Surah Al-Maarij - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
سَأَلَ سَآئِلُۢ بِعَذَابٖ وَاقِعٖ
(නබියේ! ප්‍රතික්ෂේප කරන්නන්ට) හමු විය හැකි දඬුවම ගැන කෙනෙකු (ඔබ වෙතින් එය කවදා එන්නේදැයි සමච්චලයෙන් මෙන්) විමසන්නේය
Surah Al-Maarij, Verse 1
لِّلۡكَٰفِرِينَ لَيۡسَ لَهُۥ دَافِعٞ
ප්‍රතික්ෂේප කරන්නන්ට (එය හමුවන අවස්ථාවේදී) එය වැළැක්විය හැකි අය කිසිවෙකුත් නැත
Surah Al-Maarij, Verse 2
مِّنَ ٱللَّهِ ذِي ٱلۡمَعَارِجِ
උසස් මාර්ගයන්ගෙන් යුත් අල්ලාහ් විසින්
Surah Al-Maarij, Verse 3
تَعۡرُجُ ٱلۡمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيۡهِ فِي يَوۡمٖ كَانَ مِقۡدَارُهُۥ خَمۡسِينَ أَلۡفَ سَنَةٖ
(එය හමු වන) වසර පණස්දහසකට සමාන එක් දිනකදී මලායිකාවරුන්ද, (ජිබ්රීල් වන පරිශුද්ධ වූ) ආත්මයද ඔහු වෙත නැග ගන්නාහ
Surah Al-Maarij, Verse 4
فَٱصۡبِرۡ صَبۡرٗا جَمِيلًا
(නබියේ!) ඔබ අලංකාරවත් ශාන්තියෙන් යුතුව ඉවසා සිටිනු
Surah Al-Maarij, Verse 5
إِنَّهُمۡ يَرَوۡنَهُۥ بَعِيدٗا
(එහෙත්) නියත වශයෙන්ම ඔවුන් එය ඉතාමත් ඈතින් යයි අදහස් කරන්නාහ
Surah Al-Maarij, Verse 6
وَنَرَىٰهُ قَرِيبٗا
අපි නම්, එය ඉතාමත් සමීපයෙන්ම දකින්නෙමු
Surah Al-Maarij, Verse 7
يَوۡمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلۡمُهۡلِ
එදිනදී අහස අධික ලෙස රත් වූ තඹ මෙන් (රත් පැහැය) බවට පත් වන්නේය
Surah Al-Maarij, Verse 8
وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ
කඳු පුළුන් මෙන් පාවී යනු ඇත
Surah Al-Maarij, Verse 9
وَلَا يَسۡـَٔلُ حَمِيمٌ حَمِيمٗا
(එසේම) එක් මිතුරෙකු තවත් මිතුරෙකුගෙන් සුවදුක් විමසන්නේ නැත
Surah Al-Maarij, Verse 10
يُبَصَّرُونَهُمۡۚ يَوَدُّ ٱلۡمُجۡرِمُ لَوۡ يَفۡتَدِي مِنۡ عَذَابِ يَوۡمِئِذِۭ بِبَنِيهِ
(ඔවුන්) කෙනෙකු තවත් කෙනෙකුව මුණ ගැහෙන්නට සිදු වුනා වුවද (කම් නැත!) වැරදිකරුවන් එදිනයේ දඬුවමට වන්දි වශයෙන් තමන්ගේ දරුවන්වද
Surah Al-Maarij, Verse 11
وَصَٰحِبَتِهِۦ وَأَخِيهِ
තමන්ගේ භාර්යයාවන්වද, තමන්ගේ සහෝදරයාවද
Surah Al-Maarij, Verse 12
وَفَصِيلَتِهِ ٱلَّتِي تُـٔۡوِيهِ
තමන් ආධාර උපකාර කරමින් සිටි තමන්ගේ ඥාතීන්වද
Surah Al-Maarij, Verse 13
وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗا ثُمَّ يُنجِيهِ
තවද භූමියෙහි ඇති සියල්ලම දී හෝ බේරෙන්නට කැමති වනු ඇත
Surah Al-Maarij, Verse 14
كَلَّآۖ إِنَّهَا لَظَىٰ
(එහෙත් එය) සිදු වන්නට හැකි දැයක් නොව. (මන්දයත්) නියත වශයෙන්ම එය (වටකර ගත හැකි) නිරයෙහි ගින්න
Surah Al-Maarij, Verse 15
نَزَّاعَةٗ لِّلشَّوَىٰ
එය, හම පුළුස්සා (මොලය උණු කරමින් දිය කර) දමනු ඇත
Surah Al-Maarij, Verse 16
تَدۡعُواْ مَنۡ أَدۡبَرَ وَتَوَلَّىٰ
එය, පිටුපස හරවා ප්‍රතික්ෂේප කළ අය (සියල්ලන්)ව ආරාධනා කරන්නේය
Surah Al-Maarij, Verse 17
وَجَمَعَ فَأَوۡعَىٰٓ
(වස්තුව) එක්කාසු කර (වියදම් නොකර) ආරක්ෂා කර තැබූ අයවද (තමන් වෙත ආරාධනා කරන්නේය)
Surah Al-Maarij, Verse 18
۞إِنَّ ٱلۡإِنسَٰنَ خُلِقَ هَلُوعًا
ඇත්තෙන්ම මිනිසා කළබලකාරයෙකු වශයෙන්ම උත්පාදනය කරනු ලැබ ඇත්තේය
Surah Al-Maarij, Verse 19
إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعٗا
මන්දයත් ඔහුව එක් විපතක් අත් වුවහොත් (තිගැස්සී) වෙව්ලන්නේය
Surah Al-Maarij, Verse 20
وَإِذَا مَسَّهُ ٱلۡخَيۡرُ مَنُوعًا
ඔහුව යම්කිසි හොඳක් ළඟා වුවහොත් නම්, එය (අන් අයට ඛෙදා නොදී) වළක්වා ගන්නේය
Surah Al-Maarij, Verse 21
إِلَّا ٱلۡمُصَلِّينَ
එහෙත් සලාත් කරන්නන්ව හැර
Surah Al-Maarij, Verse 22
ٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ دَآئِمُونَ
ඔවුන් තමන්ගේ සලාතයන් නොකඩවා සලාත් කරමින් සිටින්නාහ
Surah Al-Maarij, Verse 23
وَٱلَّذِينَ فِيٓ أَمۡوَٰلِهِمۡ حَقّٞ مَّعۡلُومٞ
ඔවුන්ගේ වස්තුවෙන් (දුප්පතුන්ට) නියමිත පංගුවක් ඇත
Surah Al-Maarij, Verse 24
لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ
ඉල්ලන්නන්ටද, (ලැජ්ජාවෙන්) නොඉල්ලන්නන්ටද (ඇත)
Surah Al-Maarij, Verse 25
وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوۡمِ ٱلدِّينِ
ඵලවිපාක දෙන දිනයද ඔවුන් සත්‍යය කර තබන්නාහ
Surah Al-Maarij, Verse 26
وَٱلَّذِينَ هُم مِّنۡ عَذَابِ رَبِّهِم مُّشۡفِقُونَ
(මෙසේ තිබියදී) ඔවුන් තමන්ගේ දෙවියන්ගේ දඬුවමට බිය වෙමින්ම සිටින්නාහ
Surah Al-Maarij, Verse 27
إِنَّ عَذَابَ رَبِّهِمۡ غَيۡرُ مَأۡمُونٖ
(මන්දයත්) නියත වශයෙන්ම තම දෙවියන්ගේ දඬුවම බිය නොවී සිටිය හැකි දැයක් නොව (යන්න ඔවුන් හොඳින් දන්නාහ)
Surah Al-Maarij, Verse 28
وَٱلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ
ඔවුන් තමන්ගේ රහස් ස්ථානයන්ද (පරිශුද්ධව) ආරක්ෂා කර ගන්නාහ
Surah Al-Maarij, Verse 29
إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ
එහෙත් තමන්ගේ භාර්යයාවන් වෙතද, තමන්ගේ දකුණත් හිමි කර ගත් අය වෙතද, හැර. නියත වශයෙන්ම ඔවුන් (මොවුන් සමග සම්බන්ධකම් පැවැත්වීම ගැන) අවමානයට ලක් කරනු නොලබන්නාහ
Surah Al-Maarij, Verse 30
فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ
එය හැර (අන් කිසිවක්) කවුරුන් හෝ කැමති වුවහොත් එවැන්නන් සීමාව ඉක්මවූවන් වන්නාහ
Surah Al-Maarij, Verse 31
وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ
තවත් කවුරුන් තමන් වෙත (විශ්වාස කර බාර දෙනු ලැබ) තිඛෙන විශ්වාසහරිත වස්තූන්ද, (තමන් කළ) පොරොන්දුද, ඒ අනුවම අනුගමනය කර (ඉතාමත් විශ්වාසවන්තව කටයුතු) කරන්නෝද, ඔවුන්ද
Surah Al-Maarij, Verse 32
وَٱلَّذِينَ هُم بِشَهَٰدَٰتِهِمۡ قَآئِمُونَ
තවත් කවුරුන් තමන්ගේ සාක්ෂි දීමෙහිද (වැරැද්දක් නොවී) ස්ථීරවත්ව සිටින්නෝද, ඔවුන්ද
Surah Al-Maarij, Verse 33
وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ
කවුරුන් තමන්ගේ සලාතයන්ද අවධානයෙන් (යුතුව නොකඩවා) නියමිත අන්දමට නමදිමින් සිටින්නෝද, ඔවුන්ද
Surah Al-Maarij, Verse 34
أُوْلَـٰٓئِكَ فِي جَنَّـٰتٖ مُّكۡرَمُونَ
ආදී මෙවැන්නන්ම ස්වර්ගයන්හි ඉතාමත් ගෞරව කරනු ලබන්නාහ
Surah Al-Maarij, Verse 35
فَمَالِ ٱلَّذِينَ كَفَرُواْ قِبَلَكَ مُهۡطِعِينَ
(නබියේ!) මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට කුමක් නම් සිදු වී ඇත්ද? (ඔවුන්) ඔබ ඉදිරියට දිව එන්නාහ
Surah Al-Maarij, Verse 36
عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ
දකුණු පැත්තේ සිටද, වම් පැත්තේ සිටද, සමූහ සමුහයන් වශයෙන් (දිව එන්නාහ)
Surah Al-Maarij, Verse 37
أَيَطۡمَعُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُدۡخَلَ جَنَّةَ نَعِيمٖ
ඔවුන්ගෙන් සෑම කෙනෙකුම සුවය දෙන ස්වර්ගයෙහි ඇතුළු විය හැකි යයි ආශා කරන්නෙහුද
Surah Al-Maarij, Verse 38
كَلَّآۖ إِنَّا خَلَقۡنَٰهُم مِّمَّا يَعۡلَمُونَ
එය සිදු විය හැකි දැයක් නොව. ඔවුන් දැන ගත් එක් (අල්ප) වස්තුවකින්ම නියත වශයෙන්ම අපි ඔවුන්ව උත්පාදනය කරන්නෙමු
Surah Al-Maarij, Verse 39
فَلَآ أُقۡسِمُ بِرَبِّ ٱلۡمَشَٰرِقِ وَٱلۡمَغَٰرِبِ إِنَّا لَقَٰدِرُونَ
නැගෙනහිර දිසාවේ හා බටහිර දිසාවේ දෙවියන් මත සත්තකින්ම! නියත වශයෙන්ම අපි (අපගේ කැමැත්තට අනුව කරන්නට) බලසම්පන්න වෙමු
Surah Al-Maarij, Verse 40
عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيۡرٗا مِّنۡهُمۡ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ
(මොවුන්ව පහ කර) මොවුන්ට වඩා උසස් අය මාරු කර හැරීමටද (බලසම්පන්න වෙමු). (මෙහිදී) කිසිවෙකුටත් අපව පරාජය කළ නොහැක
Surah Al-Maarij, Verse 41
فَذَرۡهُمۡ يَخُوضُواْ وَيَلۡعَبُواْ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي يُوعَدُونَ
එබැවින් (නබියේ!) ඔවුන්ට පොරොන්දු දෙන ලද දිනය ඔවුන්ට හමු වන තුරු ඔවුන් සෙල්ලම් කරමින් (පුහු කාරණාවන්හි) ගැලී සිටින්නටම ඔබ ඔවුන්ව අත්හැර දමනු
Surah Al-Maarij, Verse 42
يَوۡمَ يَخۡرُجُونَ مِنَ ٱلۡأَجۡدَاثِ سِرَاعٗا كَأَنَّهُمۡ إِلَىٰ نُصُبٖ يُوفِضُونَ
(නබියේ! ඔවුන්ට එක් දිනයක් ගැන ඔබ මතක් කර දෙනු. පිළිරූ වන්ඳනා කරන්නන් තමන්ගේ උත්සව දිනයන්හි පූජාව සඳහා සිටුවන ලද) කොඩි දෙසට වේගයෙන් දිව යන්නාක් මෙන්ම සොහොන් වලින් පිට වී (මහ්ෂර් නමැති පිටියට) ඉතාමත් තීව්‍රව යන්නාහ
Surah Al-Maarij, Verse 43
خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٞۚ ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلَّذِي كَانُواْ يُوعَدُونَ
ඔවුන්ගේ බැල්ම පහත හෙළමින් තිඛෙණු ඇත. අවමානයද ඔවුන්ව වටකර ගනු ඇත. (නබියේ!) මෙම දිනයම ඔවුන්ට පොරොන්දු වන ලද දිනය වන්නේය
Surah Al-Maarij, Verse 44