UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Nooh - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


إِنَّآ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦٓ أَنۡ أَنذِرۡ قَوۡمَكَ مِن قَبۡلِ أَن يَأۡتِيَهُمۡ عَذَابٌ أَلِيمٞ

නියත වශයෙන්ම නූහුව ඔහුගේ ජනතාව වෙත (අපගේ) දූතයා වශයෙන් යවා (ඔහුට), “ඔබ, ඔබගේ ජනතාවට වේදනා ගෙන දෙන දඬුවම පැමිණීමට පෙරම ඔවුන්ට (ඒ ගැන) බියගන්වා අනතුරු අඟවනු” යයි නියෝග කළෙමු
Surah Nooh, Verse 1


قَالَ يَٰقَوۡمِ إِنِّي لَكُمۡ نَذِيرٞ مُّبِينٌ

(ඔහුද ඒ අන්දමටම ඔවුන්ට) “මගේ ජනතාවෙනි! නියත වශයෙන්ම මා ඔබට ප්‍රසිද්ධියේම බියගන්වා අනතුරු අඟවන්නෙමි
Surah Nooh, Verse 2


أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ

අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔහුටම ඔබ බිය වනු. මා හට ඔබ අවනත වී කටයුතු කරනු
Surah Nooh, Verse 3


يَغۡفِرۡ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرۡكُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُۚ لَوۡ كُنتُمۡ تَعۡلَمُونَ

(එසේ ඔබ කටයුතු කළහොත් අල්ලාහ්) ඔබගේ වැරදිවලට ඔබට සමාව දී නියමිත කාලයක් දක්වා ඔබව (සමාදානයෙන් ජීවත් වීමට) අත්හැර තබනු ඇත. නියත වශයෙන්ම (දඬුවම සඳහා නියම කරන ලද) අල්ලාහ්ගේ වාරය පැමිණෙන අවස්ථාවේදී, එය පොඩියක් හෝ ප්‍රමාද වන්නේ නැත. (මෙය) ඔබ දැන ගත යුතු නොවේද?”යි පැවසුවේය
Surah Nooh, Verse 4


قَالَ رَبِّ إِنِّي دَعَوۡتُ قَوۡمِي لَيۡلٗا وَنَهَارٗا

(එසේ ඔහු කොපමණදෝ කාලයක් තිස්සේ පැවසුවද, ඔවුන් එයට විරුද්ධ වී ඔහුව ප්‍රතික්ෂේප කර දැමූ වහාම ඔහු තම දෙවියන්ට) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා මගේ ජනයාව (ඔබගේ මාර්ගයෙහි) රෑ දහවල් තිස්සේ ආරාධනා කළෙමි
Surah Nooh, Verse 5


فَلَمۡ يَزِدۡهُمۡ دُعَآءِيٓ إِلَّا فِرَارٗا

වේගයෙන් දිව යාම මිස, (වෙන කිසිවක්) මගේ ආරාධනාවෙන් ඔවුන්ට අධික කළේ නැත
Surah Nooh, Verse 6


وَإِنِّي كُلَّمَا دَعَوۡتُهُمۡ لِتَغۡفِرَ لَهُمۡ جَعَلُوٓاْ أَصَٰبِعَهُمۡ فِيٓ ءَاذَانِهِمۡ وَٱسۡتَغۡشَوۡاْ ثِيَابَهُمۡ وَأَصَرُّواْ وَٱسۡتَكۡبَرُواْ ٱسۡتِكۡبَارٗا

ඔබ ඔවුන්ට සමාව දීමට (ඔබ දෙසට) මා ඔවුන්ව ආරාධනා කළ සෑමවිටම, තමන්ගේ කණ්වල තමන්ගේ ඇඟිලි දමා වසාගෙන, (මාව නොබලා) තමන්ගේ ඇඳුම් මගින්ද තමන්ව ආවරණය කර ගත්හ. ඉමහත් අහංකාරයෙන් (තමන්ගේ වැරදි කෙරෙහිම හිතුවක්කාරකමින්) ස්ථීරව සිටියහ
Surah Nooh, Verse 7


ثُمَّ إِنِّي دَعَوۡتُهُمۡ جِهَارٗا

තවද නියත වශයෙන්ම මා ඔවුන්ව ශබ්ද නගාද (බල කරමින්ද) අ`ඩගැසුවෙමි
Surah Nooh, Verse 8


ثُمَّ إِنِّيٓ أَعۡلَنتُ لَهُمۡ وَأَسۡرَرۡتُ لَهُمۡ إِسۡرَارٗا

“තවද මා ඔවුන්ට ප්‍රසිද්ධියේද පැවසුවෙමි. රහසින්ද ඔවුන්ට පැවසුවෙමි
Surah Nooh, Verse 9


فَقُلۡتُ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ إِنَّهُۥ كَانَ غَفَّارٗا

“ඔබගේ දෙවියන් වෙත සමාව අයදිනු. නියත වශයෙන්ම ඔහු ඉතාමත් සමාවෙන් යුත්තෙකි” යයි පැවසුවෙමි
Surah Nooh, Verse 10


يُرۡسِلِ ٱلسَّمَآءَ عَلَيۡكُم مِّدۡرَارٗا

“(එසේ කරන්නෙහු නම්, වළක්වන ලද) වර්ෂාව ඔබට නොකඩවා වසින්නට සලස්වනු ඇත
Surah Nooh, Verse 11


وَيُمۡدِدۡكُم بِأَمۡوَٰلٖ وَبَنِينَ وَيَجۡعَل لَّكُمۡ جَنَّـٰتٖ وَيَجۡعَل لَّكُمۡ أَنۡهَٰرٗا

වස්තුවද, දරුවන්ද ලබා දී ඔබට උදව් කරනු ඇත. ඔබට වතුද උත්පාදනය කර, (ඒවායෙහි) ගංඟාවන්ද ඔබ වෙනුවෙන් ගළන්නට සලස්වනු ඇත
Surah Nooh, Verse 12


مَّا لَكُمۡ لَا تَرۡجُونَ لِلَّهِ وَقَارٗا

ඔබට කුමක් සිදු වී ඇත්තේද? අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය ඔබ සිතුවේ නැද්ද?”
Surah Nooh, Verse 13


وَقَدۡ خَلَقَكُمۡ أَطۡوَارًا

“ඔබව විවිධවද ඔහු උත්පාදනය කර ඇත්තේය
Surah Nooh, Verse 14


أَلَمۡ تَرَوۡاْ كَيۡفَ خَلَقَ ٱللَّهُ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗا

අහස් හතද, තට්ටු මත තට්ටුව වශයෙන් කෙසේ නම් අල්ලාහ් උත්පාදනය කර ඇත්තේද, යන්න ඔබ අවධානය කළේ නැද්ද
Surah Nooh, Verse 15


وَجَعَلَ ٱلۡقَمَرَ فِيهِنَّ نُورٗا وَجَعَلَ ٱلشَّمۡسَ سِرَاجٗا

ඔහුම ඒවායෙහි චන්ද්‍රයාව (පරාවර්ථනය වන) ආලෝකයක් වශයෙන්ද, සූර්යයා එක් (දීප්තිමත්) පහණක් වශයෙන්ද නිර්මාණය කළේය”
Surah Nooh, Verse 16


وَٱللَّهُ أَنۢبَتَكُم مِّنَ ٱلۡأَرۡضِ نَبَاتٗا

“අල්ලාහ්ම ඔබව (ගස් කොළන් මෙන්) භූමියෙහි වැඩෙන්නට සැලැස්සුවේය
Surah Nooh, Verse 17


ثُمَّ يُعِيدُكُمۡ فِيهَا وَيُخۡرِجُكُمۡ إِخۡرَاجٗا

තවද එහිම ඔබව (මරණයට පත් කිරීමටද සලස්වා එහි) ඒකරාශී කර හරින්නේය. (එයින්ම) තවත් වරක්ද ඔබව ඉකුත් කරන්නේය
Surah Nooh, Verse 18


وَٱللَّهُ جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ بِسَاطٗا

අල්ලාහ්ම ඔබට භූමිය පලස් ඇතිරිල්ලක් වශයෙන් නිර්මාණය කළේය
Surah Nooh, Verse 19


لِّتَسۡلُكُواْ مِنۡهَا سُبُلٗا فِجَاجٗا

එහි (විවිධ ප්‍රදේශයන්ට) ඔබ සංචාරය කරනු පිණිස පළල්වූ මංමාවත්ද නිර්මාණය කළේය (යනුවෙන් ඔහු තම ජනතාවට පැවසුවේය)
Surah Nooh, Verse 20


قَالَ نُوحٞ رَّبِّ إِنَّهُمۡ عَصَوۡنِي وَٱتَّبَعُواْ مَن لَّمۡ يَزِدۡهُ مَالُهُۥ وَوَلَدُهُۥٓ إِلَّا خَسَارٗا

(නැවතත් නූහු නබි තම දෙවියන්ට) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔවුන් මට වෙනස්කම් කරන්නාහ. තවද වස්තූන්ද, දරුවන්ද කවුරුන් හට අමාරුකම මිස, (වෙන කිසිවක්) අධික කළේ නැද්ද, ඔවුන්වම අනුගමනය කරන්නාහ
Surah Nooh, Verse 21


وَمَكَرُواْ مَكۡرٗا كُبَّارٗا

අති විශාල කුමන්ත්‍රණද (මට) කරන්නාහ
Surah Nooh, Verse 22


وَقَالُواْ لَا تَذَرُنَّ ءَالِهَتَكُمۡ وَلَا تَذَرُنَّ وَدّٗا وَلَا سُوَاعٗا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسۡرٗا

තවද (ඔවුන්ගෙන් වූ අය තමන්ගෙන් වූ අන් අයට) ‘ඔබ, ඔබගේ දෙවිවරුන්ව අත්හැර නොදමනු. ‘වද්’ (නමැති පිළිරුව)ද (අත්හැර නොදමනු). ‘සුවාඋ, යඌස, නස්ර්’ (ආදී පිළිරූ)ද අත්හැර නොදමනු” යයි ඔවුන් පවසා
Surah Nooh, Verse 23


وَقَدۡ أَضَلُّواْ كَثِيرٗاۖ وَلَا تَزِدِ ٱلظَّـٰلِمِينَ إِلَّا ضَلَٰلٗا

“නියත වශයෙන්ම බොහොමයක් දෙනාව මාර්ගය වැරද යාමට සැලැස්වූහ. (එබැවින් මගේ දෙවියනේ!) මෙම අපරාධකාරයින්ට දුර්මාර්ගයම මිස, ඔබ අධික කර නොතබනු!” (යයිද ප්‍රාර්ථනා කළේය)
Surah Nooh, Verse 24


مِّمَّا خَطِيٓـَٰٔتِهِمۡ أُغۡرِقُواْ فَأُدۡخِلُواْ نَارٗا فَلَمۡ يَجِدُواْ لَهُم مِّن دُونِ ٱللَّهِ أَنصَارٗا

එබැවින් ඔවුන් කරමින් සිටි පාපයන්හි හේතුවෙන් (ජල ගැල්මෙහි) ඔවුන්ව ගිල්වා දමනු ලැබ, පසුව නිරයෙහිද ඇතුළු කරනු ලැබූහ. අල්ලාහ් හැර, ඔවුන්ට උදව් කරන්නන්ව ඔවුන් දුටුවේ නැත
Surah Nooh, Verse 25


وَقَالَ نُوحٞ رَّبِّ لَا تَذَرۡ عَلَى ٱلۡأَرۡضِ مِنَ ٱلۡكَٰفِرِينَ دَيَّارًا

නැවතත් නූහු (නබි තම දෙවියන්ට) “මගේ දෙවියනේ! භූමියෙහි එම ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් කිසිවෙකුවත් වාසය කිරීමට ඔබ අත්හැර නොදමනු
Surah Nooh, Verse 26


إِنَّكَ إِن تَذَرۡهُمۡ يُضِلُّواْ عِبَادَكَ وَلَا يَلِدُوٓاْ إِلَّا فَاجِرٗا كَفَّارٗا

ඔබ ඔවුන්ව අත්හැර දමා තබන්නේ නම්, ඔබගේ (අනිත්) වහලූන්වද නියත වශයෙන්ම ඔවුන් මාර්ගය වැරද යාමටම සලස්වන්නාහ. පාපතරයන්වද, ප්‍රතික්ෂේප කරන්නන්වද මිස, (වෙන කිසිවෙකුත් දරුවන් වශයෙන්) ඔවුන් ප්‍රසූත කරන්නේද නැත
Surah Nooh, Verse 27


رَّبِّ ٱغۡفِرۡ لِي وَلِوَٰلِدَيَّ وَلِمَن دَخَلَ بَيۡتِيَ مُؤۡمِنٗا وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۖ وَلَا تَزِدِ ٱلظَّـٰلِمِينَ إِلَّا تَبَارَۢا

මගේ දෙවියනේ! මගේ දෙමව්පියන්ටද, විශ්වාසය තැබූවන් වශයෙන් මගේ නිවසෙහි ඇතුළු වූ අයටද, (නිවසෙහි ඇතුළු නොවූ අනිත්) විශ්වාසය තැබූ පිරිමින්ටද, විශ්වාසය තැබූ ගැහැනුන්ටද, ඔබ සමාව දෙනු මැනව! මෙම අපරාධකාරයින්ට විනාශයම මිස, ඔබ අධික නොකරනු මැනව!” (යයිද ප්‍රාර්ථනා කළේය)
Surah Nooh, Verse 28


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 70
>> Surah 72

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai