UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Haaqqa - Sinhala Translation by Www.islamhouse.com


ٱلۡحَآقَّةُ

තිරසාර සිදුවීම වනාහි
Surah Al-Haaqqa, Verse 1


مَا ٱلۡحَآقَّةُ

එම තිරසාර සිදුවීම යනු කුමක් ද
Surah Al-Haaqqa, Verse 2


وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ

තිරසාර සිදුවීම යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද
Surah Al-Haaqqa, Verse 3


كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ

(හදවත්) තිගැස්සීමට පත් කරවන දිනය පිළිබඳ සමූද් ජනයා හා ආද් ජනයා බොරු කළෝය
Surah Al-Haaqqa, Verse 4


فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ

සමූද් ජනයා වූ කලී ඔවුහු මහා හඬකින් විනාශ කරනු ලැබූහ
Surah Al-Haaqqa, Verse 5


وَأَمَّا عَادٞ فَأُهۡلِكُواْ بِرِيحٖ صَرۡصَرٍ عَاتِيَةٖ

තවද ආද් ජනයා වූ කලී ඔවුන් දැඩි හඬකින් යුත් සුළී සුළඟකින් විනාශ කරනු ලැබීය
Surah Al-Haaqqa, Verse 6


سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالٖ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومٗاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةٖ

එය ඔවුන් වෙත රාත්‍රී හතක් හා දහවල් අටක් අඛණ්ඩ ව ඔහු එවීය. එවිට ඔවුන් බොල් වූ ඉඳි ගස් වල කඳන් මෙන් එහි විනාශයට පත් ව සිටිනු නුඹ දකින්නට තිබුණි
Surah Al-Haaqqa, Verse 7


فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٖ

එවිට ඔවුන්ගෙන් ඉතිරි ව සිටින කිසිවකු හෝ නුඹ දුටුවේද
Surah Al-Haaqqa, Verse 8


وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ

ෆිර්අවුන් හා ඔහුට පෙර වූවන් ද උඩුයටිකුරු පෙරළා දමනු ලැබූවන් ද වැරදි කරමින් පැමිණියෝය
Surah Al-Haaqqa, Verse 9


فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةٗ رَّابِيَةً

ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ දූතයාණන්ට පිටුපෑහ. එහෙයින් බිහිසුණු ග්‍රහණයකින් ඔහු ඔවුන් හසු කළේය
Surah Al-Haaqqa, Verse 10


إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ

ජලය ඉක්මවා ගිය කල්හි නියත වශයෙන්ම අපි නුඹලා ව යාත්‍රාවේ ඉසිලුවෙමු
Surah Al-Haaqqa, Verse 11


لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةٗ وَتَعِيَهَآ أُذُنٞ وَٰعِيَةٞ

එය අපි නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කරනු පිණිස හා ධාරණය කරන සවන් එය ධාරණය කරනු පිණිසය
Surah Al-Haaqqa, Verse 12


فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٞ وَٰحِدَةٞ

හොරණෑවෙහි එක් පිඹුමක් පිඹිනු ලැබූ විට
Surah Al-Haaqqa, Verse 13


وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةٗ وَٰحِدَةٗ

තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එක පහරින් හෙළනු ලබන විට
Surah Al-Haaqqa, Verse 14


فَيَوۡمَئِذٖ وَقَعَتِ ٱلۡوَاقِعَةُ

එදින සිදු වන දෑ සිදු වනු ඇත
Surah Al-Haaqqa, Verse 15


وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٖ وَاهِيَةٞ

තවද අහස පැළී යනු ඇත. එවිට එය එදින දුර්වල ව පවතී
Surah Al-Haaqqa, Verse 16


وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٖ ثَمَٰنِيَةٞ

තවද ඒ අවට පැතිවල මලක්වරුන් වෙති. එදින ඔවුනට ඉහළින් (ප්‍රබල මලක්වරුන්) අට දෙනෙකු නුඹේ පරමාධිපතිගේ අර්ෂ් (හෙවත් රාජධානිය) ඔසවා ගෙන සිටිති
Surah Al-Haaqqa, Verse 17


يَوۡمَئِذٖ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٞ

එදින නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහුය. සඟවන කිසිවක් නුඹලා අතුරින් සැඟවෙන්නේ නැත
Surah Al-Haaqqa, Verse 18


فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ

තම වාර්තාව තම දකුණතට දෙනු ලැබූ අය වූ කලී “ඕ මෙන්න! මාගේ වාර්තාව නුඹලා කියවා බලනු
Surah Al-Haaqqa, Verse 19


إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ

නියත වශයෙන්ම මාගේ විනිශ්චයට මම මුහුණ දෙන බව සැබැවින්ම මම සිතුවෙමි” යැයි පවසයි
Surah Al-Haaqqa, Verse 20


فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ

එවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි සිටියි
Surah Al-Haaqqa, Verse 21


فِي جَنَّةٍ عَالِيَةٖ

උසස් (ස්වර්ග) උයනෙහි වෙයි
Surah Al-Haaqqa, Verse 22


قُطُوفُهَا دَانِيَةٞ

එහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි
Surah Al-Haaqqa, Verse 23


كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ

“පසු ගිය දින වල ( ලොවේදී) නුඹලා ගත කළ (හොඳ දෑ) හේතුවෙන් නුඹලා සතුටින් අනුභව කරනු. තවද පානය කරනු” (යැයි පවසනු ලැබේ)
Surah Al-Haaqqa, Verse 24


وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ

තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ ! මාගේ විනාශය ! මාගේ වාර්තාව මට දෙනු නොලැබුවේ නම් !” යැයි පවසයි
Surah Al-Haaqqa, Verse 25


وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ

“තවද මාගේ විනිශ්චය කුමක්දැයි මා නොදනී නම් !” (කොතරම් අගනේද)
Surah Al-Haaqqa, Verse 26


يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ

“අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” (කොතරම් අගනේද?) යැයි පවසයි
Surah Al-Haaqqa, Verse 27


مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ

“මාගේ ධනය මට කිසිදු ඵලක් නොදුන්නේය.”
Surah Al-Haaqqa, Verse 28


هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ

“මාගේ බලය මගෙන් පහ ව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි)
Surah Al-Haaqqa, Verse 29


خُذُوهُ فَغُلُّوهُ

“නුඹලා ඔහු ව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.”
Surah Al-Haaqqa, Verse 30


ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ

පසු ව ඔහු ව නිරයට ඇද දමා පුළුස්සනු
Surah Al-Haaqqa, Verse 31


ثُمَّ فِي سِلۡسِلَةٖ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعٗا فَٱسۡلُكُوهُ

ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහු ව එහි බැඳ දමනු
Surah Al-Haaqqa, Verse 32


إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ

නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නොකරන්නෙකු විය
Surah Al-Haaqqa, Verse 33


وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ

තවද දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත
Surah Al-Haaqqa, Verse 34


فَلَيۡسَ لَهُ ٱلۡيَوۡمَ هَٰهُنَا حَمِيمٞ

එහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත
Surah Al-Haaqqa, Verse 35


وَلَا طَعَامٌ إِلَّا مِنۡ غِسۡلِينٖ

මාගේ (තුවාලවල) සැරව මිස වෙනත් කිසිදු ආහාරයක් ද නැත
Surah Al-Haaqqa, Verse 36


لَّا يَأۡكُلُهُۥٓ إِلَّا ٱلۡخَٰطِـُٔونَ

වැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නොකරයි
Surah Al-Haaqqa, Verse 37


فَلَآ أُقۡسِمُ بِمَا تُبۡصِرُونَ

නුඹලා දකින දෑ මත ද මම දිවුරමි
Surah Al-Haaqqa, Verse 38


وَمَا لَا تُبۡصِرُونَ

නුඹලා නොදකින දෑ මත ද මම දිවුරමි
Surah Al-Haaqqa, Verse 39


إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ

නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ ප්‍රකාශයකි
Surah Al-Haaqqa, Verse 40


وَمَا هُوَ بِقَوۡلِ شَاعِرٖۚ قَلِيلٗا مَّا تُؤۡمِنُونَ

තවද එය කවියකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයකි
Surah Al-Haaqqa, Verse 41


وَلَا بِقَوۡلِ كَاهِنٖۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ

එය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි
Surah Al-Haaqqa, Verse 42


تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ

(එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි
Surah Al-Haaqqa, Verse 43


وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ

ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්
Surah Al-Haaqqa, Verse 44


لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ

අපි ඔහු ව දකුණතින් හසුකර ගන්නෙමු
Surah Al-Haaqqa, Verse 45


ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ

පසු ව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු
Surah Al-Haaqqa, Verse 46


فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ

එවිට නුඹලා අතුරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නොසිටියි
Surah Al-Haaqqa, Verse 47


وَإِنَّهُۥ لَتَذۡكِرَةٞ لِّلۡمُتَّقِينَ

තවද නියත වශයෙන්ම එය බිය බැතිමතුන්හට මෙනෙහි කිරීමකි
Surah Al-Haaqqa, Verse 48


وَإِنَّا لَنَعۡلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ

නියත වශයෙන්ම නුඹලා අතුරින් මුසාවාදීන් සිටින බව සැබැවින්ම අපි දනිමු
Surah Al-Haaqqa, Verse 49


وَإِنَّهُۥ لَحَسۡرَةٌ عَلَى ٱلۡكَٰفِرِينَ

තවද නියත වශයෙන්ම එය දේව ප්‍රතික්ෂේපකයින්හට බලවත් ශෝකයකි
Surah Al-Haaqqa, Verse 50


وَإِنَّهُۥ لَحَقُّ ٱلۡيَقِينِ

තවද නියත වශයෙන්ම එය ස්ථීර සත්‍යයකි
Surah Al-Haaqqa, Verse 51


فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ

එහෙයින් නුඹගේ සර්ව බලධාරී පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු
Surah Al-Haaqqa, Verse 52


Author: Www.islamhouse.com


<< Surah 68
>> Surah 70

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai