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ
(වහී නිසා ඇති වන තිගැස්සීමෙන්) පොරවාගෙන සිටින්ණෙනි
Surah Al-Muddathir, Verse 1
قُمۡ فَأَنذِرۡ
(නබියේ!) ඔබ නැගිටිනු! (මිනිසුන්ට) බියගන්වා අනතුරු අඟවනු (මැනව)
Surah Al-Muddathir, Verse 2
وَرَبَّكَ فَكَبِّرۡ
ඔබගේ දෙවියන්ව ආඩම්බර කරනු (මැනව)
Surah Al-Muddathir, Verse 3
وَثِيَابَكَ فَطَهِّرۡ
ඔබගේ ඇඳුම් පරිශුද්ධව තබා ගනු (මැනව)
Surah Al-Muddathir, Verse 4
وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ
අපිරිසිදු දැය පිළිකුල් කර හරිනු (මැනව)
Surah Al-Muddathir, Verse 5
وَلَا تَمۡنُن تَسۡتَكۡثِرُ
(ඔබ ලබා දුන් දැයට වඩා) අධික වශයෙන් ලබා ගැනීමේ චේතනාවෙන් (කිසිවෙකුටත්) කෘතඥ නොකරනු
Surah Al-Muddathir, Verse 6
وَلِرَبِّكَ فَٱصۡبِرۡ
ඔබගේ දෙවියන් වෙනුවෙන් (අමාරුකම) ඔබ ඉවසා සිටිනු
Surah Al-Muddathir, Verse 7
فَإِذَا نُقِرَ فِي ٱلنَّاقُورِ
කවදා හෝ (හොරණෑව) පිඹිනු ලබන අවස්ථාවේදී
Surah Al-Muddathir, Verse 8
فَذَٰلِكَ يَوۡمَئِذٖ يَوۡمٌ عَسِيرٌ
එදින ඉතාමත් අමාරුකමින් පිරි දිනයක් වන්නේය
Surah Al-Muddathir, Verse 9
عَلَى ٱلۡكَٰفِرِينَ غَيۡرُ يَسِيرٖ
(එදින) ප්‍රතික්ෂේප කරන්නන්ට පහසු දැයක් නොව
Surah Al-Muddathir, Verse 10
ذَرۡنِي وَمَنۡ خَلَقۡتُ وَحِيدٗا
(නබියේ! ඔබ මැදිහත් නොවී) මාවද, මා තනියෙන් උත්පාදනය කළ ඔහුවද අත්හැර දමනු
Surah Al-Muddathir, Verse 11
وَجَعَلۡتُ لَهُۥ مَالٗا مَّمۡدُودٗا
(මන්දයත්) මා ඔහුට අප්‍රමාණ වස්තූන්ද, ලබා දුන්නෙමි
Surah Al-Muddathir, Verse 12
وَبَنِينَ شُهُودٗا
සෑම විටම ඔහු සමග සිටින ජනතාවද, (මා ඔහුට ලබා දුන්නෙමි)
Surah Al-Muddathir, Verse 13
وَمَهَّدتُّ لَهُۥ تَمۡهِيدٗا
ඔහුට අවශ්‍යය සෑම දැයක්ම (දැනටමත්) ඔහු වෙනුවෙන් සැලසුම් කරද තැබුවෙමි
Surah Al-Muddathir, Verse 14
ثُمَّ يَطۡمَعُ أَنۡ أَزِيدَ
පසුවද මා (ඔහුට) තවත් අධික වශයෙන්ද ලබා දිය යුතුය යයිද, ඔහු ආශා කරන්නේය. එය සිදු විය හැකි දැයක් නොව
Surah Al-Muddathir, Verse 15
كَلَّآۖ إِنَّهُۥ كَانَ لِأٓيَٰتِنَا عَنِيدٗا
මන්දයත් නියත වශයෙන්ම ඔහු අපගේ ආයාවන්ට දරුණු සතුරෙකු වශයෙන් සිටින්නේය
Surah Al-Muddathir, Verse 16
سَأُرۡهِقُهُۥ صَعُودًا
ඉතා ඉක්මනින් ඔහුව එක්තරා අමාරු විපතක ඇතුළු කරන්නෙමි
Surah Al-Muddathir, Verse 17
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ
නියත වශයෙන්ම ඔහු (මෙම කුර්ආනය ගැන ඉතාමත්) අවධානයෙන් (එක්තරා බොරුවක්) මනක්කල්පිත කර ගෙතුවේය
Surah Al-Muddathir, Verse 18
فَقُتِلَ كَيۡفَ قَدَّرَ
ඔහු විනාශ වී යා යුතුය. ඔහු කුමක් නම් මනක්කල්පිත කළේද! (කිසිවක් නැත)
Surah Al-Muddathir, Verse 19
ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ
ඔහු විනාශ වී යත්වා! ඔහු කුමක් නම් මනක්කල්පිත කළේද! (කිසිවක් නැත)
Surah Al-Muddathir, Verse 20
ثُمَّ نَظَرَ
පසුවත් (ඒ ගැන) ඔහු අවධානය කළේය
Surah Al-Muddathir, Verse 21
ثُمَّ عَبَسَ وَبَسَرَ
නැවතත් (තමන්ගේ නොහැකිකම ගැන) ඔහු කෝපයෙන් වෙව්ලූවේය. (මුහුණ) ඇඹුල් කර ගත්තේය
Surah Al-Muddathir, Verse 22
ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ
පසුව පිටුපස හරවා ගියේය. (එහෙත් නැවතත්) ඔහු උඞඟූ වූවේය
Surah Al-Muddathir, Verse 23
فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ يُؤۡثَرُ
එබැවින් “එය රවටා දැමිය හැකි සූනියමක් මිස, වෙන කිසිවක් නැත”
Surah Al-Muddathir, Verse 24
إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ
“මෙය මිනිසුන්ගේ කියමනක් මිස, වෙන කිසිවක් නැත” යයිද පැවසුවේය
Surah Al-Muddathir, Verse 25
سَأُصۡلِيهِ سَقَرَ
එබැවින් අපි ඔහුව නිරයෙහි වීසි කර දමන්නෙමු
Surah Al-Muddathir, Verse 26
وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ
(නබියේ! එම) නිරය කුමක්ද යන්න ඔබ දන්නෙහිද
Surah Al-Muddathir, Verse 27
لَا تُبۡقِي وَلَا تَذَرُ
එය කිසිවෙකුවත් ඉතුරු කරන්නේ නැත. අත්හැර දමන්නේද නැත
Surah Al-Muddathir, Verse 28
لَوَّاحَةٞ لِّلۡبَشَرِ
(එය පුළුස්සා) මිනිසුන්ගේ හැඩරුවම වෙනස් කර දමනු ඇත
Surah Al-Muddathir, Verse 29
عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ
(ඔහුව දඬුවම් කිරීමට) එහි දහනව දෙනෙකු සිටින්නාහ
Surah Al-Muddathir, Verse 30
وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَـٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ
නිරයෙහි ආරක්ෂකයින් වශයෙන් මලායිකාවරුන්වම මිස, (වෙන කිසිවෙකුත්) අපි නියම කළේ නැත. ප්‍රතික්ෂේප කරන්නන්ව පිරික්සීම සඳහාම (මෙසේ) මොවුන්ගේ ගණනය (දහනව දෙනෙකු වශයෙන්) අපි ඇති කළෙමු. ධර්මය හිමි අය, (මෙය) ස්ථීර වශයෙන් විශ්වාස කළ යුතුය. මෙය, විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය, වැඩි කරනු ඇත. ධර්මය හිමි අයද, විශ්වාසවන්තයින්ද, (මේ ගැන) සැක සිතිය නොයුතුය. එහෙත් කවුරුන්ගේ හෘදයන්හි අසනීපය ඇත්තේද, ඔවුන්ද, ප්‍රතික්ෂේප කරන්නන්ද, “මෙම උදාහරණය මගින් අල්ලාහ් කුමක් (දැනුම් දීමට) අදහස් කළේද?”යි පවසන්නාහ. (නබියේ!) මෙසේම අල්ලාහ් තමන් අදහස් කරන අයව දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේය. තමන් අදහස් කරන අයව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. ඔබ දෙවියන්ගේ සේනාවන්, ඔහු හැර වෙන කිසිවෙකුත් දැන ගන්නේ නැත. මේවා මිනිසුන්ට හොඳ ඔවදනම මිස, වෙන කිසිවක් නැත
Surah Al-Muddathir, Verse 31
كَلَّا وَٱلۡقَمَرِ
තවද නියත වශයෙන්ම චන්ද්‍රයා මතද
Surah Al-Muddathir, Verse 32
وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ
රාත්‍රිය පසු බසින විටද
Surah Al-Muddathir, Verse 33
وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ
නැගෙන සූර්යයා දීප්තිමත්ව බැබළෙන විටද, සත්තකින්ම
Surah Al-Muddathir, Verse 34
إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ
නියත වශයෙන්ම එය (නිරය), අති විශාල කාරණාවන්ගෙන් එකක් වන්නේය
Surah Al-Muddathir, Verse 35
نَذِيرٗا لِّلۡبَشَرِ
එය මිනිසුන්ට බිය ගන්වා අනතුරු අඟවන්නේය
Surah Al-Muddathir, Verse 36
لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ
ඔබගෙන් කවුරුන් (ඒ දෙසට) කළින් යාමට හෝ, නැතහොත් (එය අත්හැර) ඈත්ව යාමට හෝ කැමති වන්නේද, ඔහුට (එය බියගන්වා අනතුරු අඟවන්නේය)
Surah Al-Muddathir, Verse 37
كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ
සෑම මිනිසෙකුම තමන් කරන අපරාධයටම ඇපකරුවෙකු වශයෙන් සිටින්නේය
Surah Al-Muddathir, Verse 38
إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ
නමුත් (දකුණතෙහි සටහන් පොත ලබා දෙන ලද) දකුණු පාර්ශවයෙහි සිටින අය හැර
Surah Al-Muddathir, Verse 39
فِي جَنَّـٰتٖ يَتَسَآءَلُونَ
(ඔවුන්) ස්වර්ගයන්හි සිටිමින්
Surah Al-Muddathir, Verse 40
عَنِ ٱلۡمُجۡرِمِينَ
වැරදිකරුවන්ගෙන් මෙසේ විමසනු ඇත
Surah Al-Muddathir, Verse 41
مَا سَلَكَكُمۡ فِي سَقَرَ
“ඔබව නිරයෙහි ඇතුළු කළේ කුමක්ද?”
Surah Al-Muddathir, Verse 42
قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ
එයට ඔවුන් “අපි සලාත් කරන්නන්ගෙන් වූවේ නැත”
Surah Al-Muddathir, Verse 43
وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ
“අපි දුප්පතුන්ට ආහාර සැපයූවේද නැත”
Surah Al-Muddathir, Verse 44
وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ
“පුහු කාරණාවන්හි ගැලී සිටිය අය සමග අපිත් ගැලී සිටියෙමු”
Surah Al-Muddathir, Verse 45
وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ
“ඵලවිපාක ලබා දෙන මේ දිනයද අපි බොරු කළෙමු”
Surah Al-Muddathir, Verse 46
حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ
“(අපි මරණයට පත් වී) මෙය ස්ථීරව දකින තුරු (මේ අන්දමටම සිටියෙමු)” යයිද පවසනු ඇත
Surah Al-Muddathir, Verse 47
فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّـٰفِعِينَ
එබැවින් (ඔවුන් වෙනුවෙන්) මැදිහත් වී කතා කරන්නන්ගේ රෙකමදාරුවද, (එදිනදී) ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත
Surah Al-Muddathir, Verse 48
فَمَا لَهُمۡ عَنِ ٱلتَّذۡكِرَةِ مُعۡرِضِينَ
ඔවුන්ට කුමක් නම් සිදු වී ඇත්ද? මෙම හොඳ ඔවදන (මෙසේ) ප්‍රතික්ෂේප කරන්නාහ
Surah Al-Muddathir, Verse 49
كَأَنَّهُمۡ حُمُرٞ مُّسۡتَنفِرَةٞ
වේගයෙන් දිව යන (වල්) බූරුවන් මෙන් ඔවුන් සිටින්නාහ
Surah Al-Muddathir, Verse 50
فَرَّتۡ مِن قَسۡوَرَةِۭ
එයද සිංහයින්ව දැක වේගයෙන් දිව යන (බූරුවන් මෙන් දුවන්නාහ)
Surah Al-Muddathir, Verse 51
بَلۡ يُرِيدُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُؤۡتَىٰ صُحُفٗا مُّنَشَّرَةٗ
(මෙපමණක්ද?) ඔවුන්ගෙන් සෑම කෙනෙකුම දිගහැර සමුදීරණය කරනු ලබන ධර්මයක් තමන්ටද ලබා දිය යුතුය යයිද කැමති වන්නාහ
Surah Al-Muddathir, Verse 52
كَلَّاۖ بَل لَّا يَخَافُونَ ٱلۡأٓخِرَةَ
එය එසේ සිදු වන්නේ නැත. පරලොව ගැන මොවුන් බිය වූවේම නැත
Surah Al-Muddathir, Verse 53
كَلَّآ إِنَّهُۥ تَذۡكِرَةٞ
නියත වශයෙන්ම මෙය එක් හොඳ ඔවදනක් වන්නේය
Surah Al-Muddathir, Verse 54
فَمَن شَآءَ ذَكَرَهُۥ
(හොඳ ඔවදන් ලබා ගැනීමට) කැමති කෙනා මෙය මතකයේ තබා ගත යුතුය
Surah Al-Muddathir, Verse 55
وَمَا يَذۡكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ هُوَ أَهۡلُ ٱلتَّقۡوَىٰ وَأَهۡلُ ٱلۡمَغۡفِرَةِ
අල්ලාහ් අදහස් කළහොත් මිස, ඔවුන්ට හොඳ ඔවදන් ලබා ගත නොහැක. (අපි) බිය යුතු කෙනාද, (අපට) සමාව දිය හැකි කෙනාද ඔහුය
Surah Al-Muddathir, Verse 56