UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Haaqqa - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


ٱلۡحَآقَّةُ

සත්‍ය සිද්ධියයි
Surah Al-Haaqqa, Verse 1


مَا ٱلۡحَآقَّةُ

එම සත්‍ය සිද්ධිය කිමෙක්ද
Surah Al-Haaqqa, Verse 2


وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ

(නබියේ!) එම සත්‍ය සිද්ධිය කිමෙක්ද යන්න ඔබ දන්නෙහිද
Surah Al-Haaqqa, Verse 3


كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ

සමූද් (නමැති ජනතාව)ද ආද් (නමැති ජනතාවද මරණයට පත් වූවන්ව) තට්ටු කර නැගිට්ටවන (ඒ සිද්ධිය) බොරු කළහ
Surah Al-Haaqqa, Verse 4


فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ

එබැවින් සමූද් (නමැති ජනතාව) එක්තරා විශාල ශබ්දයක් මගින් විනාශ කරනු ලැබූහ
Surah Al-Haaqqa, Verse 5


وَأَمَّا عَادٞ فَأُهۡلِكُواْ بِرِيحٖ صَرۡصَرٍ عَاتِيَةٖ

ආද් (නමැති ජනතාව) නම්, අධි වේගයෙන් හමන (සුළි) සුළඟ මගින් විනාශ කරනු ලැබූහ
Surah Al-Haaqqa, Verse 6


سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالٖ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومٗاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةٖ

රාත්‍රීන් හතක්ද, දහවල් අටක්ද, නොකඩවා ඔවුන් කෙරෙහි ඔහු එය හමන්නට සැලැස්සුවේය. (නබියේ! ඒ අවස්ථාවේදී ඔබ එහි සිටියහොත්) මුල් නොමැතිව ඇද වැටුණු ඉඳි ගස් මෙන් එම ජනයා බිම වැටී තිඛෙනු දැක ඇත්තෙහිය
Surah Al-Haaqqa, Verse 7


فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٖ

ඔවුන්ගෙන් කිසිවෙකුත් බේරී (ජීවත්ව) සිටිනු ඔබ දකින්නෙහිද
Surah Al-Haaqqa, Verse 8


وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ

ෆිර්අව්න්ද, ඔහුගෙන් පෙර සිටි අයද, උඩු යටිකුරු ලෙස පෙරළා දමන ලද රටෙහි සිටි (ලුත්ගේ) ජනයාද, (එම සත්‍ය සිදුවීම ප්‍රතික්ෂේප කර) පාපයන් කරමින්ම සිටියහ
Surah Al-Haaqqa, Verse 9


فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةٗ رَّابِيَةً

තවද ඔවුන් තම දෙවියන්ගේ දූතයාටද වෙනස්කම් කළහ. එබැවින් ඔහු, ඔවුන්ව ඉතාමත් තදින් අල්ලා ගත්තේය
Surah Al-Haaqqa, Verse 10


إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ

(නූහු නබිගේ සමයෙහි ඇති වූ ජල ගැල්මෙහි) ජලය පිරී ඉතිරී ගිය අවස්ථාවේදී නියත වශයෙන්ම අපි ඔබව (ඔබගේ මුතුන් මිත්තන්ව) නැවෙහි පටවා (බේරා) ගත්තෙමු
Surah Al-Haaqqa, Verse 11


لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةٗ وَتَعِيَهَآ أُذُنٞ وَٰعِيَةٞ

එය ඔබට එක් පාඩමක් වශයෙන් පත් කිරීමටද, එය කණින් අසන කෙනෙකුට මතකයේ තබා ගැනීම සඳහාද, (එසේ කළෙමු)
Surah Al-Haaqqa, Verse 12


فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٞ وَٰحِدَةٞ

වරක් (තදින්) සූර් (නමැති හොරණෑව, දිනකදී) පිඹිනු ලැබ
Surah Al-Haaqqa, Verse 13


وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةٗ وَٰحِدَةٗ

භූමියද, කඳුද උදුරා (වීසි කරනු ලැබ), එකකට එකක් ගැටී තදින් පහර වැදුනහොත්
Surah Al-Haaqqa, Verse 14


فَيَوۡمَئِذٖ وَقَعَتِ ٱلۡوَاقِعَةُ

එදිනදීම (යුග අවසානයේ) ඉමහත් වූ සිදුවීම සිදු වනු ඇත
Surah Al-Haaqqa, Verse 15


وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٖ وَاهِيَةٞ

එදිනදී අහස පුපුරා විවර වී පඞරැල් මෙන් බවට පත් වනු ඇත
Surah Al-Haaqqa, Verse 16


وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٖ ثَمَٰنِيَةٞ

(නබියේ!) මලායිකාවරුන් එහි පැතිවල සිටින්නාහ. තවද එදිනදී ඔබ දෙවියන්ගේ අර්ෂ්, මලායිකාවරුන් අට දෙනෙකු තමන්ට ඉහළින් ඔසවාගෙන සිටිනු ඇත
Surah Al-Haaqqa, Verse 17


يَوۡمَئِذٖ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٞ

(මිනිසුනේ!) එදිනදී ඔබ (ඔබගේ දෙවියන් ඉදිරියේ) ගෙන යනු ලබන්නෙහුය. ගුප්ත වූ ඔබගේ කුමන කාරණාවක් වුවද, ඔහුට සැඟවෙන්නේ නැත
Surah Al-Haaqqa, Verse 18


فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ

කවුරුන් තමන්ගේ දකුණු අතෙහි ක්‍රියාකාරකම් ලේඛනය දෙනු ලබන්නෙහිද, ඔහු (ඉතාමත් සතුටින් අන් අයට) “මෙන්න! මගේ ක්‍රියාකාරකම් ලේඛනය. මෙය ඔබ කියවා බලනු” යයිද
Surah Al-Haaqqa, Verse 19


إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ

“නියත වශයෙන්ම මා මගේ ප්‍රශ්න ගණනයට මුහුණ දෙන්නෙමි යයිම විශ්වාස කර සිටියෙමි” යයිද පවසනු ඇත
Surah Al-Haaqqa, Verse 20


فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ

එබැවින් ඔහු තෘප්තියට පත් විය හැකි සැප සම්පත් වලින් පිරි
Surah Al-Haaqqa, Verse 21


فِي جَنَّةٍ عَالِيَةٖ

උසස් ස්වර්ගයෙහි සිටිනු ඇත
Surah Al-Haaqqa, Verse 22


قُطُوفُهَا دَانِيَةٞ

එහි ඇති පලතුරු (මොවුන් නිදා සිටියා වුවද, සිටිගෙන සිටියා වුවද, සෑම තත්වයකදීම අතින් ඇල්ලිය හැකි අන්දමට මොවුන්ට) සමීපයෙන් තිඛෙනු ඇත
Surah Al-Haaqqa, Verse 23


كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ

(මොවුන්ට) “පසුගිය කාලයේදී ඔබ එක්කාසු කර තබා ඇති දැය (පින් ඇති දැයෙහි) හේතුවෙන් ඕනෑ තරම් මේවා අනුභව කරනු, පානය කරනු” (යයි කියනු ලැබේ)
Surah Al-Haaqqa, Verse 24


وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ

කවුරුන් තමන්ගේ වම් අතෙහි ක්‍රියාකාරකම් ලේඛනය දෙනු ලබන්නෙහිද, ඔහු “මගේ ක්‍රියාකාරකම් ලේඛනය මා හට දෙනු නොලැබ තිබුනා නම් අගනේය නොවෙද?”
Surah Al-Haaqqa, Verse 25


وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ

“මගේ ගණනය මෙය යයි මා නොදැනුවත්ව සිටියා නම් අගනේය නොවෙද?”
Surah Al-Haaqqa, Verse 26


يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ

“මා මරණයට පත් වූ වහාම මගේ කාරණාව අවසන් වී ගියා නම් අගනේය නොවෙද?”
Surah Al-Haaqqa, Verse 27


مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ

“මගේ වස්තුව මට කිසිම ප්‍රයෝජනයක් අත් කර දුන්නේ නැත නොවෙද!”
Surah Al-Haaqqa, Verse 28


هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ

“මගේ බල-පුළුවන්කාරකමද මගෙන් ඈත්ව විනාශ වී ගියා නොවෙද!”යි ෙදාඩවනු ඇත
Surah Al-Haaqqa, Verse 29


خُذُوهُ فَغُلُّوهُ

(තවද) “ඔහුව අල්ලා ගනු! ඔහුට විළංගු දමනු!”
Surah Al-Haaqqa, Verse 30


ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ

“පසුව ඔහුව නිරයට තල්ලූ කර දමනු” යයිද
Surah Al-Haaqqa, Verse 31


ثُمَّ فِي سِلۡسِلَةٖ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعٗا فَٱسۡلُكُوهُ

“රියන් හැත්තෑවක් දිග ඇති දම්වැලෙන් ඔහුව බැඳ දමනු” යයිද (පවසන්නෙමු)
Surah Al-Haaqqa, Verse 32


إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ

“නියත වශයෙන්ම ඔහු ඉමහත් වූ අල්ලාහ්ව විශ්වාස කළේ නැත”
Surah Al-Haaqqa, Verse 33


وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ

“දුප්පතුන්ට (ආහාර ලබා නොදුන් අතර අන් අයවද) ආහාර ලබා දෙන මෙන් ඔහු පෙළඹවූවේද නැත”
Surah Al-Haaqqa, Verse 34


فَلَيۡسَ لَهُ ٱلۡيَوۡمَ هَٰهُنَا حَمِيمٞ

“එබැවින් අද දින ඔහුට මෙහි කිසිම මිතුරෙකු නැත”
Surah Al-Haaqqa, Verse 35


وَلَا طَعَامٌ إِلَّا مِنۡ غِسۡلِينٖ

“(තුවාල වලින් වෑහෙන) සැරව වතුර මිස, (ඔහුට) වෙනත් කිසිම) ආහාරයක් නැත” (යයිද කියනු ලැබේ)
Surah Al-Haaqqa, Verse 36


لَّا يَأۡكُلُهُۥٓ إِلَّا ٱلۡخَٰطِـُٔونَ

එය වැරදිකරුවන් මිස, (වෙන කිසිවෙකුත්) පානය නොකරන්නාහ
Surah Al-Haaqqa, Verse 37


فَلَآ أُقۡسِمُ بِمَا تُبۡصِرُونَ

(ජනතාවෙනි!) ඔබ බලන දැය මතද, (ඔබගේ බැල්මට ලක් වූ දැය මතද) ඔබ නොබැලු දැය මතද
Surah Al-Haaqqa, Verse 38


وَمَا لَا تُبۡصِرُونَ

(ඔබගේ බැල්මට ලක් නොවූ දැය මතද) සත්තකින්ම
Surah Al-Haaqqa, Verse 39


إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ

මෙය නියත වශයෙන්ම (අප විසින් දැනුම් දෙන ලද ප්‍රකාරම) ඉතාමත් ගෞරවණීය දූතයෙකු විසින් පවසන ලද දැයක් වන්නේය
Surah Al-Haaqqa, Verse 40


وَمَا هُوَ بِقَوۡلِ شَاعِرٖۚ قَلِيلٗا مَّا تُؤۡمِنُونَ

මෙය කවියෙකුගේ වදනක් නොව. එහෙත් (මෙය) ඔබ ඉතාමත් අල්ප වශයෙන්ම විශ්වාස කරන්නෙහුය
Surah Al-Haaqqa, Verse 41


وَلَا بِقَوۡلِ كَاهِنٖۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ

(මෙය) එක්තරා නිවිතිකරුවෙකුගේ වදනක්ද නොව. (එහෙත් මෙමගින්) ඉතාමත් අල්ප වශයෙන්ම ඔබ හොඳ දැනුමක් ලබන්නෙහුය
Surah Al-Haaqqa, Verse 42


تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ

ලෝකයන් සියල්ල උත්පාදනය කර, පෝෂණය කරන්නා විසින් (මෙය), පහළ කරනු ලැබ ඇත්තේය
Surah Al-Haaqqa, Verse 43


وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ

ඔහු අප කෙරෙහි යම්කිසි වදනක් මනක්කල්පිතව බොරු ගොතා පැවසුවහොත්
Surah Al-Haaqqa, Verse 44


لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ

ඔහුගේ දකුණත අපි (තදින්) අල්ලාගෙන
Surah Al-Haaqqa, Verse 45


ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ

ඔහුගේ පණ නාලය අපි කපා දමන්නෙමු
Surah Al-Haaqqa, Verse 46


فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ

ඔබගෙන් කිසිවෙකුටත් (එයින්) ඔහුව වළක්වා හැරිය නොහැක
Surah Al-Haaqqa, Verse 47


وَإِنَّهُۥ لَتَذۡكِرَةٞ لِّلۡمُتَّقِينَ

නියත වශයෙන්ම මෙය භය භක්තියෙන් යුත්තන්ට හොඳ ඔවදනක් වශයෙන්ම ඇත්තේය
Surah Al-Haaqqa, Verse 48


وَإِنَّا لَنَعۡلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ

එහෙත් ඔබගෙන් (එය) බොරු කරන්නන්ද ඇත්තේය යන්න නියත වශයෙන්ම අපි හොඳින් දනිමු
Surah Al-Haaqqa, Verse 49


وَإِنَّهُۥ لَحَسۡرَةٌ عَلَى ٱلۡكَٰفِرِينَ

නියත වශයෙන්ම මෙය ප්‍රතික්ෂේප කරන්නන්ට දුක ගෙන දෙන්නක් වශයෙන්ම ඇත්තේය
Surah Al-Haaqqa, Verse 50


وَإِنَّهُۥ لَحَقُّ ٱلۡيَقِينِ

(එහෙත්) නියත වශයෙන්ම මෙය පොඩියක් හෝ සැකයෙන් තොර සත්‍යයක් වන්නේය
Surah Al-Haaqqa, Verse 51


فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ

එබැවින් (නබියේ!) ඔබ ඉමහත් වූ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය සුවිශුද්ධ කරමින් සිටිනු මැනව
Surah Al-Haaqqa, Verse 52


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 68
>> Surah 70

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai