UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Muzzammil - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


يَـٰٓأَيُّهَا ٱلۡمُزَّمِّلُ

පොරවණය පොරවා ගත් තැනැත්තෙනි
Surah Al-Muzzammil, Verse 1


قُمِ ٱلَّيۡلَ إِلَّا قَلِيلٗا

(නබියේ!) රාත්‍රියෙහි ඔබ (සලාතය සදහා නැගිට) සිටිනු. (සම්පුර්ණ රාත්‍රියෙහිද නොව. එහි එක්) සුළු කොටසකි. (එනම්)
Surah Al-Muzzammil, Verse 2


نِّصۡفَهُۥٓ أَوِ ٱنقُصۡ مِنۡهُ قَلِيلًا

එහි අඩක (කාලයක්), එයින් ඔබ පොඩියක් අඩු කර ගත හැකිය. නැතහොත් පොඩියක් වැඩි කර ගත හැකිය
Surah Al-Muzzammil, Verse 3


أَوۡ زِدۡ عَلَيۡهِ وَرَتِّلِ ٱلۡقُرۡءَانَ تَرۡتِيلًا

(එහිදී) මෙම කුර්ආනය හොඳින් නිවැරදිව සමුදීරණය කරනු
Surah Al-Muzzammil, Verse 4


إِنَّا سَنُلۡقِي عَلَيۡكَ قَوۡلٗا ثَقِيلًا

නියත වශයෙන්ම අපි ඉතා ඉක්මනින් ඉතාමත් ස්ථීර වූ පොරොන්දුවක් ඔබ කෙරෙහි පහළ කර තබන්නෙමු
Surah Al-Muzzammil, Verse 5


إِنَّ نَاشِئَةَ ٱلَّيۡلِ هِيَ أَشَدُّ وَطۡـٔٗا وَأَقۡوَمُ قِيلًا

නියත වශයෙන්ම රාත්‍රියෙහි නැගී සිටීම, ආත්මය පුරුදු පුහුණු කර (පාලනය කර තබන අතර) යම්කිසිවක් මනස හා වදන ගළපා පවසන මෙන්ද සලස්වන්නේය
Surah Al-Muzzammil, Verse 6


إِنَّ لَكَ فِي ٱلنَّهَارِ سَبۡحٗا طَوِيلٗا

නියත වශයෙන්ම ඔබට දහවලෙහි දීර්ඝ වැඩ රාජකාරි ඇත්තේය
Surah Al-Muzzammil, Verse 7


وَٱذۡكُرِ ٱسۡمَ رَبِّكَ وَتَبَتَّلۡ إِلَيۡهِ تَبۡتِيلٗا

ඔබ, ඔහු දෙසට සම්පූර්ණයෙන්ම හැරී ඔහුගේ ශුද්ධ වූ නාමය සුවිශුද්ධ කරමින් සිටිනු මැනව
Surah Al-Muzzammil, Verse 8


رَّبُّ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱتَّخِذۡهُ وَكِيلٗا

ඔහුම නැගෙනහිර දිසාවටද, බටහිර දිසාවටද දෙවියන්ය. ඔහු හැර, වෙන කිසිම හිමියෙකු නැත. එබැවින් ඔහුවම ඔබ, (ඔබගේ) ආරක්ෂකයා වශයෙන් (පත්) කරගනු
Surah Al-Muzzammil, Verse 9


وَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَٱهۡجُرۡهُمۡ هَجۡرٗا جَمِيلٗا

(නබියේ!) ඔවුන් (ඔබ ගැන අඩුපාඩුකම්) පැවසීම විඳ දරාගෙන ගෞරවණීය අන්දමට ඔවුන්ගෙන් ඈත් වී සිටිනු
Surah Al-Muzzammil, Verse 10


وَذَرۡنِي وَٱلۡمُكَذِّبِينَ أُوْلِي ٱلنَّعۡمَةِ وَمَهِّلۡهُمۡ قَلِيلًا

(නබියේ! ඔබ ඔවුන් වෙනුවෙන් මැදිහත් නොවී) මාවද, මාව බොරු කර තබන එම සුවය විඳින්නන්වද අත්හැර දමනු. ඔවුන්ට සුළු අවකාශයක්ද ලබා දෙනු
Surah Al-Muzzammil, Verse 11


إِنَّ لَدَيۡنَآ أَنكَالٗا وَجَحِيمٗا

නියත වශයෙන්ම අප වෙත (ඔවුන්ට) විළංඟූ ඇත්තේය. නිරයද ඇත්තේය
Surah Al-Muzzammil, Verse 12


وَطَعَامٗا ذَا غُصَّةٖ وَعَذَابًا أَلِيمٗا

උගුරේ හිරවෙන සුළු ආහාරද (ඔවුන් වෙනුවෙන්) ඇත්තේය. වේදනා ගෙන දෙන දඬුවමද ඇත්තේය
Surah Al-Muzzammil, Verse 13


يَوۡمَ تَرۡجُفُ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ وَكَانَتِ ٱلۡجِبَالُ كَثِيبٗا مَّهِيلًا

එදිනදී භූමියෙහි කඳුද සෙළවී (එකකට එකක් ගැටී) කඳු විසිරී ගිය, පස් ගොඩවල් බවට පත් වනු ඇත
Surah Al-Muzzammil, Verse 14


إِنَّآ أَرۡسَلۡنَآ إِلَيۡكُمۡ رَسُولٗا شَٰهِدًا عَلَيۡكُمۡ كَمَآ أَرۡسَلۡنَآ إِلَىٰ فِرۡعَوۡنَ رَسُولٗا

(මිනිසුනේ!) නියත වශයෙන්ම අපි ඔබ වෙත (අපගේ) එක් දූතයෙකු යැව්වෙමු. (විනිශ්චය දිනදී) ඔහු ඔබට සාක්ෂිකරුවෙකු වශයෙන් එනු ඇත. මෙසේම ෆිර්අව්න් වෙතද, පෙර එක් දූතයෙකු අපි යැව්වෙමු
Surah Al-Muzzammil, Verse 15


فَعَصَىٰ فِرۡعَوۡنُ ٱلرَّسُولَ فَأَخَذۡنَٰهُ أَخۡذٗا وَبِيلٗا

එහෙත් ෆිර්අව්න් එම දූතයාට වෙනස්කම් කළේය. එබැවින් අපි ඔහුව තදින් අල්ලා ගත්තෙමු
Surah Al-Muzzammil, Verse 16


فَكَيۡفَ تَتَّقُونَ إِن كَفَرۡتُمۡ يَوۡمٗا يَجۡعَلُ ٱلۡوِلۡدَٰنَ شِيبًا

ඔබ (මෙය) ප්‍රතික්ෂේප කර හැරියහොත් කෙසේ නම් ඔබ (අපගේ ග්‍රහණයෙන්) බේරෙන්නෙහිද? (අපි අල්ලා ගන්නා) එදිනදී (තිගැස්සීම) කුඩා ළදරුවන්වද, කෙස් පැසී ගිය අය බවට පත් කර හරිනු ඇත
Surah Al-Muzzammil, Verse 17


ٱلسَّمَآءُ مُنفَطِرُۢ بِهِۦۚ كَانَ وَعۡدُهُۥ مَفۡعُولًا

(එබැවින්) අහසද පැලී යනු ඇත. එය අනිවාර්යයෙන්ම සිදු විය යුතු ඔහුගේ පොරොන්දුවක් වන්නේය
Surah Al-Muzzammil, Verse 18


إِنَّ هَٰذِهِۦ تَذۡكِرَةٞۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًا

නියත වශයෙන්ම මෙය (ඉතාමත්) හොඳ ඔවදනක් වන්නේය. එබැවින් කැමති අය තම දෙවියන් වෙත යා හැකි (මෙම) මාර්ගය ගත යුතුය
Surah Al-Muzzammil, Verse 19


۞إِنَّ رَبَّكَ يَعۡلَمُ أَنَّكَ تَقُومُ أَدۡنَىٰ مِن ثُلُثَيِ ٱلَّيۡلِ وَنِصۡفَهُۥ وَثُلُثَهُۥ وَطَآئِفَةٞ مِّنَ ٱلَّذِينَ مَعَكَۚ وَٱللَّهُ يُقَدِّرُ ٱلَّيۡلَ وَٱلنَّهَارَۚ عَلِمَ أَن لَّن تُحۡصُوهُ فَتَابَ عَلَيۡكُمۡۖ فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنَ ٱلۡقُرۡءَانِۚ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرۡضَىٰ وَءَاخَرُونَ يَضۡرِبُونَ فِي ٱلۡأَرۡضِ يَبۡتَغُونَ مِن فَضۡلِ ٱللَّهِ وَءَاخَرُونَ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِۖ فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنۡهُۚ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَأَقۡرِضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗاۚ وَمَا تُقَدِّمُواْ لِأَنفُسِكُم مِّنۡ خَيۡرٖ تَجِدُوهُ عِندَ ٱللَّهِ هُوَ خَيۡرٗا وَأَعۡظَمَ أَجۡرٗاۚ وَٱسۡتَغۡفِرُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمُۢ

(නබියේ!) නියත වශයෙන්ම ඔබත්, ඔබ සමග සිටින්නන්ගේ එක් සමූහයක්ද, සාමාන්‍යයෙන් රාත්‍රියෙන් තුනෙන් දෙකොටසක්, නැතහොත් අඩක්, නැතහොත් තුනෙන් එක් කොටසක කාලයක් (රාත්‍රියේ සලාතයෙහි) නැගී සිටිමින් සිටින්නෙහුය යන්න නියත වශයෙන්ම ඔබගේ දෙවියන් හොඳින් දන්නේය. රාත්‍රිය හා දහවල ගණන් ගැනීම අල්ලාහ්ටම කළ හැකිය. ඔබට එය නිසියාකාරව ගණන් ගැනීමට නොහැකිය යන්න ඔහු හොඳින් දැන, (සිටින බැවින්ම රාත්‍රියෙහි අසවල් කාලයෙහි මෙතරම් සලාත් කළ යුතුය යයි නියම කර නොපවසා) ඔබව ඔහු ක්ෂමා කර හැරියේය. එබැවින් (රාත්‍රියෙහි ඔබ සලාත් කරන්නේ නම්) කුර්ආනයෙහි ඔබට පහසු ප්‍රමාණයක් සමුදීරණය කරනු. (මන්දයත්) ඔබගෙන් අසනීපකාරයන් සිටිනු ඇතැයි යන්නද, වෙනත් සමහරෙක් අල්ලාහ්ගේ වරප්‍රසාදයන් (වන වස්තුව) සොයා භූමියෙහි විවිධ ප්‍රදේශයන්ට යාමට අවශ්‍යව තිඛෙනු ඇත යන්නද, තවත් සමහරෙක් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කිරීමට යා යුතුව ඇත යන්නද, ඔහු හොඳින් දන්නේය. එබැවින් (ඔබගේ අවස්ථාවට සරිලන සේ වැඩි කර හෝ අඩු කර හෝ) ඔබට පහසු ප්‍රමාණයක්ම සමුදීරණය කරනු. (එහෙත්) සලාතය (අඩු නොකර නියමිත අන්දමට) එයින් පූරණ වශයෙන් සලාත් කරමින් සිටිනු. සකාත්ද (අඩු නොකර) ගෙවමින් සිටිනු. (මුදල් අමාරුකමේ පැටලූනු අයට) අල්ලාහ් වෙනුවෙන් ණය වශයෙන් -(එනම්) අලංකාරවත් ණය වශයෙන් ලබා දෙනු. පින් ඇති කාරණාවන්හි (කුමක් හෝ) ඔබ, ඔබ වෙනුවෙන් (ඔබගේ මරණයට පෙරම) කර යවන්නෝද, ඔවුන්ව ඔබ අල්ලාහ්ගේ සන්නිධානයෙහි දකින්නෙහිය. එයම (ඔබට) උසස් හා ඉමහත් වූ ඵලවිපාකද වන්නේය. (විශ්වාසවන්තයිනි!) ඔබ අල්ලාහ් වෙත සමාවද ඉල්ලා සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය
Surah Al-Muzzammil, Verse 20


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 72
>> Surah 74

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai