UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Jinn - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


قُلۡ أُوحِيَ إِلَيَّ أَنَّهُ ٱسۡتَمَعَ نَفَرٞ مِّنَ ٱلۡجِنِّ فَقَالُوٓاْ إِنَّا سَمِعۡنَا قُرۡءَانًا عَجَبٗا

(නබියේ!) ඔබ මෙසේ පවසනු: වහී මගින් මා හට දැනුම් දෙන ලදී. ඇත්තෙන්ම ජින්වරුන්ගෙන් සමහරක් (මෙම ධර්මයට) සවන් දී (තමන්ගේ වාර්ගිකයින් වෙත ගොස් ඔවුන්ට) “නියත වශයෙන්ම අපි ඉතාමත් පුදුමාකාර එක් කුර්ආනයකට සවන් දුන්නෙමු”
Surah Al-Jinn, Verse 1


يَهۡدِيٓ إِلَى ٱلرُّشۡدِ فَـَٔامَنَّا بِهِۦۖ وَلَن نُّشۡرِكَ بِرَبِّنَآ أَحَدٗا

“එය ඍජු මාර්ගය දැනුම් දෙන්නේය. එබැවින් එය අපි විශ්වාස කළෙමු. (මින්පසු) අපි අපගේ දෙවියන්ට කිසිවෙකුත් සමානයන් වශයෙන් නොතබන්නෙමු”
Surah Al-Jinn, Verse 2


وَأَنَّهُۥ تَعَٰلَىٰ جَدُّ رَبِّنَا مَا ٱتَّخَذَ صَٰحِبَةٗ وَلَا وَلَدٗا

“නියත වශයෙන්ම අපගේ දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය ඉතාමත් උසස්ය. ඔහු කිසිවෙකුත් (තමන්ගේ) භාර්යයාවන් වශයෙන් හෝ දරුවන් වශයෙන් හෝ ඇර ගත්තේ නැත” යයි පැවසූහ
Surah Al-Jinn, Verse 3


وَأَنَّهُۥ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى ٱللَّهِ شَطَطٗا

(නැවතත් ඔවුන් මෙසේ පැවසූහ): “නියත වශයෙන්ම අපගෙන් වූ මෝඩයින් අල්ලාහ් කෙරෙහි (ඔහුගේ පරිශුද්ධභාවයට) සුදුසු නැති කාරණාවන් පවසන්නාහ”
Surah Al-Jinn, Verse 4


وَأَنَّا ظَنَنَّآ أَن لَّن تَقُولَ ٱلۡإِنسُ وَٱلۡجِنُّ عَلَى ٱللَّهِ كَذِبٗا

“මිනිසුන්ද, ජින්වරුන්ද නියත වශයෙන්ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසන්නේ නැත යයි ඇත්තෙන්ම (මෙතෙක්) අපි අදහස් කරමින් සිටියෙමු”
Surah Al-Jinn, Verse 5


وَأَنَّهُۥ كَانَ رِجَالٞ مِّنَ ٱلۡإِنسِ يَعُوذُونَ بِرِجَالٖ مِّنَ ٱلۡجِنِّ فَزَادُوهُمۡ رَهَقٗا

“මිනිසුන්ගෙන් වූ පිරිමින් බොහොමයක් දෙනා, ජින්වරුන්ගෙන් වූ පිරිමින් බොහොමයක් දෙනා වෙත ඇත්තෙන්ම (තමන්ව) බේරා ගන්නා මෙන් ඉල්ලා සිටින්නාහ. මෙමගින් ඔවුන්ගේ උඞඟූභාවය වැඩි වී ගියේය”
Surah Al-Jinn, Verse 6


وَأَنَّهُمۡ ظَنُّواْ كَمَا ظَنَنتُمۡ أَن لَّن يَبۡعَثَ ٱللَّهُ أَحَدٗا

“ඔබ අදහස් කරන අන්දමටම ඔවුන්ද (මරණයට පත් වූ පසු) අල්ලාහ් කිසිවෙකුවත් (පණ දී) නැගිට්ටවනු ලබන්නේ නැත යයි නියත වශයෙන්ම අදහස් කර ගත්හ”
Surah Al-Jinn, Verse 7


وَأَنَّا لَمَسۡنَا ٱلسَّمَآءَ فَوَجَدۡنَٰهَا مُلِئَتۡ حَرَسٗا شَدِيدٗا وَشُهُبٗا

“නියත වශයෙන්ම අපි අහස අතගා බැලූවෙමු. එය දැඩි මුරකාවල් වලින්ද, දැවෙන තාරකාවන්ගෙන්ද පුරවනු ලැබ ඇති බව අපි දුටුවෙමු”
Surah Al-Jinn, Verse 8


وَأَنَّا كُنَّا نَقۡعُدُ مِنۡهَا مَقَٰعِدَ لِلسَّمۡعِۖ فَمَن يَسۡتَمِعِ ٱلۡأٓنَ يَجِدۡ لَهُۥ شِهَابٗا رَّصَدٗا

“(කළින්) එහි (සිදු වන කාරණාවන්) සවන් දිය හැකි විවිධ ස්ථානයන්හි අපි වාඩි වී සිටින්නෙමු. දැන් නම්, (ඒවාට) සවන් දීමට කවුරුන් හෝ ගියහොත් ගින්නෙහි ගිනි සැර ඔහුට (පහර දීමට) බලාපොරොත්තුවෙන් සිටිනු ඔහු දකිනු ඇත”
Surah Al-Jinn, Verse 9


وَأَنَّا لَا نَدۡرِيٓ أَشَرٌّ أُرِيدَ بِمَن فِي ٱلۡأَرۡضِ أَمۡ أَرَادَ بِهِمۡ رَبُّهُمۡ رَشَدٗا

“භූමියෙහි සිටින අයට (මෙමගින්) විපත් ඇති කරන්නට කැමති වන්නේද, නැතහොත් ඔවුන්ගේ දෙවියන් (මෙමගින්) ඔවුන්ට යහපතක්ම අදහස් කරන්නේද, යන්න නියත වශයෙන්ම අපි නොදැන ගන්නෙමු”
Surah Al-Jinn, Verse 10


وَأَنَّا مِنَّا ٱلصَّـٰلِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَۖ كُنَّا طَرَآئِقَ قِدَدٗا

“නියත වශයෙන්ම අපගෙන් හොඳ අයද සමහරෙක් සිටින්නාහ. එසේ නොවන්නෝද අපගෙන් සමහරෙක් සිටින්නාහ. අපි විවිධ කොටස් වශයෙන් ඛෙදී සිටියෙමු”
Surah Al-Jinn, Verse 11


وَأَنَّا ظَنَنَّآ أَن لَّن نُّعۡجِزَ ٱللَّهَ فِي ٱلۡأَرۡضِ وَلَن نُّعۡجِزَهُۥ هَرَبٗا

“නියත වශයෙන්ම අපි භූමියෙහි අල්ලාහ්ව පරාජය කරන්නට නොහැකිය යන්නද, (භූමියෙන්) දිව ගොස් ඔහුගෙන් බේරෙන්නට නොහැකිය යන්නද ස්ථීර වශයෙන් දැන ගත්තෙමු”
Surah Al-Jinn, Verse 12


وَأَنَّا لَمَّا سَمِعۡنَا ٱلۡهُدَىٰٓ ءَامَنَّا بِهِۦۖ فَمَن يُؤۡمِنۢ بِرَبِّهِۦ فَلَا يَخَافُ بَخۡسٗا وَلَا رَهَقٗا

“(මෙම කුර්ආනයෙහි ඇති) ඍජු මාර්ගයන් සවන් දුන් අවස්ථාවේදීම, එය අපි විශ්වාස කර ගත්තෙමු. කවුරුන් තම දෙවියන්ව විශ්වාස කරන්නේද, ඔහු පාඩුව ගැනද අසාධාරණය ගැනද බිය වන්නේ නැත”
Surah Al-Jinn, Verse 13


وَأَنَّا مِنَّا ٱلۡمُسۡلِمُونَ وَمِنَّا ٱلۡقَٰسِطُونَۖ فَمَنۡ أَسۡلَمَ فَأُوْلَـٰٓئِكَ تَحَرَّوۡاْ رَشَدٗا

“(සම්පූර්ණයෙන්ම ඔහුට අවනත වූ) මුස්ලීම්වරුන් බොහොමයක්ද නියත වශයෙන්ම අපගෙන් සිටින්නාහ. සීමාව ඉක්මවූවන්ද අපගෙන් බොහොමයක් දෙනා සිටින්නාහ. කවුරුන් සම්පූර්ණයෙන්ම අවනත වන්නෝද, ඔවුන්ම ඍජු මාර්ගය තෝරා ගත් අයයි”
Surah Al-Jinn, Verse 14


وَأَمَّا ٱلۡقَٰسِطُونَ فَكَانُواْ لِجَهَنَّمَ حَطَبٗا

“සීමාව ඉක්මවූවන් නම්, නිරයෙහි ඉන්දන දර කොටන් බවට පත් වූහ” (යයිද පැවසූහ)
Surah Al-Jinn, Verse 15


وَأَلَّوِ ٱسۡتَقَٰمُواْ عَلَى ٱلطَّرِيقَةِ لَأَسۡقَيۡنَٰهُم مَّآءً غَدَقٗا

(නබියේ! මෙම මක්කාවාසීන් ධර්ම) මාර්ගයෙහි ස්ථීරව සිටියහොත් බාධාවකින් තොරවම ඔවුන්ට වර්ෂාව වසින්නට සලස්වමින් සිටින්නෙමු
Surah Al-Jinn, Verse 16


لِّنَفۡتِنَهُمۡ فِيهِۚ وَمَن يُعۡرِضۡ عَن ذِكۡرِ رَبِّهِۦ يَسۡلُكۡهُ عَذَابٗا صَعَدٗا

(මෙහිදී) ඔවුන්ව අපි පිරික්සන්නෙමු. එබැවින් කවුරුන් තම දෙවියන්ව මතක් කිරීමම ප්‍රතික්ෂේප කරන්නේද, ඔහුව දරුණු දඬුවමෙහි ඔහු ඇතුළු කර දමන්නේය
Surah Al-Jinn, Verse 17


وَأَنَّ ٱلۡمَسَٰجِدَ لِلَّهِ فَلَا تَدۡعُواْ مَعَ ٱللَّهِ أَحَدٗا

නියත වශයෙන්ම මස්ජිදයන් සියල්ල අල්ලාහ්ගේ (නැමදුම) වෙනුවෙන්ම ඇත්තේය. එබැවින් (ඒවායෙහි) අල්ලාහ් සමග වෙනත් කිසිවෙකු (නැමදීමට නාමය පවසා) ආරාධනා නොකරනු
Surah Al-Jinn, Verse 18


وَأَنَّهُۥ لَمَّا قَامَ عَبۡدُ ٱللَّهِ يَدۡعُوهُ كَادُواْ يَكُونُونَ عَلَيۡهِ لِبَدٗا

නියත වශයෙන්ම අල්ලාහ්ගේ වහලා (වන අපගේ දූතයා), සලාතය සඳහා සිටගෙන ඔහුව ආරාධනා කරන විට, (මෙය දකින ජනතාව පුදුමයට පත් වී) සමූහ සමුහයන් වශයෙන් පැමිණ ඔහුව වට කර ගන්නාහ
Surah Al-Jinn, Verse 19


قُلۡ إِنَّمَآ أَدۡعُواْ رَبِّي وَلَآ أُشۡرِكُ بِهِۦٓ أَحَدٗا

(ඔවුන්ට නබියේ!) ඔබ මෙසේ පවසනු: “මා ප්‍රාර්ථනා කර, ආරාධනා කරන්නේ, මගේ දෙවියන්වයි! ඔහුට කිසිවෙකුත් මා සමාන නොකරමි”
Surah Al-Jinn, Verse 20


قُلۡ إِنِّي لَآ أَمۡلِكُ لَكُمۡ ضَرّٗا وَلَا رَشَدٗا

“ඔබට හොඳක් හෝ නරකක් හෝ කිරීමට නියත වශයෙන්ම මා පොඩියක් හෝ ශක්තියක් නොමැත්තෙකි” යයිද පවසනු මැනව
Surah Al-Jinn, Verse 21


قُلۡ إِنِّي لَن يُجِيرَنِي مِنَ ٱللَّهِ أَحَدٞ وَلَنۡ أَجِدَ مِن دُونِهِۦ مُلۡتَحَدًا

“නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් කිසිවෙකුත් මාව බේරා ගැනීම නොකරන්නේය. ඔහු හැර පිළිසරණක් ඇති ස්ථානයක් මා දකින්නේ නැත
Surah Al-Jinn, Verse 22


إِلَّا بَلَٰغٗا مِّنَ ٱللَّهِ وَرِسَٰلَٰتِهِۦۚ وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ أَبَدًا

එහෙත් අල්ලාහ්ගේ සන්නිධානයෙන් (මා හට ලැබුණු) ඔහුගේ දූත මෙහෙවරේ පුවත් ගෙනහැර දැක්වීම මිස, (මා හට වෙන මගක් නැත). එබැවින් කවුරුන් අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද, වෙනස්කම් කරන්නේද, ඔහුට නියත වශයෙන්ම නිරා ගින්නම (ඵලවිපාක වශයෙන්) ඇත්තේය. එහි ඔවුන් සදාකල්ම රැඳී සිටින්නාහ” යයි (නබියේ!) ඔබ පවසනු
Surah Al-Jinn, Verse 23


حَتَّىٰٓ إِذَا رَأَوۡاْ مَا يُوعَدُونَ فَسَيَعۡلَمُونَ مَنۡ أَضۡعَفُ نَاصِرٗا وَأَقَلُّ عَدَدٗا

ඔවුන්ට බියගන්වනු ලැබූ දඬුවමම ඔවුන් (දෑසින්) දකින අවස්ථාවේදී කවුරුන්ගේ උදව්කරුවන් ඉතාමත් ඛෙලහීනයන් යන්නද, (කවුරුන්ගේ උදව්කරුවන්) ඉතාමත් ගණනයෙන් සුළු ප්‍රමාණයක් යන්නද, සැකයෙන් තොරව දැන ගන්නාහ
Surah Al-Jinn, Verse 24


قُلۡ إِنۡ أَدۡرِيٓ أَقَرِيبٞ مَّا تُوعَدُونَ أَمۡ يَجۡعَلُ لَهُۥ رَبِّيٓ أَمَدًا

(නබියේ!) ඔබ මෙසේ පවසනු: ඔබට පොරොන්දු දෙන ලද (දඬුවම) සමීපයෙහි ඇත්තේද, නැතහොත් මගේ දෙවියන් එයටත් නියමිත කාල අවකාශයක් ඇති කර ඇත්තේද යන්න මා දන්නේ නැත
Surah Al-Jinn, Verse 25


عَٰلِمُ ٱلۡغَيۡبِ فَلَا يُظۡهِرُ عَلَىٰ غَيۡبِهِۦٓ أَحَدًا

“ඔහුම (මෙවැනි) රහස් හොඳින් දන්නෙකි. ඔහුගේ රහස් ඔහු කිසිවෙකුටත් එළිදරව් කරන්නේද නැත”
Surah Al-Jinn, Verse 26


إِلَّا مَنِ ٱرۡتَضَىٰ مِن رَّسُولٖ فَإِنَّهُۥ يَسۡلُكُ مِنۢ بَيۡنِ يَدَيۡهِ وَمِنۡ خَلۡفِهِۦ رَصَدٗا

“එහෙත් (තමන්ගේ) තෝරා ගත් දූතයාට හැර. (එය ඔහුට, ඔහු දැනුම් දීමට ඉඩ ඇත. එය ඔහු, ඔහුට දැනුම් දුන් අවස්ථාවේදී) නියත වශයෙන්ම ඔහු ඔහුට ඉදිරියෙන්ද, පසුපසින්ද (මලායිකාවරයෙකු) ආරක්ෂකයෙකු වශයෙන් යවන්නේය
Surah Al-Jinn, Verse 27


لِّيَعۡلَمَ أَن قَدۡ أَبۡلَغُواْ رِسَٰلَٰتِ رَبِّهِمۡ وَأَحَاطَ بِمَا لَدَيۡهِمۡ وَأَحۡصَىٰ كُلَّ شَيۡءٍ عَدَدَۢا

(එම දූතයින්) තම දෙවියන්ගේ දූත මෙහෙවරේ පුවත් ඇත්තෙන්ම ගෙනහැර දැක්වූහ යන්න, තමන් දැන ගැනීම සඳහා (එසේ ආරක්ෂකයෙකු යවන්නේය). ඔවුන් වෙත ඇති දැය ඔහු (තම ඥානයෙන්) වටකර දැනගෙන සිටින අතර, සෑම වස්තුවකම ගණනයද පූරණව දන්නෙකු වශයෙන් සිටින්නේය
Surah Al-Jinn, Verse 28


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 71
>> Surah 73

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai