Surah Al-Muzzammil Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Muzzammil۞إِنَّ رَبَّكَ يَعۡلَمُ أَنَّكَ تَقُومُ أَدۡنَىٰ مِن ثُلُثَيِ ٱلَّيۡلِ وَنِصۡفَهُۥ وَثُلُثَهُۥ وَطَآئِفَةٞ مِّنَ ٱلَّذِينَ مَعَكَۚ وَٱللَّهُ يُقَدِّرُ ٱلَّيۡلَ وَٱلنَّهَارَۚ عَلِمَ أَن لَّن تُحۡصُوهُ فَتَابَ عَلَيۡكُمۡۖ فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنَ ٱلۡقُرۡءَانِۚ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرۡضَىٰ وَءَاخَرُونَ يَضۡرِبُونَ فِي ٱلۡأَرۡضِ يَبۡتَغُونَ مِن فَضۡلِ ٱللَّهِ وَءَاخَرُونَ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِۖ فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنۡهُۚ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَأَقۡرِضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗاۚ وَمَا تُقَدِّمُواْ لِأَنفُسِكُم مِّنۡ خَيۡرٖ تَجِدُوهُ عِندَ ٱللَّهِ هُوَ خَيۡرٗا وَأَعۡظَمَ أَجۡرٗاۚ وَٱسۡتَغۡفِرُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمُۢ
(නබියේ!) නියත වශයෙන්ම ඔබත්, ඔබ සමග සිටින්නන්ගේ එක් සමූහයක්ද, සාමාන්‍යයෙන් රාත්‍රියෙන් තුනෙන් දෙකොටසක්, නැතහොත් අඩක්, නැතහොත් තුනෙන් එක් කොටසක කාලයක් (රාත්‍රියේ සලාතයෙහි) නැගී සිටිමින් සිටින්නෙහුය යන්න නියත වශයෙන්ම ඔබගේ දෙවියන් හොඳින් දන්නේය. රාත්‍රිය හා දහවල ගණන් ගැනීම අල්ලාහ්ටම කළ හැකිය. ඔබට එය නිසියාකාරව ගණන් ගැනීමට නොහැකිය යන්න ඔහු හොඳින් දැන, (සිටින බැවින්ම රාත්‍රියෙහි අසවල් කාලයෙහි මෙතරම් සලාත් කළ යුතුය යයි නියම කර නොපවසා) ඔබව ඔහු ක්ෂමා කර හැරියේය. එබැවින් (රාත්‍රියෙහි ඔබ සලාත් කරන්නේ නම්) කුර්ආනයෙහි ඔබට පහසු ප්‍රමාණයක් සමුදීරණය කරනු. (මන්දයත්) ඔබගෙන් අසනීපකාරයන් සිටිනු ඇතැයි යන්නද, වෙනත් සමහරෙක් අල්ලාහ්ගේ වරප්‍රසාදයන් (වන වස්තුව) සොයා භූමියෙහි විවිධ ප්‍රදේශයන්ට යාමට අවශ්‍යව තිඛෙනු ඇත යන්නද, තවත් සමහරෙක් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කිරීමට යා යුතුව ඇත යන්නද, ඔහු හොඳින් දන්නේය. එබැවින් (ඔබගේ අවස්ථාවට සරිලන සේ වැඩි කර හෝ අඩු කර හෝ) ඔබට පහසු ප්‍රමාණයක්ම සමුදීරණය කරනු. (එහෙත්) සලාතය (අඩු නොකර නියමිත අන්දමට) එයින් පූරණ වශයෙන් සලාත් කරමින් සිටිනු. සකාත්ද (අඩු නොකර) ගෙවමින් සිටිනු. (මුදල් අමාරුකමේ පැටලූනු අයට) අල්ලාහ් වෙනුවෙන් ණය වශයෙන් -(එනම්) අලංකාරවත් ණය වශයෙන් ලබා දෙනු. පින් ඇති කාරණාවන්හි (කුමක් හෝ) ඔබ, ඔබ වෙනුවෙන් (ඔබගේ මරණයට පෙරම) කර යවන්නෝද, ඔවුන්ව ඔබ අල්ලාහ්ගේ සන්නිධානයෙහි දකින්නෙහිය. එයම (ඔබට) උසස් හා ඉමහත් වූ ඵලවිපාකද වන්නේය. (විශ්වාසවන්තයිනි!) ඔබ අල්ලාහ් වෙත සමාවද ඉල්ලා සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය